රාවණා රජු

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    රාවණාගේ පිළිමය ලංකාවෙන් මතුවෙයි
    අරුණඩේල් විජේරත්න



    තවමත් මන--කල්පිතයක් සහ පුරාවෘත්තයක් සේ සලකන කීර්ති ශ්‍රී රාවණා රජුගේ සිහිමූර්ඡා වූ ශරීරය සහ පොළොව යට සැඟ වී ඇතැයි කියනු ලබන රාවණා රාජධානිය සොයා ලාංකික මාධ්‍ය යන තරගකාරී ගමනේ පෙරමුණ ගෙන ඇති 'මව්බිම' පුවත්පත වසර 500 කටත් වඩා පැරැණි, ලංකාවේ දැනට සොයාගෙන ඇති පැරැණිම සහ එකම රාවණා රජුගේ පිළිමය අනාවරණය කර ගැනීමට සමත්ව සිටී. වටිනා ඖෂධිය ශාකයක් වූ කොහොඹ ගසේ ලීයෙන් නෙළන ලද මේ පිළිමය හිස් දහයකින් සහ අත් විස්සකින් සමන්විතය. මේ හිස් දහයේ මුහුණ විවිධ ඉරියව්වලින් සමන්විත වන අතර, එම ඉරියව් එකිනෙකට වෙනස් ආකාරයේ හැඟීම් ප්‍රකාශ කෙරේ.
    හොඳින් වැඩුණු මිනිසකුගේ උස මහත ඉක්මවා යන පාංශු දේහධාරී ශරීරයකින් හෙබි රාවණා පිළිමය වර්ණ ගන්වා ඇති අතර, පිළිමයේ වම් පාදයේ දණහිසෙන් පහළ කොටස සහ අත්වල රඳවා තිබූ සමහර ආයුධ කැඩී බිඳී විනාශ වී ඇත. එසේම පිළිමයේ ගල්වා ඇති වර්ණ කොටස සමහර ස්ථානවලදී දුර්වර්ණ වී තිබේ.


    සොයාගනු ලැබූ මේ පිළිමයට පුද පූජා, ගරු සත්කාර පවත්වා රාවණා වරම් යදිමින් පිළිමයට බලය සහ තේජස ලබාදීමේ පූජා කටයුතු මේ දිනවල ඉතා අප්‍රසිද්ධියේ සිදු කෙරෙමින් පවතී. මේ සඳහා රාවණා අඳුන සහ රාවණා මන්ත්‍රය භාවිත කෙරේ.


    එසේම, රාවණා පිළිමය තැන්පත් කිරීම සඳහා රාවණා, දේවාලය නමින් දෙවොලක්ද මේ වන විට ඉදිවෙමින් පවතින අතර, එහි වැඩකටයුතු දැන් බොහෝදුරට අවසන් වෙමින් තිබේ. ඉතා නුදුරේදීම එම රාවණා දේවාලය වැඳුම් පිදුම් කටයුතු සඳහා ජනතාවට විවෘත කෙරෙනු ඇත. එවිට එය ලංකාවේ ප්‍රථම රාවණා පිළිමය රැගත් තෙද බලැති 'කීර්ති ශ්‍රී රාවණා රජු දේවාලය' වන බව රාවණා පිළිම දේවාල භාරකාරිත්වය පවසා සිටී.


    ඉතිහාසය දක්වන අන්දමට රාවණා රජු ඉන්දියාවේ විසූ රාම කුමරුගේ බිරිය වූ සීතා දේවිය දඬු මොනරයෙන් පැහැරගෙන ආ බවත්, එයින් උරණ වූ රාම කුමරු 'රාම සරය' නම් විස හීය මුදාහළ බවත්, එම හී පහර වැදී රාවණා රජු සිහිමූර්ඡා වූ බවත් කියැවේ.
    සිහිමූර්ඡා වූ රාවණා රජුගේ ශරීරය බඹ හැටක් පොළොව යටින් තැන්පත් කර ඒ මත පස් සහ ගල් දමා වසා දැමූ බවත් එම ඉතිහාසයෙන් හෙළිවෙයි.


    ඉතිහාසය කරුණු දක්වන පරිදි රාවණා රජු යම් කාලයක එම සිහිමූර්ඡා වූ තත්ත්වයෙන් මිදී යළි නැඟිටින අතර, එවිට ලංකා රාජධානිය කේන්ද්‍ර කරගනිමින් සමස්ත ලෝකයම පාලනය කරනු ඇත. එසේම මේ උදාවී ඇත්තේ රාවණා රජු යළි අවදිවීමට පෙර ගතවන පූර්ව රාවණා උප්පත්ති කාලය බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.


    මේ අනුව රාවණා පුවත පසුගිය කාලය පුරා යළි මතු වූ අතර, ඒ පිළිබඳ නිල සහ නොනිල ගවේෂණයක් සිදු කෙරිණි.


    එම ගවේෂණ අතර 'මව්බිම' පුවත්පත ඉදිරියෙන් සිටි එක් කරුණක් වූයේ රාවණා රජුගේ රාජකීය පරපුරෙන් පැවැත එමින් අදටත් ලංකාවේ වනගත පෙදෙසක ජීවත්වන රාවණා රජුගේ වත්මන් ලේ නෑයන් පිළිබඳ පුවත සහ අදාළ තොරතුරු හෙළිදරව් කිරීම කළ බැවිනි. ඒ අනුව ඉදිරියට තවත් තොරතුරු ගවේෂණය කළ 'මව්බිම' පුවත්පත ලංකාවේ තිබෙන එකම සහ පැරැණිම රාවණා රජ පිළිමය සොයා ගැනීමට සමත්ව සිටියි.






    12065772_1054804911226059_2841460680116471323_n.png

     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ලංකාවේ ඉතිහාසය 2300 කියන උන්දැලාට නාසා ආයතනයෙන්ම කනේ පහරක්......



    ලෝක ඉතිහාසයම ව්‍යාප්ත කළේ හෙළයන් බව හෙළිවේ. මධ්‍යම ඇමෙරිකාවේ මයා ශිෂ්ටාචාරය රාවණ රජුගේ මාමණ්ඩිය වූ මායන් රජතුමා විසිනුත්. ඊස්ටන් අයිලන් වල ඉන්කා ශිෂ්ටාචාරය රාවණ රජුගේ පුත් ඉන්ද්‍ර රජතුමාත් බිහිකළ බව නවතම මතයයි. නුතන මිනිසාගේ ඉතිහාසය 50000ක් පමණයි කියමින් උදුබිරූ බටහිර විද්යාත්ඥයන්ට යන එන මන් නැතිවේ.



    අවුරුදු දාහත්ලක්‍ෂ පනස්දහසකට කලින් ලංකාවේ ශිෂ්ටාචාර ඇතිවූ බවට නාසා ආයතනය හෙළි කරයි.මෑතකදී ආන්දෝලනාත්මක විවාදයන්ට තුඩුදුන් මායා වරුන්ගේ කැලැන්ඩරය සුර්ය වංශික හෙළයන්ගේ නිමැවුමක් බවට දැන් මත පළකරයි.මෙරටින් හමුවී ඇති රාවණ රජුගේ පුස්කොලපොත් මගින් ලෝකයේ දින නියම කර ඇත්තේ අවුරුදු ලක්ෂ ගණනිනි. අතිනයේ මුහුදට ගිලාබැස්සාවූ ඇට්ලැන්ටිස් පුරවරය එදා හැඳින්වූ අටලංකාව බව හෙළිවේ.


    ලෝකයේ පැරණිම වානේ තාක්ෂණයත් ලෝකයේ පැරණිම වාරි තාක්ෂණයත් ලෝකයේ දියුණුතම රට ලෙස මේ හෙළ දෙරණ පැවතීම ගැන අපි මහත් ආඩම්බර වන්නෙමු.මිසරයේ පිරමිඩ ඇතුලෙන් හමුවූ ගුවන්යානා සහිත නිර්මාණ එදා හෙළයන් විසින් නිපදවූ දඬුමොණර බව හෙළිවේ.
    පහත ලින්ක් එක මගින් නාසා ආයතනයේ හෙළිදරව්ව
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    අවුරුදු 300 ක් ජීවත් විය හැකි රත්නසේකර වාජීකරණය !




    ගෝණුස්සෝ කුණු ගොඩවල්වල බිත්තර දමති. කුණු ගොඩෙන් ගොණුස්සන් ඉපදුණේ යැයි සමහරු කියති. එහෙත් ගෝණුස්සාගේ උපතට හේතුව කුණු ගොඩ නො වේ. ගෝණුසු මව විසින් බිත්තර දමනු ලැබේ. ඒ අනුව වඩා වැදගත් වන්නේ බීජය යි. හෙවත් ජීවය යි. ජීවය ශක්තිමත් කිරීමෙන් චිරාත් කාලයක් යෙහෙන් ජීවත් විය හැකි ය. ජීවය ශක්තිමත් කරන මූලයන් ඇත්තේ අප අවට පරිසරය තුළ ය. පරිසරයේ ඇති රහස් බොහොමයක් අපේ පැරැන්නෝ දැන සිටියහ.


    විජය ආදි පිරිස දිවයිනට පැමිණෙන්නට පෙර මෙහි විසු යක්ෂ ගෝත්‍රිකයෝ ලෝකයා මවිත කරවන යක්ෂ වැඩ කළහ. ඔවුහු අහස උසට පැවැති මහා මන්දිර සහිත රමණිය නගර නිර්මාණ කළහ. ආකාස යාත්‍රාවලින් විවිධ රටවල් තරණය කළහ. යන්ත්‍ර මන්ත්‍ර - ඉන්ද්‍රජාල ශාස්ත්‍රයේ මෙන් ම රසායන විද්‍යාව ඇතුළු වෙදකම ද මැනැවින් දැන - උගෙන ජීවත් වූහ.


    ජගත් පූජිත වෛද්‍ය පරම්පරාවක ආදි කර්තෘවරයා වූ පුලතිසිපුර අශ්‍ර රාජධානිය කොට විසූ මහරජ පුලතිසි රජගේ මුණුබුරු වූ වෛද්‍ය ශිරෝමණි ශ්‍රී ලංකාධිපති රාවණා අධිරාජයා ලොව විසූ ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයන් අතුරෙන් ශ්‍රේෂ්ඨතමයා විය. මෙතුමා ජීවත් වූයේ බුද්ධ වර්ෂයෙන් වසර 1844 ක් ඉක්ම ගිය කල යැයි රාජාවලියේ සඳහන් වේ.


    එකල ලක්දිව යන්ත්‍ර - සූත්‍ර අතින් අද යුරෝපය පරදා සිටි ත් බව රාම - රාවණා යුද්ධයේදී භාවිත කළ නාගශර - අග්නිශර යන ආයුධවලින් පෙනී යයි.
    රාවණා රජතුමා දක්ෂ වෛද්‍යවරයෙකි, අනුන් අතින් නොමැරෙන වරයක් ලබා ගැනීම සඳහා බ්‍රහ්මයා සතුටු කරනු වස්; මෙතුමා ගෝකණ්ණ ආශ්‍රමයට වී තපස් රැකි බව කියැවේ. (ගෝකණ්ණ යනු ත්‍රිකුණාමලයට එදා ව්‍යවහාර වූ නමක් බව ඒ පෙදෙසෙහි තිබි සොයා ගත් සෙල් ලිපියක සඳහන් වේ.) රාවණා රජතුමා බ්‍රහ්මයා ගෙන් බලාපොරොත්තු වූ වරය ගැන සිතන විට එතුමා බ්‍රහ්මයා ගෙන් වෙදකම ඉගෙන ගත්තා පමණක් නොව ක්ෂණික තුවාල වලින් දිවි ගලවා ගත හැකි රහස් ඖෂධ ගැනත් දැනගෙන තිබෙන බව, රාම - රාවණා යුද්ධයේ දී බරපතළ තුවාල ලබා මියගිය අයට පණ දුන් පුවතින් හෙළි වේ.



    රාවණා රජතුමා විසින් රචනා කරන ලද දේශීය වෛද්‍ය ග්‍රන්ථ ලෙස කුමාර තන්ත්‍ර, අකීක ප්‍රකාශ, නාඩි ප්‍රකාශ, උඩිස් තන්ත්‍ර යන ග්‍රන්ථ අතරින් යන්ත්‍රානුසාරයෙන් වාෂ්ප කර ඖෂධ පෙරා ගන්නා අකීක ප්‍රකාශ ග්‍රන්ථය වැදගත් ය. ඒ ගැන සලකා බලන විට පෙනී යන්නේ දේශීය වෙදකම අද මෙකල අපරදිග වෙදකමට වඩා දියුණුව පැවති බව ය.


    උත්තර දක්ෂිණ භාරතීය වෙදකම ද අපගේ දේශීය වෙදකම තරම්ම පැරණි බැව් නොයෙක් සාධක අනුව පෙනී යයි. පසු කලෙක භාරතීය වෙදකම හා දේශීය වෙදකම හුවමාරු කරගෙන තිබෙන බවක් දෙරටෙහි ම ශාස්ත්‍රීය ග්‍රන්ථ පරිශීලනයෙන් පෙනී යයි. පෙරදිග ධර්ම දූතයන්ගේ, දේශීය සංචාරකයන්ගේ හා වෙළෙදුන්ගේ මාර්ගයෙන් අරාබි ජාතිකයන් ඔස්සේ අපරදිගට ගියේ ද මේ වෙදකමයි.


    එකල දඹදිව තිබූ නාලන්දා - තක්ෂිලා - වික්‍රමශිලා යන විශ්වවිද්‍යාලවල වෙන ම විෂයයක් ලෙස ආයුර්වේදය ඉගැන්විණි. වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ භාරතීය විශ්වවිද්‍යාලවල පැවති දියුණු තත්ත්වය දැනගත් ග්‍රිකයෝ ද එහි විශ්වවිද්‍යාලවලට බැඳී ආයුර්වේදය ඉගෙන ගත්හ.


    ග්‍රිකයෝ ඉගෙනීමට අතිදක්ෂයෝ වූහ. කුලවාදයෙන් මත් වූ ඇතැම් බමුණෝ ග්‍රිකයන්ට පරිභව කළ ද ඔවුන් ඉගෙන සිය රට බලා ගොස් ඉගෙන ගත් ශාස්ත්‍රය වඩාත් ක්‍රමානුකූල ලෙස සකස් කර අනෙක් අපරදිග රටවල බෙදා හැරීමෙන් වර්තමානයේ පවත්නා අපරදිග වෙදකම ඇතිවූ බවත් පිළිගත හැකි ය.
    දේශීය වෙදකම පිළිබඳ ස්වර්ණමය යුගය රාවණා යුගයයි. මින් පසු මේ ගැන තොරතුරු දැක්විය හැක්කේ විජය කුමාරයා ලංකාව ආක්‍රමණය කිරීමෙන් පසු මෙහි ලියැවී තිබෙන වංශ කථා - අට්ඨ කථා - ශිලා ලිපි හා වෙද පොත් අනුව ය. දැනට සොයාගෙන තිබෙන සෙල් ලිපිවලින් ලංකාවේ පෙර පැවැති ආරෝග්‍ය ශාලාවල පාලනය - සේවක පිරිස හා නඩත්තු කිරීම පිළිබඳවත් විස්තර කර ඇත.
    “දීර්ඝායුෂය පිළිබඳ ශාස්ත්‍රය” යන අර්ථය දෙන ආයුර්වේදය පිළිබඳ ශ්‍රී ලංකා වාසීනට තිබුණේ සියුම් දැනුමකි. ඔවුහු සියලු දෙනාම සුළු - සුළු අත් බෙහෙත් පිළිබඳව දැන සිටියහ. ඒ පිළිබඳ හොඳම නිදසුන වන්නේ 1660 වසරේ අප්‍රේල් මස මෙරටට අහම්බෙන් ගොඩ බැස විසි වසරක් තිස්සේ සිංහල රජුගේ සිරකාරයකු වශයෙන් ශ්‍රී ලංකාවේ විසු රොබට් නොක්ස් සිය රටට යන අතරතුරේදී ලියූ Historical Relation of Ceylon නැමති ග්‍රන්ථය යි. ඔහු ශ්‍රී ලංකාව ගැන සඳහන් කරත් දී එක් තැනෙක දක්වන්නේ,
    “මේ රටේ එක් විශේෂයක් ඇත. එනම් හැමෝම වෙද්දු ය යන්න ය. එසේ ම ඖෂධ පැළෑටිවලින් ලක්වැසියනට කිසිදු අඩුපාඩුවක් නැත. බෙහෙතක් ගත යුතු කල ඔහු යන්නේ කැළෑවටය. එහි ඕනෑ ම බෙහෙතක් ඇත. එහෙයින් කැළෑව ඔවුන්ගේ බෙහෙත් ශාලාව වන්නේය. කැළේ වැවෙන බෙහෙත් පැළෑටිවල, කොළ, ඉති, පොතු, මල්, පොතු යන මේවායින් පත්තු සාදා ආලේප වශයෙන් පාවිච්චි කරති යනුවෙන් ද සඳහන් කරයි.



    තව ද දුස්සාධ්‍ය වූ නොයෙක් ලෙඩ රෝග මේ ඔසුවලින් සුව වන බව ද සිංහලයන්ගේ සියලුම ඖෂධ පිළිබඳ විස්තරයක් කිරීම මගේ අභිලාෂය නොවන්නේ යැයි ද එහෙත් ඔවුනගේ බෙහෙත් ඖෂධ පිළිබඳ දැනීම් සම්භාරයට සාධක වන පරිදි එක් කරුණක් පමණක් දක්වන්නේ යැයි ද, එනම්; මගේ අසල්වැසි සිංහල මනුෂ්‍යයකු යම් කෙනෙකුගේ කැඩි බිඳි ගිය හා ඇටයක් හෝ අත් ඇටයක් පෑස්සීමට භාරගතහොත් බතක් හෝ ව්‍යාංජන තුනක් ඉදෙන වේලාවේදී එනම් පැය එකහමාරක් තුළ එම ඇටය පාස්සන්නේය.


    මෙසේ කැඩුම් බිඳුම් සුව කළ අවස්ථා මම හොඳින් දැක ඇත්තෙමි.” ඒ රොබට් නොක්ස් නමැති විදේශිකයා අපගේ මුතුන් මිත්තන් ළඟ තිබු පාරම්පරික ආයුර්වේද ඥානය පිළිබඳ තක්සේරු කළ ආකාරයයි වෘක්ෂලතා පිළිබඳ ඔවුන් තුළ තිබුණේ මහත් ඥාන සම්භාරයකි.


    අවුරුදු 300 ක් ජීවත්විය හැකි වාජීකරණ ඖෂධයක් පිළිබඳ කථා ප්‍රවෘත්තියක් මහනුවර සමයේ විසූ ශ්‍රී රත්නසේකර නමැති රාජ වෛද්‍යවරයකු ලියූ පොතක සඳහන් වන්නේ මේ ආකාරයටය. “පත්කෑල” නමින් ඉතා දුර්ලභ වෘක්ෂයක් වෙයි. මෙය රත්කෑල කැටකෑල යන වර්ගයට අයත් ගසකි.


    ගැට සහිත සුදු කඳක් ඇති වඩාත් කොළ පාට නොවූ කොළ ඇති මේ ගස. අඩි පනහකටත් වඩා උසය. මේ වර්ගයේ කොළ පොතු තැල්ම උළුක්කුව සඳහා ද ගනු ලැබේ. එකවර ගස පිරී යන අයුරින් අතු අග රතු පාටට පිපෙන මල් දින තුනක් පමණ පර නොවී පවතී. මල් පරවී වැටුණු පසු ගස යට රතු පලසක් ඇතුරුවා වැනි සොබාවක් ගනී. දුරට පෙනෙන මේ මල් මස් කැදැලි යැයි සිතා සිවල්ලු දුව එතියි කියන ජනප්‍රවාදයක් ද පවතී.


    විශාල ලෙස වැඩුණු පත්කෑල ගසක් මුල සිට අඩි හයක් පමණ උසින් පෙත්තට කපා ඉවත් කොට ඉතිරි වන මුල් කොටසේ මුදුනේ වංගෙඩියක් සේ විශාල සිදුරක් හාරා සිදුර තුළට ඇට ඉවත් කළ අමු නෙල්ලි පලම් හැට හතරක් දමා, ඒ වර්ගයේ ලී කැබැල්ලකින් ම, සිදුරට ඇබයක් ගසා, බිම සිට එම ලී කොටය වැසී යන තෙක් හොඳින් වියළුණු ගොම ගොඩ ගසන, ඒ වියළුණු ගොමවලට ගිනි තබා, ගොම සම්පූර්ණයෙන් ම පිලිස්සී ගිය පසු උතුරා නැග'විත් එකට පිලිස්සී තිබෙන ඒ නෙල්ලි සාරය (කල්කය) ගෙන ගිතෙලින් අඹරා, හොඳ ශරීර ශක්තියක් ඇති, පුරුෂයකු හෝ ස්ත්‍රියක හෝ නහාවා හොඳින් පිරිසිදු කොට, පිරුවට අන්දවා, මැසි මදුරුවන් ගෙන් උවදුරු නොවන ලෙස, ආරක්ෂා සහිතව ඇතුළු කාමරයක තබා මේ නෙල්ලි කල්කය උණු කළ එළකිරිත් සමඟ දිනකට තුන් වරක් මාසයක් පමණ දිය යුතුයි.


    මේ කල්කය එළකිරිත් සමඟ දින පහළොවක් අනුභව කරන විට ඔහුගේ හෝ ඇගේ ඉසකෙස්, නියපොතු, දත් හා සමත් ගැලවී යයි. අනෙක් දින පහළොව තුළදී ඒ ඉවත් වූ සම, නියපොතු, ඉසකෙස් සහ දත් හොඳින් වැඩි තරුණ භාවයට පත්වෙයි. මෙසේ තිරිහන් වූ පසු අවුරුදු 300 ක් පමණ ආයු වැලඳිය හැකි බව පොතෙහි සඳහන් වෙයි.


    කිසි කාලයක මේ වාජිකරණ ඖෂධය පරීක්ෂණයකට ලක් කළ බව අප අසා නැත. එහෙත් විජයාවතරණයට පෙර සිට යක්ෂ ගෝත්‍රිකයන් වෛද්‍ය විද්‍යාවේ දක්ෂයන්ව සිටි බැවින් ඔවුන් විසින් මේ වාජිකරණයන් අත්හදා බැලු බවට සැකයක් නැත. මෙය අත්හදා බැලීම නවීන විද්‍යාවේ හා මානව සමාජයේ ප්‍රගමනයට හේතු වනවාට කිසිඳු සැකයක් නැත.



    12063322_1050461608327056_8288552723415209489_n.png
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මේ බිමේ සිංහල නමකින් ඉපදුණ පමණින් සිංහලයෙකු නොවේ... ඒ බව මේ වන විට බොහෝ පිරිසක් ප්‍රත්‍යක්ෂ කර ඇත. අතෝරක් නැතිව අපේ දේ විවේචනය කරන්නේ ඒ අසික්කිත උප්පත්තියට ඔවුන් උරුමකම් කරන නිසා විය හැක.... උන්ගේ නැන පමණින් උවත් ඊට එහා දෙයක් ඇති බව සිතන්නට උන් කැමති නැත. රාවණා ඉතිහාසය ගැන කීමට ඇත්තේ ද එයයි... උන් දෙයක් කරන්නෙත් නැත. හෙළි කරන දෙයක් පිළිගන්නේ ද නැත. උන්ට බැරි නම් කාටවත් බෑ කියන මතයේ සිටින අමණයන්ගේ නිහීන කම මෙයින් පසු වත් දුරු වේවා...!!!

    ඇමරිකන් රූපවාහිනි චැනලයක් වූ (History) ඉතිහාස චැනලය 1998 මැයි මස විකාශය කල පරිදි පරිදි බැබිලෝනියාවේ වූ ශිෂ්ඨාචාර‍යේ කල (ඉරාකයට අයත්) කැණීම් වලදී මතු වූ මැටි පුවරුවල සදහන් ආකාරයට ඔවුන්ට තම ශිෂ්ඨාචාරය ගොඩනගන්නට කියා දී ඇත්තේ ගුවනින් ආ සිංහ මිනිසුන්. ඒ වගේම පැරණි ලෝක පුදුම හතෙන් එකක් වූ බැබ්ලෝනියාවේ එල්ලෙන උයන නිර්මාණය කර ඇත්තේද සිංහ මිනිසුන්ගේ රටේ සිහගිරි පර්වතයේ උයන් වතු අනුකරණය කරමින් කියලාත් සදහන්.

    මේ කරුණු තවත් සනාථ වන අවස්ථාවක් තමයි මහාවංශයේ දෙවැනි කාණ්ඩයේ මූලික පාළි ග්‍රන්ථයේ 40 වන පරිච්ඡේදයක් නොමැති වීම. එහි 39 වන පරිච්ඡේදයට පසු ඇත්තෙ 41 වන පරිච්ඡේදයයි. රාවණ රජු හා සීගිරිය ගැන තොරතුරු ඒම පරිච්ඡේදයේ සටහන්ව තිබුබව ඒ ඇසුරින් නිර්මාණය කල පසුකාලීන කෘති වලින් තහවුරු කරගන්න පුළුවන් වෙනවා. එසේ වුවත් එම කෘතීන් ලංකාවේ ඉතිරිවෙලා නැහැ. මේ කාලයේදී අන්තර්ජාලය හරහා එම කරුණු එළියට ඒමෙන් අපිට හිතාගන්න පුළුවන් කොච්චර ජාතී අධිරාජ්‍යවාදීන් අපෙන් සොරකම් කරලාද කියලා.
    සිංහ කොඩියේ සදහන් තුන් පයින් නැගී සිට එක පයකින් කඩුවක් දරා සිටින සිංහ සලකුණ බැබ්ලෝනියාවේද දක්නට ලැබෙන බව සදහන්. ලෝකයේ දැනට පුරාණතම ලේඛන සොයාගෙන ඇත්තෙ බැබ්ලෝනියාවේ. එය අවුරුදු 5500කටත් වඩා පැරණි බව ඉතිහාසඥයන්ගේ මතයයි. බැබ්ලෝනියානු ශිෂ්ඨාචාරය හෙළයන්ගේ පුරෝගාමිත්වයෙන්( අහසින් පැමිණී සිංහ මිනිසුන්) බව 1998 සොයාගත් මැටි පුවරුවලින් කියැවෙලා තියෙනවානේ. මෙය තහවුරු වන ප්‍රබලම සාක්ෂියක් වන්නෙ බැබ්ලෝනියානුවන්ගේ ලාංඡනය පියාපත් දෙකකින් හා සිංහ ශරීරයකින් යුක්ත මිනිස් හිස සහිත සත්වයෙකු වීමයි. ඒ අනුව අපිට හිතන්න පුළුවන් පියාපත් දෙකෙන් ගුවනින් පැමිණිමද, සිංහ සිරුර – සිංහ මිනිසුන් සංකේතවත් කිරීමට කියලා.

    මේ සොයාගැනීම ඉදිරියට ගෙන යන්නට තරම් අපිට මේ රටේ සම්පත් දැන් නැති බව සැබෑවකි... නමුත් එය ප්‍රතික්ෂේප කරන්නට එය සාධකයක් නොවේ.... පරයින් අපේ ඉතිහාසය අතුගා දමද්දින් අපේම උන් ඊට හූමිටි තැබීම තරම් නිවට කමත් තවත් තියෙයිද? මේ ආරාධනාව උන්ට... පුළුවන් නම් මේ පිළිබදව විස්තර හොයපල්ලා.... උඹලා ගරහන්නේ අපේම දේට මිස අවජාතක ඉතිහාසයකට නොවේ.

    -|උපුටා ගැනීම -වාලුකාවේ උකුස්සා |-
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    රාවණාගේ දඬු මොණරය නතර කළේ මෙතැනමද?
    රාවණා රජු ගමන් ගත්තේ යැයි කියන දඬු මොණරය නතර කර තැබූවේ යැයි අනුමාන කරන ස්ථානයක් වන රාවණාගල අප වාර්තාකරුවෙකුගේ නිරීක්ෂණයට ලක් වුණි. නුවරඑළිය සීතාඑළිය රක්ෂිතයේ මෙම ස්ථානය පිහිටුවා ඇත. එහිදිගත් ඡායාරූප මෙහි පළවෙයි.

    12074780_1050459388327278_7608914097886652829_n.jpg


    12088284_1050459454993938_2535387282550770895_n.jpg


    12119133_1050459368327280_9057094617361948357_n.jpg


    11221888_1050459428327274_8824890865461633994_n.jpg


    12079627_1050459491660601_6416526327031374540_n.jpg


    12107857_1050459411660609_1900000801409464285_n.jpg


    12065678_1050459364993947_7870518695773626819_n.jpg


    12119093_1050459458327271_7146341024049179335_n.jpg


    12079200_1050459404993943_2961187106171789631_n.jpg


    12106799_1050459594993924_3375944943233746286_n.jpg


    12095999_1050459528327264_6290375243250210485_n.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    නිල්වන් අහස් කුස දෙබෑ කරමින් සද්දන්ත පක්ෂීන් මෙන් උඩු ගුවන ජය ගන්නට අද ලෝකයාට අවකාශයක් ලැබුනේ රයිට් සහෝදරයන්ට පින් සිදු වන්නටය. යකඩ කැබලි එකට එකතු කරමින් එදා ඔහුන් තැබූ පියවර මේ ආකාරයෙන් මුළු ලොවටම නැතුවම බැරි වූ අංගයක් බවට පත් වෙමින් අද අභ්‍යවකාශය පවා ජයගන්නට සමත්කම් දක්වා ඇත්තේ ලොවම මවිතයට පත් කරවිමිනි. උඩු ගුවන ජය ගන්නට මුල්ම ගුවන් යානාව සැදුවේ රයිට් සහෝදරයන් දැයි මේ වන විට ලෝකයා හැර ගැටලුවක් බවට පත් වී ඇත.

    ඇමරිකන් සෙබළු ඇෆ්ගනිස්ථානයට පැමිණියේ තලෙයිබාන් ත්‍රස්තවාදීන් හට රිදෙන්නට පහර එල්ල කරන්නටය. වන පෙත් කඳුකර මිටියවල සංවා සිටි තලෙයිබාන් ත්‍රස්තයෝ සොය සොයා ඇමෙරිකන් සෙබළු ඇෆ්ගනිස්ථානයේ වනපෙත් මෙන්ම ගල් ගුහා පවා සෝදිසි කරන්නට වුයේ මෙම ගල් ගුහාවන් ත්‍රස්තවාදීන්ගේ තිත්පොළවල් බවට පත්ව තිබුන නිසාවෙනි. 2011 වසරේදී මේ ආකාරයෙන් කඳුකර ප්‍රදේශයක ඇමරිකන් සෙබළු සෝදිසි මෙහෙයුමක් අරඹා තිබිණි. සෙමින් සෙමින් ගල් ගුහාවෙන් ගල් ගුහාවට පරික්ෂා කරමින් ගිය සෙබළුන්ට අමුතුම ආකාරයේ දෙයක් ඇස ගැටුණි. ඒ ඔහුන් කිසිදා නොදකු යානාවකි. පැරණි ස්වභාවයක් ඉසිලු මෙම යානාව ගැන සැනින් මේ පිළිබඳව ඔහුන් ඉහල නිලධාරීන්ට දැනුම් දුන්හ.
    මේ පිළිබඳව දැනගත් සැනින් ඇමරිකන් ජනාධිපති බැරක් ඔබාමා, රුසියාවේ ජනපති පුටින් මෙන්ම, ජර්මන් චන්සල්වරියද, බ්‍රිතාන්‍ය අගමැතිවරයා ඇතුළු රාජ්‍ය නායකයෝ රැසක් සිය පුද්ගලික ජෙට් යානාවන් මගින් මෙම අද්භූත යනාව දැකගැනීමට ඇෆ්ගනිස්ථානයට පැමිණෙන්නට වුහ. ලොවම බලවත් නායකයන් මේ ආකාරයෙන් කැළඹු මෙම යානාව බලධාරීන් විසින් ඇමෙරිකාවට රැගෙන ගොස් පරීක්ෂණ පවත්වන්නට වුහ. එය වසර 5000ක් පමණ පැරණි බව දැනගත් සැනින් ලොව රාජ්‍ය නායකයන්ද මහත් මවිතයට පත්වන්නට වුහ. එහි විමාන යනුවෙන් නම් කර තිබුන බවද මොවුනට සොයා ගත හැකි විය.

    නමුත් මෙම යානාව සොයා ගත් ස්ථානයේ තවත් පුදුම උපදවන දෙයක් සිදුව තිබුණි. එම ස්ථානයට පැමිණ මෙම යානාව දැක ඉහල නිලධාරීන්ට දැන්වූ එම හමුදා නිලධාරීන් අට දෙනාට සිදු වූ දෙයක් නොමැතිව තිබුණි. කිසිවකු විසින් මරා දමා හෝ පැහැරගෙන ගිය ලකුනක්ද නොවිණි, මෙම හමුදා සේබලුන් අතුරුදහන් වුයේ කෙසේද ? මෙය මේ පිලිබඳ දැනගත් සියලුම දෙනාට මහත් ගැටලුවක් බවට පත්ව තිබුණි. මේ පිළිබඳව දැනගත් සැනින් එවකට රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කල හිලරි ක්ලින්ටන් සැනෙකින් තානාපතිවරුන් සහ ඉහල රාජ්‍ය නිලධාරීන් ගෙන්වා මේ පිළිබඳව දැනුවත් කරන්නට කටයුතු කරන්නට වුවේ මෙහි ඇති වැදගත්කම මැනවින් අවබෝධ කර ගත් නිසාවෙනි.

    ඇමරිකන් සෙබළුන් 08 දෙනාට සිදුවුයේ කුමක්දැයි ඇමරිකන් බලධාරීන් දැඩි කලබලයට පත් කරන්නය්ට සමත් සිදුවීමක් වන ලදී. පෙඩෙල්පියා පරීක්ෂණය වැනි සිදු විමක්දැයි බොහෝ දෙනෙකු සිතන්නට වුහ. එම සිදු වීම වුයේ දෙවැනි ලෝක සංග්‍රාමය පැවති වකවානුවයි. එහිදී මුහුදේදී බලවත්ව සිටි ජර්මන් නාසි හමුදාවට එරෙහිව නොපෙනී ගොස් පහරදීමේ මගක් ඇත්දැයි ඇමරිකන් බලධාරීන් සොයන්නට වුහ. ඒ අනුව සපෙක්ෂවාදයේ පියා ලෙස පිළිගැනුණු ලබන ඇල්බට් අයින්ස්ටයින් හට අලුත් රාජකාරියක් පැවරෙන ලදී. ඇල්බට් අයින්ස්ටයින් නමැති විද්වතා චුම්භක ක්ෂේත්‍රය හරහා යන ගුරුත්වාකර්ෂණය බලය උපයෝගී කොට ගනිමින් පිඩෙල්පියා මුහුදේදී USS Eldridg නම් නෞකාව සහ එම නැවියන් උපයෝගී කොටගෙන අපූරු පරීක්ෂණයක් කරන්නට වුහ. එය කාල තරණය හෙවත් නොපෙනී ගොස් පහරදීම වශයෙන්ද හඳුන්වන ලදී.

    ගුරුත්වාකර්ෂණ බලයට ප්‍රතිවිරුද්ධව බලය යොදාගෙන මෙම හත්හදා බැලීම කරන්නට වූ අතර එහි පළමු උත්සාහය අසාර්ථකව යෑම නිසා මෙම යාත්‍රාවේ සිටි නැවියන්ට අධික විදුලි සැර වැදී විසිව යන්නට වුහ. ඇතැමුන්ගේ අත්පා චිසිව ගොස් තිබිණ. මේ ආකාරයට ප්‍රථම උත්සාහය අසාර්ථක වෙද්දී නැවතත් 1943 ඔක්තෝබර් මස 27 වැනි දින දෙවැනි පර්යේෂණය ද සිදු කරන ලදී. එවර එම පර්යේෂණය සාර්ථක වූ අතර විනාඩි කිහිපයකින් පිලඩෙල්සියා නැව කිලෝ මීටර් 320 දුරින් පිහිටි වර්ජිනියවලදී හමුව තිබේ. මේ ආකාරයට නැවියන් සමග පිලඩෙල්පියා මුහුදේදී අතුරුදහන් වුන එල්රි නෞකාව ඊට වසර 50 කට පසුව එනම් 1983 වසරේ ලෝ ප්‍රකට සඟරාවක සඳහා මුහුදු වෙරලකදී නිරුපිකවකගේ චයාරුප ලබා ගන්න අවස්ථාවේදී නැවතත් දිස්ව තිබේ.
    එම සිදුවීම පිළිබඳව කාලෝස් ඇලෙන්ඩේ නමැත්තාගෙන් ලබාගත් තොරතුරු මත මොරිස් කේ සේප් නැමැත්තා විසින් 1955 ලියන ලද පොතකින් මෙම පිඩෙල්පියා සංසිද්දිය පිළිබඳව තවත් කාරුණි ලෝකයා හට අනාවරණය වන ලදී. නමුත් මෙම ග්‍රන්ථය ලියු මොරිස් කේ සේප් 1959 අප්‍රේල් 20 වන දින ඇමෙරිකාවේ නිව්යෝක් සිට ෆ්ලොරිඩාවලට යමින් සිටියදී තම මෝටර් රථය තුල අභිරහස් අන්දමින් මිය යෑම පිඩෙල්පියා නෞකාව මෙන්ම අභිරහසක් බවට පත්විණි. එම මරණයට හේතුව එය පිලඩෙල්පියා නැව පිළිබඳව අනාවරණය කිරීමද යනුවෙන් බොහෝ දෙදෙනෙකුට මහත් කුතුහලයක් ඇතිව තිබුණි. නමුත් ඇමෙරිකන් බලධාරීන් මෙය සිය දිවි නසා ගැනීමක් බව පවසා ඇඟ බේරා ගෙන තිබුණි. ඇෆ්ගනිස්ථානයේ ගල් ගුහාව අසලින් අතුරුදහන් වීමත් සමග පිලඩෙල්පියා මුහුදේදී එල්රි නැව අතුරුදන් වීම වැනි ක්‍රියාවලියක් දැයි අනුමාන කරනු ලැබේ. ඇමෙරිකාව මෙම ඉපැරණි යානාව පිලිබඳ මුනිවත රකිද්දී ඩේවිඩ් දිල්රන් නම් ලේකකයා විසින් දෙවිවරුන්ගේ තාක්ෂනය නම් ග්‍රන්ථය ඇසුරින් ඇමෙරිකාවේ හිස්ට්‍රි නමැති රුපවාහිනී නාලිකාව මෙම සිදුවීම අනාවරණය කර තිබේ. නමුත් ඇමෙරිකාව මේ සා වදගත් කොට සලකන මෙම සිදුවීම කාලයේ කර ඇති සැලකෙන මැටි බෝල ඇසුරින් තිබු සටහන්වලින් ගුවන් යානා පිලිබඳවද සටහන් හමුවන්නට වුහ. ඒ අනුව බලන කල රයිට් සහෝදරයන්ට ප්‍රථම ගුවන් යානා තිබු බව සාක්ෂි නොවේ දැයි විද්වතුන් අදහස් දක්වා සිටිති.

    පසුගියදා නාසා ආයතනයේ සේවය කරන ලද කාන්තාවක් සමග නම අනාවරණය නොකරමින් එක්තරා ගුවන් විදුලි නාලිකාවකට අදහස් දක්වා සිටිමින් මෙසේ පවසා සිටින ලදී. 1976 වසරේදී වයිකින් යානය මගින් ප්‍රථම වරට අඟහරු ග්‍රහයා වෙත යානාවක් යැවු විට එම අවස්ථාවේ අඟහරු ග්‍රහයා මත මිනිසුන් දෙදෙනෙකු සිටින ජායා රුඋප තමන් දුටු බවට ඇය එහිදී මාධ්‍යයට අනාවරණය කර සිටින ලදී.

    මේ ආකාරයට තවත් විශේෂ අනාවරණයක් ඇමරිකන් ජාතිකයෙකු වන උරහිස මත තබා විදින මිසයිලය නිර්මාණය කල බෝයිට් බුෂ්මන් නමැති විද්‍යාඥයා විසින් අගෝස්තු 07 වනදා තවත් සුවිශේෂී හෙළිදරව්වක් කරන ලදී. ඇමරිකාව පසුගිය වසර පනහ හැට තුල පිටසක්වළ තාක්ෂනය යොදාගත්තා. විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රය හරහා ගුරුත්වාකර්ශනයට ප්‍රතිවිරුද්ධව යානා පියාඹන පිරිසි තාක්ෂනය ඇමෙරිකාව හත්හදා බලලා අවසානයි. මේ ආකාරයෙන් ඇමෙරිකාව විද්‍යා අංශයෙන් ඉතා ඉහල මට්ටමකර පැමිණි බව හෙතෙම එහිදී අනාවරණය කරන ලදී.
    මෙලෙස තවත් තොරතුරු අනාවරණය වෙද්දී ඇමෙරිකන් ජාතික ජෝන් බන්ඩර්ක් නම් විද්‍යාඥයා තවත් හෙළිදරව්වක් සිදු කරන ලදී.

    අඟහරු ග්‍රහයාගේ මිට පෙර ජිවය තිබ්බ. එම ජීවින් වඳ වුනේ පිටසක්වල ජීවීන්ගේ ප්‍රහාරයකට ලක් වෙලා. පැහැදිලිවම එම න්‍යෂ්ඨික පිපිරීමක් නිසා සිදු වූ දෙයක් යැයිද හෙතෙම තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටින ලදී.

    මේ ආකාරයට ඈත අතීතයේ අභ්‍යවකාශය තරණය කිරීමට ගුවන් යානා භාවිතා කල බවට තොරතුරු වාර්තා වෙද්දී ඒ පිලිබඳ තාක්ෂණ වෛද්‍ය විශේෂඥ ස්වාධින ජිව විද්‍යා ගවේෂක කිර්ති වික්‍රමසිංහ මහතාගෙන් විමසීමේදී ඔහු මෙසේ පවසා සිටින ලදී.

    ඉන්දියාවේ මහා භාරත සහ රමායණය වැනි ග්‍රන්ථ ගත් විට රාවනා ඉතිහාසය තොරතුරු අනාවරණය වෙනවා, ලංකාවේ සිටි රාවනා රජුගේ පාලන සාමය මිට වසර පන්දහසකට පමණ කාලයේ බව සඳහන් වෙනවා. රාවනා දඬු මොණරෙන් ගිය බව ජනප්‍රවාදවලින් පවා මේ වන විට ජනයා තුල විශාල මතයක් ඇති කරලා තිබෙනවා. එම රාවනා ගමත් ගත් දඬු මොනරයට පුෂ්පක විමාන ලෙස භාවිතා කර තිබෙනවා. එසේ නම් ඇෆ්ගනිස්ථානයෙන් ඇමරිකන් සෙබළුන් සොයා ගන්නා ලද වසර 5000ක් පැරණි ගුවන් යානාව ද හඳුන්වා දී ඇත්තේ විමාන ලෙසයි. ඒ අනුව බලන කල මෙය රාවනා රජු භාවිතා කල දඬු මොනරය හෙවත් පුෂ්පක විමානය ලෙස හඳුනා ගන්න පුළුවන්. මේ වනවිට ඇතැම් විද්වතුන් පවසා සිටිනවා රාවනා රජු පාත්‍රා නමැති සක්වල යානාවෙන් අඟහරු ග්‍රහයා වෙත ගොස් නැවත පැමිණි බව. එය වසර පන්දාහක් පමණ පැරණි ගුවන් යානාවක් නිසා මෙය රාවනා පුවත සැබෑවීමක් ලෙසද හඳුන්වන්නට පුළුවන්. ශ්‍රී ලාංකිකයන් ඇත්තටම ඉන්නේ විශ්ව ගවේෂණ කටයුතු වලින් ඈත් වෙලා. ඇමෙරිකාව වැනි රටවල් පිට සක්වලත් එක්ක ගනුදෙනු කරනවාද ? නැද්ද ? යන කරුණු වසන් කරනවා. ඔහුන් සොයා ගන්නා දේ අපට සඟවලා අපව ලිං මැඬියෝ කරලා තියාගන්නයි හදන්නේ. අප අපේ ඉතිහාසයේ තියෙන දේ හොඳට ගලපලා බලන්න ඕන. අපි මිට වඩා හිතන්න ඕනි. අපිට වඩා තාක්ෂණයක් පිටසක්වල තියෙන්න බැරිද ? ඒවායින් අපිට ප්‍රහාරයක් එල්ල වෙයිද ?ඈත අතීතයේ සිතුවම් වල පවා විමාන යනුවෙන් යානාවන් ඇඳ තිබුනේ කුමන හේතුවක් මතද ? යනුවෙන් අප දැඩි විමසිල්ලෙන් මේ පිළිබඳව කරුණු විමසා බැලිය යුතු යැයිද කිර්ති වික්‍රමසිංහ මහතා අදහස් දක්වමින් පවසා සිටින ලදී.

    විශ්වයේ මහා පුදුම දේ සැඟව තිබේ. ඇතැමුන් බොහෝ දේ ලොවට වසන් කරමින් පටු ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරන්නේ ලොව බලවතා වීමේ අභිලාෂයෙන් විය යුතුය. නමුත් මේ ආකාරයට ඉපැරණි තොරතුරු ලොවට අනාවරණය වීමත් සමග ඉතිහාසය තවත් අලුත්වනු ඇත.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    “සිංහල වෙදකම” වචනෙනම් බොහොම සරලයි. ඒත් සිංහල වෙදකම අපිට පෙනෙන තරම් සරල නැහැ, ආයුර්වේදය සහ සිංහල වෙදකම කියන්නේ සම්පූර්ණයෙන් වෙනස් දෙකක්.

    සිංහල වෙදකමේ ආරම්භය අපි හිතන තරම් ළග පාතකනැහැ. හිමාලයේ ඍෂිවරු ආයුර්වේදය ලොවට හදුන්වා දුන්නේ මීට අවුරුදු 7000- 15 000 දහසකට පමණ පෙරය. ඒ ආසන්න කාලයේ තමයි අපේ සිංහල වෙදකමේ ආරම්භය සිදුවන්නේ. මොකද ඔය කාලයේ තමයි සුර – අසුර යුද්ධය ඉන්දියාවත් ලංකාවත් අතර සිදුවන්නේ. ඔක තමයි අපේ අය පිළිගන්න අකමැති ඇත්ත. “සිංහල වෙදකම” ගැන අපට පැහැදිලි මූලාශ්‍ර හමුවන්නේ ඊට පසුකාලයකදීය.ඒ රාවණ රාජ සමය තුළදීය. රාවණ යනු “සිංහල වෙදකමේ විශේෂඥයෙක්” බව ඉතිහාසයේ සදහන් වේ. මෙ පිළිබදව මනෝ වෛද්‍ය මහාචාර්‍ය විජය දිසානායක මහතා මෙසේ කරුණු දක්වා ඇත.
    “සංස්කෘත භාෂාවෙන් නොයෙකුත් සම්භාව්‍ය ආයුර්වේද ග්‍රන්ථ කළ පුද්ගලයා මොහු බැව් සමහරු පවසති.

    ඔහුගේයයි කියනු ලබන කෘතීන්ගෙන් 4 ක් ප්‍රසිද්ධියට පත්ව ඇත.

    1. ලාදුරු ඇතුළු නොයෙක් රෝගයන්ට සහ බලවත් ඖෂධ වට්ටෝරු දහසක් අඩංගු “කුමාර තන්ත්‍රය”

    2. නාධි ශාස්ත්‍රයට අනුව රෝග නිශ්චය කල හැකි ආකාරය පිළිබද ලියවුණ “නාඩි ප්‍රකාශයත්”
    ඔහු අතින් ලියවුණ බව සදහන් වේ.

    3. එසේම “අර්ක ප්‍රකාශයේ” පරිච්ඡේද අවසන් වන්නේ පහත වැකියෙනි.
    “ලංකාධිපති රාවණ විසින් ප්‍රබන්ධ කරන ලද සර්ග සියයක් මෙසේ අවසන්වෙයි”

    4. මෙහුගේ අනිත් වෛද්‍ය ග්‍රන්ථය වන්නේ මෝහන ප්‍රතිකාරය හා ගුප්ත විද්‍යාවන් පිළිබදව ලියවී ඇති “උද්දීය තන්ත්‍රය” වෙයි.

    “ධන්වත්තරීගේ ප්‍රධානත්වයෙන් පුලස්ති, නාරද, සහ අසිත යන මුනිවරුන්ගේ සහාය ඇතිව රාවණ නරදේවයන් හිමාලයෙහි පවත්වන ලද ආයුර්වේද සම්මන්ත්‍රණයකට ද සහභාගි වූ බව සදහන් වී ඇත. ”

    හිතාගන්නත් අමාරුයි නේද, මෙය දැනගත්ත පළමු අවස්ථාවේ මමත් පුදුමඋනා, අවුරුදු දහස් ගණනක් පැරණි ශිෂ්ටාචාරයක හෙලයාගේ වෛද්‍ය විද්‍යාව පිළිබද සාක්ෂි හමුවීම.
    මේ ගැන මනෝ වෛද්‍ය මහාචාර්‍ය විජය දිසානායක මහතා මෙසේ සදහන් කරයි.
    “රාවණ අති ප්‍රාඥ විශිෂ්ට වෛද්‍ය වරයකු, මනෝ වෛද්‍යවරයකු සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද පෙන්වා දී ඇත”.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    සිහිසුන් වූ මහා රාවණ නැගිට්ටාද ?

    මිරුන්ඩෝ ඔබේ සේකර මහාතානෙණි. ඉතිහාසය යනු වෙනස් වන කියවීමක් වුවත් ඔබ මව්බිම පුවත් පතට 2012 දී ලියු 2012 ලෝක විනාශය යනු සිහිසුන් වු මහා රාවණා සිටිනා ඇලයෙන් අනික් ඇලයට හැරිමයි යන කියමන මේ වන විට අමතක වුයේ කේසේද යන්න ගැටලුවකි . ඔබට එය අමතක වීම සාදාරණය ........ රාවණ නැගිට්ටේ වසර 5 පෙරදීයි කියා තව තවත් මිනිසුන් රාවණ කථාව තුළ අතරමං කිරිමටනම් කිසිසේත් ඔබට අයිතියක් නැත ........

    රාවණ නැගිටිමේ යථාර්තය කියවන්න

    හෙළයන්ට මහා රාවණ රජුගෙන් ඔබ්බට ගිය මහා විරුවකු නැත. දුටුගැමුණු, පැරකුම් ආදී සිව් හෙළය එක්සේසත් කළ මහා විරුවන්ගේ විරුකම් සියල්ල අබිබවා මහා රාවණ රජුගේ වීරත්වය මතුවීමට බලපෑ ප‍්‍රධානතම හේතුව වනුයේ ලංකාපුරයට නැතහොත් මහා රාවණව සතුරකු බවට පත්කර රාම වීරයකු කිරීමට උත්සහ දරමින් ඉන්දියානු පොළෝතලයේදී වාල්මිකී විසින් ලියන ලද රාමායණයේ මහා රාවණගෙන් මතුකර පෙන්වන ස්වභාවයයි. සාමාන්‍යයෙන් රාම වීරත්වයට පත්කිරීමට උත්සහ දරන ලේඛකයකු තම ප‍්‍රතිවාදියා වර්ණනා කිරීමට උත්සහ නොදරයි. එහෙත් වාල්මිකීට නොදැනුවත්වම වරින්වර මහා රාවණ රජුගේ ස්වභාවය ගෞරව පූර්වකව විග‍්‍රහකරයි. මෙහිදී අප තේරුම් ගතයුතු එක් දෙයක් වනුයේ වාල්මිකී උත්සහ ගත්තේ මහා රාවණ රජු නරකයකු කිරීමට තැත් දැරූ බවය.

    පසුගිය වසරේ සිට අප ඇරඹූ ‘රාවණ’ ලිපි මාලාවත් සමගම මාස කිහිපයක් ගතවන විට ‘මහා රාවණ’ ලාංකේය කතිකාවක් බවට පත්විය. 2012 වසර මහා රාවණ වසර ලෙස හැඳින්වීමට මෙන්ම මහා රාවණ රජුගේ යළි නැගිටීම පිළිබඳ විවිධ වූ මතවාද සමාජයේ කතාබහට ලක්වෙමින් එකකට එකක් පරස්පර වූ මතවාද හරහා සිදුවනුයේ අප ඉහළට ඔසවා තැබූ හෙළ කතිකාව යළි ආපස්සට ගමන් කිරීමය. එබැවින් අප යමින් සිටි සක්වළ චක‍්‍රය, පෘථිවිය ජනාවාස වීම, ගුවන් තාක්‍ෂණය, පිරමීඩ වැනි ප‍්‍රබල මාතෘකාවලින් මඳකට හැරී යළි ‘රාවණ රජුගේ නැගිටීම’ පිළිබඳ පැහැදිලි කරදීමට සිතුවෙමි. එයට බලපෑ අනෙක් හේතුව වූයේ මේ පිළිබඳ අති විශාල පිරිසක් සිදුකළ විමසීම්ය.

    රාමායනයට අනුව මහා රාවණ රජු මිය ගියේය. එහෙත් මහා රාවණ කතා පුස්තකය හා සිද්ධ රාජ පත්ඉරුවල සඳහන් වන පරිදි යුද්ධයේදී විෂ හී පහරකින් රාවණ රජු සිහි මුර්ඡුාවී ඇත. මෙය සිදුවිය හැක්කක්ද? නොහැක්කක්ද? යන්න පිළිබඳ කතා කිරීමට මෙහිිදී උත්සහ නොකරමි.
    පැරණි රන්පත් ඉරුවල සඳහන්ව තිබූ විස්තරයක් මෙම පුස්කොළ ලියවිල්ලේ සඳහන් වෙයි. එම ග‍්‍රන්ථයට අනුව 2012 වසරේදී මහා රාවණ රජුගේ සිහිමුර්ඡුා වූ දේහය යළි ප‍්‍රකෘති තත්ත්වයට පත්වීම ඇරඹෙයි. එය එහි සඳහන්ව ඇත්තේ දැනට දේහය තියෙන ඇලයෙන් වෙනත් ඇලයකට හැරීම ලෙසය.

    පුස්කොළ ග‍්‍රන්ථයට අනුව මෙසේ සිහිමුර්ඡුා වූ දේහය නුවරඑළියේ මහකුඩුගල කඳු මුදුනේ, ගලින් කළ මංජුසාවක බෙහෙත්වලින් පදම් කොට ආරක්‍ෂිත ලෙස තැන්පත් කොට ඇත. සිරුරේ ආරක්‍ෂාවට විශේෂ යක්‍ෂ ගෝත‍්‍රික ආත්මයන් නවතා ඇති බවත් සඳහන් වෙයි.

    මෙලෙස සඟවන ලද දේහය සමග ස්ථාන කිහිපයක මිරිවැඩි සඟළ, පසින්ගල් මාණික්‍යයක් මෙන්ම රාවණ මහ රජුට අයත්ව තිබූ සියලූම වස්තුවද ඇතුළත් සතර මහා නිධානයන්ද පවතින බව සඳහන් වෙයි.
    යම් දිනක මහා රාවණ රජුගේ සිහිමුර්ඡුා වූ දේහය, සිහිමුර්ඡුාවෙන් මිදෙන බවත්, ඒ සඳහා කළ යුතු වත්පිළිවෙත්ද එහි සඳහන් වෙයි.

    මෙලෙස මෙම නිධාන තැන්පත් කරනු ලැබුවේ විභීෂණ විසින් බවද එහි සඳහන් වෙයි. එය සරලව ගතහොත් ලක්ගල කඳු මුදුනට අටසිල් රකින පිරිමි අය 108ක් කරණීයමෙත්ත සූත‍්‍රය දේශනාකරමින් ගොස් පසින්ගල් මැණික සොයාගත යුතුය. මෙම මැණික ගල් පර්වතයක තැන්පත්කර ඇතැයි සැලකේ. එම ගල් පර්වතය විවර වී මැණික එළියට එන අතර, එය සමන් මල් යහනක තැබිය යුතුය. එවිට එම මැණික තුළින් මිරිවැඩි සඟළ ලබාගත යුතු ආකාරය දැකගත හැකිවෙයි.

    මෙලෙස සොයාගන්නා මිරිවැඩි සඟළ රැුගෙන විත් මහාකුඩුගල දේහය ඇති ගල් දෙණ අසල තැබූ විට ගල් දෙණ විවරවන බවත්, ඉන්පසු ශ‍්‍රී දේහය ගංගානම් ගෙඟ් ජලයෙන් තෙමිය යුතු බවත් සඳහන් වෙයි. මෙලෙස සිදුකිරීමෙන් පසු රාජාධි රාවණ නැගී සිටිනු ඇත. ඒ වූකලී රාවණ රජුගේ නැගිටීමයි.

    රාජාධි රාවණ - අසුර අධිරාජ්‍යයා වීම
    විරු රාවණ - වීරත්වයෙන් යුතු බැවින්
    තිර රාවණ - ස්ථිර වූ හැඟුමෙන් යුත්
    රණ රාවණ - රණකාමීත්වයෙන් හෙබි
    සිරි රාවණ - පුරුෂ ලක්‍ෂණයන්ගෙන් යුත්
    තරු රාවණ - නක්‍ෂත‍්‍රය හා තරු පාලනය
    පුත් රාවණ - පිරිමි දරුවන් සහිත
    මනු රාවණ - මහා සම්මතය උරුම වූ
    දික් රාවණ - තුන් ලොව ජයගත් බැවින්
    රාජ රාවණ - දක්‍ෂතාවන්ගෙන් පිරි

    මෙවන් වූ දශ නාමයන්ගෙන් යුත් මහ රජු නැගී සිට භාවනා කිරීම උදෙසා හිමාලයට පිටවී යයි.
    මෙය සිදුවිය හැක්කක්ද? මෙහිදී මතුවන ගැටලූසහගත තත්ත්වයන් ගණනාවකි.

    මෙය සිදුවිය හැක්කක්ද? වසර පන්දහසකට පෙර තැන්පත් කළ මිනිස් ශරීරයක් ක‍්‍රියාකාරීත්වයෙන් පැවතිය හැකිද? මහා රාවණ රජු පාවාදුන් විභීෂණ විසින් යළි නැගිටිය හැකිලෙස රාවණව තැන්පත් කරයිද? එසේම රාමගේ ජයග‍්‍රහණය, විභීෂණගේ රාජ්‍ය පැහැරගැනීම ආදී සියල්ල තුළ සතර මහා නිධාන ලෙස මහා රාවණ රජුගේ සම්පත් සැඟවීමට හැකිවේවිද කියා සිතිය නොහැකිය. මේ සියල්ලටම වඩා මමියක් යළි නැගිටිය හැකිද?

    අප මෙය අවබෝධ කරගැනීමට උත්සහ දරමු. නවීන විද්‍යාවෙන් ඔප්පුකොට ඇති තත්ත්ව මත යම් ජීවියකු අධි නිද්‍රාවට පත්කොට ඔහුගේ දේහය ආරක්‍ෂාකාරී ලෙස පවත්වාගෙන, යම් දිනක යළි නැගීසිටීමේ හැකියාව පවතියි. භාවනාව තුළින් මෙය ඉතා ප‍්‍රබල ලෙස කළ හැක්කකි. රාවණ රජු යනු ද්වාපර යුගයේ ජීවත්වූවකු වන බැවින් ඔහුගේ ආයුෂ කාලය ඉතා දිගු කාලයක් ලෙස අපට සිතිය හැකිය. යම් අවස්ථාවක ඔහුගේ ශරීරයෙන් මනස ඉවත් වුවහොත් ශරීරය ආරක්ෂාකාරීව පවත්වාගෙන ගොස් යළි ශරීරය හා එක්වීමේ අවස්ථාවද ඇත. එය තවත් ප‍්‍රායෝගික වනුයේ රාවණ යනු මුණිවරයකුගේ සමාන මට්ටමට ප‍්‍රබල ලෙස ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කළ අයකු වීමයි.

    එහෙත් මෙහිදී අප පෙර සඳහන් කළ අනෙක් ප‍්‍රශ්න පිළිබඳ සිතා බැලීමේදී මෙය ප‍්‍රායෝගික නොවන බවද හැගෙයි. විභීෂණ කිසිලෙසකත් තම සතුරාව යළි නැගිටිය හැකි ලෙස තැන්පත් නොකරනු ඇත. එසේම අප අටසිල් රකින මිනිසුන් ගැන කථා කරනුයේ බුදු දහමේ පැමිණීමෙන් පසුවය. කරණීයමෙත්ත සූත‍්‍රයද පසුකාලීන කතාවකි. අදින් වසර පන්දහසකට පෙර රාවණ යුගය යනු නිර්මාංශික සමාජයකි. රාවණ රජු යනු නිර්මාංශික රජෙකි. එසේම එක චර්යා වෘතය තදින් පිළිපැදි රජෙකි. එසේනම් ඔහු පාලනය කළ සමාජයද එබඳුම විය යුතුය. දේව අධ්‍යාපනය හරහා අටසිල් නොව එය ඉක්මවා ගිය සීලයක් සහිත මිනිසුන් සොයා ගැනීමේ ගැටලූවක්ද නැත. එවන් යුගයක රාවණ රජු යළි නැගිට්ටවීමේ ක‍්‍රමවේදය ඉතා සාර්ථකව එකල්හිම කරගත හැකිව පැවතුණි. රවි ශෛලාෂ වංශය නැතහොත් ඉන්ද්‍රජිත්ගේ පරපුර සිහිසුන් තම පියා, සීයා හෝ නායකයා යළි නගාසිටුවීමට කිසිවක් නොකර බලා නොසිටිනු ඇත. අනෙක් කාරණය ආයුර්වේදයෙන් සතුරා පවා සුවපත්කළ හෙළ වෙදදුරන් බලා නොසිටිනු ඇත.

    ‘රාවණගේ යළි නැගිටීම’ මෙය ඉතා බුද්ධිමත්ව තේරුම් ගත යුත්තකි. ‘රා’ යනු ඉරයි ‘වණ’ යනු පරපුරයි. එනම් සූර්යයාගෙන් පැවත එන පරපුරයි. වර්තමානය වනවිට ලොව භාවිතවන ප‍්‍රධානම ශක්ති ප‍්‍රභවය වනුයේ ඉන්ධනයි. එහෙත් තව ඉතා සීමිත කාලයක් තුළ ඉන්ධන නිමවන බවට අනතුරු අගවා ඇත. එසේ සිදුවුවහොත් ලෝකයම අක‍්‍රිය වනු ඇත. වාහන, ගුවන්යානා, යන්ත‍්‍ර සූත‍්‍ර සියල්ල බිඳ වැටෙනු ඇත. ඉන්පසු ස්වභාවික ශක්තිය සොයා යෑමට ලෝකයට සිදුවනු ඇත. එයින් ඉදිරියට එන ශක්තිය වනුයේ සූර්ය ශක්තියයි. එනම් හිරුගෙන් වැඩ ගන්නා යුගය ආසන්නයට අප පැමිණ ඇත. එනම් රාවණ යුගයයි. රාවණගේ නැගිටීම යනු එයයි. ලෝකයේ සූර්යා ලෝකය මෙන්ම, ස්වභාවික බල ශක්තීන් බහුල රටක් ලෙස ලංකාවට මෙම යුගය ඉතා වැදගත් කාල පරිච්ෙඡ්දයක් වනු ඇත.

    අනෙක් කරුණ වනුයේ ‘රාවණ’ යනු ශක්තියකි. වරින් වර අප හෙළ දෙරණ ලෝකයට ඔසවා තබන ශක්තියකි. අපේ ඉතිහාසයේ මෙලෙස රාවණ ශක්තිය අවදි වූ කාල පරිච්ෙඡ්ද කොතෙකුත් පවතී. බලි රාවණ, තරු රාවණ, පරාක‍්‍රමබාහු, සිතාවක රාජසිංහ ආදී යුගවලදී අප රටතුළ මෙම ශක්තිය ක‍්‍රියාත්මක විය.

    මෙය උදාහරණයක් ලෙස මෙලෙස සිතමු. 2012 වසර වනවිට අප රට එක්සේසත්ව ඇත. මහා මාර්ග, පාලම්, උමං පද්ධති, ගුවන් තොටවල්, ඉදිවෙමින් පවතී. මෙය අප ඉතිහාසයේ නොදැකපු කාල පරිච්ෙඡ්දයකි. මෙලෙස වෙනස් වන පරිසරය හරහා අප රට දියුණුවට පත්වුවහොත් වසර දහස් ගණනකට පසු රාවණ ශක්තිය නැගී සිටි යුගයක් ලෙස මේ කාලය පිළිබඳ කතා කරනු ඇත.

    රාවණ රජුගේ ආත්මය අප රටේ ක‍්‍රියාත්මක වීම ඇරඹී අවසන්ය. 2011 අපේ‍්‍රල් මාසය මෙම මහා පරිවර්තන යුගයේ ආරම්භය ලෙස සැලකෙයි. මෙය ඉදිරියට වසර විසිහතරක් ක‍්‍රියාත්මක වේ යැයි සැලකේ. මෙම යුගයේ උච්චකාල සීමාව තුළ ලංකාවේ ගිනිකොණ දිග බවුමෙන් රාවණ ශක්තියෙන් මතුවන නායකත්වයක් බිහිවෙයි. මේ හරහා ලෝක බැමි බිඳවැටී ලොවම පිළිගන්නා නායකත්වයක් අප රටෙන් බිහිවෙයි.
    මහා රාවණ රජු බොහෝ රටවල් තම පාලනයට යටත්කොට ගත්තේ යුද්ධයෙන් නොවන අතර, තම නායකත්වයේ ශක්තිය හරහාය. ඉදිරි යුගයේදි සිදුවනුයේද එයයි. දේශීය සම්පත් උපරිම ලෙසින් ප‍්‍රයෝජනයට ගැනීමටත්, ආසියාවම බල ගැන්විය හැකි රාවණ රජුගේ බල ශක්ති කේන්ද්‍රය ඉදිරි කාල සීමාවේදී කඳුකරයෙන් සොයාගත හැකිවනු ඇත. කඳුකරයේ නිරිතදිග බෑවුමට වන්නට ඇති රන් නිධි පිළිබඳ තොරතුරු ලැබෙනු ඇත මැණික් නිධි තවතවත් සමුවනු ඇත. මේ වූ කලී රාවණ ශක්තිය නැගී සිටින විට නැතහොත් පරිවර්තන යුගයේ සිදුවන පොදු සිදුවීම්ය. මෙය දැනුම පහළ වන යුගයකි.

    හෙළයන් තුළ ප‍්‍රබල මානසික පරිවර්තනයක් සිදුවනු ඇත. මෙතෙක් ආගන්තුක වූ විශ්වඥාන ශක්තිය එළිවීම මෙන්ම නව තාක්ෂණික ක‍්‍රමවේද මෙම පරිවර්තන යුගයේදී බිහිවීම සිදුවෙයි.

    මෙය හොඳින් තේරුම්ගත යුතුය. මෙය රාවණ නිධාන, රාවණ අසිපත් සොයා යෑම හෝ නිදන් කැඞීම හරහා ලබාගත නොහැක්කකි. මෙය පරපුරෙන් උරුම වන්නාට හිමිවන්නක් මිස උත්සහයෙන් ලබාගත හැක්කක් නොවේ. නොඑසේනම් මේ වනවිට රාවණ ශක්තියද බි‍්‍රතාන්‍යයට හෝ ඇමෙරිකාවට ගෙනගොස් අවසානය.

    වෛදික ජ්‍යොතිෂවේදී
    කාංචන ගීත් මනමේන්ද්‍ර



    10534080_729453653769615_3930935571963905360_n.jpg

     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    RAMA BRIDGE / RAMA SETHU – Rameswaram, underwater coral bridge between India and Sri Lanka

    10676387_1546872248919554_119971422905670198_n.jpg



    The mythical underwater coral bridge – like and share Bridge of the Week



    RAMA BRIDGE / RAMA SETHU – Rameswaram, underwater coral bridge between India and Sri Lanka
    This picture from the NASA space shuttle shows an ancient bridge between India and Sri Lanka. It is a chain of limestone shoals, between Pamban Island, also known as Rameswaram Island, off the southeastern coast of Tamil Nadu, India, and Mannar Island, off the northwestern coast of Sri Lanka. The bridge is 30 km / 19 miles long. It was reportedly passable on foot up to the 15th century until storms deepened the channel: temple records seem to say that Rama’s Bridge was completely above sea level until it broke in a cyclone in AD 1480.



    ** Age **
    Investigation by the Centre for Remote Sensing (CRS) of Bharathidasan University, Tiruchi, led by Professor S.M. Ramasamy dates the structure to 3,500 years. In the same study, carbon dating of some ancient beaches between Thiruthuraipoondi and Kodiyakarai shows the Thiruthuraipoondi beach dates back to 6,000 years and Kodiyakarai around 1,100 years ago. Another study suggests that the appearance of the reefs and other evidence indicate their recency, and a coral sample gives a radiocarbon age of 4,020±160 years BP



    The discovery of the bridge is strengthening the record contained in the ancient books of the Ramayana (about Rama and Sita). From the shape and composition, the bridge is not made because of natural events, but rather the result of man-made. The discovery of this bridge will be a crucial aspect for the confirmation of the Ramayana legend that is expected to occur at the time of Tredha Yuga. In the legend of the Ramayana, it is mentioned that the bridge was built from India by the human ape (Vanara) to Sri Lanka over the command of Rama. This bridge used by Rama to rescue his wife Sita from Ravana.



    ** Demolition? **
    In 2001, the Government of India approved a multi-million dollar Sethusamudram Shipping Canal Project that aims to create a ship channel across the Palk Strait by dredging the shallow ocean floor near Dhanushkodi. The channel is expected to cut over 400 km off the voyage around the island of Sri Lanka. This proposed channel's current alignment requires dredging through Rama's Bridge, a proposal, which was met with strong opposition by the Hindus of India.
    However, an article from November 2014 announced that RAMA SETHU won’t be demolished.



    ** RAMAYANA **
    The Ramayana is one of the two great Indian epics, the other being the Mahabharata. The Ramayana tells about life in India around 1000 BCE and offers models in dharma. The hero, Rama, lived his whole life by the rules of dharma; in fact, that was why Indian consider him heroic. When Rama was a young boy, he was the perfect son. Later he was an ideal husband to his faithful wife, Sita, and a responsible ruler of Ayodhya. "Be as Rama," young Indians have been taught for 2,000 years; "Be as Sita.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ◄ ලොව මුල්ම ගුවන් ආරක්‍ෂණ කලාපය රාවණාගේ නිර්මාණයක් ►


    (මේ ලිපි පෙලේ ඇති කරුණු වල සත්‍යය අසත්‍යය භාවය පිළිබඳ තීරණය ඔබට භාර කරමු)


    පෘථිවියේ ජීවය බිහිවීම විද්‍යාවේ විග්‍රහයන් ඉක්මවා ගිය සංසිද්ධියක් බව මේ වනවිට අපට පහැදිළි වේ. රාවණ පරපුරේ ආරම් භකයා නැතහොත් විශ්‍රවස් මුණිගේ පියා වූ පුලස්ති සෘසි විසින් ලියන ලද වේද ග්‍රන්ථවලද මෙම මැවීමේ සංකල්පය පිළිගනී. මැවීම යනු කිසිවකුගේ අවශ්‍යතාව මත සිදුකරන දෙයකි. පරිණාමය යනු ස්වාභාවික ක්‍රියාවලියකි. වෛදික සංකල්ප වලට අනුව ලොව ජීවය ඇති කරනුයේ බ්‍රහ්මයාය. බුදුන්ට අනුව බ්‍රහ්මයා යනු බ්‍රහ්ම ලෝක වාසී දෙවියෙකි. එනම් මේ මිහිතලයට එපිටින් වූ පිටසක්වළ ජීවියෙකි. ආයුර්වේදය, ගුවන් තාක්‍ෂණය, පරමාණුක අවි ආදී සකලවිධ විද්‍යාවන් දැනසිටි පුලස්ති ඍශිට පිටසක්වළ ජීවීන් හඳුනාගත නොහැකි වූවා නොවේ. ඔහු එය සත්‍යය ලෙස වේදයේ සඳහන් කල බව පෙනී යයි. බ්‍රහ්ම ලොව යනු වෙනත් ග්‍රහලොවක්ද නැතහොත් අල් නිලම් ග්‍රහ ලොවමද යැයි තෝරාගැනීමේ ගැටලුවක් පවතින්නේ බුදු දහම තුළ සදෙව් ලොවක් පිළිබඳ කතා කිරීමයි.


    පැරණි ජ්‍යෝතිශ්‍යය තුළද නැකැත් තරු තුනක් මුල් කරගෙන ලොව බිහි වූ බවට පැහැදිළි කරන කවියක් ඇත.
    අහස උපන්නේ අස්විදයෙන් නොවෙද
    පොළොව උපන්නේ පුවපුටුවෙන් නොවෙද
    මුහුද උපන්නේ මුවසිරසෙන් නොවෙද
    සිව්පද උපන්නේ වීණාවෙන් නොවෙද
    මේ කියන්නේ නැකැත් තරු පිළිබඳද නැතහොත් ඔරායන් ගේ බඳ පටිය පිළිබඳද යන්න අප සිතා බැලිය යුතුය.



    කෙසේ වෙතත් දාගැබ් යනු විශේෂිත ආකාරයකට ක්‍රියාත්මක වන පිරමීඩ ලෙස අප පෙර ලිපියේදී හඳුන්වාදුන්නෙමු. මෙහිදී වනාන්තර විශේෂයෙන්ම ආහාර භෝග වර්ධනයට චෛත්‍යය වලින් විශේෂිත කාර්‍යයක් ඉටු කරනු ලබයි. එනම් ශාක වර්ධනයට පොළොවෙන් නොලැබෙන නයිට්‍රික් පොහොර ලබා දීමයි.


    චෛත්‍යයක් දෙයාකාරයකට අල් නිලම් ග්‍රහලොවේ ශක්ති සමය හුවමාරු කරගනියි. ජලය නිපදවීමට නම් ඔක්සිජන් අවශ්‍යය බැවින් මූලිකව ශාක වර්ධනයට අවශ්‍යය ශක්තිය චෛත්‍යය හරහා පොළොවට ලබාදේ. මෙලෙස ලබා ගන්නා නයිට්‍රික් වායුව අධික ලෙස කොත ආසන්නයේ පේසා වළලු කලාපය තුළ රැඳී පවතින අතර වැසි ජලය සමඟ මෙම වායු දියවී නයිට්‍රික් අම්ලය පසට එකතු වෙයි. මෙය චක්‍රීය ක්‍රියාවකි. ශාක බිහිවීම, ඔක්සිජන් මඟින් ජලය ඇති වීම, වැව් පිරීම ජලය චෛත්‍යය තුන හරහා වෙනත් ලොවකට ගමන් කිරීම දිගින් දිගටම සිදුවේ.


    මෙය ඔබට ගැටලු සහගත කතාවක් ලෙස දැනෙනු ඇත. එයට හේතුවනුයේ අප කලියුග ශක්තීන් එනම් පංච මහා භූත තත්ත්වය තුළ සිට ද්‍රව්‍යයන් තේරුම් ගැනීමට උත්සාහ දරන නිසාය. ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ යනු අප දකින වත්මන් ලෝක ස්වරූපයයි. එහෙත් රාවණ යුගය නැතහොත් ද්වාපර යුගයට පෙර යුගය ත්‍රිගුණ සහිත ලොවකි. එනම් රජස්, තමස් හා සාත්වික්‍ ය. ඒ ඒ ඔරායන්ගේ බඳ පටියේ පිහිටි තරු තුනේ ස්වභාවයයි. එසේම එය සමස්ත පිටසක්වළ ජීවීන්ගේම ස්වභාවයන් ලෙසද සිතිය හැකිය. ඒ පාලනය කිරීමට කැමති, ආදරය උපකාර කිරීමට කැමති සහ විනාශ කිරීමට කැමති යන කොටස් තුනයි.
    රුවන්වැලි මහා සෑය ඉදිකරන කාලය වනවිට යුද්ධයකින් පසු රට සශ්‍රීක මට්ටමක පැවතියේ නැත. එසේම දුටුගැමුණු රජු යුද්ධයක් කල රජෙකු මිස රටක් දියුණු කල රජෙකු ලෙස අපේ වංශ කතාවල සඳහන්ව නැත. එහෙත් රුවන්මැලි මහා සෑය ඉදිකිරීමේදී විවිධ පෙනුමෙන් යුත් දෙවියන්ගේ උදව් ලැබුණු බව වංශකතාවල සඳහන් වේ.



    එහි සඳහන් වන පරිදි චෛත්‍යය විවෘත කිරීමේ අවස්ථාවට පැමිණි දෙවිවරු දුටුගැමුණු රජු හා සම අසුන්වල වාඩිවී ඇත.


    විවිධ ස්වරූප යනු ඒ කාල සීමාව වන විටත් ලෝක කිහිපයක් සමඟ සබඳතා පවත්වා ඇති බව අපට සිතිය හැක. අනෙක් කාරණය වනුයේ අප දකින හා කතා කරන වර්තමාන දේව සංකල්පය තුළදී නම් රජකුට සම අසුන් දැරිය නොහැකිය. එසේ නම් පැමිණ ඇත්තේ බොහෝ දෙනෙකු දෙවියන් ලෙසින් හැඳින් වූ වෙනත් ජීවී කොටසකි. දුටුගැමුණු රජුට දාගැබ් ඉදි කිරීමට අවශ්‍යය සියලුම ගඩොල් සපයාගෙන ඇත්තේ කන්දක ස්වරූපයකින් යුත් ගඩොල් ආකරයකිනි. මේවා අනුරපුරේ වනාන්තරයකින් සොයා දී ඇත. එසේ නම් මේ ආසන්නයේ වෙනත් චෛත්‍යයක් හෝ බිඳ වැටුණු පිරමීඩයක් පැවත ඇති බවය. අනෙක් කාරණය වනුයේ රුවන් වැලි මහා සෑයේ පාදම සත් වරක් ගිලී යාමෙන් පැහැදිළි වන්නේ එහි පෙනෙන කොටසට වඩා විශාල ඉදිකිරීමක් පොළොව තුළ ඇති බවය. අනෙක් කාරණය යනු දුර්ලභ මැණික් එකල ලංකාවේ කිහිප තැනකින්ම පහළ වූ බවත් ඒවා චෛත්‍යය තුළ නිදන් කල බවත් වංශ කතා වල සඳහන් වේ.


    රාවණ යුගයේ බොහෝ කාර්‍යයන් උදෙසා ශක්තිය නිපදවා ගැනීමට භාවිතා කරනු ලැබුවේ පළිඟු හෝ මැණික්‍ ය. යුද ආයුධ මෙන්ම ගුවන් යානාවලට අවශ්‍යය ශක්තිය ලබා ගැනීමට තියුණු ලෙස මැණික් කැපීමේ ක්‍රමයක් එකල පැවතුණි. සූර්‍යය ශක්තිය මැණිකක් හරහා ගමන් කරවා එය ලේසර් කිරණයකට වඩා ප්‍රබල කිරීම ඒ හරහා සිදුවිය. මෙම දුර්ලභ මැණිකක් පහල වීම හා ඒවා තැන්පත් කිරීම හරහා සිදුවනුයේ ස්තූපය හා අදාල ග්‍රහලොව හරහා ශක්තිය ගමන් කිරීමට අවශ්‍යය මාධ්‍යය සකස් කිරීම විය යුතුය. දුර්ලභ මැණිකක් පහල වීම කෙසේ වෙතත් අපේ පොළොවෙන්ම ඒ කාර්‍යයට සුදුසු මැණික් ලෙහෙසියෙන්ම සොයා දීමට දෙවියන් මුල්වී ඇති බව අපට සිතිය හැක.


    දාගැබක චූඩා මාණික්‍යයට යටින් ඇති පේසා වළලු මධ්‍යයේ සිට තූපය හරහා දඹ ගසක කඳක් පොළොව දක්වා සවිකීරිම සිදුවේ. දඹ ගස යනු ඉහළ සන්නායක ගුණයක් සහිත ශාකයකි. මෙවන් කරුණු හරහා විශේෂිත උපකාර රුවන්වැලි සෑය ඉදි කිරීමට දුටුගැමුණු රජුට පිටසක්වළ ජීවීන් නැතහොත් දෙවියන්ගෙන් සහය ලැබුණු බවට අපට සිතිය හැකිය.
    මෙයට බලපෑ හේතුවක්ද වෙයි. රාවණ පරපුරට උරුමව තිබූ චන්ද්‍රහාස් අසිපත නැතහොත් අල් නිලම් ග්‍රහලොව පාලක පක්‍ෂයේ සංකේතය දුටුගැමුණු රජුට හමුවූ බවට විශ්වාසයක් පවතී. යුද්ධයෙන් පසු එම කඩුව රුවන්වැලි සෑයේ නිදන් කළ බවටද විශ්වාසයක් පවතී.


    මෙහිදී ගැටලු සහගත තත්ත්වයන් පවතී. මේ කියන අසිපත දරන්නා විශිෂ්ඨ පාලකයකු බවට පත්වන අතර ප්‍රබල රජකු බවට පත්වීමට තරම් එය බලවත් වූවකි. අනෙක් කරුණ වනුයේ දුටුගැමුණු යුගය වනවිට අනෙක් කඩු හයම සැඟවී ඇති යුගයකි. එසේ නම් ඔහුගේ බලය වේගයෙන් වර්ධනය විය යුතු වෙයි. එහෙත් එසේ වූයේ නැත.
    දුටුගැමුණු රජතුමා භාවිතා කළ කඩුව ඉන්දියාව මුල් කරගෙන බිහි වූ පිටසක්වළ ජනාවාසයේ පාලන සංකේතය ලෙස හිමි වූ අසිපත බවටද විශ්වාසයක් පවතී. රාවණ රජු සතුව පැවති චන්ද්‍රහාස් අසිපත තවමත් එය රාම රාවණ යුද්ධයේදී රාවණ රජු අතින් ඉහළ අහසේදී ගිලිහී ගොස් පතිත වූ ස්ථානයෙහිම නිරුපද්‍රිතව පවතී. මෙම අසිපත අත දරන්නාට මෙම ඔරායන් බඳ පටියේ පිහිටි තාරකා තුනේ සහය ලබාගත හැකිවේ. අප වර්තමානයේ තුන්ලොව ලෙස දෙව් ලොව, භූ ලොව, පොළොව ලෙස විග්‍රහ කලද පෙර කල තුන්ලොව ලෙස හැඳින්වූයේ මේ ග්‍රහලෝක තුනයි.
    කෙසේ වෙතත් වසර 26000කට වරක් පෘථිවියේ සිදුවන චුම්භක ඇලය හරහා මෙම දාගැබ් හා පිරමීඩ ස්ථානගතවීම් වල වෙනස්කම් සිදුවන අතර එවන් වෙනස්වීමක් සමතුලනය කිරීමට එම ස්ථාන ආශ්‍රිතව නව ඉදිකිරීමක් සිදු කරනු ලබයි. ගීසා පිරමීඩ අසල ඉදි කෙරුණු sphinx පිළිමය මෙලෙස ඉදිකෙරෙන්නක් වන අතර අනුරාධපුරයේ දාගැබ් ත්‍රිත්වයට ආසන්නයේ ඉදි කරන ලද අභයගිරියද එවැන්නකි.
    සමනළගිර ආශ්‍රිතවද ප්‍රධාන කඳු මුදුන් තුනක් පවතී. රාවණ යුගයේදී ප්‍රධාන පාලක මද්‍යස්ථානය ලෙස මෙම ස්වාභාවික පිරමීඩය භාවිතා වී ඇත. සමනළ කන්දේ බස්නාහිර බෑවුමේ පිහිටි දොරටුවක් හරහා මෙම පිරමීඩයට ඇතුළු වීමේ හැකියාව එකළ පැවතුණි. දහවල් එකොළහට සමනළ කූඨයේ සෙවැනැල්ල පතිත වන ස්ථානයේ මෙම දොරටුව පිහිටා ඇති බවටද විශ්වාසයක් පවතී. බුදුරදුන් ලංකාවට වැඩම කල අවස්ථාවේ වැඩසිටි දිවා ගුහාවද මෙය විය හැකිය.


    මෙම දොරටුව හරහා පිරමීඩයේ අභ්‍යන්තරයට ගමන් කළ හැකි සීඝ්‍ර නැඟීමක් සහිත පියගැටපෙළක් පිහිටා ඇති අතර එහි මධ්‍යයේ ඇති විශේෂිත ස්ථානයක ලා නිල් පැහැති විශේෂිත ශක්ති ප්‍රභවයක් වේගයෙන් භ්‍රමණය වෙමින් පවතී. නවීන විද්‍යාවට අනුව නම් ලා නිල් පැහැයෙන් භ්‍රමණය වන ආලෝකය මඟින් අදහස් වනුයේ න්‍යශ්ඨික ශක්තියයි. එනම් රාවණ යුගයේදී අධිආරක්‍ෂිත කලාපයක් ලෙස මෙම ප්‍රදේශය පැවතුණි. එයට හේතු වන්නේද මෙම න්‍යශ්ටික බල ශක්තිය විය යුතුය. මෙම සමනළගිර නැතහොත් පිරමීඩවල ප්‍රධාන පාලන මධ්‍යස්ථානය මැදිවන සේ පිහිටි කඳු මුදුන් තුනක් ක්‍රියාත්මක කල ගුවන් ආරක්‍ෂණ කලාපයක්ද එකල පැවතියේය. රාවණ රාජ්‍යයට අයත් ප්‍රධාන අවි ගබඩාව පැවතියේද මෙම භූමි භාගය තුළය. ලොව ප්‍රථම ගුවන් ආරක්‍ෂණ කලාපය පිහිටියේද අප රට තුළය.


    මෙම ගුවන් ආරක්‍ෂණ කලාපය මඟින් හදිසියේ සිදුවන පිටසක්වළ පහරදීමකින් ප්‍රධාන පාලන මධ්‍යස්ථානය බේරාගැනීම බලාපොරොත්තුව වූවා විය යුතුය. ඔරායන් බඳ පටියේ පිහිටි අල් නිලම් ග්‍රහලොවේ වැසියන් මේ ලොව ජනාවාස කිරීමට හේතුව වන්නේද ඔවුනට ඇති වූ පිටසක්වළ ආක්‍රමණය මත ඇති වූ හදිසි ආක්‍රමණයක් පිළිබඳ බිය නිසා බවද අපට සිතිය හැක.



    10685493_857034047669814_892387995538637499_n.jpg