View attachment 117429
රාමුව කරන පුදගලයෙගේ හොද දැනුමක් ඇත. එහි කිසිදු සැකයක් නැත.
.ඒත් කල යුත්තේ ආගමික දේවල් විදයාත්මක ලෙස ගැලපීමද? නැතිනම් එතරම් විදයාත්මක දත්ත තිබෙනවා යැයි සැලකෙන දෑ වලින් විද්ය්යාවේ පවා දැනට සොයා ගෙන නොමැති පැතිකඩයන් ගැන ඉගියක් හෝ සාක්ෂියක් සොයා ගැනීමද?
මෙසේ ප්‍රශ්නයක් මගේ ඔලුවට පැන නැගෙන්නේ ඕනෑම මනුස්සයෙකුට කතන්දරයක් ගෙතීමට පුලුවන.
ආගමික දේ විදයාවත් සමග නොව බෝල්ට් ඇණ පරිප්පු සමගද සම්බන්ධ කර කතන්දරයක් ගෙතීමට හැක.
ඔබේ අදහස දක්වන්න.
මං මෙයාගෙ ජනප්‍රිය රැල්ලෙ මාතෘකා ගැන කරපු වීඩියෝ නම් බලලා නෑ. ඒත් ඔය පින්තූරෙ දාලා තියෙනවා වගේ වීඩියෝ කීපයක් බැලුවා. මං හිතන්නෙ මිනිහා හිට් උනෙත් ඔය වගේ ටොපික් ගැන කතා කරපු නිසා තමයි.
තියෙන්නෙ එකම දැනුම් පද්ධතියක් සහ ඒක තමයි පරම සත්‍යය වගේ පටු තැනක ඉන්න කෙනෙක්ට මේ අදහස් අවුල් වගේ පෙනීම සාමාන්‍ය දෙයක්. ඉස්සෙල්ලා විද්‍යාව කියලා සාමාන්‍ය ව්‍යවහාරයෙදි අපි හඳුන්වන බටහිර විද්‍යාව ඇතුලුව අනිත් දැනුම් පද්ධති ගොඩනැගෙන විදිය පොඩ්ඩක් ස්ටඩි කලා නම් ඔයාට ඔය අවුල ලිහා ගන්න පුලුවන්.
ඕනෙම දැනුම් පද්ධතියක් ගොඩ නැගෙන්නෙම යම් කිසි ආගමික සංස්කෘතික සංදර්භයක් ඇතුලෙ. ඒ පද්ධති වල දැනුම ගොඩනැගෙන්නෙත් ඒ ඒ ආගමික සංස්කෘතික සුසමාදර්ශයන්ට (paradigms) අනුව. මේක අලුත් අදහසක් නම් නෙමෙයි. ඉතිහාසය පුරා කීප දෙනෙක්ම කීප ආකාරයකින්ම මතු කරපු අදහසක්. ඒක දේව වාදී බටහිර යුදෙව් ක්‍රිස්තියානි පරිසරයේ රේඛීය චින්තනය පදනම් කරගෙන බටහිර විද්‍යාව ගොඩනැගුනා සහ පවතිනවා වගේම දේව වාදී නොවන බෞද්ධ දර්ශනය සහ චක්‍රීය චින්තනය පදනම් කරගෙන බෞද්ධ දැනුම් පද්ධතිය ගොඩනැගුනා. තව සිය ගණනක් ඒ වගේ විවිධාකාර දැනුම් පද්ධති ලෝකෙ පුරාම තියෙනවා. යුදෙව් ක්‍රිස්තියානි නොවන සංස්කෘතියක කෙනෙක්ට පහුගිය ශතවර්ශ ගණනාව පුරාම revolutionary science වලට අදාලව දැනුමක් නිර්මාණය කරන්න බැරි උනෙත් ඔය නිසා තමයි. ඒ හින්දම එක දැනුම් පද්ධතියක තියෙන දැනුමක් තවත් දැනුම් පද්ධතියකින් සංසන්දනය කරන්න යාමත් ඒකෙ වලංගුතාවය පරීක්ශා කරන්න යාමත් තමුන්ගෙ ඉඩමෙ හතර මායිම නොදැන අනුන්ගෙ ඉඩම් මනින්න යනවා වගේ වැඩක්.
විද්‍යාවයි ආගමයි එකිනෙකින් වියුක්ත දේවල් කියලා තාමත් හිතන් ඉන්නවා නම් ඉතින් ඒක නොදන්න කම තමයි. ඇපල් ගහෙන් ගෙඩියක් වැටීමේ සංසිද්ධිය පැහැදිලි කරන්න නිව්ටන් ගොතපු ගුරුත්වාකර්ශණ කතන්දරේ revolutionary science වල කරපු පෙරලියක්. ඒ දැනුම සූත්රගත කරලා normal science කලාපෙට දුන්නට පස්සෙ normalize උනා. හැමෝම සන්තෝසෙන් හිටියා ගෙඩි වැටෙන හැටි, ග්‍රහයන්ගෙ චලිතය (බුධගෙ හැර) පැහැදිලි කරගන්න පුලුවන් සිස්ටම් එකක් තියෙන නිසා. ඒත් කාලෙකට පස්සෙ අයින්ස්ටයින් ආපහු revolutionary කලාපෙට අත තිබ්බා. සාපේක්ශතාවාදය ආවා. ඒකත් normalize උනා, normal science කලාපෙට ගියා. normal science වලදි කාටවත් මේ දේවල් පරශ්නයක් නෙමෙයි. ගුරුත්වාකර්ශණය උනත්, කාලාවකාශය උනත් මනසින් මවා ගන්නවත් බැරි තරම් වියුක්ත(abstract) දේවල් උනත් ගාන හැදුවම උත්තරේ එනවා නම් normal science වලට ඒක ඇති. ඒත් revolutionary science වලදි කෙලින්ම අත තියන්නෙ ඒ වෙනකල් කවුරුවත් ප්‍රශ්න කරන්න හිතලවත් නැති පරමාදර්ශයකට. ඒත් ඒක පිටස්තරයෙක්ට තියා යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ හැදුනු වැඩුනු කෙනෙක්ටත් ලේසියකට කරන්න අමාරු බව කාලෙක ඉඳන් තේරෙන හින්දයි
Khun වගේ අය paradigm shift එකක් ගැන කතා කලේ. මේ පහුගිය ශතවර්ශ ගාණටම නිව්ටන් සහ අයින්ස්ටයින්ගෙ මට්ටමේ තියන්න පුලුවන් දැනුමක් කාගෙන්වත් නිර්මාණය නොවුනෙ ඇයි කියලා දැන් කල්පනා කරලා බලන්න පුලුවන්. normal science වල ඕනෙ කෙනෙක්ට වැඩ දාන්න පුලුවන් උනාට revolutionary වල එහෙම බෑ (මේ වෙනකන්). අනිත් කාරණේ තමා මේ දෙන්නම පට්ටම දේව වාදියෝ දෙන්නෙක් වීම (දැන් කවුරුහරි අදේවවාදී හෝකිංව එහෙම මේකට compare කරන්න හදනවා නම් එයාට මුලින් සිද්ධ වෙනවා හෝකිංගෙ සංකල්ප යුදෙව් ක්‍රිස්තියානි සංකල්ප එක්ක සමපාත නොවෙන හැටි සහ ඒවා revolutionary වෙන හැටි පැහැදිලි කරන්න)
සම්මතයක් ලෙස පිලිගත්තු දෙයක් ප්‍රශ්න නොකර ඉන්න එකම අනිවාර්ය අවශ්‍යතාවයක් විදියට උගන්නන හින්දා මේවා ඉස්කෝලවල වත් කැම්පස් වලවත් උගන්නන්නෙ නම් නෑ. කැමති නම් මේවා ටික හරි හොයාගෙන කියවන්න
Against Method - Paul Feyerabend
The Structure of Scientific Revolutions - Thomas S. Khun
මගේ ලෝකය - නලින් ද සිල්වා