අනුරගේ රාජිත වියරුවට අතීතයේ සිට පැවත එන හේතුව නම් අනුරලා එදා ආයුධ රැගෙන රාජිතලා සිටි මහජන පක්ෂයේ නායකයා වූ විජය කුමාරතුංගද, දේවබණ්ඩාර සේනාරත්න ඇතුළු සෙසු නායකයන්ද එක දිගට මරා දමද්දී මරා ගන්නට නොහැකි වූ නායකයා රාජිත සේනාරත්න වීමයි.
එකල ද අනුර දිසානායකලාගේ මිනීමරු දේශපාලනයට ආරක්ෂාව දුන්නේ අද ඒකාබද්ධයේ සිටින දිනේෂ් ගුණවර්ධනලා ය, මහින්ද රාජපක්ෂලා ය. ඩලස් අලහප්පෙරුමලා ය. විමල් වීරවංශ නම් සිටියේම මිනීමරුවන් සමග ය.
එදා තිබූ අශුද්ධ සන්ධානය අද අලුත් වටයකින් ක්‍රියාත්මක වන බව මෙම විශ්වාස භංග සිද්ධියෙන් අපූරුවට පෙනී යයි.