රාජිත සේනාරත්න මැතිතුමටයි මේ මල්මිට.
මෙය සත්‍යම සිදියක් වන අතර මෙය කිසිම පක්ෂයකට හෝ අමාත්‍යවරයෙකුට කඩේ නොයන ත්‍රෙඩ් එකක් බව සලකන්න. මම එක්සත් ජාතික පාක්ෂිකයෙකු බව ඇත්තය. නමුත් ඒ වෙනුවෙන් රාජිතට කඩේ යන කතාවක් නොවන බව සලකන්න.
පසු ගිය දිනක අප හට රාජිත අමාත්‍යවරයාගේ කාර්යාලයට යම් සමාජ පොදු කටයුත්තක් වෙනුවෙන් එතුමාගේ කාර්යාලයට යාමට සිදු වුනි.
මා යන දවසේ එතුමාගේ කාර්යාලයේ තිබ්බේ ඉතාම කාර්යබහුල තත්වයක්. විශාල සෙනගක් එක්රැස් වී තිබුණි. අපිට එහෙදි රාජිත අමාත්‍යවරයා මුණ ගැසීමට නොම්බරයක් ලැබුණු අතර එහිදී පැය දෙකකට වඩා බලා සිටීමට සිදුවුනි. අපට ලැබුනේ අන්තිම හරියේ නොම්බරය. ඒ අතර අපට සිසිල් පෑන් සහ තේ ලැබුණු අතර එය අපගේ විඩාව මගහරවා ගැනීමට මහත් උපකාරයක් උනි.
මාගේ නොම්බරය පැමිණෙන තුරු පොඩි කතාවක් දාගෙන මගේ යාලුවත් එක්ක එතුමාගේ කාර්යාලයේ අසුන්ගෙන සිටියා. ටික වෙලාවකින් ලෑන්ඩ් කෘසර් වර්ගයේ සුකෝපබෝගී රථයකින් තිදෙනෙක් පැමිණියා. ඔවුන් අමාත්‍යවරයා හමුවීමට කලින් නොම්බරයක් ලබා ගත් බැවින් අපට කලින් ඔහුට අමාත්‍යවරයා මුණ ගැසීමට අවස්ථාව හිමි උනි. මා අනුමාන කල අයුරින් පැමිණියේ වයස අවුරුදු 58 පමණ මැදිවියේ පුද්ගලයකු වන අතර පැමිණි අනෙක් තරුණයට වයස 25 හෝ 28 පමණ විය. මවුන් දෙදෙනා පිය පුතු බව අපට තේරුම් ගියේය. ඔවුන් සමග පැමිණි අනෙක් පුද්ගලයා වයස 40 පමණ පුද්ගලයකු වන අතර ඔහු වාහනේ රියදුරා විය.
ඔවුන් දුටු සැනින් රාජිත අමාත්‍යවරයා ඉතා කුළුපග ලෙස ඔවුන් පිලි ගත්තේය. අමාත්‍යවරය හැසුරුන ආකාරයෙන් ඔවුන් ලගින්ම ඇසුරු කරන මිත්රයින් විය හැකිය.
අපට ඇසුන අයුරින් ඔහු පැමිණ සිටියේ තම පුත්‍රයාට සෞඛ්‍ය ක්ෂේත්රයේ ඉහල විධායක ශ්‍රේණියේ රැකියාවක් බලාපොරොත්තුවෙනි. මොකද එම අවස්ථාව වනවිට එම රැකියාව ගැසට් කර අවසාන බැවිනි. ( ගොඩක් සල්ලි කාරයෝ ඔය වගේ ජොබ්ස් හොයන්නේ තමන්ගේ නම්බුවට )
නමුත් ඔවුන්ගේ ඉල්ලීම පලකල පසු අමාත්‍යවරයා පල කලේ නොසතුටකි. රාජිත අමාත්‍යවරයා ඔහුට මේසේ පිළිතුරු දෙන්නට විය "මිස්ට අබේසේකර ඔබ තුමන්ලා මට චන්ද වැඩ වලට ගොඩක් උදව් කරපු බව ඇත්ත. ඔයගොල්ලෝ කරන ලද උදව් මට කවදාවත්ම අමතක වෙන්නේ නැහැ. නමුත් ඔබතුමාගේ ඉල්ලිමනම් මට ඉෂ්ට සිද්ද කරන්න බැහැ. ඒ ගැන එක්ස්ට්‍රිම්ලි සොරි. මිස්ටර් අබේසේකර දන්නවනේ කලින් රජයවල් වගේ නොවෙයි අපි වැඩ කරන්නේ හරිම සර්ව සාධාරණ විදිහට. එක නිසා මට ඔබ තුමාට විශේෂ සැලකිල්ලක් දක්වල ඔබතුමාගේ පුතාට මට මේ ජොබ් එක අරන් දෙන්න බැහැ. බලන්න මේ බයෝ ඩේටා එක දිහා. මේ පුතාට මේකට සුදුකම් නැහැ. පුතාට කියන්න තව හොඳට ඉගන ගන්න කියලා. අඩුම තරමේ උපාධියක්වත් නැහැ නේ. අනෙක මම මෙහෙම දේශපාලන පත්වීමක් ලෙස පුතාව රක්ෂාවට පත්වීමක් දුන්නොත් මේ රටේ උගත් මිනිස්සුන්ට වෙන්නේ ලොකු අසාධාරණයක්. අනෙක පුතාට සුදුසුකම් තිබ්බත් මම ජොබ්ස් හැඩල් කරන කෙනෙකුත් නොවෙයි නේ. ගැසට් කරලා තියෙනේ. ඕනෙනම් CV එකක් යවල ඇප්ලයි කරන්න. පුතාට නිවැරදි අවශ්‍ය සුදුකම් පවතිනවානම් මානව සම්පත් අංශයෙන් පුතාට ජොබ් එකක් ලැබෙයි. මට කිසිම ෆෙවරේෂන් එකක් කරන්න බැහැ මිස්ටර් අබේසේකර. අනේ ප්ලීස් තරහ වෙන්නනම් එපා.
ඉන් පසු කීවක් නොකියා ඔවුන් දෙදෙනා නික්ම ගියේ නුරුස්සන මුහුනකිනි.
ඇත්තටම රාජිත අමාත්‍යවරයා කියන්නේ අගය කලයුතු නියම අමාත්‍යවරයෙක්.