රජය ආර්ථික වශයෙන් යම් අසීරුතාවන්ට මුහුණ දී තිබෙනවා. විශේෂයෙන් විදේශ විනිමය හිඟකම අපිට දැඩි ලෙස බලපා තිබෙනවා. කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා අපේ අපනයන ආදායම් යම් මට්ටමකට පහත වැටී තිබුනත් එම බර මහජනතාවට පැවරීමට සූදානම් නැහැ.අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවල දී අපි වැඩිපුර කාලයක් ගත කරන්නේ මෙම වසංගත තත්ත්වය සමග ආර්ථික කටයුතු කළමනාකරණය කර ගන්නේ කොහොමද යන කාරණාවන් සම්බන්ධවයි. සමහරු සමාජය තුළ මතයක් ගොඩ නගමින් සිටිනවා රජය විසින් රාජ්‍ය සේවක වැටුප සියයට 50කින් අඩු කිරීමට කටයුතු කරන බවට.නමුත් මම පැහැදිළිවම කියන්නේ අපි රාජ්‍ය සේවක වැටුපෙන් සත පහක්වත් මෙම අසීරු අවස්ථාවේ දී අඩු කරන්නේ නැහැ. නමුත් වෙනත් දීමනාවන් එනම් විශේෂයෙන් අතිකාල දීමනා හා සංයුක්ත දීමනා වැනි දීමනාවන් සම්බන්ධව බලපෑමක් සිදුවිය හැකියි.කොහොම වුනත් කොරෝනා තත්ත්වය මත රජයේ කාර්යාල වසා දමා තිබෙනවා. ඇතැම් කාර්යාලවල සේවයට කැඳවන්නේ එම ආයතනවල ප්‍රධානියාගේ අභිමතය පරිදියි. එමනිසා අත්‍යවශ්‍යම අය පමණයි කාර්යාලවල සේවය සඳහා කැඳවන්නේ.එමනිසා අතිකාල ලබා ගැනීමේ අවශ්‍යතාවක් නැහැ. ඒ වගේම දුරබැහැර ප්‍රදේශවල රාජකාරි සඳහා නොයන බැවින් ගමන් වියදම් හා සංයුක්ත දීමනා ලබා ගැනීමට සිදුවන්නේත් නැහැ. එවැනි දීමනා අඩු කළත් වැටුප කිසිසේත්ම අඩු කරන්නේ නැහැ.
- මහින්ද අමරවීර
https://www.mawratanews.lk/exclusive/decision-to-cut-public-servants-allowances/
Basic Eka witharak dentai yanne... Hodaaa wade vote karapu parayonta


- මහින්ද අමරවීර
https://www.mawratanews.lk/exclusive/decision-to-cut-public-servants-allowances/
Basic Eka witharak dentai yanne... Hodaaa wade vote karapu parayonta

ඔක්කොම නෙවේ. කොටසක්.