රාජිත / රූමි රූබන් ළඟදීම සි.අයිඩියට

  • Dec 18, 2013
    535
    98
    28
    රාජිත / රූමි රූබන් ළඟදීම සි.අයිඩියට

    රාජිත සේනාරත්න සහ ආචාර්ය රූමි රූබන් ළඟදීම සි.අයිඩියට

    collage.png

    සුදු වෑන් රථ වලින් පුද්ගලයන් පැහැර ගෙන ගොස් ඝාතනය කිරිම වධ හිංසා හා මංකොල්ලකෑම් සිදුකළ බවට මාධ්‍ය හමුවකදී තොරතුරු හෙළිකර සිටි පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසුව අනාවරණය වූ
    කරුණු මත හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය රූමි රූබන් ගෙන් ළඟදිම ප්‍රශ්න කිරිමට නියමිතව ඇතැයි රහස් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ (17) පැවසිය. රහස් පොලිස් මූලස්ථානයට මොවුන් දෙදෙනා කැඳවා දිර්ඝ ලෙස මෙය ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට නියමිතවී ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග කියයි. මොවුන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබාගෙන ඒවා නීතිපතිවරයාට යවා උපදෙස් ලබාගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද එම ජ්‍යෙෂ්ඨ රහස් පොලිස් නිලධාරීයා කීය.

    මෙම මාධ්‍ය හමුවේදී කරුණු හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනාට එම මාධ්‍ය හමුව පැවැත්වීමට රුපියල් ලක්ෂ 10 බැගින් ලක්ෂෂ 20 ක මුදලක් ලබා දි ඇත්තේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයාට බව එම සැකකරුන් දෙදෙනා ප්‍රකාශ කළ බව රහස් පොලීසිය අධිකරණයට තොරතුරු වාර්තා කර තිබිණි. ඒ අනුව හිටපු සභාපතිවරයාගෙන් ද මාධ්‍ය සාකච්ඡා මෙහෙය වූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් ද රහස් පොලිසිය ප්‍රශ්න කිරීමට නියමිතය. මේ සම්බන්ධයෙන් අත්අඩංගුට ගත් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඉදිරීපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටිති. රහස් පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

    -ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය-