රාවණා බෞද්ධයෙක්ද? පිටසක්වලයෙක්ද? මිත්‍යා

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    රාවණා බෞද්ධයෙක්ද? පිටසක්වලයෙක්ද? මිත්‍යා

    රාවණා රජු පිළිබඳ අපේ කුඩා කල මතකය අවදි කලොත් අපේ අම්මලා ආච්චිලාගෙ කතන්දර ඇතුලෙ රාවණා රජතුමා ගැන එතරම් පැහැදීමක් නම් තිබුණ වගක් අපිට මතක නැහැ. අසල්වැසි ඉන්දියාවෙ රාමචන්ද්‍රයන්ගේ සීතාව පැහැරගෙන ඇවිත් ලංකාවටත් අපකීර්තියක් ගෙනාපු රාවණා රජ්ජුරුවො ගැන ඒ අය කතා උනේ පන්සලේ විභීෂණ දේවාලෙට පඬුරුත් දාන ගමන්.
    රාවණා රජතුමා ගැන වෙනස් විදිහේ අදහසක් අප බොහෝ දෙනෙක් අතර ඇති කරන්නට සමත් උනේ භද්‍රජී මහින්ද ජයතිලකයන්ගේ ශ්‍රී රාවණ්නා කෘතිය කියවීමෙන් අනතුරුව බවනම් මතක් කල යුතුමයි. මෙතැනදී රාවණා රජු ගැන වෙනස්ම මානයකින් විස්තර කර තිබුණු කතාව රාමායනයේ වීර වික්‍රම වලටත් වඩා කුතුහලය මුසු යම් ප්‍රෞඩ හැඟීමක් අපේ හිත්වල ඇති කරන්නට සමත්වුණා මතකයි.කෙසේ නමුත් අද වෙද්දි ලක් පොලවේ රාජ්‍ය කල ශ්‍රේෂ්ඨතම නරපතියෙක් වශයෙන් බොහෝ අය සලකන මහා රාවණා රජතුමාගෙ බල පරාක්‍රමය අන්තර්ජාලයත් උණුසුම් කරල හමාරයි. රාවණාගේ උපත, ජීවිතය, වීරත්වය සහ පුනරාගමනය ගැනද ඉදිරිපත් කෙරෙන උණුසුම් මතවාද නම් බොහොමයි. මේ සමහරක් මතවාද සහ සාක්ෂි ඇත්තදෝයි සිතෙන තරම් විශ්වාසනීයයි, තවත් සමහරක් වල් බහුබූත කියා හිතෙන තරම් විකාරයි සහ හාස්‍ය ජනකයි.
    අනිවා අපි මේ කිසිම අදහසක් බැහැර කරන්නේ නැහැ. සත්‍යය සමහර විට අප සිතනවාට වඩා විශ්මයජනක හෝ විහිලු සහගත වෙන්න පුලුවන්. ඒ වගේම අද අප තරයේ විශ්වාස කරන දේවල් හෙට විහිලුවක් වන්නටත් පුලුවන්. මේ දේ හිතේ තබාගන්නා ලෙස ඔබටත් මතක් කරමින්ම මහා රාවණා සම්බන්ධ අතීත සහ වර්තමාන තොරතුරු විමසීමකුයි අපි මේ කරන්න හදන්නේ. රාවණා රජු සැබෑවක්ද? හුදු සංකල්පයක් පමණක්ද යන තීරණය ඔබේ බුද්ධියෙන් විමසා තීරණය කලයුත්තක් වනවා.

    1. ඉන්දියාවේ රාවණා

    RavanaObsession-aniwa-01-768x403.jpg


    වාල්මිකීගේ රාමායන කථාවෙන් දැක්වෙන රාවණා චරිතය ඉන්දියානුවන් දුෂ්ඨත්වයේ සංකේතයක් හැටියට කවදත් යොදාගනු ලබන්නක්. ඉස්සර රූපවාහිනියේ උපසිරැසි සහිත හින්දි චිත්‍රපටි තොග ගණන් බැලූ කාලයේ ඒ විත්‍රපටිවල වීරයා දුෂ්ටයාගෙන පලිගන්න යනවිට “යං රාවණාගේ ලංකාව ගිණි තියල එමු”, “ලංකාවට ගිහින් රාවණාගේ කනෙන් ඇදන් එමු” වැනි දෙබස් බහුලව තිබුණා අපට මතකය. මෙය චිත්‍රපටවලට පමණක් පොදු කාරණයක් නොවෙයි. ඉන්දියාවේ ඉහලම පුරවැසියා වන නරේන්ද්‍ර සිං මෝඩි විසින් පකිස්ථානු ත්‍රස්තවාදය රාවණාට සමාන කරමින් කල කතාවක් පසුගියදා මෙහේ ගිණි අවුලුවන්නටද සමත්වුණා. ඊට අමතරව වාර්ෂිකව රාමගේ ජයග්‍රහණය සමරමින් රාවණා පිළිරූ සාදා ගිනි තැබීමද ඉන්දියානුවන්ගේ චාරිත්‍රයක්. මේ උත්සවය හැඳින්වෙන්නේ දශේරා නමිනුයි.
    හැබැයි මුලු ඉන්දියාවේම තත්ත්වය මෙසේ නෙමෙයි. රාවණා වීරත්වයෙන් යුතු යහපත් රජෙක් හැටියට පිළිගන්නා පිරිස්ද ඉන්දියාවේ ජීවත් වෙනවා. ඔවුන් විසින් රාවණා වන්දනාමාන කිරීම සඳහා ගොඩනගාගත් දේවාල පවා තිබෙනවා.

    2. රාවණා, ලංකාවේ තත්ත්වය

    RavanaObsession-aniwa-02-768x403.jpg


    මහා රාවණා පිළිබඳව මීට වසර විස්සකට තිහකට පමණ පෙර ලාංකිකයින් දැරූ අදහස දැන් විශාල වෙනසකට ලක්වෙලා කියල කිවුවොත් අපි වැරදි වෙන එකක් නෑ. විශේෂයෙන්ම පසුගිය දශකයක පමණ කාලයක සිට රාවණා දුෂ්ට රජෙක් නොව වෙද හෙදකමින්, විවිධ කලා සහ තාක්ෂණික දැනුමින් පරිණතව ධාර්මිකව ජීවත්වූ රජෙක් ලෙසට තිබෙන පිලිගැනීම වඩාත් ඉදිරියට ඇවිත් තිබෙනවා. සමකාලීනව රාම ජීවත් වූ ඉන්දියාවේ රජුන් බ්‍රාහ්මණ මතයන්ට අනුව යමින් බිලි පූජා, යාගහෝම පවත්වමින් ජීවත්වද්දී, රාවණ රාජ්‍ය කල ලංකාපුරය ඉතාම සාමකාමී, අවිහිංසාවාදී පරිසරයක් වූ බවට මත පලවෙනවා. රාවණා රජු සමය යනු ශ්‍රී ලාංකික මෙන්ම ලෝක ඉතිහාසයේද රාජ්‍යයක් ගතකරන ලද දියුණුම කාලපරිච්ඡේදයක් හැටියට සමහරුන් මත පලකරනවා. මේ සංවර්ධනයන් ඇති කිරීමේදී ඉදිකරන ලද මාලිගා, මංමාවත් පවා ගහට කොලට සතා සීපාවාට හානියක් නොකොට භූගතව ඉදිකර ඇති බවටයි සඳහන් වන්නේ. තම ප්‍රාණ සමවන් සොයුරිය සුපර්නිකාට සිදු කල අඩන්තේට්ටම නිසා තමන්ට දැණුනු දුක රාමටත් දනවනු පිණිස සීතාවන්ව පැහැරගෙන ආ බවත්. කිසිවිටෙක ඈ සිරගත කරන්නටවත් ඈට අතවර කරන්නටවත් උත්සාහ නොකොට නිදහසේ රහසිගතව ජීවත් වෙන්නට ඈට ඉඩ සැලැස්සූ බවත් තමයි ලාංකික රාවණා විශ්වාසය.

    3. රාවණා සහ දඬු මොණරය

    RavanaObsession-aniwa-03.gif


    මහා රාවණා රජතුමා ගැන පර්යේෂණ ග්‍රන්ථ, වෙබ් අඩවි සහ වීඩියෝ ආදී විවිධ මාධ්‍ය හරහා ඉදිරිපත්වී ඇති විචිත්‍රවත් කරුණු ඉදිරිපත් කරන්න නම් ඒ සඳහා වෙනමම ලිපියක් ලිවිය යුතු වෙනවා. කෙසේ වෙතත් අපි පටන්ගමු රාවණා නමත් සමගම කියැවෙන තවත් සුවිශේෂී වස්තුවක් වන දඬු මොණරය හෙවත් පුෂ්පක යානාවෙන්ම. ලෝකයේ ගුවන් යානා තාක්ෂණයේ පැරණිම සඳහන වන මෙය Mercury Vortex හෙවත් රසදිය භාවිතයෙන් ක්‍රියාත්මක වනවායැයි සැලකෙනවා. මේ යානාව රාවණාගේ නිර්මාණයක් හැටියට සමහරු සඳහන් කලත් මේ ගැන කියවෙන තවත් මතයක් වන්නේ මෙය රාවණාගේ සොයුරෙක් වූ කුවේර නම් රජුට මහා බ්‍රහ්මයා විසින් දුන් තෑග්ගක් බවයි. කුවේරයන්ගෙන් ලංකා රාජ්‍යය ලබා ගැනීමේදී මේ යානාව රාවණා රජු තමන් සතු කරගත්තා කියල කියවෙනවා. එතැනිනුත් ඉවර නෑ, තවත් සමහරු විශ්වාස කරනවා මෙය රාවණා රජුටත් පෙර මෙරට රාජ්‍ය කල සිංමුඛ හට විශ්වකර්ම විසින් දුන් ත්‍යාගයක් හැටියට. නිදන් හොරුන් විසින් ගොඩ ගන්නා ලද දඬු මොණර ආකෘති ගැනත් අපිට පුවත් අසන්නට ලැබෙනවා. මේවා එළිමහනට ගෙන ටික වේලාවකින්ම ක්‍රියාත්මක වී අහසට ඉගිල ගොස් තිබෙන හැටියටත් කටකතා පැතිර ගොස් තිබෙනවා.

    4. රාවණා සහ සීගිරිය

    RavanaObsession-aniwa-04-768x403.jpg


    රාවණා රජු සීගිරිය සිය වාසස්ථානයක් හැටියට භාවිතා කල වගටත් විශ්වාසයක් පවතිනවා. සීගිරිය ප්‍රකටව ඇත්තේ කාශ්‍යප රජතුමාගේ රාජධානිය වූ නිසාවෙන් උනාට කාශ්‍යප රජුත් සීගිරිය තෝරාගැනීමට හේතුව වී ඇත්තේ ඊට පෙරත් සීගිරිය වෙනත් රජවරුන් වාසස්ථානය හැටියට තෝරාගෙන සිට ඇති නිසා බවට කියවෙනවා. සීගිරිය අවට නටඹුන් පරික්ෂා කිරීමේදී කාශ්‍යප යුගයට පෙර නටබුන්ද දක්නට ලැබී ඇති බවට වාර්තා පල වෙනවා. මේ ඔස්සේ ගොසින් සමහරු මෙය රාවණ රජුට පෙර රජකම් කල කුවේරයාගේ මාලිගාව, කුවේරගේ ආලකමන්දාව ලෙසිනුත් හඳුන්වන්නට පෙළඹී තිබෙනවා. කුවේරව සිහසුනෙන් නෙරපීමෙන් පසු සීගිරිය රාවණ රජතුමාගේ වාසස්ථානය වූ බව ජනප්‍රිය විශ්වාසයක්. රාවණගේ රාජධානිය ගැන රාමායනයේ හනුමාන් විසින් සඳහන් කර ඇති ආකාරයට “අහසේ සිට පෙනෙන, වලාකුලු වලින් වට ව හිරු රැස් පරාවර්තනය කරන” ගතිය සීගිරි පර්වතයේද පිහිටීම මේ අදහස් පෝෂණය කිරීමට තවත් හේතුවක්ව තිබෙනවා.

    5. විදෙස් සහ පිටසක්වල සබඳතා

    RavanaObsession-aniwa-05-768x403.jpg


    බැබිලෝනියාවෙන් හමුවූ පුරාණ මැටි පුවරු වල “අහසින් ආ සිංහ මිනිසුන් විසින් මෙහි නගර ගොඩ නගා ඇති බව” සඳහන් වී ඇතැයි කියන මතයක් හේතුවෙන් මේ සිංහ මිනිසුන් යනු රාවණා කල අපේ අතීත වැසියන් බවට විශ්වාසයක්ද ජනතාව අතර ගොඩ නැගී තිබෙනවා. මෙවැනි විදෙස් සබඳතා වලට අමතරව විශ්වීය සහ ග්‍රහලෝක අතර සබඳතා පැවැත්වීමටද රාවණ රජතුමා කටයුතු කල බවට සඳහන් වනවා. ලකේගල කඳුවැටියේ සිට ඇරඹෙන ගමන් මාර්ගයක් ඔස්සේ අඟහරු ලොව වෙත සංචාරය කිරීමද එතුමාගෙ කාලයේ සිදුවූ බවට පැවසෙනවා. මෙහෙම මත පලකරන්නෙ සාමාන්‍ය මිනිස්සු විතරක් නෙමෙයි රාවණා ගැන පර්යේෂණ රැසක් පවත්වා ඇති ප්‍රවීණ මහාචාර්ය මිරැන්ඩෝ අබේසේකර පවා මෙසේ පවසනවා.

    6. රාවණා තවම නින්දේද?

    RavanaObsession-aniwa-06-768x403.jpg


    රාම විසින් විදින ලද හී පහරින් රාවණා රජතුමා නොමැරුණු බවත්. තවම සබරගමු කඳුපන්තියේ එක් රහසිගත ස්ථානයක රාවණ රජතුමා නිදන බවට පුරාණ පොත්පත්වල පවා සඳහන් වනවා. නිසි පුද්ගලයෙක් අතින් බෙහෙත් ගල්වා ආහාර පාන ලබාදුන් විට රාවණ රජතුමාගේ නිද්‍රාව නිමවෙන බවටත් ඒවායේ සඳහන්ව තිබෙනවා. වසර දහස් ගණනක් තිස්සේ රාවණා නිද්‍රාගතව හෝ ජීවත් වීම ගැන සමහර විද්වතුන් පවා මත පල කරන්නේ මෙය රාවණ රජුට මහා බ්‍රහ්මයා විසින් දුන් වරයකට අනුව සිදුවන්නක් බවයි. ඒ මතයන්ට අනුව ලෝක විනාශය දක්වා මහා රාවණ රජු ජීවත් වීමට නියමිතයි.
    රාවණ රජතුමා ගැන මත පලකරන තවත් සමහරුන්ගේ අදහසනම් මේ වන විට රාවණ රජතුමා නිද්‍රාවෙන් පිබිදී ඇති බවයි. ඔහු දේවත්වයට පත්වී ඇති බවත්. විශ්වීය නායකත්වයක් උසුලමින් විශ්වයෙන් විශ්වයට රටින් රටට සංචාරය කරමින් දේශපාලන තීන්දු තීරණ වලට නොපෙනී බලපෑම් කරමින් පසුවන බවටයි ඔවුන් පවසන්නේ. ඒ මතය යම්තාක් දුරට අපිට ආතර් සී ක්ලාක් මහතාගේ 2001 නවකතාවේ එන ඩේවිඩ් බෝමන්ව සිහි කිරීමටද සමත්.

    7. රාවණා නැවත එයිද?

    RavanaObsession-aniwa-07-768x403.jpg


    රාවණා රජුගේ නැවත පැමිණීම ගැන මේ දවස්වල උණුසුම් කතා පැතිරෙනවා. මේ සඳහා විවිධ අය විසින් වෙනස්ම මතවාද ඉදිරිපත් කර තිබෙනවා. සමහරුන්ට අනුව නම් රාවණා රජු එන්නෙ ශ්‍රී ලංකාවේ රාජ්‍යය බලය ලබාගෙන ඔහුගේ පිරිසත් සමග යළිත් මේ රට දියුණු කරන්නටයි.
    තවත් සමහරුන්ගේ මතය නම් රාවණා යුගයක් පැමිණීම යන්නෙන් අදහස් කරන්නේ සූර්ය ශක්තිය වැනි ශක්ති ප්‍රභේදයන් භාවිතා කිරීමට ජනතාව හුරුවන නව යුගයක එළඹීම බවයි. අද පවතින ඉන්ධන වල සීග්‍ර ක්ෂය වී යාමත් සමගම අතීත රාවණා රජු විසින් සූර්යයාට මුල් තැන දී සූර්යය ශක්තියෙන් ගත් ප්‍රයෝජන නැවත ලබා ගන්නා සමාජයක් බිහිවීම මිසක රාවණා යන පුද්ගලයාගේ පැමිණීමක් නොවන බවටයි ඒ අයගේ අදහස.
    රාවණා වැනි ප්‍රබල රජවරුන් බිහිවෙන්නේ භෞතික ලෝකය දියුණුවේ හිනිපෙත්තටම විත් විනාශයට ලංවන අවධියක බවට පවතින මතවාදයකුත් ඉහත මතවාද දෙකම තවත් උණුසුම් කරන්නට සමත්.

    8. රාවණා රජු බෞද්ධයෙක්ද?

    RavanaObsession-aniwa-08-768x403.jpg


    රාවණා රජුගේ ආගමික විශ්වාසයන් ගැනද ඇත්තේ විවිධාකාර වූ මතිමතාන්තරයි. ඉන්දියානු මතයට අනුව රාවණා රජු ශිව දෙවියන්ගේ ප්‍රධානම බැතිමතෙක් වනවා. මෑතකදී ඇතිවූ රාවණා ප්‍රබෝධයෙන් අනතුරුව රාවණා රජු බෞද්ධයෙක් ලෙසට හඳුන්වන්නට උත්සාහ කරන පිරිස් අපිට දකින්නට ලැබෙනවා. රාවණා ගැන මතභේදයට තුඩුදෙන අදහස් ප්‍රකාශ කරන්නෙක් හැටියට ප්‍රසිද්ධ මිරැන්ඩෝ අබේසේකරයන් පවසන ආකාරයට රාවණා බුදු දහම දර්ශනයක් හැටියට පිළිගත්, එහෙත් ලෝකෝත්තර සුවය සෙවීමට වඩා ලෞකික ජීවිතයේ දියුණුව පැතූවෙක් වනවා. සූර්ය දෙවියන් ගෞරවයෙන් ඇදහීමද රාවණා රජුගේ දෛනික පුරුද්දක් හැටියට සඳහන් වෙනවා.

    9. රාවණා රජු ඇත්තටම හිටියාද නැද්ද? කොහොමද දැනගන්නෙ?

    RavanaObsession-aniwa-09-768x403.jpg


    මේක බොහෝ දෙනෙකුට ඇතිවන ප්‍රශ්නයක්. අවාසනාවකට රාවණා රජු හිටියාද නැද්ද කියා දේ ඔප්පු කිරීමට අපිට ඉදිරිපත් කල හැකි පිළිගත හැකි සාක්ෂි නැහැ. ඒ වෙනුවට මේ ලිපිය පුරාවට අපි උත්සාහ කලේ රාවණා රජු පිළිබඳ ඉදිරිපත් කර ඇති විවිධ මතිමතාන්තර ඔස්සේ ඒ කරුණු සොයායාමට ඔබ වෙත පෙළඹවීමක් ඇති කරන්නටයි.
    රාවණා රජු පිළිබඳ තොරතුරු හදාරන්න පටන් ගන්නා අයෙකුට ඒ සඳහා ගවේෂණය ආරම්භ කලහැකි මූලාශ්‍ර ගණනාවක්ම තිබෙනවා. යූටියුබ් හරහා ඔබට නැරඹිය හැකි වෙනස වැඩසටහනේ රාවණා පිළිබඳ ගවේෂණය ඒ ගැන ඔබේ උනන්දුව තවත් වැඩි කරවනවා නියතයි. භද්‍රජී මහින්ද ජයතිලකගේ ශ්‍රී රාවණ්නා පුවත අපි අනිවාර්යෙන්ම ඔබට නිර්දේශ කරන ග්‍රන්ථයක්. ඒ වගේම මේ දිනවල සති අන්තයේ රාත්‍රී 8 සිට 10 දක්වා සිරස එෆ් එම් රේඩියෝ නාලිකාව ඔස්සේද රාවණා අතීතය පිළිබඳ වැඩසටහනක් ප්‍රචාරය වෙනවා. වාල්මිකී විසින් ඉතිහාසයෙන් සැඟවූ සැබෑ රාවණා ඉතිහාසය නාට්‍යානුසාරයෙන් දිගහැරෙන මේ රේඩියෝ වැඩසටහනද ඔබට මෙතෙක් අසා නැති කරුණු රැසක් හෙලි කරනු නොඅනුමානයි. ඒ වගේම රාවණා ගැන නිතර කතා කරන, උණුසුම් පුවත් මවන මහාචාර්ය මිරැන්ඩෝ අබේසේකරගේ රාවණා පිළිබඳ ලියැවුණු පොත්පත්ද ඔබේ මේ ආශාව වඩවනු නියතයි.

    10. රාවණා පිළිබඳ මේ තරම් උනන්දුව ඇයි?

    RavanaObsession-aniwa-10-768x403.jpg


    රාවණා රජතුමා පිළිබඳව එතරම් සුභවාදී ආකල්පයක් නොතිබුණු අතීත වකවානුවල පවා රාවණා රජුගේ වීරත්වය, ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව විශ්වාස කල, පෙනී සිටි උගතුන් බොහොමයක්ම සිටියා. ඒ අතරින් අරිසෙන් අහුබුදු ශූරීන්ව අපිට අමතක කරන්න බැහැ. වර්තමානයේ නම් පඳුරකට ගැසුවත් සිය ගණනක් විසිවෙන තරමට මේ රාවණා සොයන්නන් අපිට මුණ ගැසෙනවා. මේ අය විවිධ කොටස් වලට වෙන් කර දක්වන්න පුලුවන්.
    ඉතිහාසය හෙලිදරවු කරගැනීමේ තොරතුරු පිපාසයෙන් පෙලෙන අය මෙයින් එක පිරිසක් වනවා. මේ අය රාවණා පිළිබඳ කතා කරන්නට සොයා බලන්නට යන්නේ ඉතිහාසය පිළිබඳ ඇති කුතුහලය නිසාවෙන්මයි. ඊළඟට අපිට හමුවන තවත් පිරිසක් තමයි රාවණා රජතුමා සමග ආත්මීය සම්බන්ධතා ඇති, රාවණා රජු සමයේ සිට පුනරුප්පත්තිය ලබා පැමිණි සහ විවිධ භාවනා ක්‍රම මගින් රාවණා රජු බැහැ දැක සම්බන්ධතා පවත්වා ඇති යයි පවසන අය. රාවණා රජතුමාගේ නාමය තමන්ගේ විවිධ දේශපාලන, ව්‍යාපාරික දියුණුව හෝ ජනප්‍රියත්වය උදෙසා කූට අයුරින් භාවිතා කරන අයත් නැතුවාම නොවෙයි. ඒ විතරක් නෙමෙයි රාවණා පිළිබඳව හාංකවිසියක්වත් අධ්‍යයනය නොකොට ජාතියක් වශයෙන් ආඩම්බර වීමට රාවණා චරිතය පසුපස යන අයත් ඕනෑ තරම් ඉන්නවා.
    පහුගිය වසර කිහිපය තුල රාවණා රජු ගැන උනන්දුව සීග්‍රයෙන් වැඩිවීමට හේතුව හරියමට කුමක්දැයි කීමට නොහැකිවුවත්, යුද්ධය නිමාවීමත් සමගම ඇතිවූ රික්තකය මඩින්නට වීරත්වය, දේශීයත්වයත් පිළිබඳ අදහස් රාවණා රජු හරහා කළඑලි බැසීමක් සිදුවුණිදැයි සමහරු සැක කරනවා. තවත් සමහරුන්ගේ අදහස නම් රාවණා රජුගේ පුනරාගමනය ළංව ඇති බැවින් මෙසේ සිදුවන බවයි.
    මේ නානාප්‍රකාර අදහස් අතරේ අතරමං නොවී තමන්ගේ හදවත සහ මොලය යන දෙකම භාවිතයෙන් මේ තොරතුරු අධ්‍යයනය කිරීම ඔබ කාගේත් වගකීමක් බවට අවසාන වශයෙන් අපි මතක් කරන්න කැමතියි.

    http://www.aniwa.lk/2016/11/26/1611261-ravana-obsession/
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    this might be the first mythology document that i read...

    True, but careful
    අද මන් කියනදේ ඇත්තවෙනවාද නැද්ද කියල තව අවුරුදු 10කින් තේරේයි.
    තව අවුරුදු 10ක් යනකොට, සිංහලයාගේ පරම්පරාව පැවත එනේ විජය රජ්ජුරුවන් ගෙන් නෙමෙයි. රාවනාගෙන් කියලා ඉතිහාසෙ වෙනස් කරගනියි.
     
    Last edited:

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මෙච්චර කල් අවුරුදු 2500 ප්‍රෞඩ කෙහෙල්මලක් ගැන කතා කරගෙන හිටපු එවුන්ට තමුන් පැවත එන්නේ තිරිසනෙක්ගෙ කිරි බීලා කියල කියන්න දැන් දැන් ලැජ්ජ හිතෙනවාද කොහෙද.

    ඒ හිඳා දැන් මුන් කිසි ගානක් ගන්නෙ නැතුව හිටිය රාවනාට පණ​ පොවන් ඉන්නවා. හෙට අනිද්දා රාවනාගේ සෙල් ලිපි හම්බුනත් පුදුම වෙන්න බෑ
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මෙච්චර කල් අවුරුදු 2500 ප්‍රෞඩ කෙහෙල්මලක් ගැන කතා කරගෙන හිටපු එවුන්ට තමුන් පැවත එන්නේ තිරිසනෙක්ගෙ කිරි බීලා කියල කියන්න දැන් දැන් ලැජ්ජ හිතෙනවාද කොහෙද.

    ඒ හිඳා දැන් මුන් කිසි ගානක් ගන්නෙ නැතුව හිටිය රාවනාට පණ​ පොවන් ඉන්නවා. හෙට අනිද්දා රාවනාගේ සෙල් ලිපි හම්බුනත් පුදුම වෙන්න බෑ

    sinhaba kiyanne sinhayek newe ban.indiawe sinhapura kiyana pranthe hitiya king;).

    https://en.wikipedia.org/wiki/Sinhabahu
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    no way a woman can have sex with a lion and give birth to anything, let alone a human being. Do people really believe in that shit anymore...:dull:

    anyway most probably all Asians are descendants of homosapians , who migrated from Africa about 100,000 years ago...

    we are basically the same shit that spreads around... :dull:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    no way a woman can have sex with a lion and give birth to anything, let alone a human being. Do people really believe in that shit anymore...:dull:

    anyway most probably all Asians are descendants of homosapians , who migrated from Africa about 100,000 years ago...

    we are basically the same shit that spreads around... :dull:

    Sad thing is Africans still got bigger penises and our people don't :lol::lol:

    what a shame :no::lol: I guess they chose the ones with small penises and migrated them all to here :(:lol:
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    Sad thing is Africans still got bigger penises and our people don't :lol::lol:

    what a shame :no::lol: I guess they chose the ones with small penises and migrated them all to here :(:lol:

    i thing u got a small one!
    ලබන ආත්මේ ලොකු එකක් බලාපොරොත්තු වෙයන්බන්!!
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ

    :lol: දැන් ඔහොම ජල්තර වැඩ කරලා, අනුන් රවට්ටලා, වල කපල, යටි කූට්ටු වැඩ කරලා තමන්ගේ වැඩේ කරගන්න එකද මොලේ කල්පනා කරලා කරන වැඩ කිව්වේ? :baffled::lol:

    ඕක ඔහොම පොස්ට් හදන් ආඩම්බරෙන් කියන්නවත් පුළුවන් දෙයක් ද බන් ලජාවක් ඇති එකෙක් ට ? :rolleyes::baffled::baffled:

    පට්ට ඔයි :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Sad thing is Africans still got bigger penises and our people don't :lol::lol:

    what a shame :no::lol: I guess they chose the ones with small penises and migrated them all to here :(:lol:

    so you think that evolution is bulshit right.?

    And Genesis is true.., :baffled: :baffled:

    it's ok.

    but, about that penis thing. average penis size of a African is about 6 inches and that of Asian is about 5. so it's not a huge difference. it can be described by evolution and natural selection how 100000's of years can alter size of a human organ.:)