රාජ්‍ය සේවය

green-007

Member
May 2, 2016
58
18
0
බදු, රාජ්‍ය සේවය හා අපි

ලංකවේ ගොඩක් උන් හිතාගෙන ඉන්නේ රාජ්‍ය සේවයේ ඉන්නන උන්ට පඩි ගෙවන්නේ දෙවියන් වහන්සේ කියලා , උන් දන්නේ නැ දැනගන්න උත්සහ කරන්නෙත් නැ , උන්ට පඩි ගෙවන්න දරන වියදමෙන් 90% දරන්නේ පෞද්ගලික අංශයේ සේවය කරන උන් කියලා ( රාජ්‍ය සේවකයා ඉඩම් හිමියා වන අතර පෞද්ගලික අංශයේ උන් ප්‍රවේනි දසයා හෙවත් වහල්ලුන් වෙයි )

රාජ්‍ය ව්‍යාපාර
මේකේ ඉන්න උනුත් comment කරලා තිබුණ මම දැක්කා , හම්බන්තොට වරාය විකුනන්න එපාලු , එතකොට එකේ පාඩුව දරාගන්න ඕනේ මේ රටේ අහිංසක මිනිස්සුද ? මහින්දවත් රනිල්වත් ජෙප්පෝ වත් , තමන්ගේ ගෙදරින් සල්ලි ගේන්නේ නැ , හැම වියදමක පියවන්නේ බදු ගහලා , බදු වැඩිලු හැබැයි පාඩු ලබන ඒවා විකුනන්න එපාලු , ( ව්‍යංගයෙන් කියන්නේ පාඩු ලබන ඒවා පවත්වාගෙන ග්හිල්ල , අපිට බදු ගහලා පාඩුව පියව ගනින් කියලා )

රජයේ වියදම්
රජයේ වර්තනවියදම් (එදිනෙදා වියදම් )පවත් වාගෙන යන්න තරම් අදායමක් රජයට නැ , එකට හැම මාසයක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා ( (එකියන්නේ ණය ගන්නවා) , කන්නේ ණයට , එණය ගෙවන්නේ මෙන්න මෙහෙම

වසරකින් කල්පිරෙන රු 100/-බැදුම් කරයක් නිකුත් කරනවා පොලිය 10% කට , අවුද්ද පිරුණට පස්සේ ගෙවන්නන වෙනවා Rs 110/= නයෙන් නිදහස් වෙන්න , ආණ්ඩුව කරන්නේ ඒ 110 ගෙවන්න , රු 110/- බැදුම් කරයක් නිකුත් කරනවා 10 % පොලියට තව අවුරුද්දකට , ගෙවන්න ඕනේ මුළු මුදල එකම නයකරේට අවුරුදු 2 වෙනකොට රු 121 වෙලා , ඔය විදියට තමයි රටේ ණය බර වැඩිවෙන්නේ , වර්තන වියදම් පියාව ගන්න ණය ගන්නවට අමතරව , ණය ගෙවන්නෙත් තව ණයක් අරගෙන ( මහින්දත් කරේ මේක , රනිලුත් කරන්නේ මේක , ජෙප්පෝ කතාකරලා වැඩක් නැ උන් දන්න මගුලක් නැ

බැදුම් කර හොරකම ගැන කතා කරණ උන් දන්නේ නැ , කතා කරන්නෙත් නැ ඇයි , මෙතරම් විශල බැදුම්කර නිකුතු කරන්න වෙලා තියෙන්නේ ඇයි කියලා එක තමයි පරශ්නයේ මුල

නිදහස් සේවාවල්
මතක ගන්න ඕනේ නිදහස් නිදහස් කියලා අපිට දෙන කිසිම සේවයක් නිදහස් නැ කියලා ( ඒ හැම එකක් ම හදන්නේ පඩි ගෙවන්නේ අපිට බදු ගහලා ගන්න සල්ලි වලින් කියලා , අපි සෘජුව ගෙවන්නේ නැ හැබැයි වක්‍රව ගෙවනවා


පාලකයන්ගෙන් අයිතිවාසිකම් දිනාගැනීම
මන් අහලා තියනවා ලාල් කාන්ත තුමා කියනවා පාලකයන්ගෙන් අයිති වාසිකම් දිනාගන්න ඕනේ සටන් කරලා " කියලා , අයිතිවාසිකම් කියන්නේ අඩුවෙන් වැඩකරලා වැඩියෙන් පඩි ගන්න රජයේ සේවයේ කියන වච්චන යක් , මු හිතාගෙන ගෙන ඉන්නේ මුන්ට පඩි වැඩි කරන්න සල්ලි පාලකයෝ ගෙදරින් ගෙනැල්ල දෙනවා කියලා , මු දන්නේ නැ පඩි වැඩි කරනකොටම ඒ වියදම ආවරණය කරන්න අනිත් පැත්තෙන් බද්දක් පනවනවා කියලා
 
Last edited:

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මෙතරම් අවිධිමත් විදියට රජයෙ රැකියා දීල වැය බරක් කලේ ලාල් කාන්ත ද?
    ලාභ ලබා ගත හැකි ආයතන පාඩු පිට දුවන්නෙ ලාල් කාන්ත නිසා ද?
    ඵලදායී නොවන සංවර්ධන වැඩ වලට ලොකු ණය අරන් ගසා කෑවෙ ලාල් කාන්ත ද?
    නෑ බන් උඹ කතිරෙ ගහල යවපු උන් තමයි එහෙම කළේ!
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    7.gif
     
    • Like
    Reactions: WhiteWalker

    green-007

    Member
    May 2, 2016
    58
    18
    0
    මෙතරම් අවිධිමත් විදියට රජයෙ රැකියා දීල වැය බරක් කලේ ලාල් කාන්ත ද?
    ලාභ ලබා ගත හැකි ආයතන පාඩු පිට දුවන්නෙ ලාල් කාන්ත නිසා ද?
    ඵලදායී නොවන සංවර්ධන වැඩ වලට ලොකු ණය අරන් ගසා කෑවෙ ලාල් කාන්ත ද?
    නෑ බන් උඹ කතිරෙ ගහල යවපු උන් තමයි එහෙම කළේ!

    මම කියන්නේ ලාල් කාන්ත ලා හරි කියන policy එක වැරදි කියන එක , ලාල් කාන්ත කියන එකෙන් අදහස් කරේ JVP දේශපාලන දර්ශනය ගැන

    විදිමත් විදියට රජයේ දෙන්න පුළුවන් රස්සා මොනවද ? කවදද ඒවා දුන්නේ ?

    බැනලා බැනල අන්තිමට , වැදලා car පෙර්මිට් එක ගන්නෙත් අපි යවපු උන්ම තමයි ,