දැන් කවුරු බයිලා ගැහුවත් වැඩන්නෑ. හිතේ දුකට ත්‍රෙඩ් දැම්මට. අපිට හැදිල, ගෙවල්වල දරුවොන්ට හැදිල කවුරු මළත්. ස' තමයි හොඳටම කළේ
වෙන් වෙන්ව පරිපාලනය වෙන ඒකක දෙකක නම් ගැටළුවක් නැහැ. කාර්යාල දෙකක අවුලක් නැහැ. එහෙම නීතියක් නෑ බං. තියාගන්නෑ ඒ වුනාට.
------ Post added on Jul 30, 2021 at 6:21 PM
තමන්ගේ කෙනෙක් මෑරෙනකම් ලෙඩ වෙනකම් කාටවත් ගාණක් නෑ.. දෑන් තත්වේ ආයෙමත් නරක අතට හෑරෙන පාටක් තියෙන්නේ. එහෙම වෙලාවක රජයේ සේවකයන්ට වෑඩට එන්න කියනවා කියන්නේ හොදටම කිරිල්ල කෙසේ වෙතත් හොදට ඈනෙන සීන් එකක් වෙන්නේ.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (30) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 868 දෙනෙකු හමුව ඇති බවත් මින් 90 දෙනෙකු බැගින් වන වැඩිම පිරිසක් බියගම සහ මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.
සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම මිනුවන්ගොඩ - 79 ක්, මීරිගම - 77 ක්, වත්තල - 76 ක්, ගම්පහ - 72 ක්, සීදූව - 65 ක්, දිවුලපිටිය - 60 ක්, අත්තනගල්ල - 55 ක්, දොම්පෙ සහ රාගම යන කොට්ඨාසයන්ගෙන් - 45 දෙනෙකු බැගින් , කටාන සහ කැලණිය යන කොට්ඨාසයන්ගෙන් - 35 දෙනෙකු බැගින් , ජාඇල - 34 ක් සහ මීගමුව කොට්ඨාසයෙන් 10 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
ගතවූ පැය 24 තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 60 දෙනෙකු හමුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකකින් - 46 ක්, බියගමින් - 6 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව 8 දෙනෙකි.
ආසාදිතයින් 352 දෙනෙකු පැය 24 තුල ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇති බවත් සැක සහිත රෝගීන් 223 දෙනෙකු රෝහල් ගත කොට ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන්ය.
ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 14,079 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙහි පුද්ගලයින් 3,28,753 දෙනෙකු පී සී ආර් පරීක්ෂණයකට භාජනය කොට ඇති බවද වෙබ් අඩවියෙහි සදහන්ය.
https://www.lankadeepa.lk/provincial_news/ගම්පහ-දිස්ත්‍රිකයෙන්-පැය-24කදී-ආසාදිතයින්-868ක්/59-595919