රාමුව මිත්‍යාව වැපිරීමක්ද?

Screenshot_2021-03-23-20-24-25-41.jpg


රාමුව කරන පුදගලයෙගේ හොද දැනුමක් ඇත. එහි කිසිදු සැකයක් නැත.

.ඒත් කල යුත්තේ ආගමික දේවල් විදයාත්මක ලෙස ගැලපීමද? නැතිනම් එතරම් විදයාත්මක දත්ත තිබෙනවා යැයි සැලකෙන දෑ වලින් විද්‍ය්‍යාවේ පවා දැනට සොයා ගෙන නොමැති පැතිකඩයන් ගැන ඉගියක් හෝ සාක්ෂියක් සොයා ගැනීමද?


මෙසේ ප්‍රශ්නයක් මගේ ඔලුවට පැන නැගෙන්නේ ඕනෑම මනුස්සයෙකුට කතන්දරයක් ගෙතීමට පුලුවන.

ආගමික දේ විදයාවත් සමග නොව බෝල්ට් ඇණ පරිප්පු සමගද සම්බන්ධ කර කතන්දරයක් ගෙතීමට හැක.

ඔබේ අදහස දක්වන්න.
 

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේ අදහසට එකඟයි.ඕන මිනිහෙක් කැමති තමන්ගෙ ආගම හෙන ගැඹුරුයි විද්‍යාත්මකයි කියල කියනවට.ලංකාවෙ ඒක තදටම තියෙනවා.ඉතින් රාමුව කරන්නේ මිනිස්සුන්ගෙ ඒ ආසාව සංතෘප්ත කරන එක.ඒත් ඇත්ත කතාව නම් ආගම් විද්‍යාත්මකව පැහැදිලි කරන්න යන එක ඒ ආගමට හොඳත් නෑ විද්‍යාවට හොඳත් නෑ.රාමුව කරන්නේ මිනිස්සු ඉල්ලන දේ දෙන එක.හිරුයි දෙරණයි වගේ.
     
    මේ අදහසට එකඟයි.ඕන මිනිහෙක් කැමති තමන්ගෙ ආගම හෙන ගැඹුරුයි විද්‍යාත්මකයි කියල කියනවට.ලංකාවෙ ඒක තදටම තියෙනවා.ඉතින් රාමුව කරන්නේ මිනිස්සුන්ගෙ ඒ ආසාව සංතෘප්ත කරන එක.ඒත් ඇත්ත කතාව නම් ආගම් විද්‍යාත්මකව පැහැදිලි කරන්න යන එක ඒ ආගමට හොඳත් නෑ විද්‍යාවට හොඳත් නෑ.රාමුව කරන්නේ මිනිස්සු ඉල්ලන දේ දෙන එක.හිරුයි දෙරණයි වගේ.
    niayamai therum gatha eka watinwa ❤
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ඕක බහුජ්ජයන්ගේ ටිපිකල් ගතිය. විද්‍යාවෙන් මොකක් හරි හොයා ගත්ත ගමන්. අම්මට සිරි අපේ එකා ඕක 2500 ක කලින් කියල තියෙනවා කියලා පොත් පෙරලා පෙරලා හොයනවා. බැලුවම ලගින්වත් යන්නේ නැති කතාවක් කියලා තියෙන්නේ.

    අර පිරිත් වලට වතුර වල හැඩේ වෙනස් වෙනවා කියලා කොහෙද යන සුඩෝ සයන්ස් කාරයෙක් කිව්වම අපේ උන් රෙද්ද කරේ තියාගෙන හිටියේ. tv එකෙත් ඔය ගැන කතා උනා. අපේ උන් සුඩෝ සයන්ස් කියන්නේ මොකක්ක්ද කියලවත් දන්නේ නැ. කොහේ හරි පට්ට තකයෙක් ඉතින් ඕව කරේ තියාගෙන බන කියනවා
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඕක බහුජ්ජයන්ගේ ටිපිකල් ගතිය. විද්‍යාවෙන් මොකක් හරි හොයා ගත්ත ගමන්. අම්මට සිරි අපේ එකා ඕක 2500 ක කලින් කියල තියෙනවා කියලා පොත් පෙරලා පෙරලා හොයනවා. බැලුවම ලගින්වත් යන්නේ නැති කතාවක් කියලා තියෙන්නේ.

    අර පිරිත් වලට වතුර වල හැඩේ වෙනස් වෙනවා කියලා කොහෙද යන සුඩෝ සයන්ස් කාරයෙක් කිව්වම අපේ උන් රෙද්ද කරේ තියාගෙන හිටියේ. tv එකෙත් ඔය ගැන කතා උනා. අපේ උන් සුඩෝ සයන්ස් කියන්නේ මොකක්ක්ද කියලවත් දන්නේ නැ. කොහේ හරි පට්ට තකයෙක් ඉතින් ඕව කරේ තියාගෙන බන කියනවා
    බල්ලෝ බුරති.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,572
    167,146
    113
    එකමත් එක රටක
    පොර මිත්‍යාව වපුරනවා කියලා අදහසින් නම් නෙවෙයි ඕක කරන්නේ..
    තමන්ගේ video බලන අය ඉල්ලන දේ දීල පොඩි වින්දනයක්/ආතල් එකක් දෙන ගමන් සාර්ථකව චැනල් එක ඉස්සරහට අරගෙන යන එකක් තියෙන්නේ..
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම හිතන්නේ රාමුව අනිත් ඒවාට වඩා ඉස්සරහට එන්න හේතුව අපි කවදාවත් අහලා නැති දේවල් ගැන ගැඹුරට සමබරව සාකච්චා කිරීම. කොටින්ම රන්දික බ්‍රෝ ගේ වීඩියෝ වලින් පස්සේ සමහර පොත් පවා මම කියෙව්වා කවදාවත් කියවලා නැති. ඇත්තටම බැලුවොත් අපි මේ දන්න ප්‍රත්‍යක්ෂ විද්‍යාව මේ ලෝකේ සියලු විද්‍යාව නෙවෙයි. මේකට අහුවෙන්නේ බොහොම සීමිත ප්‍රමාණයයි. ඒක අපි අපේ වැඩ වලට පාවිච්චි කරන්න ඕනේ අනිවාර්යෙන්ම. "ඕක බටහිර ඕක විසි කරන්න ඕනේ ඕක කාලකන්නියි" කියන එක හරි මුග්ධ සිතුවිල්ලක්.

    ඒ වගේම අනිත් පැත්ත ගැනත් අපි විවෘත වෙන්න ඕනේ, මොකද අපි දන්න දේ හැමදේම නෙවෙයි. ඔය මලවිආරච්චි වගේ මිනිස්සු ඇත්තටම ඉන්න පුළුවන්. වැඩේ ඒවා හොයන මනුස්සයට තමයි හම්බ වෙන්නේ. බටහිර විද්‍යාව එහෙම නෑ. අපිට ඒක පොඩි කාලේ ඉඳන්ම උගන්නලා තියෙන්නේ. Alan wallace එක පාරක් Sean carrol එක්ක මේක ගැන කතා කරා බටහිර විද්‍යාවෙන් අපි මොන තරම් දේවල් මගහැරලා යනවද අපි නොදන්නා නමුත් අපි දන්නවා කියලා හිතාගෙන කියල. එතකොට "එතකොට ඕක මිත්‍යාව, ඕවා එහෙම වෙන්න බෑ, මේක මෙහෙමයි, අරක අරෙහෙමයි" කියලා තර්ක කරනවානම් ඒකත් මුග්ධයි.

    ඔය දෙකම දැනුම විදියට ගන්න මිනිහා සෑහෙන දේවල් ප්‍රමාණයක් තේරුම් ගන්නවා. ඔය කෑම්ප් දෙකේ එල්ලිලා බුරන බල්ලෝ ඇත්තටම මෝඩයෝ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City
    අදමයි ඇහැව්වෙ චැනල් එක ගැන .
    කන්ටෙන්ට්ස් ටික මන් පොඩ්ඩක් පිරික්සුවා.
    චැනල් එකක් විදියට සාර්ථකයි .
    ඒ වගෙම ප්‍රඩක්ෂන් කොලිටි එක හොඳයි .

    මිත්‍යාවක් වපුරනවාට වඩා මිත්‍යාවෙම ජීවත් වෙන මිනිසුන්ට හො මිත්‍යාවෙන් ජීවත් වෙන්න කැමති මිනිස්සුන්ට
    පොඩි අස්වැසිල්ලක් දෙනවා මෙයා .
    ඇත්තම කතාව කිව්වොත් අපෙ රටෙ යු ටියුබ් ස්පේස් එකෙ තැනක් හදාගන්න ශීලාචාර මාර්ගයක් මෙයා හොයාගෙන තියෙනවා.
    ඒ කිව්වෙ හුදෙක්ම ගොස්පි විකුනල ගොන් ආතල් කොමඩි දීලා යු ටියුබ් ස්පේස් එකෙ පොරක් වෙනවාට වඩා මෙ වගෙ දෙකින් පොරක් වෙන එක මෙයා හොඳයි කියලා හිතලා දිගටම කරගෙන යනවා .
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,150
    113
    රාමුව ලංකාවෙ ක්ලාසි/උපාධිදාරී/යාන්තමින් උගත් බෞද්ධයන්ගෙ නීෂ් එක හිතා හෝ නොහිතා අල්ලගනිමින් ඉන්නව.

    මම ෆෑන් කෙනෙක් නොවුනත් එහෙම චැනල් එකක් තිබීමෙ අවුලක් දකින්නෙ නෑ. මනුස්සයගෙ රෙටොරික්ස් ගැන කතා කලොත් ඉතාම සරළ දේවල් බැරැරූම් කරල කතාකරන ඊනියා බුද්ධිවාදී ශෛලිය තමයි තියෙන්නෙ. සමහර දේවල් විනාඩියෙන් දෙකෙන් පොසිට් කරල අහවර කරන්න පුලුවන්. ඒ ඇරෙන්න රාමුවෙ ඕඩියන්ස් එකෙන් ඒ වීඩියො වල කියන සමහර විහිලුසහගත මට්ටමෙ ස්පෙක්‍යුලේටිව් කතා පෙරළා ප්‍රශ්න නොවීමත් අවුලක්. බණ ඇහිල්ලක් වගෙ තමා.
     
    Last edited:

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    වටේ පිටේ තියෙන ඩේටා ටිකක් එකතු කරලා විස්තරයක් කියනවා. ඒ ගැන තමන්ගෙ අවසාන නිගමනයක් දෙන්නෙ නෑ කවදාවත්. ඒ අස්සෙ පොඩි තමන්ගෙ පම්පෝරියක් එක්ක මැදිහත් උන්ව තියාගන්නයි, එක්ට්‍රීම් එන්ඩ් එකේ ආගම් පස්සෙ යන උන්ව එන්ටටේන් කරන්නයි, නිරාගමික නමුත් සයන්ස් ගැන හොයන් උන්ව බැලන්ස් කරන්නයි සුපිරි ගේමක් ගහනවා. මොනම වෙලාවකවත් ටොපික් එකට අදාලව තමන්ගෙ නිගමනයක් දෙන්නෙ නැතුව පට්ට බැලන්ස් කිරිල්ලක් කරන්නෙ. නිවුස් චැනල් වලින් හොදම චැනල් එකක් තොරනවනං රාමුව එක. බලන එකාගෙ දැනුම තරමට ඌට ඕනෙ කොටුවකට අරූ කියන එක නිකම්ම ප්ලේස් වෙනවා. :lol: :lol: :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,410
    100,344
    113
    උට ඉන්නව මොනව හරි කිව්වොත් මරාගෙන මැරෙන්න පුළුවන් ෆෑන් බේස් එකක්.
    කියන්නෙ මොකද්ද අත්දෙක වැදගෙන සාදු කියල අහන් ඉන්නෙ.

    පොරගෙ වැරද්දක් නෑ ලන්කාවෙ ඕඩියන්ස් එක ඉල්ලන දේ තමා දෙන්නෙ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City
    බොලාට ඔව්ව බලන්න වෙලාවක් තියෙනවද? වෙලාව පැත්තකින් දාපන්, ඩේටා තියෙනවද ඔව්ව බලන්න.. 😣
    මන් නම් දැනගත්තෙත් මෙ ත්‍රෙඩ් එකෙන් බන් .
    ගිහින් බැලුවහම තමා තෙරුණෙ සුපුරුදු ටොපික් එකක් ටිකක් රහ වෙනස් කරලා රස කරලා හපන්න පුළුවන් ක්‍රමෙට ඉදිරිපත් කරනවා.