රාමාට මා සැකයි රාවණා

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    රාමාට මා සැකයි රාවණා



    රාමාට මා සැකයි රාවණා
    රාමාට මා සැකයි රාවණා

    ගිණි සෑයේ අභියස මා දැවේ වී රාවනා
    සෑයටත් ඉහළින් නැගේ හදෙහී ගිණි බුර බුරා

    හඩමි මා රාවණා රාවණා
    රාමාට මා සැකයි රාවණා

    නැගෙන ගිණිදලු මතින් පාව යයි දුම් ස්නේහයේ
    සත් පතිනි විලාපේ සත් සයුර තරණය කරයි

    හෝ.... හෝ.....

    නුඹේ තුඟු දසුනෙන් මගේ සිත සිරකලා
    මහඟු මනු ගුණයෙන් මගේ සිත සිරකලා
    නොසැලෙන්න මගේ සිත සිරකලා

    හුදකලා වදුලේ කලේ නුඹ භාවනා
    අඳුරු සීතල තුරුලේ කලේ නුඹ භාවනා
    මා අසල කලේ නුඹ භාවනා

    රාමාට මා සැකයි රාවණා
    හඩමි මම රාවණා දශාණන් රාවණා

    ගිණි සෑයේ අභියස මා දැවේ වී රාවනා
    සෑයටත් ඉහළින් නැගේ හදෙහී ගිණි බුර බුරා

    රාමාට මා සැකයි රාවණා
    රාමාට මා සැකයි රාවණා
     
    • Like
    Reactions: ArunaTelshan