මම හිතන්නේ රාමුව අනිත් ඒවාට වඩා ඉස්සරහට එන්න හේතුව අපි කවදාවත් අහලා නැති දේවල් ගැන ගැඹුරට සමබරව සාකච්චා කිරීම. කොටින්ම රන්දික බ්‍රෝ ගේ වීඩියෝ වලින් පස්සේ සමහර පොත් පවා මම කියෙව්වා කවදාවත් කියවලා නැති. ඇත්තටම බැලුවොත් අපි මේ දන්න ප්‍රත්‍යක්ෂ විද්‍යාව මේ ලෝකේ සියලු විද්‍යාව නෙවෙයි. මේකට අහුවෙන්නේ බොහොම සීමිත ප්‍රමාණයයි. ඒක අපි අපේ වැඩ වලට පාවිච්චි කරන්න ඕනේ අනිවාර්යෙන්ම. "ඕක බටහිර ඕක විසි කරන්න ඕනේ ඕක කාලකන්නියි" කියන එක හරි මුග්ධ සිතුවිල්ලක්.
ඒ වගේම අනිත් පැත්ත ගැනත් අපි විවෘත වෙන්න ඕනේ, මොකද අපි දන්න දේ හැමදේම නෙවෙයි. ඔය මලවිආරච්චි වගේ මිනිස්සු ඇත්තටම ඉන්න පුළුවන්. වැඩේ ඒවා හොයන මනුස්සයට තමයි හම්බ වෙන්නේ. බටහිර විද්‍යාව එහෙම නෑ. අපිට ඒක පොඩි කාලේ ඉඳන්ම උගන්නලා තියෙන්නේ. Alan wallace එක පාරක් Sean carrol එක්ක මේක ගැන කතා කරා බටහිර විද්‍යාවෙන් අපි මොන තරම් දේවල් මගහැරලා යනවද අපි නොදන්නා නමුත් අපි දන්නවා කියලා හිතාගෙන කියල. එතකොට "එතකොට ඕක මිත්‍යාව, ඕවා එහෙම වෙන්න බෑ, මේක මෙහෙමයි, අරක අරෙහෙමයි" කියලා තර්ක කරනවානම් ඒකත් මුග්ධයි.
ඔය දෙකම දැනුම විදියට ගන්න මිනිහා සෑහෙන දේවල් ප්‍රමාණයක් තේරුම් ගන්නවා. ඔය කෑම්ප් දෙකේ එල්ලිලා බුරන බල්ලෝ ඇත්තටම මෝඩයෝ.