රාජ්‍ය_සේවක_වැටුප් හෙට සිට ඉහළට

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    රාජ්‍ය_සේවක_වැටුප් හෙට සිට ඉහළට

    ලබන ජනවාරි මාසය තුළ දී සිදුකිරීමට නියමිත රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප් වැඩිවීම ඒ ආකාරයෙන්ම සිදුවන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව තුන 2016 චක්‍රලේඛය යටතේ රාජ්‍ය සේවකයින්ගේ මුලික වැටුප හෙට(01) දිනයේ සිට වැඩිවීමට නියමිතයි.

    එම වැටුප් වැඩිවීමත් සමඟ 2015 වසරට සාපේක්ෂව රාජ්‍ය සේවකයින්ගේ වැටුප සියයට 107කින් වැඩි වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

    තුන 2016 චක්‍රලේඛයට අනුව අවස්ථා පහක් යටතේ රාජ්‍ය සේවකයින්ගේ අවම වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීමට නියමිතව තිබේ.

    2016 ජනවාරි මාසයේ පළමු වැනි දින සිට අවස්ථා හතරකදී මේ වන විට රාජ්‍ය සේවකයින්ගේ මුලික වැටුප ඉහළ දමා ඇති අතර අදාළ චක්‍රලේඛයට අනුව ඉතිරි වැටුප් වර්ධනය හෙට දිනයේ සිට සිදුවන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

    Ada derana
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    මුන්ටමයි පඩි වැඩි වෙන්නේ මුන්ටමයි බෙනෆිට්ස් වැඩි ඒ උනාට හිඟන්නො වගේ පගා ගහන්නෙත් මුන් මයි.:angry:අඩු ගානේ මුන් මිනිස්සුන්ට හරියට කථා කරන්නත් දන්නවද..:angry:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,830
    3,854
    113
    USA
    පඩි වැඩි කරන එකේ අවුලක් නැ කියමුකෝ හැබැයි මුන්ගෙන් උපරිම සේවයක් ගන්ඩ පුළුවන් විදිහට රාජ්‍ය සේවය වෙනස් කරන්ඩ ඕන,

    මුන්ට පඩිත් වැඩි කරන්ඩ ඕන අයිස් ගහන්ඩත් ඕන
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මුන්ටමයි පඩි වැඩි වෙන්නේ මුන්ටමයි බෙනෆිට්ස් වැඩි ඒ උනාට හිඟන්නො වගේ පගා ගහන්නෙත් මුන් මයි.:angry:අඩු ගානේ මුන් මිනිස්සුන්ට හරියට කථා කරන්නත් දන්නවද..:angry:

    අනේ මන්ද බන්...මේ රජය කෙලව ගැනීමට නියමිතයි, රාජ්‍ය සේවකයෝ ඉන්නේ 1.5 million...උන්ට තමයි ඔක්කොම.50% විතර රාජ්‍ය සේවයේ තියෙන්නේ අතිරික්තයක්, ප්‍රා.ලේ එකකට ගියානම් දැනගන්න හරිම ලේසි...සමස්ත ජනතාවගේ ජීවන වියදම වැඩිවෙලා තියන වෙලාවක එක කොට්ඨාශයකට විතරක් සහන දෙන්න...සන්තෝසයි...ජනාධිපති තුමා මේවා ගැන දැනුවත් ඇති කියල හිතනවා...තව උපාධිදාරීන් 54000ක් බඳවාගන්න යනවා, මොකක්ද බන් මේ රට. ඇත්තටම කලකිරෙනවා.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පඩි වැඩි කරලා නෑ පුතා...ඔය අර හැමදාම කියන පරණ එක...මතකද කලින් 10 000 ක් වැඩි කරා..ඒක අවුරුදු 3 න් ටික ටික බේසික් එකට එකතු කරනවා...
    අලුතින් පඩි වැඩි වෙනනේ නෑ...
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    01.ලබන ජනවාරි මාසය තුළ දී සිදුකිරීමට නියමිත රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප් වැඩිවීම ඒ ආකාරයෙන්ම සිදුවන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

    02. එම වැටුප් වැඩිවීමත් සමඟ 2015 වසරට සාපේක්ෂව රාජ්‍ය සේවකයින්ගේ වැටුප සියයට 107කින් වැඩි වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

    Ada derana

    01. මේ තියෙන්නේ කලින් කලින් වැඩි කරපු එව්වා බේසික් එකට එකතු කරන එක...ඒ කියන්නේ මුලික වැඩුප විතරයි වැඩි වෙන්නේ..ඒ වැඩි වෙනකොට වැන්දඹු අනත්දරු එකට කපන ප්‍රතිශතය හන්දා තව පඩිය අඩු වෙනවා කීයකින් හරි..:rofl:
    02. 2015 මූලික වැටුප 15 එකාගේ දැන් වැටුප වෙනවා රු 31 000 විතර...ඒ කරන්නේ එල්ලලා තියෙන දේවල් මූලිත වැටුපට එකතු කරලා දෙන එක විතරයි..රුපියලකින් අලුතින් පඩි වැඩි වෙන්නේ න... ප්‍රතිශතයක් විදියට ගණන් බැලුවාම ව මූලික වැටුප වැඩි වීමේ ප්‍රතිශතය 107%යි :rofl::rofl:
    මෙව්වා බොරු කතා බං :angry:
     
    • Like
    Reactions: silent one

    Night_protector

    Junior member
  • Apr 16, 2019
    79
    5
    8
    පඩි වැඩි කරලා නෑ පුතා...ඔය අර හැමදාම කියන පරණ එක...මතකද කලින් 10 000 ක් වැඩි කරා..ඒක අවුරුදු 3 න් ටික ටික බේසික් එකට එකතු කරනවා...
    අලුතින් පඩි වැඩි වෙනනේ නෑ...
    goverment wada karana unnne ban mewa danne. news paper walin lokuwata penwanne 30000tibba eka 70000una wage. maha loku pratilaba dunna wage penwannee eka paraak dipu eka. ekat dimanawak newe. hambena ekama wenas widiyakata nam kirimak :(
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    පඩි වැඩි කරලා නෑ පුතා...ඔය අර හැමදාම කියන පරණ එක...මතකද කලින් 10 000 ක් වැඩි කරා..ඒක අවුරුදු 3 න් ටික ටික බේසික් එකට එකතු කරනවා...
    අලුතින් පඩි වැඩි වෙනනේ නෑ...

    වැඩි වෙනවා. 10කින් විතර. මගේ අම්මට වැඩි වෙනවා 13ක් :P
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ලිපිය ආයේ කියවන්න..ඒකො හොඳට පැහැදිලි කරලා තියෙනවා :rofl:

    උඹට මට ගනන් හදන් පෙන්නන වෙලාවක් නෑ pay sheet එක ආපු ගමන් උඹට ඇවිත් පෙන්නනම්. :yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඹට මට ගනන් හදන් පෙන්නන වෙලාවක් නෑ pay sheet එක ආපු ගමන් උඹට ඇවිත් පෙන්නනම්. :yes:

    හා...මම මේ කියන්නේ මේ ආටිකල් එකට අදාලව විතරයි..තේරුනාද:dull:
    මේදවස්වලා ලංකාවේ හැම ඔෆිස් එකකම පර්සනල් ෆයිල් කරන අය 2016 සර්කියලර් එක අනුව වැටුප් පරිවර්තන හදනවා..ලුපුවන්නම් දන්න කෙනෙක්ගෙන් අහලා බලපං මොකද කරන්නේ කියලා..ඒකේ අලුතින් එක රුපියලක් එකතු කරන්න් නෑ...එල්ලා තියෙන එව්වා බේසික් දාලා පෙන්නනවා..උඹේ අම්මගෙත් කරන්නේ එච්චරයි..පරිපාලන සේවේ අයට විතරක් අලුතින් 15 000 ක් එකතු කරනවා..පොලිස් අයගේ වෙනම පඩි වැඩි වීමක් තියෙනවා..සාමාන්‍ය රාජ්‍ය සේවයේ අයට මේ අවරුද්දේ ජනවාරි වල වෙනම පඩි වැඩි වීමක් නෑ...
    ගුරුවරුන්ට නම් අලුතින් වැඩි වීමක් ගැන කිව්වා..ඒ්ත් අලුත් ආණඩුව ආවාම ඒක යට ගියා :yes:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    මම ලගදී කියෙවුව චක්‍රලේකයක්
    එකෙ හෑටියට 2016ඉදන් පඩි වෑඩිවෙන්නෑ. 10000ක් වෑඩිකරපු එක අවුරුද්දට 3000ස් ගානක් වගේ එකතු උනා.
    වෙන්නේ 1000-2000ක් වගේ අය වෑයකින් එල්ලන එක.
    චක්‍රරලේකය අනුව 2016න් පස්සේ පඩි වෑඩිවෙන්නේ 2020
    1500 සිට ඉහලට ශ්‍රේණි අනුව
    කලින් ආන්ඩුව 2500ක් වෑඩිකලා, පාස්සේ චන්දෙත් එක්ක තව 2500ක් වෑඩිකරනව කිවුවා, ගොටා එක නෑවෑත්තුවා.
    3000ක් වෑඩිවෙන්නේ සන්වර්ධන සහකාර/ නිලදාරී අයට.
    ඔක 3000ක් වෙයිද කලින් 2500+500 වෙයිද දන්නෑ

    1) මා රජයේ සේවකයෙක් නොව, දෑනුවත් කිරීමක් පමණී.
    2) රජයේ සෙවකයින් 50%ක් වත් පගා ගන්නේ නෑත.
    (මොකද අපි දන්නේ ප්‍රදේශිය ලෙකම් කාර්යාල, RMV, ID වගේ එව විතරයී.රජයේසෙවය ඊට වඩා විශාලයී )
     
    • Like
    Reactions: silent one

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    BASIC එක 107% වැඩි වුනා කියන එකයි ඇත්ත නැතුව අතට එන පඩිය වැඩි උනේ නෑ 107% කින් පඩිය වැඩි උනේ 12500 විතරයි එකත් අර උඩ කිව්වා වගේ වැන්දඹු අනත්දරු එකට කපන ප්‍රතිශතය වැඩි උන හින්ද ටිකක් අඩු උනා. දැන් ඔය හෙට අනිද්දා වැඩි වෙනවා කියන්නේ BASIC එකට එල්ලපු එකක් එකතු කරන එක විතරයි පඩි වැඩි වෙන්නේ නෑ බන්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,313
    32,032
    113
    අයිස් ගහන උන් කනෙන් අල්ලා එලියට දමනු.:angry:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,802
    21,132
    113
    adala nene
    පඩි වැඩි කරලා නෑ පුතා...ඔය අර හැමදාම කියන පරණ එක...මතකද කලින් 10 000 ක් වැඩි කරා..ඒක අවුරුදු 3 න් ටික ටික බේසික් එකට එකතු කරනවා...
    අලුතින් පඩි වැඩි වෙනනේ නෑ...

    :(:(
     

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    2020 අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතා මේ ජනවාරියේ හදන්නයි හිටියේ. ඒක නවත්තලා තියෙන්නේ. මහමැතිවරණයෙන් පස්සේ තමයි ඒවා කෙරෙයි කියලා හිතන්න පුළුවන්. සමහර විට ඒක නොවෙන්නත් පුළුවන්.