මෙයා හෙට චන්දෙ ඉල්ලුවත් මම දෙනවා.
යූඑන්පී එවුන් කියපු ඒවා විතරක් අහන්න එපා. කුරුඳුවත්ත ට ගිහින් බලපන් කරපු වැඩ. ලොකු ඉස්පිරිතාලයක්, ලොකු තැපැල් කන්තෝරුවක්, ශිෂ්‍යත්ව ළමයි විතරක් ගන්න ලොකු ඉස්කෝලයක් ස්විමිං පූල් එකක් එක්ක, පොලිසියක්, බස් ඩිපෝවක්, කියන මේ ඔක්කොම අලුතෙන් ම හැදුවා. තිබ්බ ඒවා ලොකු කරා නෙවෙයි. අලුතෙන් ම. බ්‍රෑන්ඩ් නිව්. ඔතනින් ඉස්පිරිතාලයක් ඉස්සර තිබ්බ ඇටෙන්ඩන් දෙන්නෙකුයි රෙජිස්ටඩ් දොස්තර කෙනකුයි එක්ක. දැන් තියෙන්නේ MBBS දොස්තරලා ඉන්න, නර්ස්ලා ඉන්න වාට්ටු ගොඩක් තියන සැබෑ ඉස්පිරිතාලයක්. ඉස්සර දතක් පුරව ගන්න දුර ඉස්පිරිතාලෙකට යන්න ඕන එලිය වැටෙන්න කලින් පෝලිමේ ඉන්න. දැන් ගමේ ඉස්පිරිතාලෙට BDS දොස්තර කෙනෙක් එනවා.
නවලෝකෙන් චැනල් කරන පොහොසත් කට්ටිය නම් එක මොකද්ද කියයි. ඒත් දුප්පත් ගමේ මිනිහට මේවා තමයි සේවයක් කියන්නේ.
පළාතේ ගොඩක් ගෙවල් වලට ලයිට් තිබ්බේ නෑ. හැමෝටම ලයිට් දුන්නා. පාරවල් හැදුව. ප්‍රධාන පාර කාපට් කරා. තව ගොඩක් සේවයක් කරා.
දැන් කියයි ගැහුවා ගැහුවා කියල. මොකුත් නොකර හොරා කන රටේ මෙහෙම මිනිහෙක් තව අවුරුදු කීපයක් හිටිය නම් තව ගොඩක් සේවයක් කරනවා.
දැන් කට්ටිය මට බනින්න.