රාවණා රජු

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ලංකේෂ්වර රාවණයන් පිළිබඳ කතිකාවතක් නැවත සමාජය පුරා මතුවී තිබේ. එම කතන්දරවල සත්‍ය අසත්‍යතාවය සොයන්නට අපි උත්සාහ නොකරන්නේ එසේ හෝ රාවණ පිළිබඳ නැවත කියවාබැලීමක් සිදුවිය යුතුම නිසාය. අතීතයේ වැළලී තිබූ ශ්‍රේෂ්ට මිනිසකුගේ මළසිරුර යළිත් ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීමට අපි උත්සාහ දරමු. එයට හේතුව මෙම මරණය අභිරහසක් වූ නිසා පමණක් නොව ශ්‍රේෂ්ට ජාතියක අභිමානය එමගින් යළිත් ලෝකයට හඬගා පවසන හෙයිනි. අදින් වසර 6000කට පමණ පෙර මෙරට විසූ මෙම ශ්‍රේෂ්ට මිනිසා නමින් මහා රාවණ ය. රාවණගේ යුගය පිළිබඳව මෙරට ලිඛිත ඉතිහාසයේ වැඩි යමක් සඳහන්ව නැතත් ඉන්දියානු ඉතිහාසයේ ඔහු පිළිබඳව දීර්ඝ විස්තරයක් කිරීමට තරම් වාල්මිකී කරුණාවන්ත වීම එක්තරා භාග්‍යයකි. එහෙත් වාල්මිකී විසින් ලියන ලද රාමායනයේ රාවණ ඉදිරියේ කළු පැල්ලමක් තබන්නට ඔහු උත්සාහ දරා ඇත්තේ ඇතැම් විට එවකට ඉන්දියානු පාලකයන්ගේ බලපෑම නිසා වන්නට ඇත. එනිසාම රාවණගේ සැබෑ කතන්තරය කුමක් දැයි අද වනවිට බොහෝදෙනකු ගවේෂණය කිරීමට උත්සාහ දැරීම යහපත් ප්‍රවණතාවයකි. සැබැවින්ම රාවණ යනු විශ්වීය මෙන්ම විශ්මීය මිනිසකු යැයි අපට සිතෙන්නේ ඔහු ඉන්දියාවේ කොටසක් හා සමස්ත ලංකාවම පාලනය කළ නිසා පමණක් නොව ඔහු සතුව තිබූ අධිතාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳ ඥානය නිසාය. මින් වසර 6000කට පෙර ගුවන්යානා නිපදවිය හැකි තාක්ෂණයක් හා අදහාගත නොහැකි තරම් පුදුම සහගත වූ වෛද්‍ය විද්‍යාවක් මෙරට තිබූ බව වාල්මිකී විසින් පළමුවරට ලොවට හෙළිකරයි. එහෙත් රාම-රාවණා යුද්ධයේදී එම රහස් සියල්ල වැළලී ගිය ආකාරයත් ඔහු රාමායනය මගින් පෙන්වාදෙයි. සැබැවින්ම රාවණ යනු ලෝකයේ පහලවූ බලසම්පන්නම පුද්ගලයකු බව එම සාක්ෂ්‍යවලින් පැහැදිලි නොවන්නේද? අප මේ උත්සාහ දරන්නේ අපගේම ඉතිහාසයේ වැළලීගිය මහා යුගපුරුෂයකුගේ සැබෑ තොරතුරු අනාවරණය කිරීමටය. ඒ අප මෙතෙක් අසා තිබූ රාමායනයේ පවතින සාවද්‍ය ප්‍රකාශන නිවැරදි කිරීමට මේ හොඳම කාලය වන නිසාය.


    ලංකා රාජ්‍යය ගොඩනැගුවේ රාවණ නොවේය. එය ගොඩනැගුවේ ඔහුගේ ආදීතම මුතුන්මිත්තන් විසිනි. ඔවුන් අතරින් සූර්යපුත්‍ර, සූර්යපුත්‍රගේ පුත් ධර්මරාජ, ඔහුගේ පුත් හේතිරාක්ෂස, ඔහුගේ පුත් විද්‍යුත්කේෂ, ඔහුගේ පුත් සුකේෂ හා සුකේෂගේ පුත් සුමාලි ප්‍රධානතම වේ. සුමාලි යනු රාවණගේ මුත්තණුවන්ය. සුමාලිගේ පුත්‍රයා පුලත්‍ය ඍෂිවරයාණන් වූ අතර, ඔහුගේ පුත්‍රයා වූයේ විශ්‍රාවාස මුනිවරයා නැතහොත් රාවණගේ පියාණන්ය. රාවණ උපන්නේ ලංකාවේ නොව ඉන්දියාවේ නර්මදා නදිය අසබඩ ප්‍රදේශයකය. සුමාලි මුත්තණුවන් විසින් ඉතා දියුණු රාජ්‍යයක් බවට පත්කර තිබූ ලංකා රාජ්‍ය නැතහොත් මිණිමිහි දේශය ඒ වනවිට පාලනය කරනු ලැබුවේ වෛශ්‍රවන නම් රජකු විසිනි. කූඨ උපක්‍රමයක් මගින් ලංකා රාජ්‍යය තමන් යටතට ගත් වෛශ්‍රවන එහි සැබෑ උරුමක්කරුවන්ගෙන් උදුරා‍ගෙන තිබිණි. භාරතය පුරා පැතිරී තිබූ සත්ත්ව බිලිපූජා හා බමුණන්ගේ හිංසාවාදී ආගමික පිළිවෙත්වලට විරුද්ධව යමින් සුමාලි විසින් කරන ලද යුද්ධයේදී බමුණන් පළවාහැරීමට සුමාලිට හැකිවුවත් විෂ්ණු නමැති පාලකයා විසින් සුමාලි පරාජයට පත්කර ලංකා රාජ්‍යය වෛශ්‍රවනට පවරාදෙනු ලැබීය. එවකට භාරතය යනු ලොව ‍දූෂිතම රාජ්‍යයන්ගෙන් එකක් බව මෙහිදී අපට මනාව සනාථවේ.



    රාවණගේ පරපුර යනු අතිශය අවිහිංසාවාදී හා සියලු සත්වයන්ගේ සුභසිද්ධිය උදෙසා දැවැන්ත අරගල කරන ලද පරපුරක් බව ඉතිහාසය සාක්ෂ්‍ය දරයි. එහෙත් එම ඉතිහාසය විකෘති කරමින් රාමායනය ලියන ලද වාල්මිකී, බ්‍රාහ්මණයන්ගේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා රාවණගේ පරපුර රාක්ෂසයින් ලෙස හැඳින්වීම කෙතරම් සාවද්‍ය දැයි අපට සිතේ. කෙසේ වුවද මිණිමිහි දේශයේ නැතහොත් ලංකාවේ සැබෑ උරුමය සියතට ගත් රාවණා ඊට වසර ගණනාවකට පසුව ලංකා රාජ්‍යය යටත් කොටගෙන ලංකාවේ රජු බවට පත්වන්නේ සියලු ශිල්ප ශාස්ත්‍රයන්ගේ කෙළපැමිණියකු ලෙසය. ඔහු වෛශ්‍රවනට අභයදානය දී ඉන්දියාවට පිටුවහල් කරන්නේ සිරකරුවකු ලෙස නොව ඉන්දියාවේ තම පියාට අයත්ව තිබූ ප්‍රදේශයක භාරකාරත්වයටද පත්කරමිනි. රාවණා ලංකා රාජ්‍යයේ අගරජු බවට පත්වන්නේ තනි පුද්ගලයකු ලෙස නොව ඔහුගේ සහෝදර සහෝදරියන්ද එහි භාරකාරත්වයට පත්කර ගනිමිනි. ඔහුගේ සහෝදරයන් වූ කුම්භකර්ණ, බර, දූෂණ, විභීෂණ යන අයට මෙන්ම රාවණාගේ නැගණිය වූ සුපර්ණකා කුමාරියටද රාජ්‍යයේ ඉහළ තනතුරු හිමිවිය. සුපර්ණකා යනු එකල සමස්ත ඉන්දියාවේම සිටි අභිරූමතියකි. රාවණාගේ හා සුපර්ණකාගේ බැඳීමට සමාන සහෝදර බැඳීමක් වෙනත් පුරාවෘත්තවලින් සොයාගැනීමට අපහසුය. රාවණා රාජ්‍යය කරද්දී සුපර්ණකා ඔහුගේ උපදේශිකාව වූවා පමණක් නොව මුලසිටම ඇගේ ක්‍රියාකලාපය පරම අවිහිංසාවාදී වූ බව රාජ්‍යයේ ඇතැම් ගැටළු නිරාකරණයේදී ගත් පියවර මගින් අපට මනාව පසක්වේ. රාජ්‍ය පාලනයේදී රාවණ විසින් ගනුලැබූ වැරදි සහගත තීරණයක්ද වේ.


    එනම් විභීෂණට යුවරාජ තනතුර ලබාදීමය. විභීෂණ යනු කුඩාකල සිටම රාවණට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය නියෝජනය කළ පුද්ගලයකු බව දැනදැනත් තම සහෝදරකම සලකා රාවණා විසින් ඔහුට යුවරාජ තනතුර ලබාදෙන්නේ මතුවන විපත දැනද, නැතිනම් නොදැනද යන්න මෙහිදී පැහැදිලි නොවේ. කෙසේ වුවද රාවණ ලංකාපුරය ලෝකයේ ශ්‍රේෂ්ටතම රාජ්‍යය බවට පත්කර පරම අවිහිංසාවාදය පතුරවමින් මෙතෙක් කිසිවකට සමකළ නොහැකිවූ අධිතාක්ෂණික මෙවලම් නිෂ්පාදනය කරමින්, නොයෙකුත් විද්‍යාවන් පිළිබඳ පොතපත ලියමින් රාජ්‍ය පාලනය ගෙනයයි. යාගහෝම කරමින් බිලිපූජා පවත්වමින් තම පැවැත්ම සකස් කරගෙන සිටි ඉන්දියාවේ බමුණන් රාවණගේ නීතිරීති නිසා තවදුරටත් එම කටයුතු සිදුකරගත නොහැකිව රාවණ කෙරෙහි වෛර බඳිමින් ඔහු විනාශ කිරීමට නොයෙකුත් කූඨ උපක්‍රම ක්‍රියාත්මක කිරීමට පටන්ගන්නේ මෙම අවධියේදීය. භාරතයේ දශරථ රජුගේ පුත්‍රයන් දෙදෙනා වන රාම හා ලක්ෂ්මණ මේ කටයුත්ත සඳහා ඔහුන් යොදාගනු ලබයි. වනවාසයට ගොස් සිටින රාම හා ඔහුගේ බිරිඳ සීතා මෙන්ම ලක්ෂ්මණද දැන හෝ නොදැන බමුණන්ගේ මෙම උපක්‍රමවලට හසුවෙති. රාම යනු මහා උතුමෙක් ලෙස රාමයනයේ සඳහන් වුවද, ඔහු ස්ත්‍රීන් කෙරෙහි ලොල්වූ පුද්ගලයකු බව අපට පෙනෙන්නේ රාවණගේ නැගණිය වන සුපර්ණකා කුමරිය මහවනයේදී රාමාට මුණගැසීමත් සමඟය. සුපර්ණකා දුටු පමණින් රාම ඇයට වශී වී සීතාද අමතක කර දමන්නට තරම් නින්දිත වේ. එහෙත් මෙය නොඉවසන ලක්ෂ්මණ බමුණන්ගේ ඉගැන්වීම් මත සුපර්ණකාගේ කන් හා නාසය කපා දමන්නට තරම් සැහැසි වේ. ගැහැනියකගේ කන් හා නාසය කපා දමන්නට තරම් පහත් හා අධම වූ මිනිසුන් දේවත්වයෙන් පුදන්නට තරම් ඉතිහාසය වැරදී ගියේ කෙසේ දැයි අපට නම් සිතාගත නොහැකිය. කෙසේ වුවද අවසානයේ දස වසරක් තරම් දීර්ඝ වූ මහා යුද්ධයක ආරම්භය සනිටුහන් වන්නේ එසේය. සුපර්ණකාගේ සිදුවීමට රාමගෙන් පළිගැනීමක් ලෙස රාවණා විසින් පුෂ්පක යානයෙන් සීතා රැගෙන ලංකාවටපැමිණෙයි. එහෙත් ඇය සිරකාරියක ලෙස සිරකර තැබීමට රාවණා කිසිම විටකදී උත්සාහ නොකරයි. සිරගෙයක් වෙනුවට අශෝක උයනේ මනරම් නිවසක් සාදවා සීතාව එහි රඳවා තබන රාවණා, රාමාත් සමඟ යුදවැදීමට කිසිදු උත්සාහයක් නොදරයි.



    සාකච්ඡා කර ගැටළුව නිරාකරණය කරගැනීමට රාවණා දරන උත්සාහය අවසානයේදී අසාර්ථකවන්නේ දිගින්දිගටම රාම හා ලක්ෂ්මණ බමුණන් සමඟ එක්වී යුද්ධයකට අරඇඳීම නිසාවෙනි. මෙහිදී විභීෂණ තම සොහොයුරා වන රාවණගේ සියලු යුද රහස් රාමා අතට පත්කොට රාවණ පරදවාලීමට ඔහුගේ උපරිම දායකත්වය රාමාට හිමිකරදෙන්නේ රටත්, ජාතියත් මහා පාවාදීමකට ලක්කරමිනි. දස වසරක යුද්ධයෙන් පසුව රාවණ නම් අසහාය යුගපුරුෂයා, සුපර්ණකා කුමරියට සියලු දේ පවරා දී මිය යයි. රාමාට හෝ ලක්ෂණටද මෙයින් කිසිදු යහපතක් හිමි නොවේ. සීතාව නිදහස් කරගත්තද බමුණන්ගේ‍ කේළාම් අසා රාමා ඇය අත්හැර දමයි. ඒ වනවිට ඇය රාමාගෙන් නිවුන් දරුවන් දෙදෙනකු ලබාසිටියද රාමාට ඒ කිසිවක් වැදගත් නොවේ. අග්නි පරීක්ෂණයේදී ඇගේ නිර්දෝෂීභාවය ලෝකයටම හෙළිවූ බව වාල්මිකීගේ රාමායනයේ සඳහන්ව ඇත. දස වසරක් ලංකා පුරයේ රඳවාගෙන සිටි සීතාට රාවණගෙන් කිසිදු අන්තරාවක් නොවූ බව සනාථ වීමට එම ප්‍රකාශය ප්‍රමාණවත් නොවේද? එසේ නම් රාවණ යහපත් මිනිසකු නොවේ යැයි ඉතිහාසය තීන්දු කරන්නේ කෙසේද? මෙබඳු බො‍හෝ පරස්පරතා රාමායනය කෘතිය පුරාවටම ඇත. එසේ වන්නේ සත්‍යය සඟවා, හෘද සාක්ෂ්‍යයට පිටුපා, රාමායනය රචනාකර ඇති නිසා බව පැහැදිලිය. කෙසේ වුවද රාමාගේ නොසැලකිල්ලෙන් සීතා හෙළකින් පහලට පැන සියදිවි නසාගන්නා අතර, ලක්ෂ්මණද රාමාගේ පිළිකුල් සහගත ක්‍රියාකලාපය නිසා අයෝධ්‍යවේ සයුර නදියට පැන සියදිවි නසා ගනී. අවසානයේ රාමාද එම නදියටම පැන සියදිවි නසාගත් බව ඉතිහාසයේ සඳහන් වේ. විභීෂණ ලංකාපුරයේ රජ වුවද, ඔහුගේ අවසාන කාලය දක්වා මිනිසුන් ඔහු රජකු ලෙස පිළිනොගත් බව සඳහන් වේ. එහෙත් මරණින් පසු ඔහු රාම මෙන්ම දෙවිකෙනකු වීම උභතෝකෝටිකයකි. යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් මියගිය රාවණ අතීතයේ වැළලී යද්දී රාම හා විභීෂණ අනාගතයටත් පැමිණියේ කෙසේදැයි අපට නම් ගැටළුවකි. එයට සැබෑ හේතුව නම් එකල සිටම අද දක්වාත්, ඉන්දියානු බලපෑමෙන් තොරව මෙරට ජනයාට හුස්ම ගැනීමටවත් නොහැකිවීම නිසා වන්නට ඇතැයි අවසානයේ අපට සිතේ.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    10342908_857030694336816_7635070597574573693_n.jpg


    රට කැළඹූ කලාවැව ඡායාරූපයේ හිමිකරු කියන කතාව
    ලොව පුරා විවිධ අභ්‍යවකාශ වස්‌තූන් හා යානාවන් පිළිබඳ නව සොයාගැනීම් ඉදිරිපත් කරන මොහොතක, එවැනි යානා පැමිණ ගිය හැටි තොරතුරු කියවන මොහොතක "දිවයින" පුවත්පත ද එවැනි අද්භූත වස්‌තුවක ඡායාරූපයක්‌ පසුගිය දිනක පුවත්පතේ පළ කළේය. ඒ වස්‌තුව පිළිබඳ ඊට පෙර කිසිදු අයුරකින් මාධ්‍යයෙන් හෙළිදරව් කර නොතිබිණි. ලොවක්‌ විශ්මයට පත් කළ කලා වැව් පිටියේදී කැමරා කාචයකට හසු වුණු ඒ අද්භූත වස්‌තුව කුමක්‌ද? රාවණාගේ දඬුමොණරයද? පිටසක්‌වලින් පැමිණි යානාවක්‌ද? නැති නම් මේ කිසිවක්‌ම නොවේද? තවමත් ප්‍රශ්නාර්ථයකි. මේ වන විටත් මෙරට පමණක්‌ නොව දේශ දේශාන්තරවල විවිධ තරාතිරම්වල අය ද මේ වස්‌තුව පිළිබඳ විවිධ මත ඉදිරිපත් කරමින් සිටියි. එහි සත්‍ය අසත්‍යතාව කවරක්‌ වුවද යම් අදිසි බලවේගයක්‌ විශ්වය පුරා විහිදී ඇති බවට විශ්වාස කළ හැකි තත්ත්වයේ තොරතුරු ද නිරන්තරයෙන්ම ලැබෙමින් තිබේ. එහෙයින්ම කලා වැව ඉස්‌මත්තේ සටහන් වූ ඒ අද්භූත වස්‌තුවේ අලුත්ම තතු විමසීමට පසුගිය දිනක අපි ඒ ඡායාරූපයේ හිමිකරු සොයා ගියෙමු.


    ඔහු ප්‍රවීණ ඡායාරූප ශිල්පී කීර්ති අමරසේකරය.


    "මල්ලිට කියන්න, ඔය ෆෝටෝ එක ගැන විස්‌තර අහන්න දැනට කෝල් පන්දාහකට වැඩි ප්‍රමාණයක්‌ මගේ හෑන්ඩ් ෆෝන් එකට ඇවිත් තියෙනවා. සමහර අය දෙවිවරු වගේ කතා කරලා මාව "බයිට්‌" කරන්න හදනවා. තවත් අය බොරුවට මාධ්‍ය ආයතනවලින් වගේ කතා කරනවා. ඒ නම් ගොඩක්‌ම මගේ යාළුවෝ. මමත් රැවටෙන වෙලාවල් තිබුණා. හැබැයි මම කිසිම වේලාවක මේක වදයක්‌ කියලා හිතුවේ නැහැ. බොහෝම කැමැත්තෙන් ඒ අය අහන දේවල්වලට උත්තර දුන්නා. කිසිම වේලාවක "මම කාර්යබහුලයි පස්‌සෙ ගන්න" කියලා ෆෝන් එක කට්‌ කරලා නැහැ. කවුද දුරකථන ඇමතුම ගත්තෙ ඒ වේලාවේම උත්තර දෙනවා. සමහර අය මට ෆෝන් එකෙන් බැනලා කියෙනවා මිනිස්‌සු මුළා කරන්න බොරු පින්තූර හදලා පත්තරවල දාන්න එපා කියලා. ඒත් මම ඒ අයට බනින්න ගියේ නැහැ. මට පුළුවන් විදිහට ඒ අයට මේකෙ සත්‍යතාව පැහැදිලිs කරලා දුන්නා" අව්‍යාජ සිනහා රැල්ලක්‌ මුව දෙකොණේ මතු කර ගනිමින් කීර්ති අමරසේකර එසේ කතාවට මුල පිරුවේය.


    මාධ්‍ය තුළින් රාවණා යුගය පිළිබඳ පුළුල් කතිකාවතක්‌ නිර්මාණය කර ඇති මෙවැනි මොහොතක මේ අද්භූත වස්‌තුවද රාවණාගේ දඬුමොණරය විය හැකි බවට ඇතැම්හු මත පළ කළහ. එමෙන්ම ඔවුහු රාවණා ගැන දැඩි භක්‌තියකින් කතා කරන බවක්‌ද පෙනී ගියහ. කලාවැව ඉස්‌මත්තට පැමිණ ඇත්තේ රාවණාගේ දඬුමොණරය නම් එය සැබැවින්ම ලාංකීය ජනතාවට මහත් සේ ආඩම්බර විය යුතු කරුණක්‌ බවද ඔවුහු පෙන්වා දුන්හ.


    "මිනිස්‌සු රාවණා ගැන මෙච්චර භක්‌තියකින් අදහන බවක්‌ ඇත්තටම මමත් දැනගත්තේ මේ සිද්ධියෙන් පස්‌සෙයි. කෙනෙක්‌ දවස්‌ ගාණක්‌ම මගේ ෆෝන් එකකට කතා කරලා කියනවා මේ යානාව නිසා අපේ ගෙදර ප්‍රශ්න, අක්‌කා හැම වේලාවෙම බනිනවා කියලා. "මමයි ඡායාරූප ගත්තෙ ඔයාගේ ගෙදර කොහොමද ප්‍රශ්න ඇති වෙන්නෙ" කියලා මම ඒ කෙනාගෙන් ඇහුවා. එහෙම ඇහුවාම ඒ පුද්ගලයා ෆෝන් එක කට්‌ කරනවා. ඔහොම දවස්‌ දෙක තුනක්‌ම කතා කරලා එක දවසක්‌ මෙහෙම කිව්වා.



    "අපේ සීතා අක්‌කා මට ගෙදර ඉන්න දෙන්නෙ නැහැ. මේක මහ මළ වදයක්‌ කියලා"


    ඔය ඡායාරූපය සම්බන්ධයෙන් එන කෝල්වලට මම බොහෝම ඉවසිලිවන්තව කතා කළා. මාව බයිට්‌ එකට ගන්න හැදුවත් මම හිත පාලනය කරගෙන හිනා වෙලා ෆෝන් එක කට්‌ කරලා දැම්මා. නමුත් එදා නම් මගේ රතු ඉර පැන ගෙනයි ආවේ.


    "තමුසෙට විතරක්‌ නෙමෙයි ඕයි මටත් දැන් තමුසෙව වදයක්‌ වෙලා තියෙන්නෙ. කියන දෙයක්‌ තේරෙන භාෂාවෙන් කියනවා. නැතුව මගේ කාලෙ කන්න එපා" කියලා මම කිව්වා.


    එතකොට ඒ කෙනා කියනවා යානාව අරගෙන යන්න යතුර දුන්නේ ඇයි කියලා සීතා අක්‌කා බනිනවා කියලා. මටත් කිසිම දෙයක්‌ ඔළුවට ආවේ නැහැ. මම ෆෝන් එක කට්‌ කරලා දැම්මා. අයිත් දවසක එයාට කෝල් එකක්‌ ගන්න කියලා මගේ ෆෝන් එකට SMS එකක්‌ එව්වා. ඒ වේලාවේ මම හිටියේ මගේ යාළුවෙක්‌ එක්‌ක. මම යාළුවට විස්‌තරේ කියලා SMS එක පෙන්නුවා. "බොට සල්ලි නැත්නම් සීතාගෙන් සල්ලි කීයක්‌ හරි ඉල්ලගෙන ෆෝන් එකට රීලෝඩ් එකක්‌ දාගනින්" කියලා මගේ යාළුවා ඒ කෙනාට SMS එකක්‌ යෑව්වා. පස්‌සෙ ඒ කෙනා කතා කරලා කිව්වා සීතා කියන්නෙ මගේ අක්‌කා නෙමෙයි මගේ අයියගේ වයිෆ් කියලා. බලනකොට මේ කතා කරලා තියෙන්නෙ බිභීෂණලු. (රාවණාගේ සහෝදරයා) එයා කතා කළේ ෆුල් සීරියස්‌. අදටවත් මට ඒ කෙනාගේ නම කියලා නැහැ. රාවණාව පුදුම විදිහට අදහන කෙනෙක්‌.


    "තව දවසක්‌ කෙනෙක්‌ කතා කරලා කියනවා මම හොයපු යානාව හම්බ වුණා කියලා. ඒ රාවණා චිත්‍රපටය නිෂ්පාදනය කරන්න සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක්‌. ඒ පුද්ගලයා නම කිව්වා. ඒත් මට ඒ නම මතක නැහැ. ඒ අය දඬුමොණරය කියන්නෙ කොහොම එකක්‌ද කියලා හොය හොය ඉඳලා තියෙන්නෙ. පස්‌සේ අපිට අවශ්‍ය යානාව (හැඩය) සොයා දුන්නා කියලා මටත් ස්‌තූති කළා"


    අයිත් දවසක ඔස්‌ටේ්‍රලියාවේ ඉන්න සිංහල යුවළක්‌ කතා කරලා මෙහෙම කිව්වා. අපි ඔස්‌ටේ්‍රලියාවේ ගෙදර ඉන්න කොට ඔය වගේ යානාවක්‌ දැක්‌කා. ඒත් අපිට පින්තූර ගන්න බැරි වුණා. අපේ අම්මා කිව්වා ඒ දඬුමොණරයක්‌ වෙන්න ඇති කියලා. පස්‌සෙ අපි දඬුමොණරය ගැන සොයන්න උනන්දු වුණා. රාවණා ගැන තොරතුරු හෙව්වා. අපි රාවණා ගැන සොයන්න කොච්චර නම් උනන්දු වුණා ද කියලා කිව්වොත් ඒ වෙනුවෙන්ම ලංකාවටත් ආවා" මිනිස්‌සු රාවණා ගැන මෙන්ම රාවණා යුගය පිළිබඳ සොයාබැලීමට කොතරම් නම් උත්සුක ද? කීර්ති රාවණා කතාව මතුසම්බන්ධ කරමින් කතාව වෙනත් දිශාවකට යොමු කළේය.
    මීට පෙර නොවූ අයුරින් අසාමාන්‍ය ලෙස කලා වැවේ ජලය අඩු වීම නිසා කලා වැව ආරක්‍ෂා කරන කඩවර අප්පච්චි වැවට සිදුවෙමින් තිබෙන නස්‌පැත්තිය දැක බලාගැනීමට මේ යානාවෙන් පැමිණියා විය හැකි යෑයි කලාවැව අවට ගම්මු පැවසූහ. ඈත අතීතයේ සිටම කලාවැව අවට ගම්මානවල ජනතාව වාර්ෂිකව උත්සවයක්‌ පවත්වමින් කඩවර දෙවියන්ට පුද සත්කාර කිරීම පුරුද්දක්‌ කරගෙන සිටිති. එහෙත් මෙවර තවම ඒ වත්පිළිවෙත් සිදු කිරීමට ඔවුහු ප්‍රමාද වී සිටියහ. ඒ උත්සව ප්‍රමාද වූ නිසා කඩවර දෙවියන් කලාවැව ඉස්‌මත්තට පැමිණියාදෝ කියා ඇතැම් ගම්මුන් තුළ කුකුසක්‌ මතුව තිබේ. කෙසේ වෙතත් ඉතා කඩිනමින් ඒ වාර්ෂිකව පවත්වන පින්කම සිදු කිරීමට කටයුතු සූදානම් කළ යුතු යෑයි ද ගම්මු පැවසූහ.


    ඇසට නොපෙනෙන ස්‌පර්ශ නොවන අදිසි බලවේගවලට ඇතැමුන්ගේ මනස ඇදී යන්නේ විදුලියටත් වඩා වැඩි වේගයෙනි. විවිධ ගම්මානවල විවිධාකාර ඇදහිලි ක්‍රම, විශ්වාස තිබේ. එහෙත් අපි මේ නොපෙනෙන බලවේගවලට මිථ්‍යාවක්‌ යෑයි නොකියමු. ඒ විවිධ පුද්ගලයන්ගේ සිතුම් පැතුම්ය. අපි නැවත කලාවැව ඉස්‌මත්තේ අද්භූත වස්‌තුව දෙසට හැරෙමු. ඡායාරූප ශිල්පී කීර්තිගේ හඬ තවත් එලෙසින්ම ගලා යයි.


    "සමහර අය කිව්වා කැමරාව ඉස්‌සරහින් කුරුල්ලෙක්‌ ගිහිල්ලා කියලා. ඇත්ත වෙන්න පුළුවන්. කවුරු මොනව කීවත් මට කිසිවක්‌ බැහැර කරන්න බැහැ. මමත් තවම සොයන්නේ මේ වස්‌තුව මොකක්‌ද කියල තමයි. ඒ වගේම තව කෙනෙක්‌ මට මේල් එකක්‌ එවලා අහලා තිබුණා අලින්ව ෆොටෝ ගන්න ගියා නම් හාරදහසෙන් පංගුවකට ෂටර් එක දාගෙන හිටියේ අලි ඔච්චර වේගයෙන් දුවනවද කියලා. කැමරා තාක්‍ෂණය දන්න අයටත් වරදින වෙලාවල් තියෙනවා. මම ඒ වෙලාවේ ෆොටෝ ගන්න භාවිත කළේ "ඇපචෝ පයෝරටි" කාචය. මොකක්‌ හරි හේතුවකින් ෂීධ එක තිබුණෙ 800 කට ගිහින්. ඇපචර් එක 56 ට ගිහිල්ලා තිබුණා. එහෙම වේලාවට Shutter Speed එක තීරණය කරන්න මට බැහැ. ඒ නිසා තත්ත්පරයෙන් හාරදහසෙන් පංගුවකට Shutter Speed තියෙන්න ඇති.


    මේ වස්‌තුව කැමරා කාචයට හසු වී ඇත්තේ කුමන ස්‌ථානයකදීද කියා පළමුව විද්‍යානුකූලව පරීක්‍ෂා කර බැලිය යුතුය. කැලෑවට එපිටින් නම් කොහෙත්ම මේ වස්‌තුව සතෙක්‌ නොවේ. ඒක විශාල වස්‌තුවක්‌ විය යුතුය. වැව් ඉස්‌මත්තේ කැලෑවට මෙපිටින් නම් එය ඇතැම් විට කුරුල්ලෙක්‌ විය හැකිය. මේ වස්‌තුව කැමරාවට හසු කරගත් ඡායාරූප ශිල්පියාට එය විස¹ගත යුතු ගැටලුවක්‌ විය. ඔහු මෙරට තාරකා විද්‍යාඥයන් කිහිප දෙනකුටම අද්භූත වස්‌තුව ගැන පැහැදිලිs කරමින් ඔහුගේ ගැටලුව ඉදිරිපත් කළේය. එහෙත් මෙරට තාරකා විද්‍යාඥයෝ නිරුත්තර වූහ. ඡායාරූප ශිල්පියාට තවමත් සාර්ථක පිළිතුරක්‌ ලැබී නැත.
    අවසන ඔහුගේ හිතවත් ඉංජිනේරු මහත්මයෙක්‌ පොසිටියු ඡායාරූපය නෙගටියු කර පරීක්‍ෂා කළේය. එවිට ඒ වස්‌තුව කැමරා කාචයට හසුව ඇත්තේ කැලෑවට එපිටින් බව පැහැදිලිව පෙනිණි. තව දුරටත් ඒ නිගමනය සාක්‍ෂාත් කරගැනීමේ අදහසින් ඒ ඉංජිනේරුවරයා ඉන්ෆොරෙඩ් කාචයකට එමෙන්ම අල්ට්‍රා කාචයකට ද සම්බන්ධ කර ඡායාරූපය පරීක්‍ෂා කර මෙය කැලෑවට එපිටින් පෙනෙන වස්‌තුවක්‌ බව ස්‌ථිරව නිගමනය කර ඇත. දැන් මේ අද්භූත වස්‌තුව කිනම් හෝ සතෙකු, කුරුල්ලකු නොවන බව පැහැදිලිය.


    "ආරක්‍ෂක අමාHdංශයේ නිලධාරියෙක්‌ මගේ හිතවතෙක්‌ගෙන් මේ ඡායාරූපයේ ඔර්ජිනල් පින්තූරය ඉල්ලගෙන ගිහින් පරීක්‍ෂා කරලා තිබුණා. එතැනදී ඒ නිලධාරීන් දැකලා තිබුණා මේ වස්‌තුවට ඉහළින් තවත් ගෝලාකාර වස්‌තූන් පහක්‌ තිබෙන බව. ඒවා මම දැකලා තිබුණෙ නැහැ. නැවත මම ඡායාරූපය ලොකු කරලා හොඳට බලනකොට එක්‌ ගෝලාකාර වස්‌තුවක්‌ මටත් පෙනුණා. මේ ලෝකයෙන් පිට ලෝකවලට යවන යානා වලටත් ආරක්‍ෂාවට තවත් යානා කිහිපයක්‌ යවනවාලු. බොහෝ විද්වතුන් කියන්නෙ මේ වස්‌තුවට ඉහළින් පෙනෙන අනිත් වස්‌තුන් මේ මව් වස්‌තුවට ආරක්‍ෂාවට පැමිණි එවා කියලයි."


    ඒ වගේම එංගලන්තේ විශ්වවිද්‍යාලයක ගුරුවරයෙක්‌ මට කතා කරලා මේ ඡායාරූපය ගැන විස්‌තර අහලා, අද්භූත වස්‌තුවේ ඔර්ජිනල් පින්තූරයත් බලලා මට කිව්වා සමහර රහස්‌ යානා නිර්මාණය කරන්නේ රේඩාර්වලටත් හසු නොවන ආකාරයට ගණිත ක්‍රමයක්‌ අනුගමනය කරලා කියලා. ඉතිං "පිටසක්‌වල ජීවීන්" අපේ ලෝකයට එනවා නම් ඒ අය අපිට වඩා දියුණු ජීවීන් වෙන්න ඕනා කියලත් කිව්වා. රේඩාර්වලට විතරක්‌ නෙමෙයි තවත් ජීවියකුගේ ඇසට අසු නොවන ආකරයට ගමන් කරන්න ඉතාම දියුණු තාක්‍ෂණයක්‌ ඒ ජීවීන් භාවිත කර ඇති බවත් ඒ ගුරුවරයා කියා සිටියා. ඒත් යම්කිසි පරාසයකදී කෝටියකින් එක්‌ වාරයකදී මේ යානා පෙනෙන්නට පුළුවන් කියලත් පැහැදිලි කර දුන්නා. මගේ කැමරාවට හසු වුණු මේ අද්භූත වස්‌තුවත් පිටසක්‌වල යානාවක්‌ බව ඒ ගුරුවරයා විශ්වාස කරනවා කියලත් කිව්වා."



    ඈත අතීතයේ සිට හඳුනා නොගත් පිටසක්‌වල යානා ගැන (Unidentified Flying Object) ලෝකයේ විවිධ මතිමතාන්තර පැවැති බවට සාධක තිබේ. 1930 ගණන්වලදී පිටසක්‌වල ජීවීන් ගැන සොයාබැලීමට පරීක්‍ෂණ කිරීමට ද ලෝකයේ විවිධ රටවල විද්‍යාඥයන් පටන්ගෙන තිබේ. 1940 ගණන්වලදී ඇමරිකාවේ රොයෙල් ප්‍රදේශයට කඩා වැටුණු යානාවේ පිටසක්‌වල ජීවීන් සිටි බවට මතයක්‌ ද පැතිර ගියේය. එහෙත් එහි සත්‍යතාව ලෝකයට හෙළිදරව් කිරීමට ඇමරිකාව මැලි විය. පසුකාලීනව පිටසක්‌වල ජීවීන් ගැන පුළුල්ව පරීක්‍ෂණ කිරීමට ලෝකයේ විවිධ රටවල විද්‍යාඥයෝ උනන්දු වූහ. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ඔවුහු පිටසක්‌වල ජීවීන් කොටස්‌ දෙකකට බෙදා වෙන් කර හැඳින්විය. ඒ පියවි ඇසට පෙනෙන ජීවීන් හා කැමරා කාචයට හසු වන ජීවීන් කියාය.
    කැමරා කාචයක්‌ යනු අතිශයින්ම සියුම් කාචයකි. එහෙයින්ම පියවි ඇසට නොපෙනෙන බොහෝ දේවල් කැමරා කාචයට හසු විය හැක. එමෙන්ම පිටසක්‌වල ජීවීන් ගැන පරීක්‍ෂණ කරන විද්‍යාඥයන් පවසන්නේ තත්ත්පරයට කිලෝ මීටර් එක්‌ ලක්‍ෂ අසූ හය දහසක වේගයෙන් පිටසක්‌වල යානාවලට ගමන් කිරීමට හැකියාවක්‌ ඇති බවයි. එමෙන්ම ආලෝකයේ වේගයටත් වඩා වැඩි වේගයකින් මේ යානා ගමන් කරන බවද විද්‍යාඥයෝ පෙන්වා දෙති. එසේම මේ යානා විශ්වය තුළ ගමන් කිරීමට "ස්‌පේස්‌ බයින්ඩින් තියරිය" අනුගමන කරන බවද ඔවුහු පෙන්වා දෙති. මේ කරුණු කාරණා ගෙන සලකා බලන විට කලාවැව් ඉස්‌මත්තේදී කැමරාවට හසු වුණු මේ අද්භූත වස්‌තුවද පිටසක්‌වල යානාවක්‌ යෑයි පැවසීමට නොහැකිද?


    මේ පිටසක්‌වල යානාවක්‌මයි කියා අපි මොහොතකට සිතමු. එසේ නම් මේ යානාව කෙසේ හෝ අපි හඳුනා ගත්තේ යෑයි කියා ලාංකිකයන් වශයෙන් අපි ආඩම්බර විය යුතුය. එමෙන්ම මේ ලෝකයට එන්නට තරම් ඒ ජීවීන්ට කොතරම් දියුණු මනසක්‌ තිබිය යුතුද? මේ සා දියුණු ජීවීන් කොටසක්‌ පෘථිවියට පය ගැසීමට ලංකාව වැනි රටක් තොරාගත්තේ කිමද?

     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    1505187_857030444336841_1896262422712150151_n.jpg



    රාවණ සැබෑවක් ද?

    කාලෙකට පස්සේ ගහයට බංකුවට වෙලා ටිකක් සැනසිල්ලේ උඩ බලාගෙන හිටියා. එක පාරටම මහා දෙදරුම් හඬක් එක්ක මගේ ඉහට උඩින් හෙලිකොප්ටරයක් ගියේ රත්මලාන ගුවන් තොටුපළේ ගොඩබාන්න වෙන්න ඕන. ඒ එක්කම ඊයේ පෙරේදා ආචාර්ය සූරිය ගුණසේකර මහත්තයාගේ ඓතිහාසික රාවණ කෘතියට ගිය දවස මතක් වුණා. පුෂ්පක විමන ගුවන් යානයද හෙලිකොප්ටරය ද? විශ්ව කර්මද රයිට්ස් සහෝදරයොද? වර්තමානයෙන් අතීතයට ඇදෙන හිතට නවතින්න තැනක් සොයා ගන්න බැහැ වගේ. මම ආයෙත් දුවගෙන ගිහින් පොතේ මට අවශ්‍ය පරිච්ඡේද කීපයක් එක හුස්මට කියෙව්වා.ඒ එක්කම මට මතක් වුණේ පොත එළි දැක්වීමේදී දේශනාවල කියැවුණු දේ. මහාචාර්ය රාජ් සෝමදේව මහත්තයා කී විදිහට විජයාවතරණයට අවුරුදු දෙදහකටත් එහා ගිය මානව ඉතිහාසයක් දැන් අපේ රටෙත් හමුවෙලා තියෙනවා. යකඩ සොයාගත් මිනිස්සු පිරිසක්, ආදාහනාගාර භාවිත කළ පිරිසක්, යමක් දැවෙන්න වාතය වුවමනාබව දන්න ඒ නිසා මැටියෙන් කළ ආදාහනාගාරවලට වායුව ලැබෙන ටෙරාකොටා බට දාලා හදන්න තරම් දැනුමක් තිබූ පිරිසක් ඒ කාලේ ඉඳලා තිබෙනවා.ලංකා ලංකා පෙම්බර ලංකා ගීතයේ බලිතරු රාවණා ගැමුණු විජය බා කියලා ලියලා තිබුණත් දඬු මොනරේ ගැන කොතරම් අහලා තිබුණත් රාවණ කියලා රජකු හිටියාය කියලා හිතන්නවත් තරම් උවමනාවක් ඇතිවෙන්න ඒ ටික ප්‍රමාණවත් වුණේ නෑ. යටත් විජිත මානසිකත්වයෙන් මිදෙන්න බැරිව ගුණසේකර මහත්මයාගේ ම වචනෙන් කීවොත් කළු ඇඟක් සහ සුදු හිතක් තියෙන අපිට ඉගෙන ගන්න ලැබුණු ඉතිහාස රාමුවෙන් එහාට ලෝකයක් තිබුණද කියලා හාංකවිසියක්වත් ඇති වුණේ නැද්ද ඇති කළේ නැද්ද කියලත් සැකයි.අනික අපි දැන් පුරුදුවෙලා තියෙන්නේ විද්‍යාත්මකව ඔප්පු කරල පෙන්වන දේවල් ම පිළිගන්නනේ. නැත්නම් අපේ උගත්කම පිළිබඳ ප්‍රශ්නයක් අනිත් අයට ඇතිවෙයිද කියලත් බයයිනේ.

    ඒ වුණාට රස වෙදකම, පිරමිඩ දේවාලයේ අවුරුදු 4500 ක් පැරණි ගුවන් යානාවක මැටියෙන් අඹන ලද රූපය, රාම රාවණ යුද්ධය පිළිබඳ කතා ප්‍රවෘත්ති, නහුත රජුට බින්දු විසි හතකින් ලියැවෙන සංඛ්‍යාව දක්වා ගුණ කිරීමට තිබූ හැකියාව, පුෂ්පක හෙවත් දඬු මොනර යානයේ තිබුණේ යැයි කියන රසදිය සහිත ඇන්ජිම ඇමෙරිකානුවෝ මර්කරි වෝටෙක්ස් ලෙස අත්හදා බැලීම, ආලෝක ධාරා මඟින් රාමාගේ යුද හමුදාවට පහර දුන්නේ ලේසර් තාක්‍ෂණය රාවණා යුගයේ තිබූ නිසාද යන සැකය, සූර්ය ශක්තියෙන් වැඩ ගැනීම, ගගනගාමින්ගේ ඇඳුම් සකසන ක්‍රම අහ්! මෙකී නොකී එකී කතා තවත් සුරංගනා කතාවක්ම යැයි කියන්නට තරම් ළඳ බොළඳ වීමට ද අපට හැකියාවක් නැහැ. අනෙක සාක්කි තියෙන දේවල් පවා බොරුය කියලා අපේ ඉතිහාසයට ලැබිය යුතු ගෞරවයක් තියෙනවා නම් ඒක නැති කරන්න අපට තිබෙන අයිතිය මොකක්ද? ඒ වගේම ඒ ගෞරවය හිමි කර ගන්න පර්යේෂණ කරන්න ප්‍රමාණවත් ප්‍රතිපාදන නැති කමත් ප්‍රශ්නයක්.සමහර ගැමියෝ අදටත් කියන කතා මෙච්චර කාලයක් පවතින්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕනෑ නැද්ද? අතට හසුනොවෙන, ඇසට නොපෙනෙන, අපට හිතාගන්න අවබෝධකර ගන්න බැරි හැමදේම මිථ්‍යාවක් ද? ඇයි එතකොට කවුරු හරි ලියූ කියූ පමණින් අපට අහන්න තිබෙන ඉතිහාසයම විශ්වාස කළ යුතුම ද? ඒවා කවදා කොහොම වෙනස් වුණාද වෙනස් කෙරුණාද වෙනස් කළා ද අපි දන්නේ කොහොමද? හැම යුගයකම මේ රට ආක්‍රමණය කරගන්න දඟලපු විදේශිකයන් කළේ අපේ ඉතිහාසය වළලලා සංස්කෘතිය විකෘති කරලා සභ්‍යත්වය අකාමකා දාලා නන්නත්තාරගත වෙච්ච පිරිසක් තමන්ට ඕන විදිහට රූකඩ වගේ නටවලා අපේ තියෙන දැනුම, සම්පත් හූරාකන එක. බලවන්තයාට විරුද්ධවෙලා තමන්ගේ වරිගෙ නහගන්නේ මොකටද කියලා අනිත් උන්දලත් වැල යන අතට මැස්ස ගහගෙන ඉන්නවා.රාම කියලා කවුරු හරි හිටියා නම් රාවණ කෙනෙක් හිටියා ය කියන්න අකැමැති වෙන එකත් පුදුමයක් තමයි. සීතාට එච්චර කාලයක් කිසි අනතුරක් නොකර තියාගන්න ඒ රාවණ කොයිතරම් දැමුණු කෙනෙක් වෙන්න ඇද්ද?පරිච්ඡේද ටික කියවලා ඉවර වෙද්දි මගේ හිස බරයි වගේ දැනුණා. අන්තිමට ගුණසේකර මහත්තයා කියන කතාව අහල බය හිතුණා. ඇත්තටම ඒ කියනවා වගේ එක එක යුග අවසාන වුණ ආකාරයට අප මේ ගත කරන ඉලෙක්ට්‍රොනික යුගය අවසානයේ සිදුවන්නේ කුමක් ද? තවමත් විද්‍යාඥයන් ඒ ගැන හරියට හිතූ බවක් පේන්න නෑ. අපේ කාලෙදිම ඒ කියන්නේ තව අවුරුදු හතළිහකින් විතර ෆොසිල ඉන්ධන ඉවර වෙන්න නියමිතයි නම්, ලෝකයේ සිදුවන දේශගුණික විපර්යාස එක්ක මහා ව්‍යසනයක් සිදුවී මේ කාර්මික වාණිජ යුගය බිඳ වැටුණොත්, යළි නිෂ්පාදන ආර්ථිකයකට ලෝකය යොමු වෙද්දි සම්පත් නොතිබුණොත්, ආර්නල්ට් ටොයිම්බිගේ “ඉතිහාසය නැවත සිදුවේ” යන න්‍යාය ක්‍රියාත්මක වුණොත් අපට යළි මුල සිටම පටන් ගන්නට සිදු වෙනවා නේද? ඒ ආරම්භය සිදුවන්නේ සූරිය ශක්තිය භාවිත කරන යුගයක ආරම්භයක් ලෙස නම් රා හෙවත් සූර්යයා වණ හෙවත් පිරිස ලෙස ගුණසේකර මහතා කියන හිරු පිරිසක් සහිත යුගයක්!”සරාස් ඩුග්”පොල් අත්තක් ගහමුලට වැටුණා. මම ආයෙත් ඒ පරිච්ඡේදය මුල ඉඳන් කියවන්න ගත්තා.

    අරුණි මුතුමලීඋපුටා ගැනීම
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මේ සැබැවින්ම පරාක්‍රමබාහු රජු ද? පුලස්ථි සෘෂිවරයා ද?

    පොළොන්නරුවේ පොත්ගුල් විහාර පරිශ්‍රයේ ඇති මෙම ප්‍රතිමාව ලොකු කුඩා සෑම කෙනෙක්ම දැක ඇතුවාට සැක නැත. බොහෝ දෙනා මෙම ප්‍රතිමාව හදුන්වන්නේපරාක්‍රමබාහු රජුගේ ලෙස වුවත් සැබැවින්ම මේ සිටින්නේ පුලස්ති සෘෂිවරයා බව දැන් හදුනාගෙන ඇත.නමුත් කණගාටුවට කරුණක් වන්නේ තවමත් පාසල් පෙළපොත් වල මෙම ප්‍රතිමාව සැළකෙන්නේ මහා පරාක්‍රමබාහු රජු ගේ ලෙසය. තවද, පොලොන්නරුවේ මෙම ප්‍රතිමාව ආසන්නයේ මෙම පිළිරුව ගැන හැදින්වීමේ පුවරුවක් සවි කර ඇත.එහි සදහන් වෙන්නේ මෙසේය,

    පොත්ගුල් විහාර ප්‍රතිමාවආසියානු කලාවේ විශිෂ්ට නිදර්ශණයක් ලෙස පොත්ගුල් විහාර ප්‍රතිමාව සලකනු ලැබේ. මෙය මහා පරාක්‍රමබාහු රජතුමාගේ ( ක්‍රි.ව. 1153 - 1186) ප්‍රතිමාවක් බව සම්ප්‍රදායානුකූල පිළිගැනීමයි. එහෙත් ඇතැම් විද්වතුන් අදහස් කරන්නේ මෙයින් පුලස්ති, අගස්ත්‍ය හෝ කපිල යන සෘෂිවරයන් අතරින් කෙනෙකු නිරූපනය වන බවය. මෙම ප්‍රතිමාවේ දක්නට ලැබෙන එක් විශේෂත්වයක් වන්නේ එහි දෑතින් දරා සිටින වස්තුවයි. එය ග්‍රන්ථයක් බවත්, ඉන් එය දරා සිටින්නාගේ පාණ්ඩිත්‍යය නිරූපනය වන බවත් බොහෝ දෙනාගේ අදහසයි. එහෙත් එයින් විය ගසක් නිරූපනය වන බවත් එය රාජ්‍යත්වයේ සංකේතයක් බවටත් අදහසක් ඉදිරිපත් වී තිබේ.

    මේ සිටින්නේ පළමුවන පරාක්‍රමබාහු රජු යැයි සිතමු. ඔහු අතේ දරා සිටින්නේ විය ගසක්, එය රාජ්‍යත්වයේ සලකුණක් යැයි සිතමු. පරාක්‍රමබාහු රජු දවස අපේ රට කෘෂි කර්මාන්තයෙන් සශ්‍රීක වූ බව ඉතිහාසයේ සදහන් වේ. ඒ අනුව නම්, ඔහු විය ගසක් අත දරා සිටීමෙන් කෘෂි ආර්ථික පසුබිම පෙන්නුම් කරනවා වන්නට පුළුවන්. නමුත් මේ ප්‍රතිමාව හොදින් නිරීක්ෂණය කලොත් රජ කෙනෙකු ගේ ස්වභාවය පෙන්නුම් කරන්නේද යන්න ගැන ප්‍රශ්ණ කිහිපයක් මතු වේ. ඔහුගේ ඇදුම් හා පැළදුම් ගැන අවධානය යොමු කිරීමේදී රාජකීයයන් පළදින කිසිදු ආභරණයක් පැළද නැත. වම් උරය හරහා නූලක් පමණක් පැළද ඇත. රජ කෙනෙකු සතු ගාම්භීරත්වය, ප්‍රෞඩත්වය පෙන්නුම් නොකෙරේ.

    එසේනම් මේ සිටින්නේ පුලස්ති සෘෂි ද කියා විමසා බලමු. පුලස්ති යනු සුප්‍රකට රාවණ රජු ගේ සීයා ලෙස සැළකේ. ජ්‍යොතිශය, ආයුර්වේදය යනාදියෙහි ප්‍රවීණයෙකු වූ පුලස්ති සෘෂිවරයා මෙම ප්‍රදේශයේ ඔසු උයනක්ද පිහිටුවා තිබූ බව කියැවේ. පුලස්ති සෘෂිවරයාට අයත් බල ප්‍රදේශය මෙය බවත්, ඔහුගේ මාලිගාවක්ද මෙහි තිබූ බවත් සදහන් වේ. පුලස්ති පඩිවරයාගේ ප්‍රදේශය පුලතිසිපුර වූ බවත්, එය පසු කාලීනව පොලොන්නරුව වූ බවත් සදහන්ය. එසේ නම් මේ ප්‍රතිමාව බොහෝවිට පුලස්ති සෘෂිවරයාගේ විය යුතුය. එයට හේතු කාරණා කිහිපයක්ම ඇත. මොහු අතේ දරා ඇත්තේ පුස්කොල පොතක් ලෙස සිතිය හැක. පිලිමයේ ප්‍රමාණය අනුව අතේ දරා සිටින්නේ පුස්කොල පොතක් විය යුතුය. විය ගසක් නම් මීට වඩා ප්‍රමාණයෙන් විශාල විය යුතුය. ඇතැම් විද්වතුන් පවසන්නේ මෙය අර්ක ප්‍රකාශ නම් ග්‍රන්ථය බවයි.

    වියගසක් යැයි පවසන ග්‍රන්ථය

    රාජාභරණ කිසිවක් නැති, උඩු කය හරහා නූලක් පමණක් පැළද සිටින මොහු රාජකීයයෙකුට වඩා පඩිවරයකුගේ ලක්ෂණ පෙන්නුම් කරයි. දික්ව වැවුනු රැවුල, උස්ව බැද ඇති කොණ්ඩය, ළඹ සවන් යුගල ආදී ලක්ෂණ මත මෙය සෘෂිවරයෙකුගේ පිළිරුවක් බව සිතිය හැක.
    මෑත කාලීනව සොයාගත් අන්දමට මෙම ප්‍රතිමාවේ පිටුපස පුලසත නමින් අක්ෂර කොටා ඇත. එම අක්ෂර පසු කාලීනව කෙටූ ඒවා බව සිතිය හැක. මෙම අකුරු ප්‍රතිමාවේ පිටුපස, වම් පැත්තෙන් ඉහළට වන්නට ඇත. ඒ අනුව මෙය පරාක්‍රමබාහු රජුගේ නොව පුලස්ති පඩිවරයාගේ පිලිරුවක් බව සාධක සහිතව පිළිගත හැක.



    10351599_857030054336880_71590745533357151_n.jpg
    10676194_857030071003545_4966346785430477591_n.jpg
    532922_857030057670213_300745655041488929_n.jpg
    1965062_857030061003546_7581657679617453661_n.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    රාවනා රජුගේ ඥාති පරපුර


    පුලස්ති
    රාවණා රජුට පරම්පරාවක් හා ඥාතීන් සමුහයක් ඇත්තා සේ ප්‍රධාන චරිතයන් වන රාමා, සීතා,ලක්ෂ්මන,හනුමන් යන අයට පරපුරක් හෝ ඥාතීන් නොමැත.එමෙන්ම රාවණා රජු මින් වසර අට දහසකට හෝ පෙර සිටි බවට ආයුර්වේද ඉතිහාසයේ සදහන්ය.නමුත් රාම කුමරු සිටි අයෝධ්‍යාව ජනාවාසයක් වී ඉතිහාසයට එකතුවන්නේ භාරතීය සොළොස් මහා ජනපද යුගය වූ ක්‍රී. පුර්ව 8වැනි සියවස පමණ කාලයෙදීය.ඒ අනුව අයෝධ්‍යාවේ රාම කුමරුවකු හා ලංකාපුරයේ රාවණා සමකාලීන නොවන්නේය. රාම කුමරු විෂ්ණුගේ හයවැනි අවතාරය බව රාමායනයේ සදහන්ය.සීතා ඕපපාතිකව (මවක හා පියෙකු නැතිව) නඟුල් මිටෙන් ඉපදුනි.ලක්ෂ්මණ දසරථ රජුගේ පුතෙකු පමණි.හනුමන් වඳුරෙකි.රාමා හා ලක්ෂ්මණ සරඟු ගඟට පැන දිවි නසාගති.සීතා පොළොව පැළුණු විවරයට පැන දිවි නසාගති.සීතාගේ දරුවන් වූ ලව හා කුස ගැන රාමායණ කතෘ කියතුදු ඕපපාතික ගැහැනියකට දරුවන් ලද නොහැක.ඇයද රාමා මෙන්ම අවතාැයක් හෝ මායාවක් පමණක් විය හැක.දෑත් දෙපා හා වල්ගය සහිත හනුමන් ගැන කතා කළ යුතු නැත.එබැවින් මනුෂ්‍ය බව හා ඓතිහාසික බව සනාථවන රාවණා ඥාති පිරිස් ගැන සීමිත තොරතුරු පහත දැක්වේ.


    පුලස්ති : පුලස්ති නුවර ලෙස හදුන්වන ලද වත්මන් පොලොන්නරුව තම මධ්‍යස්ථානය කරාගෙන විසුවේ පුලස්ති සෘෂිවරයාය. වා,පිත්,සෙම් ලෙස දක්වන ත්‍රිදෝෂ න්‍යාය වෛද්‍ය විද්‍යාවට හදුන්වා දුන්නේද,හිමාලයේ පැවති ලොව ප්‍රථම වෛද්‍ය සම්මේලනයේ සභාපතිත්වය දැරුවේද පුලස්ති බව සුශ්‍රැත සංහිතාව නමැති ආයුර්වේද ග්‍රන්ථය පවසයි.බ්‍රහ්මගේ මානස දරුවන් (ශිෂ්‍යයන්) 7 දෙනා අතුරින් එක් අයකුවන මොහුගේ විශේෂඥතාව වෛද්‍ය විද්‍යාව විය.එම පරම්පරාවට අයත් හැම සෘෂිවරයෙකුටම ඖෂධ වනයක් වු අතර පුලස්තිගේ බෙහෙත් වත්ත පිහිටි ස්ථානය ගැන මතභේද ඇත.අනුරාධපුර වෙස්සගිරියේ පිහිටි තෘණබින්දු (තණචොඩග) ඍෂිගේ අසපුවේ බහන වඩද්දී තෘණ බින්දු ඍෂිගේ දියණි"හවිර්ගු" පුලස්ති නිසා ගැබ්ගති.එම දරුවා විශ්‍රවස් මුණි වේ.මේ අනුව රාවණාගේ සීයා පුලස්ති ඍෂිවරයාය...........................



    විශ්‍රවස් මුණි
    රාජ්‍යත්වය හිමි වුවද ඔහුගේ පාලන මධ්‍යස්ථානයක් ගැන අසන්නට නැත.ඉහත සදහන් පුලස්තිට දාව හවිර්ගු කුසින් බිහි විය.විසව (විශ්‍රවස්)ගැන සදහන් සෙල්ලිපියක් වෙස්සගිරියේ ඇත.පාතාල රාජ්‍යය හා නිරය (පොළොව යට)වෙසමුණිට අයත් බවත් වෙසමුණි රජුගෙන් වරම් ලැබ අවුත් ගංගා විල් පොකුණු පාලනය කළ දිය රකුසන් හා යකුන් ගැන බෞද්ධ සාහිත්‍යෙයේ අසන්නට ඇත.ජල පාලනයක් වෙසමුණි විසින් කරන්නට ඇති බවට මේ අනුව අනුමාන කළ හැක.රාවණා රජු වෙසමුණිට දාව උපන් අයෙකි.සතරවරම් දෙවියන් අතුරින් ඔහුද අයෙකු බවට (වෛශ්‍රවණ)බෞද්ධ සාහිත්‍යයේ කියවේ.
    මන්දාත නොහොත් දේවයානි
    රාවණාගේ මව් පාර්ශවයේ සීයාගේ මවයි.බලි රජුගේ සමයේ ශක්‍ර නොහොත් දේව අධ්‍යාපනයේ ප්‍රධානියා දේවයානිගේ පියාය.විෂ්ණු දෙවියන් වාමනක (අඟුටු මිට්ටා)අවතාරයෙන් අවුත් උපායෙන් බලි රජු පැහැරගෙන ඉන්දියාවට ගෙන ගිය විට ඊට විරුද්ධව සටන් කිරීමට හමුදාවක් හෝ යුද ශිල්පය හෝ යුද අවි නොවීය.මින් සංවේගයට පත් දේවයානී කාශ්‍යප මුණි වෙත ගොස් දරුවන් තුන් දෙනකු ලද්දීය.ඔවුන් මාලී,සුමාලී හා මාල්‍යවන්ත ලෙස දැක්වේ.එම දරුවන්ට යුද ශිල්ප හා ගුවනින් ගොස් පහරදීම (බොම්බ දැමීම) ඇය පුහුණු කළාය.පත්තිනි හා කාලි ලෙසද දේවයානි හැඳින ගැනීම සිදුවේ.පියාවන ශක්‍ර විසින් ඇත ! ඇත ! ඇත ! යනුවෙන් තුන්වරක් පවසා ඇගේ ගුවන් ප්‍රහාර නවත්වාගත් ස්ථානය ඇතැන්ස්ය යනු (මේ ග්‍රීසියේ නොව වයඹ ඉන්දියාවේය)හින්ඳු පුරාකතාවයි.

    සුමාලී

    දේවයානිගේ දරුවන් තිදෙනා අතුරින් එක් අයෙකි.මහින්දපුර නොහොත් වැඩහිටිකන්ද ඔහුගේ මධ්‍යස්ථානය විය.රාවණා රජුගේ මවගේ පියා සුමාලි රකුස් රජුය.ඉන්ද්‍ර දේශයේ ඉන්ද්‍ර රජුගේ පුත් "ජයන්ත" කුමරු පැහැරගෙන ඒම නිසා ඊට දඬුවම් කිරීමට ඉන්ද්‍ර රජු විසින් මහා දේව සේනාවක් සමග කතිර කුමරු එවීය.ඔහු විසින් සුමාලි පරාජය කර මරා ජයන්ත කුමරු ආපසු යවා කතිරගම ඇත්කර එහි පාලනය කළේය.මේ කන්දේ කුමරු (කඳ කුමරු) හා කතරගම මහසෙන් ලෙස සැලකේ.

    මාල්‍යවන්ත
    සිංහමුඛ නමින්ද හඳුන්වන දේවයානි පුතකු වන මොහුට පාලනයට පුරයක් නොවීය.රාවණ රජගේ මවගේ (කෛසී) පියාවන සුමාලිගේ සහොදරයෙකි. විශ්වකර්ම නොහොත් "මය" විසින් ලංකාපුරය හා පුෂ්පක යානය සාදා දුන්නේ මාල්‍යවන්ත කුමරු සඳහාය.කතිර කුමරු සටනට ආ විට මාල්‍යවන්ත විසින් ලංකාපුරය හා පුෂ්පක යානය හැරදමා පලා ගියේය.ඉන්පසු ඔහු නැවත ආපසු නො ආවේය.


    කෛකසී බිසව
    රාවණා රජුගේ මව වන මැය සුමාලී රකුස් රජුගේ දියණියකි. පුෂ්පෝත්කටා යනුවෙන්ද ඇය හැදින්වේ.උත්තම දරුවන් ලැබීම සදහා රජවරුන් විසින් තමන්ගේ දියණිවරුන් හා බිසෝවරුන් ඍෂිවරුන් හා මුණිවරුන් වෙත යැවීමේ මෙකල සම්මතයට අනූව සුමාලී රජුද තම දියණි කෛකසී කුමරිය යවන ලද්දේ අති බලවත් විශ්‍රවස් මුණි වෙතටය.කෛකසී මෙසේ වශ්‍රවස් මුණිට දාව රාවණා පමණක් නොව කුඹුක්කන් හා සුපර්ණකා කුමරියද ලදුවාය.ඉසුරුමුණි පෙම් යුවළ යනු විශ්‍රවස් හා කෛකසී බවටද මතයක් ඇත.කතරගම අසල පිහිටි "නිල්මල් පැලැස්ස" ඇයගේ පදිංචි ස්ථානය බවට ජනප්‍රවාදයක් එහි ඇත.


    මන්දෝදරී

    රාවණා රජුගේ බිසවයි.ඇය ඉතා රූමත් බව හා උස මහතින් යුතු බවද ජනප්‍රවාදයේ එයි.රාවණා රජු වෙත ඉමහත් සෙනෙහසින් යුතු ඇය රජුගේ සියළු රහස් දැන සිටියාය.රාවණායන් මැරිය හැකි ආයුධ තුන හා ඒවා තබා තිබුණේ වේරම්බ වාතයේ බව දැන සිටියේ මන්දෝදරී හා විභීෂණ පමණි.රාවණා රජුගේ මරණින් අසරණ වූ නිසා අනතුරුව රාජ්‍යත්වයට පත් විභීෂණ විසින් ඇය පාවා ගැනීම සිදුවිය.


    සුපර්ණකා
    රාවණා රජුගේ සහොදරිය වේ.සුපර්ණකා යන්නෙහි අර්ථය දිගු නිය ඇත්තිය යන්නයි.ඇය විවාහ වී සිටියේ විද්‍යුත්ජීව සමගයි.හෙළදිවින් ගිය වීරඡන්ත කුමරු (ප්‍රාලද රජුගේ පුතා) විසින් ඇති කළ දකුණු ඇමෙරිකාවේ පාතාල ශිෂ්ටාචාරය මෙවක ස්වාධීනව සිටි නිසා එය යුධ කර යටත් කර ගැනීමට රාවණා විසින් යැව්වේ විද්‍යුත්ජීවය.නමුත් ඔහු පරාජය මරණයට පත්කරන ලදී.වැන්ඳඹු වූ සුපර්ණකා දණ්ඩකාරණ්‍යයේ පාලනය සඳහා යවන ලදී.ඇයගේ රාම කුමරු සමග ගැටුම ඇති වුණේ එහිදීය.රාමායණය පවසන පරිදි තවුස් ඇඳුම්වලින් සැරසී දුනු ඊතලද රැගෙන සිටි රාම ඇතුළු තිදෙනාට ඇය විසින් ප්‍රකාශ කර ඇත්තේ තවුස් ඇඳුම් ඇඳ සිටියද දුනු ඊතල දරා සිටීමට දණ්ඩකාරණ්‍යයේ අවසර නැති බැවින් දුනු ඊතල බැහැර කිරීමට හෝ නොහැකි නම් දණ්ඩක වනයෙන් ඉවත් වී යාමටය.ඊට උරණ වූ ලක්ෂ්මණ ඇයගේ නාසය කපා ඇත.මෙම සිද්ධිය සීතාව පැහැරගෙන යාමටත් අනතුරුව මහා රාවණ - රාම යුධයටත් හේතු වූ බව රාමායණයේ එයි.

    විභීෂණ

    විශ්‍රවස් මුණිට දාව උපන් රාවණ රජුගේ සහොදරයෙකු වන අතර රාම - රාවණා යුද්ධයේදී තම සොහොයුරාට විරුද්ධව රාම කුමරුන්ට ආධාර කළ අයෙකු ලෙස වභීෂණ හැඳින්වේ. මරණයෙන් පසු දේවත්වයට පත් කරන ලද විභීෂණගේ මධ්‍යස්ථානය කැළණිය වේ.මේ වත්මන් කැළණිය නොව නැගෙනහිර වෙරළෙහි හැඩ ඔය මුහුදට වැටෙන ස්ථානය අසල තිබී මුහුදට ගිලීගිය කැළණියයි.කොළඹට නුදුරු වත්මන් කැළණි විහාරය ගොඩනංවන ලද්දේ පොළොන්නරු යුගයේ විසූ "කලාණවතී බිසව" විසිනි.ලංකාවේ බටහිර වෙරළ ආශ්‍රිතව රාවණ රජුගේ සම්බන්ධතා නොවීය."රා"සහ "රෝ" යනු ඉරට ඇති නම්ය "රෝ +හණ"(රුහුණු) දේශය නැගෙනහිර හිරු පායන දිශාවෙහි ඇත. සූර්ය ශක්තියෙන් වැඩගත් රාවණ කිසි විටකත් බටහිර වෙරළට සම්බන්ධ වීමට නුපුළුවන. විභීෂණද එසේමය. රා+වණ යන්නෙහි අර්ථයද හිරු කණ්ඩායම (සුර්ය වංශය) නිසා රාවණ දේශ්‍ය නොහොත් සූර්ය වංශයේ දේශය රොහණ දේශය වූවාද විය හැක.රාවණ රජු මිය යාමෙන් පසු විභීෂණට ලංකා රාජ්‍යය ලබාදීම රාම කුමරුන් විසින් කළ බව රාමායණය පවසයි.නමුත් කාෂ්මීර රාජ වංශය දක්වන "රාජතරංගනිය" පවසන්නේ එරට රජ පෙළපත ඇරඹෙන්නේ විභීෂණගෙන් බවය.

    කුඹුක්කන්

    රාවණ රජුගේ සොහොයුරකු වන අතර වාරිමාර්ග සහ කෘෂි විශේෂඥයෙකි.කුඹුක්කන් ඔය ආශ්‍රිත ප්‍රදේශය ඔහුගේ බල ප්‍රදේශය වූ අතර කුඹුක්කන් අමුණ මගින් ගංගා ජලය ලබාගෙන "මහවෙල්යාය" අස්වද්දන ලද බව පාරම්පරික ඉතිහාසයේ එයි.මෙම අමුණ වෙඩි දමා විනාශ කරන ලද්දේ 1818 දීය.ඒ 1818 වෙල්ලස්ස නිදහස් අරගල සටනට බත සැපයීම මහවෙල්යායෙන් සිදුකරන ලද නිසාය.එම කුඹුක්කන් ඔය ආශ්‍රිත එම පෙදෙස භූමියේ ජනාවාස ඉවත් කර වනාන්තරයට යට කරන ලද්දේ යාල අභයභුමිය ඇති කිරීම මගිනි.කුඹුක්කන් භාවනා කිරීමට පුරුදු වූ අයකු වීම වාල්මිකී විසින් උපහාසයට ලක් කළේ බඩ පැලෙන තුරු ආහාර අනුබව කර හය මාසයක් නිදාගන්නා බව කීමෙනි.වැව් ශිෂ්ඨාචාරය තුළ පුරාණයේදී අප අවුරුද්දේ වැඩ කළ මාස ගණන එකතු කළ විට හයක් වේ.ඉතිරි හය මාසය විවේක කාළය විය.පන්සල අවශ්‍ය වූයේ එම විවේකය දහම ඇසුරින් ගත කිරීමටය.දිය පාරවල් අසළ කුඹුක් පැළ වගා කිරීම ඔහු විසින් අරඹන ලද බවත් වැල්ලවාය මොනරාගල අතර පිහිටි "කුඹුක්කන" ඔහුගේ මධ්‍යස්ථානය බවත් පාරම්පරික ජන ඉතිහාසයේ කියැවේ.


    මය(විශ්වකර්ම)

    බෞද්ධ හා හින්දු සාහිත්‍යයන්හි සදහන්වන අසමසම සිවිල් ඉංජිනේරුවා මය නොහොත් විශ්වකර්ම වේ.ගොඩනැගිලි හා නිර්මාණ මවන්නකු ලෙස ඔහු හැදින්වේ.මරණයෙන් පසු දේවත්වයට නංවන ලද ඔහු විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාය.මය+තොට නොහොත් මාතොට (මන්නාරම) ඔහුගේ මධ්‍යස්ථානය විය.මාතොට වරායේ වූ වානේ කුලුන සහිත බලකොටුව මයගේ නිර්මාණයකි."මය මතය" නමැති කෘතිය ඔහු විසින් සම්පාදනය කරන ලද ගොඩනැගිලි ඉදිකිරීම ගැන කෘතියයි.මන්දෝදරී ඔහුගේ දියණිය වන අතර රාවණා රජු ඇය විවාහ කරගති.මෙනිසා "මය" වනාහි රාවණ රජුගේ මාමණ්ඩිය වෙයි.ලංකාපුරය හා දඬුමොනර යන්ත්‍රය නිර්මාණය කරදුන්නේ විශ්වකර්ම විසිනි.ඒ මාල්‍යවන්ත (සිංහමුඛ) කුමරු සඳහාය.


    කු‍වේර
    විශ්‍රවස් මුණිගේ බිසවගේ පුතකු වන කුබිර නොහොත් කුවේර රාවණාගේ ඥාති සහොදරයෙකි.කතිර කුමරු සටනට එන විට මාල්‍යවන්ත කුමරු ලංකාපුරය හැරදමා පැනගිය විට එය අරාජක විය. එවිට විශ්‍රවස් මුණි විසින් කුබිර එහි රාජ්‍යත්වයට පත් කළේය යනු රාමායණ ප්‍රවෘත්තියයි.එයම ජනප්‍රවාදයෙන් සනාථ වේ.නමුත් මව් පාර්ශවයෙන් ඊට ඉහත පරම්පරාවේ සුමාලි රජුගේ සොහොයුරු මාල්‍යවන්තගේ රාජ්‍යය වූ ලංකාපුරයේ හිමිකම කෛකසීගේ පුත් රාවණාටය.එබැවින් රාවණා විසින් උපාය මාර්ගයෙන් කුවේර ලංකාපුර හිමිකමින් ඉවත් කර ලංකාවෙන් පිටත කෛලාශයට යවන ලදී.කුවේර යනු ධන සම්පත් අසීමිත ලෙස හිමි අයෙකි.වර්ථමානයේ "බහිරව" ලෙස අප විසින් පූජා පවත්වන්නේ ඔහුටය.පොළොව යට ඔහුට අයත් නිසා නිධන් ගැනීමට හා ගෙවල් තැනීමට බහිරව පූජා පැවැත්වේ.ලංකාවේ බහිරව රූපය දකුණු ඇමේරිකාවේ පාතාල (ඉන්කා) ශිෂ්ඨාචාරයේද ඇති නිසා කෛලාශයට නොව කුවේර පාතාලයට ගිය බව බටහිර මානව විද්‍යඥයන් ඇතැම් අය පවසති.

    ඉන්ද්‍රජිත්
    රාවණ රජුගේ පුතුන් අතුරින් වැදගත්ම හා යුද දක්ෂතම අය ලෙස රාමායණයෙහි ඉන්ද්‍රජිත් දක්වයි.මේ ඝනද නම් මොහු දිව්‍ය ලෝකයට ගොස් ඉන්ද්‍ර ජය ගැනීම නිසා "ඉන්ද්‍රජිත්" නම් විය.රාම-රාවණ යුද්ධයේදී හඳට ගමන් කර වළාකුළුවලට මුවාවෙමින් හඳෙහි සිට අලෝක ශර (ලේසර් අවි) මගින් රාම හමුදාවට පහරදුන් බව රාමායණයේ කියැවේ.ජනප්‍රවාදයේද "දේවතා එළි" නොහොත් වේගයෙන් දිවෙන ආලෝක ධාරා ගැමියන් විසින් හදුන්වන්නේ "රාමසැර" නොහොත් රාමාට එල්ල කළ ශර ප්‍රහාර ලෙසටය.මෙම ව්‍යවහාරය රාවණ යුගයේ සිට ආවකි.


    දුම්රක් (ධූමරාක්ෂ)

    දිඹුලාගල තම මධ්‍යස්ථානය කරගෙන විසූ ධූමරාක්ෂ සෙනෙවියා රාවණා රජුගේ මවගේ ඥාති සොහොයුරෙකි.කුවේර වෙතින් ලංකාපුරය ආපසු ලබාගැනීම සදහා සටන් කිරීමකින් තොරව උපායමාර්ග යෙදවූයේ ඔහු බව පානම් පත්තුවේ ජනප්‍රවාද පවසයි.ලංකාපුරයෙන් ඉවත් කරන ලද කුවේර අනිතිමට සීගිරියට සීමා කරන ලදී.විශ්‍රවස් මුණිද සිවගිරියේ විය.අන්තිමට අන්තිමට රාවණ විසින් කුවේර හා විශ්‍රවස් මුණි යන දෙදෙනාම ලංකාවෙන් පිටමං කර වයඹ දිග ඉන්දියාවේ රකුස් ජනාවාස වලට යවන ලදී.ශිව දෙවියන් ඉන්දියාවට පිටින් ආ දෙවියකු ලෙස පශ්චාත් වෛදික ග්‍රන්ථවල දැක්වෙන අතර එසේ ආවේ කුමන දේශයක සිටදැයි නොකිය වේ.අරිසෙන් අහුබුදු සූරීන් පවසන්නේ සිවගිරියේ (සීගිරියේ) වූ සිව රජු ඉන්දු දේශයේදී (පන්ජාවය) ශිව දෙවියන් බවට පත්වු බවකී.ඔහුගේ මධ්‍යස්ථානය "මුල්තැන" (අද මුල්තාන්) නම් විය.

    දනුබ් කුමරු

    සුමාලි රකුස් රජුගේ මුනුබුරකු මෙන්ම කෛකසී බිසවගේ (රාවණ මව) ඥාති පුත්‍රයකු වූ දනුබ් කුමරු කුඹුක්කන් කුමරු සමග කුඹුකුකන් අමුණ සෑදීමට හා ඊට අදාළ කුඹුරු අස්වැද්දීමට සහභාගී වී වාරිමාර්ග හා කෘෂි දැනුම හා අත්දැකීම් ලැබීය.අවුරුදු දහසකට පමණ ඉහතදී දේව අධ්‍යාපනයෙන් උද්දාම වූ ප්‍රලද රජුගේ පුත් "වීරන්න" කුමරු දකුණු ඇමෙරිකාවට ගොස් පාතාල රාජ්‍යය ඇති කළා සේ එයම අනුගමනය කරමින් දනුබ් කුමරු දකුණු යුරෝපයට ගොස් "රමණිය" නම් රට ජනාවාස කළේය.ඒ එරට ඇති මහා ගංගාවේ ජලය අමුණු බැද වගාව සදහා ලබාගනිමිනි.එම ගඟ "දනුබ් ගඟ" ලෙස හැඳිනවුන අතර අදත් යුරෝපීය උච්චාරණයට අනූව "ඩැනියුබ්" නම් වේ."රමණීය" රට යුරෝපීය උච්චාරණයට අනූව "රොමානියා" ලෙස අදත් හැඳින්වේ. බර

    බර හා දූෂක
    රාවණ රජුගේ ඥාති සොහොයුරන් දෙදෙනෙකි.සුපර්ණකා යාමට පෙර දණ්ඩකාරණ්‍යයේ පාලන කටයුතු කරන ලද්දේ මේ දෙදනා විසිනි.ශාඛ පමණක් බුදින ලද හෙළ රකුස් ජනාතාවට දණ්ඩකාරණ්‍යයේ වූ ඍෂින් විසින් බිලිපූජා පැවැත්වීම නවත්වාලීමට නොහැකි විය.එබැවින් පූජාවන් කඩාකප්පල් කිරීමට කටයුතු කළහ.මෙහි ප්‍රධාන ස්ථානය ගන්නේ "තාඩකා" නමැති රකුස් නායිකාවය.ඇතුන් දහසකගේ බල ඇයට තිබූ බව රාමායණය පවසයි.රාම කුමරුන් මුල් වරටම දණ්ඩක වනයට රැගෙන ගියේ විශ්වමිත්‍ර මුණි විසිනි.ඒ "තාඩකා" මැරවීමටය.එය සාර්ථකව ඉටුකළ නිසා ඊට තිළිණය ලෙස ජනක රජුවෙත ගෙන ගොස් දුන්න නෑවීම සිදුකරවා "සීතාව" බිරිඳ ලෙස ලබාදුන.ඛර හා දූෂක විසූ දණ්ඩක වනයේ අගනුවර වන "ජනස්ථාන"(දනව්ව) 2002 දී මුහුදු පත්ලේ තිබී ඉන්දීය සාගර දූෂණ කොමිසම විසින් සොයාගැනිණ.මෙම නගරය කාබන් පරීක්ෂණ අනූව අවුරුදු 10,000ක් පැරණි වීම රාවණා රජුගේ කාළය නිර්ණය කිරීමට ඇත් ප්‍රබලම විද්‍යාත්මක සාක්ෂිය වෙයි.

    රාමායණයේ දැක්වෙන ප්‍රබන්ධාත්මක වර කාව්‍ය සිවරූපයෙන් ඔබ්බට ගොස් රාවණ රජුගේ ඓතිහාසික බව ඒත්තු ගැන්වීමට මෙසේ ඥාතීන් ගැන අවශ්‍යය. ඉහත දැක්වෙන පුද්ගලයන් අතුරින් මන්දාත නොහොත් දේවයානි සහ දනුබ් යන පුද්ගලයන් දෙදනා හැර ඉතිරි චරිත සියල්ල රාමායණයේ එයි.දේවයානි ගැන අග්නි පුරාණයෙහිද දනුබ් ගැන ස්කන්ධ පුරාණයෙහිද සදහන්ය.


    ඉහත සදහන් චරිත බොහෝමයක් ගැන රාමායණයෙන් හා පුරාණවලින් බැහැර ජන ප්‍රවාදයේ අඩංගු වී ඇත.ඒ සියල්ල ලංකාවේ ජනප්‍රවාද මිස භාරතීය ජනප්‍රවාද නොවේ.රාමායණය හුදු ප්‍රබන්ධිත වීර කාව්‍යයක් බව ඉන්දියානු ඉතිහාසඥයන් නිගමනය කරන්නේ එබැවිනි.
    නමුත් ලංකාවේදී මේ චරිත ගැන ඇති අමතර සාක්ෂි පහත සදහන් පරිදි වේ.



    පුලස්ති:- පුලස්ති රූපය සහ පොළොන්නරුව "පුලස්ති පුර" වීම.
    විශ්‍රවස්:- ලංකා ශිලා ලිපි සංග්‍රහයේ දරන වෙස්සගිරි ලිපිය.
    දේවයානි:- පත්තිනි හා කාලි අම්මා ලෙස අදත් පිදුම් ලැබී.
    කෛකසී:- කතරගම අසල නිල්මල්පැලැස්ස ඇගේ මධ්‍යස්ථානය බවට කතාවන්.
    විභීෂණ:- දේවත්වයට ලංකාව පුරා ඇති විභීෂණ දේවාල.
    කුඹුක්කන්:- කුඹුක් පැළය රෝපණය , කුඹුක්කන් ඔය ඔහුගේ නමින් හැඳින්වීම හා 1818දී විනාශ කළ කුඹුක්කන් අමුණ.
    මය:- "මය මතය" නමැති ගෘහ නිර්මාණ ග්‍රන්ථය,මයතොට (මාතොට) වරාය හා විශ්වකර්ම විසින් ඉදිකළ බව කියන විහාරස්ථාන ඉන්ද්‍රජිත් ලංකා ශිලා ලිපි සංග්‍රහයේ ලිපිය.රාමසැර හා වත්මන් ලේසර් අවි භාවිතය. ඉඣු නමින් හෙළබසින් ඔහු හැදින්වේ.
    කුවේර(කුබිර):- මොහුගේ පසුකාලීන වාසය වූ කෛලාශ පර්වතය අද දින සංචාරක මධ්‍යස්ථානයකි. ආටානාටිය සූත්‍රෙය්ද කුවේර යක් රජකු හැඳින්වේ. "බහිරව" රූපයද බහිරක පූජාවද අදත් භාවිතයේ ඇත.
    දුම්රක්:- දිඹුලාගල පර්වතය අවට ධුමරාක්ෂ ගැන ජනප්‍රවාද ඇත.යකුන්ගෙන් පැවත ආ වැදි ජනතාව මින් වසර 30ට ඉහතද මෙහි විසූහ.



    10606247_857028394337046_5955037584341927951_n.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මේ බිමේ සිංහල නමකින් ඉපදුණ පමණින් සිංහලයෙකු නොවේ... ඒ බව මේ වන විට බොහෝ පිරිසක් ප්‍රත්‍යක්ෂ කර ඇත. අතෝරක් නැතිව අපේ දේ විවේචනය කරන්නේ ඒ අසික්කිත උප්පත්තියට ඔවුන් උරුමකම් කරන නිසා විය හැක.... උන්ගේ නැන පමණින් උවත් ඊට එහා දෙයක් ඇති බව සිතන්නට උන් කැමති නැත. රාවණා ඉතිහාසය ගැන කීමට ඇත්තේ ද එයයි... උන් දෙයක් කරන්නෙත් නැත. හෙළි කරන දෙයක් පිළිගන්නේ ද නැත. උන්ට බැරි නම් කාටවත් බෑ කියන මතයේ සිටින අමණයන්ගේ නිහීන කම මෙයින් පසු වත් දුරු වේවා...!!!


    ඇමරිකන් රූපවාහිනි චැනලයක් වූ (History) ඉතිහාස චැනලය 1998 මැයි මස විකාශය කල පරිදි පරිදි බැබිලෝනියාවේ වූ ශිෂ්ඨාචාර‍යේ කල (ඉරාකයට අයත්) කැණීම් වලදී මතු වූ මැටි පුවරුවල සදහන් ආකාරයට ඔවුන්ට තම ශිෂ්ඨාචාරය ගොඩනගන්නට කියා දී ඇත්තේ ගුවනින් ආ සිංහ මිනිසුන්. ඒ වගේම පැරණි ලෝක පුදුම හතෙන් එකක් වූ බැබ්ලෝනියාවේ එල්ලෙන උයන නිර්මාණය කර ඇත්තේද සිංහ මිනිසුන්ගේ රටේ සිහගිරි පර්වතයේ උයන් වතු අනුකරණය කරමින් කියලාත් සදහන්. මේ කරුණු තවත් සනාථ වන අවස්ථාවක් තමයි මහාවංශයේ දෙවැනි කාණ්ඩයේ මූලික පාළි ග්‍රන්ථයේ 40 වන පරිච්ඡේදයක් නොමැති වීම. එහි 39 වන පරිච්ඡේදයට පසු ඇත්තෙ 41 වන පරිච්ඡේදයයි. රාවණ රජු හා සීගිරිය ගැන තොරතුරු ඒම පරිච්ඡේදයේ සටහන්ව තිබුබව ඒ ඇසුරින් නිර්මාණය කල පසුකාලීන කෘති වලින් තහවුරු කරගන්න පුළුවන් වෙනවා. එසේ වුවත් එම කෘතීන් ලංකාවේ ඉතිරිවෙලා නැහැ. මේ කාලයේදී අන්තර්ජාලය හරහා එම කරුණු එළියට ඒමෙන් අපිට හිතාගන්න පුළුවන් කොච්චර ජාතී අධිරාජ්‍යවාදීන් අපෙන් සොරකම් කරලාද කියලා.


    සිංහ කොඩියේ සදහන් තුන් පයින් නැගී සිට එක පයකින් කඩුවක් දරා සිටින සිංහ සලකුණ බැබ්ලෝනියාවේද දක්නට ලැබෙන බව සදහන්. ලෝකයේ දැනට පුරාණතම ලේඛන සොයාගෙන ඇත්තෙ බැබ්ලෝනියාවේ. එය අවුරුදු 5500කටත් වඩා පැරණි බව ඉතිහාසඥයන්ගේ මතයයි. බැබ්ලෝනියානු ශිෂ්ඨාචාරය හෙළයන්ගේ පුරෝගාමිත්වයෙන්( අහසින් පැමිණී සිංහ මිනිසුන්) බව 1998 සොයාගත් මැටි පුවරුවලින් කියැවෙලා තියෙනවානේ. මෙය තහවුරු වන ප්‍රබලම සාක්ෂියක් වන්නෙ බැබ්ලෝනියානුවන්ගේ ලාංඡනය පියාපත් දෙකකින් හා සිංහ ශරීරයකින් යුක්ත මිනිස් හිස සහිත සත්වයෙකු වීමයි. ඒ අනුව අපිට හිතන්න පුළුවන් පියාපත් දෙකෙන් ගුවනින් පැමිණිමද, සිංහ සිරුර – සිංහ මිනිසුන් සංකේතවත් කිරීමට කියලා.


    මේ සොයාගැනීම ඉදිරියට ගෙන යන්නට තරම් අපිට මේ රටේ සම්පත් දැන් නැති බව සැබෑවකි... නමුත් එය ප්‍රතික්ෂේප කරන්නට එය සාධකයක් නොවේ.... පරයින් අපේ ඉතිහාසය අතුගා දමද්දින් අපේම උන් ඊට හූමිටි තැබීම තරම් නිවට කමත් තවත් තියෙයිද? මේ ආරාධනාව උන්ට... පුළුවන් නම් මේ පිළිබදව විස්තර හොයපල්ලා.... උඹලා ගරහන්නේ අපේම දේට මිස අවජාතක ඉතිහාසයකට නොවේ.



    -|උපුටා ගැනීම -වාලුකාවේ උකුස්සා
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    අවසානයේ ඇමරිකාවත් රවණා ඉතිහාසය පිළිගත්තා ද?
    ලංකා ඉතිහාසයේ හමුවන ප්‍රථම අධිරාජ්‍යයා වන්නේ රාවණ රජුය. ලංකා පුරය රාජධානිය කරගත් හෙතෙම අහසින් යා හැකි දඬුමොණර යන්ත්‍රය උපයෝගී කරගනිමින් අසල්වැසි රාජ්‍යයන් හා සම්බන්ධකම් පැවැත්වූ බවට අතීත ජනප්‍රවාදයන්හි සඳහන් වේ. පුරාවිද්‍යාඥයෝ හා ඉතිහාසඥයෝ මෙම රාම රාවණා කතා පුවත් විශ්වාස කිරීමට මැලි බවක් දැක්වුවද ඇමරිකාවේ ජාතික ගඟන හා අජටාකාශ ආයතනය (නාසා) මේ වනවිටත් ලොව සියළු දෙනාගේ අවධානය මේ වෙත යොමු කිරීමට හේතුවන සාධක ඉදිරිපත් කර ඇත. මේ අනුව ලොව මිනිසුන් විසින් තනන ලද පැරණිතම පාලම හෙළයින් විසින් හෙළදිව සහ ඉන්දියාව යා කරමින් තනා තිබූ බව පවසන නාසා ආයතනය පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූප ප්‍රතිබිම්බ ගත කරමින් දීර්ඝ කාලයක් කරන ලද පර්යේෂණ මඟින් ඒ බව තහවුරු කිරීමට හැකි බව පෙන්වා දෙයි.


    නාසා ආයතනය තව දුරටත් පවසන්නේ මෙම පාලමටම විශිෂ්ට වූ වක්‍රතාවය හා එය නිර්මාණය කරන ලද කාලය සලකා බැලීමේදී මෙය ස්වාභාවික නිර්මාණයක් විය නොහැකි බවත් මිනිසාගේ නිර්මාණයක් බවත්‍ ය. නාසා ආයතනය පවසන පරිදි ලංකාවේ මානව ජනාවාස බිහිවීම අදින් වසර 17,50,000ක පමණ ඈත අතීතයකට දිවයයි. රාමායණයට වස්තුබීජ වූ වකවානුවේ ලංකාවේ ඉතාමත්ම දියුණු ශිෂ්ටාචාරයක්ව තිබෙන්නට ඇතැයි පිළිගන්නා නාසා ආයතනය මෙම පාලම නිර්මාණය කරන්නට ඇත්තේ ඒ දියුණු මිනිසුන් විසින් බවට සැක කරයි.
    ජනප්‍රවාදයට අනුව රාමාගේ වානර හමුදාවේ නායක "හනුමාන්" විසින් ගොඩ නගන ලද පාලම මෙය වේ. පසු කාලයක කුමක් හෝ සිදු වී මෙම පාලම කැඩී ගොස් ,මුහුදු පතුලට ගිලා බැස්සද ,අදද එම මුහුදු පාලම ,මුහුද යට තිබෙනවා දැක ගත හැක. කෘතිම චන්ද්‍රිකා මගින් ගන්නා ලද ඡායාරූපත්, දකුණු ඉන්දියාවේ වෙරළ බඩ කලාපය තුළ දක්නට ඇති එම පාලමේ කොටස්ද ඒ බව සනාථ කරයි.


    මෙම පාලම නූතනයේ ආදම්ගේ පාලම (Adam’s Bridge), හනුමාගේ පාලම (Hanuman’s Bridge), රාවණාගේ පාලම (Ravana Bridge), රාමාගේ පාලම (Rama Bridge), සේතු සමුද්‍රම් (Sethu Samudhram), පෝක් සමුද්‍ර සන්ධිය (Pork Strait) යන නම් වලින් හදුන්වනු ලබයි.


    "රාවණා" චරිතය පිළිබදව ඇති බොහෝ වෙබ් අඩවි පවසනුයේ මෙම පාලම හනුමා විසින් නොව රාවනා රජු විසින් තැනූ බවයි. අද වන විට ඉන්දියානු විද්වතුන් පවා එම මතයම පිළිගෙන ඇත.
    මෙම පාලම තැනීමට යෙදූ තාක්ෂණය ඉතාමත් පොහොසත් තාක්ෂණයකි. එම නිසා වානරයන් පිරිසකට මෙවන් තාක්ෂණයකින් යුක්ත, ශක්තිමත් පාලමක් කිසි විටෙකත් තැනිය නොහැක. එමෙන්ම රාමාටද ඔහුගේ පියාගෙන්වත් මේ සදහා සහයෝගය නොලැබුණේ නම් ඔහුටද මෙවැනි පාලමක් තැනිය නොහැක.


    රාවණා රජු මෙම පාලම ඔස්සේ ඉන්දියාවට ගොස් යුද්ධ කළ බව ඇතැම් පොත්පත් වල දැක්වේ. මෙම මතයන් නිවැරදි හෝ වැරදි වූවද, පාලම මගින් "රාම රාවණා" කතා පුවත සැබෑවක් බව සනාථ වේ. එම පුවත සැබෑවක් නම් "රාවණා" චරිතය සත්‍ය චරිතයක් බව කදිමට පැහැදිලි වේ.
    සත්‍ය කිසි දිනෙක වසන් කළ නොහැක. මානව ඉතිහාසයේ උච්චතම අවස්ථාවන් ගවේශණයේ දී හෙළ ඉතිහාසය පසෙකලා කටයුතු කළ නොහැක. එය මේ වන විට නාසා ආයතනය පවා හදුනාගෙන ඇත.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    නුවරඑලියේ මකර කැටයම රාවණා රජුගේ නිර්මාණයක්ද?


    අඩි 50ක් පමණ දිගින් යුතු මකරකුගේ හැඩය ගත් ගල් කැටයමක් නුවරඑළිය නගරය ආශ්‍රිත රක්ෂිත වනාන්තරයක තිබෙන බව වාර්තාවේ. අත් පා සහිත අඬු බඬු රැසක් තිබෙන යෝධ සත්ත්වයෙක් කළුගලෙන් කපා තවත් කළුගලක් මත අලවා ඇති ලෙසක් බැලූ බැල්මට මෙය පෙනෙන බවයි ගම්වාසීන් පවසන්නේ. අඩි 15ක් පමණ උසකින් යුත් මෙම ගල් කැටයමේ හිස ගවයකුගේ මෙන් තිබෙන අතර කන් දෙක වටකුරුය. මෙම මකරා උගේ එක් අතකින් අඩි 5ක් පමණ උස හංසයකුගේ හිසක් පහතට ඔබාගෙන සිටින අතර එම හංසයාද අඟල් නවයක පමණ ගනකමකින් යුතුව උඩට නෙරා සිටින සේ අලංකාරව නිර්මාණය කර තිබේ. මෙය වසර දහස් ගණනක් පැරැණි ගල් සිතුවමක් බව බැලූ බැල්මට පෙනීයන අතර එය ආරක්ෂා කිරීමට සොබාදහම විසින් ඒ අවට බිමෙහි දහස් සංඛ්‍යාත වූ කූඩැල්ලා සහිත කූඩලුගුළි බිහිකර ඇති නිසා කිසිවෙකුට ඒ අසලට යාමට නොහැකි වී තිබේ. ඒ අසලට යන අයෙක් පය උස්සා අනෙක් තැනට තැබීමටත් පෙර හිස ඔසවා බලාසිටින කූඩැල්ලන් ක්‍රියාත්මක වී කකුලේ එල්ලී ලේ බීමට පටන් ගනී. තත්පර ගාණක් ඇතුළත ඔවුන් ඇඟ පුරා ඇදෙන බව පැවසේ. මේම ප්‍රදේශය ආශ්‍රිතව රාවණා රජු සහ සීතා දේවිය ගැන කතා කොතෙක් ඇතත් මේ අවට කිසිදු මාලිගාවක් හෝ වෙනත් නටබුන් කිසිවක් දක්නට නැත.


    මකරා මනඃකල්පිතයක්ද? අතීතයේ පෘතුවියට පැමිණි පිටසක්වල ජීවීන් දෙවියන් ලෙස වන්දනාමාන කරද්දී ඔවුන් අහසින් පැමිණි වාහනය මකරෙකු සේ අර්ථ ගන්වා ඇති බව කියවේ. අහසේ ඇදී ගිය එම යානාවන් ගෙන් නිකුත් වූ දුම් වලාවන් මකරාගේ වල්ගය ලෙස, රොකට්ටුවක් ඉහලට ඇදී යද්දී ගිනි දැල් දක්නට ලැබෙන්නාසේ එම යානාවන්ගෙන් නිකුත්වූ ගිනි දැල් මකරා මුවින් ගිනි දැල් පිටකිරීමක් ලෙසද අර්ථගන්වා ඇති බව සඳහන්ය.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    රාවණ යුගයේ අැරබීම ෙහවත්
    මහා පරිවර්තන අවධියක් ඇරඹේ



    ලෝකයේ වරින් වර යුග පුරුෂයෝ පහළ වෙති. ඔවුහු රටේ ජාතියේ ගමන් මඟ ඉතා සියුම් ලෙස පරිවර්තනයන්ට ලක් කරති. මෙම පුද්ගලයෝ ඉබේ පහළ වන්නේ ද නැත. වරින්වර විශ්වයේ සිදුවන ප‍්‍රබල ග‍්‍රහ සංයෝග හරහා ජාතියේ අවශ්‍යතාවන් වෙනුවෙන් සොබා දහම විසින් ඒ ඒ අවස්ථාවන් හිදී මොවුන් නිර්මාණය කරති. මෙවන් වූ ප‍්‍රබල යුග පුරුෂයන් බිහි වන ප‍්‍රබල ශූභ සංයෝගයක් අපේ‍්‍රල් 02 දා උදාවිණි. විශ්ව කේන්ද්‍රයේ මීන රාශියේ උදාවුණු මෙම ප‍්‍රබල ග‍්‍රහ යෝගය ෂඞ් ග‍්‍රහ යෝගයක් ලෙස හැදින්වෙයි. ෂඞ් ග‍්‍රහ යෝගයක් යනු ග‍්‍රහයන් හය දෙනකු එකම රාශියක තැන්පත් වීමයි. චන්ද්‍ර,කුජ,රවි,ගුරු, බුධ හා නෙප්චූන් මීන රාශිය තුළ එකට එක්වීම හරහා ග‍්‍රහ යුද්ධ තුනක්ද ඇති වෙයි. අපේ‍්‍රල් මාසය තුළ දී තවත් ග‍්‍රහ යුද්ධ හතරක් සිදුවීමට නියමිතය.


    විශ්ව කේන්ද්‍ර යේ අධිපතියා වූ කුජ යුරේනස් වෙතින් පරාජයට පත්වීම හරහා ලෝකය දැඩි කැළඹීම්වලට ලක්වෙයි. රටක සෙන්පතියා පරාජයට පත්වීම මෙන්ම විශ්ව කේන්ද්‍රයේ ලග්නාධිපතියා පරාජය වීම හරහා රටවල්වල ආරක්ෂාවට, මිනිසුන්ගේ ආරක්ෂාවට දැඩි ගැටලූ මතුවෙයි. එසේම කුජ යනු තේජෝ බල සහිත ග‍්‍රහයෙකි. කුජ පරාජය වීම යනු අග්නියේ පාලකයාගේ බලය බිඳ වැටීමයි.


    ලොව පුරා අග්නිය මුල් කරගත් බොහෝ ව්‍යසනයන් වර්ධනය වෙයි. බෝහෝ පිරිසක් සමේ රෝගයන්ගෙන් පීඩා විදීම ඇරඹෙයි. මේ සියල්ලටම වඩා ප‍්‍රබල ගැටලූවක් ද වෙයි. කුජ විසින් නායකයන් ද නිවේදනය කරයි. (පාලකයන් හෝ රජුන් නොවේ* රට රටවල ජනතාවාදී නායකයන් බොහෝ දෙනකුට තම බලය රැුක ගැනීම උදෙසා දැඩි වෙහෙසක් දැරීමට සිදුවෙයි. ත‍්‍රස්තයන් හෝ අභ්‍යන්තර අරගල ගණනාවක් හතු පිපෙන්නා සේ ඇතිවීමේ ඉඩකඩක් ද පවතියි. මේ ලෝකයේ රටවල් මුහුණ පාන තත්ත්වයයි.


    අප රටේ කුම්භ ලග්නයට දෙවැන්නේ යෙදෙන මෙම ෂඞ් යෝගය හරහා සිදු වන ප‍්‍රබල සිදුවීම් කිහිපයකි. ඉන් ප‍්‍රධාන වනුයේ ලංකාවේ අනාගතය වෙනස් කළ හැකි ප‍්‍රබල යුග පුරුෂයන් කිහිප දෙනෙකුගේ උත්පත්තිය සිදුවිය හැකි වීමයි.


    ඔවුන් සමඟම රාවණා, දුටු ගැමුණු මහා සටන්වල ඇත් සේනා මෙහෙයවූ ප‍්‍රබල ඇතුන් කිහිපදෙනකුගේ උප්පත්තිය ද සිදුවිය හැකිය. මෙම ෂඞ් යෝගය හරහා ලංකාවේ පරිවර්තනීය වෙනසක් ඇති වනු නියතය. මෙම සුබ පරිවර්තනය ඵල අපට විඳීමට සිදු වනුයේ ඉදිරි අනාගතයේදීය.
    ලංකාවේ කෙටිකාලීනව ඇති වන අශූභකාරී බලපෑම් බොහෝමයක් ද වෙයි. කන්‍යා ලග්න හිමි ජනපතිතුමාගේ කේන්ද්‍රයේ බාධක ස්ථානය හෙවත් හත්වැන්න තුළ යෙදෙන මෙම ෂඞ් ග‍්‍රහ යෝගය හරහා තම අපේක්ෂාවෙන් ඉටු කර ගැනීම උදෙසා බාධා මතු කරයි. එසේම විධායකයේ බාලපොරොත්තු ඉටු කරන පාර්ලිමේන්තුවේ ගැටුම්කාරී තත්ත්වයන් වර්ධනය වෙයි. එසේම තම නිලධාරීන්ගේ නැතහොත් සේවකයන්ගේ සතුරුකම් හා බාධාවන් හේතුවෙන් තම අපේක්ෂාවන් ඒ අයුරින් ඉටු කර ගැනීමට බාධා යෙදෙයි.



    රටක ජනතාවට මේ හරහා ඇති වන බාධාවන්ද බොහෝමයකි. අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ බිඳ වැටීමකට මෙන්ම අධ්‍යාපන ආයතන තුළ ගැටුම් වර්ධනය වීමට ද මඟ පෑදෙයි. රටේ ජනයාගේ රැුකියා අහිමිවීම් වර්ධනය විය හැකිය. ඒ සියල්ල අභිබවා යළිත් වරක් බෝවන රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්ද පවතියි.


    සියලූ සුබ අසුබ තීරණය වනුයේ විශ්වයේ යම් කිසි නියමයන්ට අනුවය. ඉදිරියේදී සිදුවන මහා පරිවර්තන යුගයක් උදෙසා මාතෘ භූමියේ සකලවිධ දිශාවන්හි පවිත‍්‍ර කිරීමක අවශ්‍යතාවද මතුව ඇත. එය පාලකයන්ගේ පමණක් නොව ජනතාවගේ ද යුතුකමකි.



    10420170_797976230242263_190174235397102797_n.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ලොව බලගතුම යුද අවි හතර
    රාවණ පරපුරේ උරුමයක්



    රාවණ රජු අතිශයින් බලවත් රජෙකු වුවත් ඔහු යුද්ධයට හා බලය වර්ධනය කර
    ගැනීමට ප‍්‍රබලව හිතයොමු කළ පාලකයකු නොවීය. ලංකා පුරයේ භෞතික
    සංවර්ධනය මූලික අරමුණ කරගනිමින් ඒ සඳහා ජනතාව මෙහෙයවීම රාවණ
    රජුගේ ප‍්‍රධාන අරමුණ විය. භෞතිකව රටක් සංවර්ධනයවීමට නම් පුද්ගල
    සංවර්ධනය ඉතා වැදගත් අංගයක් බව ඔහු පසක් කර ගෙන සිටි බව පෙර ලිපි හොඳින්
    අධ්‍යනය කළ විට පෙනී යන්නකි. එතුමා සමාජය නිවැරැුදි ආකාරයෙන් දිශාගත කිරීමට
    නම් නිසි මඟ පෙන්වීමක් ඇවැසි බව හොඳින්ම තේරුම්ගෙන තිබූ බැවින් රාජ්‍ය පාලනයක්
    ගෙනයෑම වෙනුවට මහා සම්මත පාලනයක් ගෙන ගියේය.
    රාජ්‍ය පාලනය හා මහා සම්මත පාලනය යන පාලනතන්ත‍්‍ර දෙකෙහි පවත්නා ප‍්‍රබල
    වෙනස්කම් පවතී. අප දන්නා ඉතිහාසයේ සිටි රජවරු ගෙන ගොස් ඇත්තේ රාජ්‍ය පාලනයකි.
    එනම් රජුගේ තීරණය මත රාජ්‍ය විචාරීමයි. එය රාජ්‍ය පරම්පරාවක් ලෙස
    ව්‍යාප්තවීමද සිදුවුණි. එහෙත් මහා සම්මත පාලනයකදී වැඩි දෙනාගේ එකඟතාව
    නැතහොත් බහුතර කැමැත්ත මත ක‍්‍රියාකිරීමයි. එනම් සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී
    පාලන ව්‍යුහයක් අදින් වසර පන්දහස් හාරසියයකට පමණ පෙර අප රටේ තිබී
    ඇත.



    වර්තමාන විද්වතුන් ග‍්‍රීක පෞර රාජ්‍යයන්වලින් බිහිවීයැයි සලකන
    ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඒ රාජ්‍යවලටත් හුරු කළේ ගුවනින් ගිය හෙළයන් බව නුදුරේදීම
    පිළිගන්නට සිදුවනු ඇත. අනෙක් කාරණය වනුයේ සංවර්ධනයේ සෑම අංශයක්ම
    අධිමානසික ශක්තීන් හරහා මනස දියුණු කළ ඍෂිවරු හා මුණිවරුන්ගේ
    අධීක්ෂණය යටතේ සිදුවීමයි. මෙහිදී වර්තමාන සිද්ධාන්ත ගලපා බලන විට ඒ ඒ
    ගෝත‍්‍රයේ ප‍්‍රවීණයන්ට නිසි තැන ලබා දෙමින් ක‍්‍රියා කර ඇති බව අපට පෙනීයයි.
    මෙය හොඳින්ම ගම්‍ය වන එක් සාධකයක් වනුයේ
    පැරැුණි රජ පාලනයන්හි එකල සිදුවන සියලූම ක‍්‍රියා රජුගේ නමින්ම ඉතිහාස
    ගත වුවත් රාවණ යුගයේ ඒ ඒ කාර්යයන් ඒ ඒ පුද්ගලයන්ගේ නම්වලින්ම ජනප‍්‍රිය
    වීමයි. එය සරලව පැවසුවහොත් කෘෂිකර්මාන්තය කුම්භකරණ, රසායන විද්‍යාව
    විද්‍යුත් කුමරු, උමන් නිර්මාණය මකර සෙනෙවි, ආදී ලෙසින් පැවසිය හැකිවෙයි.
    අනෙක් කාරණය වනුයේ සෑම ශාස්ත‍්‍රයක්ම ඍෂි භාෂිතයන් ලෙස පැවසීමද මේ
    සඳහා හොඳම නිදසුනකි.
    අප මෙවර කතා කිරීමට උත්සහ දරනුයේ රාවණ යුගයේ පැවති අති බලගතු
    රහස් ආයුධ කිහිපයක් පිළිබඳය. රාවණ යුද්ධයට ප‍්‍රිය නොකළ රජෙක් ලෙස
    අපි පෙරදීද හැඳින්වූවෙමු. එකල අති ප‍්‍රබල රණ කාමියා වූයේ මේඝයි. මේඝ යනු
    රාවණ රජුගේ පුත‍්‍රයාය. ඉන්ද්‍ර දෙවියන් ජීවග‍්‍රහයෙන් අල්ලාගත් හෙයින් ‘ඉන්ද්‍රජිත්’
    යන වීර නාමයෙන් හැඳින්වූ ඔහු තුන් ලොවම යටත් කොට තම පියාගේ පාලන
    තන්ත‍්‍රයට නතුකළේය. රාම - රාවණ යුද්ධයේ සැබෑ හේතුවද මෙයයි.
    අති ප‍්‍රබල මේඝ රාජ්‍ය බලයට පැමිණීමට පෙර විනාශ කර දැමීම, මෙම
    යුද්ධයේ මූලික අරමුණ විය. එනම් දේව අධ්‍යාපන ක‍්‍රමවේදයන් ඒ වන විටත්
    ඉන්ද්‍රජිත් සම්පූර්ණයෙන් හදාරා තිබීමයි. අනෙක් කාරණය වූයේ මහා සම්මතය
    තුළ විභීෂණට කිසිදිනක රාජ්‍යය ලබාගත නොහැකිවන බව විභීෂණ අවබෝධ
    කොටගෙන පැවතීමයි. ඒ හරහා මේඝ බලයට ඒම වැළැක්වීමේ ප‍්‍රබල කුමන්ත‍්‍රණයක්
    දියත් විය.



    මෙහිදී මතුවන එක් ගැටලූවක් ඇත. පුලස්ථි පරපුරේ පැවති ප‍්‍රබලම ආයුධ
    අතුරින් එකක් වූ ‘බ‍්‍රහ්මස්තුය’ පරපුරේ උරුමයෙන් විභීෂණට හිමිවිය යුතු බව
    පුලස්ථි ඍෂි නියමකර පැවතීමයි. අපට දැනට ලැබී ඇති තොරතුරු මත පරපුර
    සතුව පැවති ප‍්‍රධාන අවි සතරකි. මෙම අවි සතරේම පවතින විශේෂත්වය වනුයේ
    එය දරන්නාගේ ශක්තිය මුල් කරගනිමින් මෙම ආයුධ ක‍්‍රියාත්මක වීමයි. එම ආයුධ
    සතර වනුයේ,
    1/ චන්ද්‍රහාස් කඩුව
    2/ දුන්න
    3/ මෙත්තස්ත‍්‍රය
    4/ බ‍්‍රහ්මස්ත‍්‍රය
    මෙත්තස්ත‍්‍රය හැර අනිත් යුද ආයුධ තුන පරපුරේ උරුමයෙන් පැවත ආ
    අතර, සක්විති රජකුට පමණක් පහළවන චක‍්‍රරත්නය රාවණ රජුට උරුම නොවීම
    හේතුවෙන් රාවණ රජු විසින් මෙත්තස්ත‍්‍රය නිපදවීය.
    චන්ද්‍රහාස් කඩුව
    මෙය පිළිබඳ අප පෙරදීද කතාකළ අතර ඇල්නීලම් ග‍්‍රහලෝක වාසින් පෘථිවියේ
    ඉදිකළ ජනාවාස හතට වෙන වෙනම රාජ්‍ය සංකේත ලෙස කඩු ලබාදුන්නේය. හෙළ
    රාජ්‍යට ලබාදුන් කඩුව ‘චන්ද්‍රහාස්’ ලෙස හැඳින්වේ. මෙය දම් පැහැති ආලෝකයක්
    නිකුත් කරන කුඩා ප‍්‍රමාණයේ කඩුවකි. මෙය අත දරන්නා කිසිදු විටක පරාජය කළ
    නොහැකි අතර, සාමාන්‍ය ලෝහ කඩු මෙම කඩුව සමග සටන් කිරීමට යොදාගත
    නොහැක්කේ, එම කඩු විනාශ වී යෑම හේතුවෙනි. එබැවින් මෙය අත දරන්නා
    ජයග‍්‍රාහකයකුවීම කිසිවකුට වැළැක්විය නොහැකිය.
    රජ්ජුබෝලා දුන්න
    මෙය විශේෂිත දුන්නකි. එතරම් දිගු නොවූ අඩි දෙකහමාරක් පමණ දිගින් යුතු,
    රිදී හා රන් මිශ‍්‍රව නිර්මාණය කර ඇති මෙම දුන්නේ ඇති ලණු ප‍්‍රමාණය තුනකි.
    අප අසා ඇති නාග ශර, අග්නි ශර, මෙන්ම ඊශර විශාල ප‍්‍රමාණයක් මේ මඟින්
    මුදා හැරිය හැකිවෙයි. එසේම කුණ්ඩලිනී ඥන ශක්තීන්ගේ ප‍්‍රබලත්වය මත මෙම
    දුන්නේ ප‍්‍රමාණය පාලනය කළ හැකි අතර, විශේෂිත ‘ශර’ ප‍්‍රහාර එල්ල කිරීමේ
    හැකියාවද පවතියි. එනම් ඥන ශක්තීන් වර්ධනය නොකරන ලද පුද්ගලයකු
    මෙම දුන්න භාවිත කිරීමට උත්සහ ගතහොත් සාමාන්‍ය දුන්නක් ලෙසවත් මෙය
    ක‍්‍රියාත්මක නොවීමයි.
    මෙත්තස්ත‍්‍රය
    මෙත්තස්ත‍්‍රය යනු ශබ්ද තරංග හා මානසික ශක්තීන් මුදාහරිමින් සතුරාගේ
    මනස පාලනය කළ හැකි උපකරණයකි. මෙය සක්විති රජවරුන්ට ඉබේ පහළවන
    චක‍්‍ර රත්නයට සමාන උපකරණයකි. චක‍්‍ර රත්නය හරහා සිදුවනුයේ ලෝකයම එය
    දරන්නා අභිමුව මෝහනයට පත් වන්නා සේ ඔහුගේ පාලනයට නතුවීමයි. මෙය
    වශීවීමක් හා සාමානය. එහෙත් පෙර රාවණ පරපුරේ සක්විති රජවරු සිටියද
    රාවණ රජු සක්විති රජෙකු නොවීය. ඔහු තම හැකියාවන් හා හැදෑරීම් ඔස්සේ
    බලයට පැමිණි රකුස් හෙළයෙකි. තුන් ලොව තමා යටතට නතුවෙද්දී චක‍්‍ර රත්නයේ
    අවශ්‍යතාව එතුමා දුටුවේය. මෙත්තස්ත‍්‍රය නිර්මාණය වන්නේ ඒ උදෙසාය.
    මෙම උපකරණය භ‍්‍රමණය කිරීම හරහා ශබ්ද තරංග ඇතිවන අතර එය
    දරන්නාගේ මානසික ශක්තිය මත එම තරංග යොමුකළ හැකි සීමාව තීරණය කළ
    හැකි වෙයි. එම සීමාවේ සිටින සියල්ලන් එය අත දරන්නාට මෝහනය වීම හෙවත්
    යටත්වීම සිදුවෙයි. රාම - රාවණ යුද්ධයේ අවසන් සටනේදී මෙම අවිය රාවණ රජු
    විසින් භාවිත කිරීම හේතුවෙන් රාම පාර්ශ්වය සම්පූර්ණයෙන්ම පරාජයට පත්වීම
    සිදුවුණි. රාම සියදිවි නසාගනු ලබන්නේ ඔවුන්ගේ පරාජය වසා ගැනීමටය. රාවණ
    රාජ්‍යයේ කිසිදු ජයග‍්‍රාහී රාජ්‍ය සංකේතයක් අයෝධ්‍යා වැසියන් ඉදිරියට රැුගෙන
    යෑමට නොහැකිවීම හේතුවෙන් ඔවුනට සිදුවනුයේ සියදිවි නසාගන්නටය.
    බ‍්‍රහ්මස්ත‍්‍රය
    මෙය පරපුරෙන්ම උරුම වූයේ විභීෂණටය. මෙය චක‍්‍රාකාර උපකරණයකි.
    හිසට උඩින් කැරකීමට හැකිලෙස, කරත්ත රෝදයක හැඩයට, අඩි තුනක පමණ
    විශ්කම්භයක් සහිතව නිපදවූ මෙම උපකරණයෙන් එකවර ශර වර්ග කිහිපයක්
    තිකුත්කළ හැකිවෙයි. ශර නිකුත් කළ යුත්තේ ඉදිරියටද, වටේටමද කෙතරම්
    දුරකට යොමුකළ යුතුද යන්න තීරණය කිරීම එය දරන්නාගේ මානසික ශක්තිය
    මත සිදුවෙයි. එකවර විශාල සතුරු හමුදාවක් මධ්‍යයේ සිට වුවත් පහරදීමේ
    හැකියාව බ‍්‍රහ්මස්ත‍්‍රය අත දරන්නාට හිමිවෙයි.
    මෙම ආයුධ සතරේම පවතින පොදු සමාන තත්ත්වය වන්නේ එය දරන්නාගේ
    මානසික ශක්තිය අනුව ප‍්‍රබලත්වයට පත්වීමයි. මෙහිදී චන්ද්‍රහාස් කඩුව, දුන්න
    මෙන්ම, මෙත්තස්ත‍්‍රය යන තුනම මහා රාවණ රජු සතුව පැවති අතර, ඒවා මේඝ
    කුමරුට හිමි වූයේ නම් තුන්ලොව පමණක් නොව, සදෙව්ලෝක සහ භූලෝක
    සතම ඔහුගේ පාලනයට නතුවීම කිසිවකුට නතර කිරීමට නොහැකි වනු ඇත.
    එයට බලපෑ අනෙක් කාරණය වනුයේ මේඝ බොහෝ විට නීලකණ්ඨ දේවතාවියගේ
    ශක්තිය උපයෝගීකර ගනිමින් ක‍්‍රියා කිරීමයි.
    නීලකණ්ඨ දේවතාවිය යනු පාර්වතී දේවියගේ කාලි ශක්තියයි. කෙසේ
    වෙතත් නීලකණ්ඨ දේවතාවියගෙන් ලද රහස් අවි කිහිපයක් මේඝ සතුව පැවතුණි.
    ඉන්ද්‍රජිත්ගේ අධි ශක්තියට එම ආයුධ හේතු විය.
    මෙම රාවණ පරපුරේ බලගතු ආයුධ එම පරපුරෙන් පසු කිසිවකුට උරුමවූයේ
    නැත. එයට හේතු වනුයේ එම ආයුධ භාවිත කරන්නට තරම් අධිමානසික ශක්තීන්
    සහිත රජවරු හෙළ පොළොවේ බිහිනොවීම විය යුතුය.
    අනෙක් කාරණය වනුයේ රාවණ පරපුරේ අතිප‍්‍රබල දුන්න දුම්බර කඳුවැටියේ නිදන්
    කොට ඇති බවට මතයක් පැවතීමයි. රිවස්ටන් හා දුම්බර කඳුවැටිය ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක
    වන පිටසක්වළ යානාවල ගවේෂණ කටයුතුවලට හේතුවී ඇත්තේද මෙම බලගතු දුන්න විය
    හැකිය. මක්නිසාද යත් එය දරන්නාගේ ශක්තිය මත විශ්වයම ඔහු සතුවන නිසාය.



    (ග‍්‍රැෆික් නිර්මාණය පුලස්ති පෙරේරාගෙනි.*
    වෛදික ජ්‍යොතිෂවෙදි
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    තුන් ලොව දිග්විජය කළ සිවු හෙළයේ දෙව්රැජින


    හෙළ ජාතිය වූ කලී ලොව අන් කිසිදු ජාතියකට සමකළ නොහැකි ජාතියකි. වසර දස දහස් ගණනක් ඈත අතීතයට දිවයන හෙළ ශිෂ්ටාචාරයේ දැකගත හැකි එක් පොදු ලක්ෂණයක් ඇත. එනම් සෑම වසර දෙදහස් පන්සියයකට ආසන්න කාලයක් තුළදීම හෙළ පොළොව තුළ සිදුවන මහා පරිවර්තනයයි. හෙළයෝ මෙය රාවණ ශක්තියේ පිබිදීම ලෙස අර්ථ දැක්වූහ. හිරන්යක් කසුබ් (හිරන්‍ය කාශ්‍යප* රජුගෙන් වසර දෙදහස් පන්සියයකට පසු බලි චක‍්‍රවර්ති යුගය උදාවෙයි. මෙම සමය හෙළ ශිෂ්ටාචාරය හිරන්‍ය කාශ්‍යපගේ යුගයේදී මෙන් තුන්ලෝකය පුරා ව්‍යාප්ත වෙයි.



    ඉන්පසු යළිත් වසර දෙදහස් පන්සියයකට පසු රාවණ යුගය උදාවී හෙළ පොළොව භෞතික සංවර්ධනයකට බඳුන් වෙයි. ඉන්පසුව උදාවනුයේ බුදු දහම හරහා හෙළ දෙරණ පරිවර්තනයට ලක්වන වසර දෙදහස් පන්සියයයි.බුදු දහම හරහා සිදුවූ පරිවර්තනයෙන් වසර දෙදහස් පන්සියයක් ඉක්ම යද්දී හෙළ දෙරණේ පිබිදීමක් සිදුවෙමින් පවතී. එය හෙළයන්ටම ආවේණික වූ නැගීසිටීමකි. සොබාදහම විසින්ම හෙළයා ඉහළට ඔසවා තබන යුගයයි.අපි වසරකට ආසන්න කාලයක් විජයගේ පැමිණීමට පෙර පැවති හෙළ යුගය පිළිබඳ මෙතෙක් එළි නොවූ තොරතුරු හා පුරා-විද්‍යාත්මක සාධක විශාල ප‍්‍රමාණයක් හෙළි කළෙමු. අප හෙළි කළ තොරතුරු අනුව පොළොව තුළ සැඟවී තිබූ පුරා-විද්‍යාත්මක සාධක බොහෝ ප‍්‍රමාණයක් මේ වනවිටත් මතුකරගෙන හමාරය. හෙළ ජාතියේ ආරම්භය විජය ගෙන් සිදුවී යැයි කියන්නට අපට දැන් අවශ්‍ය නැත.



    හෙළ රාවණ යුගය (ක‍්‍රි.පූ. 2554-2517* මිත්‍යාවක් නොව යථාර්ථයක් බව සාක්ෂි සහිතව පෙන්වීමට අවැසි ඓතිහාසික මූලාශ‍්‍ර හා සාක්ෂි අපි සපයා දී ඇත. හෙළ භාෂාව මෙන්ම හෙළ ජාතියද මිය ගිය ජාතියක් නොව, දිනෙන් දින අලූත්වන ජාතියකි. එබැවින් හෙළ මුල් සිඳදමා ලියූ අපගේ ඉතිහාස පොතේ මුල් පිටු නැවත ලිවියයුතු යැයි සිවු හෙළයේ මියැදුණු මුතුන් මිත්තන්ගේ නාමයෙන් අප අවධාරණය කරමු. අපි අපගේ යුතුකම ඉටු කළෙමු. දැන් ඔබගේ වාරය එළඹ ඇත.දේවයාණි තවත් එක් හැරවුම් ලක්ෂ්‍යයකි. සිවු හෙළයේ මුල් වසර හත්දහස් පන්සියයක් ඈතට ගෙනයෑමේ අභියෝගයට යළිඳු අප උරදෙන්නෙමු. දේවයාණි වූ කලී සිවු හෙළ සිවුවරම් දෙවියන්ගෙන් අභිසෙස් ලද තුන් ලොව දිග් විජය කර දේවත්වයෙන් පිදුම් ලද සිවු හෙළයේ එකම අධිරාජිනියයි.මනු රජුගෙන් ඇරඹුණු හෙළයේ මහා සම්මත රජ පරපුර හිරන්‍ය කාශ්‍යප යුගය වනවිට දේව අධ්‍යාපන ක‍්‍රමවේද තුළින් තුන්ලොව ප‍්‍රබලම රජවරු බවට පත්වෙමින් පැවතියේය.



    සුර-අසුර යුද්ධය නැතහොත් අසුර රජවරුන්ට විෂ්ණු අවතාර හරහා කළ පහරදීම් සියල්ලටම හේතුවනුයේ දේව අධ්‍යාපනය හරහා ලද දැනුමය. සුර අසුර යුද්ධය, සුරයන් අසුරයන් එක්ව කිරි මුහුද කැළඹීම ආදී සියල්ලම හරහා අපට අවබෝධ කරගත හැකිවනුයේ ප‍්‍රධාන පාර්ශ්ව දෙකක් අතර දැනුම සහ බලය බෙදාගැනීම උදෙසා ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම තරගයක් පැවැති බවය.සුරයන් යනු දැනුම ඉබේ පහළ වන පිරිසක් ලෙසත් අසුරයන් යනු දැනුම සොයා යන්නන් ලෙසත් බෙදා දැක්වීම කළ හැකිය. දේව සංකල්පය නැතහොත් සුර සංකල්පය පිටුපස ඇත්තේ පෘථිවිය ශිෂ්ටාචාර කළ පිටසක්වළ ජීවී සම්බන්ධයක් විය යුතුය. හින්දු සාහිත්‍යයට අනුව ඉතිහාසයේ සිටම ලොව පාලනය කළ අසුරයෝ ජීවත්ව ඇත්තේ හෙළ පොළොව තුළය.



    ඔවුන් තුන් ලොවම පාලනය කරමින් සුරයන්ද අභිබවා යන්නට වූ විට සුරයෝ ඉතා සූක්ෂ්ම ලෙස කුමන්ත‍්‍රණය කර හෙළ අසුර පාලකයන්ව විනාශ කර දැමූහ. හින්දුන් විෂ්ණු දෙවියන්ගේ දස අවතාර සංකල්පය ගොඩනගමින් අසුරයන්ට පහරදුන් සියල්ලෝ විෂ්ණු අවතාර ලෙස පෙන්වා දෙන්නට වූහ.තුන්ලොව පාලනය කළ හිරන්‍ය කාශ්‍යප විනාශ කර දමනුයේ රජ වාසලේ උළුවස්සෙන් මතුවන නරසිංහ අවතාරයයි. එනම් රජමාලිගාව තුළ සැඟවී සිටි වෙස් මුහුණක් පැළඳි යම් අයකු විසින් හිරන්‍ය කාශ්‍යප රජුව මරා දමන්නට ඇත. විෂ්ණු භක්තිකයන් එය පෙන්වා දෙන්නේ හිරන්‍ය කාශ්‍යප විෂ්ණු විරෝධියකු වීම හේතුවෙන් නරසිංහ අවතාරය හරහා විනාශවූ බවය. මේ සියල්ලෙන් සත්‍යය අසත්‍ය මෙන්ම විවිධාකාරයේ කල්පිත හා සංකල්ප ඇතුළත්ව ඇති බව පෙනීයයි.හිරන්යක් කසුබ් නැතහොත් හිරන්‍ය කාශ්‍යප යුගය ලෝක ශිෂ්ටාචාරයේ අද්විතීයම යුගය ලෙස මානව විද්‍යාඥයෝ පෙන්වා දෙති. කැස්පියන් මුහුද ඉදිකරන ලද්දේ ඔහු විසිනි.


    ඉන්පසු බලයට පත්වන්නේ ඔහුගේ පුත් ‘ප‍්‍රලාද’ය. මහා සම්මතය තුළ දිගින් දිගට බලයට පත්වූ හෙළ පාලන ව්‍යුහයට දේවයන් තැනීමේ ක‍්‍රමවේදය එක්වන්නේ ප‍්‍රලාද කුමරුගේ පාලන යුගයේදීය. එයට හේතුවන්නේ හෙළ පාලකයා සකල විද විශ්වීය දැනුමෙන් පිරුණු අයකු විය යුතුයැයි එකල සිටි ඍෂිවරු තීරණය කිරීමයි. අනෙක් කාරණය වූයේ තුන් ලොව පුරා ව්‍යාප්තවූ හෙළ අසුර අධිරාජ්‍යය ක‍්‍රමානුකූලව පවත්වාගෙන යෑමට නම් දක්ෂ නායකයන් බිහිකළ යුතු බව හෙළ ඍෂිවරු තේරුම් ගැනීමය.අප කතාකරමින් සිටිනුයේ අපගේ කතා නායිකාව වූ දේවයාණිගේ යුගයට වසර දෙදහස් පන්සියයකට පමණ පෙර යුගයකි. බෘගු මහඍෂි දේව අධ්‍යාපන ක‍්‍රමවේදය හෙළයන්ට දායාද කළේය. විශ්වයේ සකල විද ඥානයන් විද්‍යාවන් දහයක් තුළට ගොනුකොට ‘දස මහා විද්‍යා’ සංකල්පය හෙළයට හඳුන්වා දෙනුයේ බෘගු මහ ඍෂි විසිනි.



    දේව අධ්‍යාපනයේ පදනම මෙයයි. දස මහා විද්‍යාවන් විශ්ව ඥානයන් වීම හේතුවෙන් ඒවා ඉගැන්වීමේ හැකියාව පැවතියේ ඍෂිවරුන්ට පමණි. ඍෂිවරුන්ගේ එක්වීම හරහා අධ්‍යාපන ආයතන නැතහොත් ආශ‍්‍රම බිහිවිය. දේවයන් නැතහොත් දස විද්‍යාවන්ගෙන් සන්නද්ධ වූ හෙළ පාලකයන් බිහිවූයේ මෙහිදීය. මෙම දස විද්‍යාවන් තුළ භෞතික සංවර්ධනය ඉලක්ක කරගත් ආධ්‍යාත්මික වර්ධනයක් සිදු කෙරුණි. දේව අධ්‍යාපනයේ ප‍්‍රධාන තනතුර ‘ශක‍්‍ර’ ලෙස හැඳින්වුණි. ‘ශක‍්‍ර’ සැමවිටම හෙළ පාලකයාටත් වඩා ඉහළින් සිටි තනතුරකි. එහෙත් දේවයන් තැනීම මිස දේවයන්ගෙන් රාජ්‍ය පාලනයට ඔහුන් බලපෑම් ඇති කළේ නැත. පළමු වැනි ‘ශක‍්‍ර’ ලෙස සැලකෙන්නේද බෘගු මහ ඍෂිය.කෙසේ වෙතත් හිරන්‍ය කාශ්‍යපගේ යුගය ඔහුගේ මුණුබුරු වීරවන කුමරුගෙන් පසු ඉතිහාසයෙන් මැකී යන්නට විය. තුන් ලොව පාලනය කළ හෙළ අසුර අධිරාජ්‍යය පාලනයෙන් ගිලිහී ගියේය. යළි හෙළ අසුර අධිරාජ්‍යයේ නැගී සිටීම සිදුවන්නේ ‘බලි චක‍්‍රවර්ති’ රජුගේ පාලන කාලය තුළදීය. ඒ හෙළ අසුර අධිරාජ්‍යයේ සිදුවන ස්වභාවික නැගීසිටීමේ ක‍්‍රියාවලිය ක‍්‍රියාත්මක වන කාලයයි.මහා බලි හා කනිටු බලි යනුවෙන් රජවරු දෙදෙනකු විසින් හෙළ අසුර අධිරාජ්‍යය යළි ගොඩනැංවීමට ක‍්‍රියා කළේය.



    බලි රජුගේ රාජධානිය පිහිටියේ කන්ද උඩරට රාජධානිය නැතහොත් වර්තමාන දළදා මාලිගය පිහිටි ප‍්‍රදේශය ආශ‍්‍රිතවය. කන්ද උඩරට පළමු හෙළ රාජ්‍යය පිහිටුවීම සිදු කරනුයේ බලි රජු විසිනි. වර්තමාන දළදා මාලිගය පිහිටි ස්ථානයේ පස්මහල් මාලිගයක් බලි රජු ඉදිකළ අතර මෙම මාලිගයේ පැවති විශේෂත්වය නම් මහල් දෙකක් පොළොව අභ්‍යන්තරයේ සිටින ලෙස නිර්මාණය වීමයි. මෙම මාලිගයේ යටි මහලේ සිට විහිදී ගිය ප‍්‍රධාන උමං මාර්ග තුනක් පැවතියේය.ඉන් ප‍්‍රධාන වූයේ නුවර සිටමාතලේ දක්වා විහිදී ගිය එක්ප‍්‍රධාන උමං මාර්ගයයි. තවත් උමං මාර්ගයක් වර්තමාන උඩවත්ත කැලය තුළට විහිදී ගිය අතර අනෙක් උමං මාර්ගය වර්තමාන ගලහා දෙසට නිර්මාණය වී පැවතුණි. පසුකාලීනව නුවර වැව තැනීමේදී ගලහා දෙසට විහිදී තිබූ උමං මාර්ගයේ කොටසක් විනාශවී ගියේය. අනෙක් මාර්ග අදටත් පවතින බව අපගේ විශ්වාසයයි. බලි රජු විසින් මෙම රහස් උමං මාර්ග නිර්මාණය කිරීමට හේතු වූයේ ආරක්ෂාව උදෙසාය.


    බලි රජු දේව අධ්‍යාපනය උපරිම ලෙස සම්පූර්ණ කළ රජෙකුවූ අතර ඔහු අසුර අධිරාජ්‍යය යළි ව්‍යාප්ත කළද දැඩි ආධ්‍යාත්මික වර්ධනයක් අපේක්ෂා කළ රජෙකු විය. දේවයාණි යනු බලි රජු සමයේ දේවයන් තැනීමේ දේව ආධ්‍යාපනයේ ප‍්‍රධානියා වූ ශක‍්‍රගේ දියණියයි. විෂ්ණුගේ වාමන අවතාරය විසින් බලි ජීවග‍්‍රහයෙන් අල්ලාගෙන යෑමෙන් පසු බිඳවැටෙන අසුර අධිරාජ්‍යය යළි ඔසවා තබන්නේ ඇයයි. හෙළ ව්‍යවහාරයට අනුව උඩරට පත්තිනි නමින් දේවත්වයට පත්වන්නේද ඇයයි
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    සිංහලයන් පැවැතෙන්නේ විජයගෙන් නොවේ


    සිංහලයන් පැවැතෙන්නේ විජයගෙන් නොවේ හෙළ වර්ගයාගේ පරම්පරා කතාව ගැන කියැවෙන වරිග පූර්ණිකාව රාමායණය සහ මහා වංසයට එහා ගිය වැදගත්කමක්, වටිනාකමක් උසුලයි. එම ග්‍රන්ථ ඉක්මවා යන තරමට ඉතිහාසගත වෙයි.වරිග පූර්ණිකාව යනු තවත් එක් සුන්දර කතා වස්තුවක් රැගත් ග්‍රන්ථයක් නොවේ. අතීත සිද්ධීන් සමුදායක් සටහන් කරනු ලැබූ කතා පොතක්ද නොවේ. එහි ඇත්තේ රාවණා පරපුර හෙවත් යක්‍ෂ ගෝත්‍රික පරපුරේ ජීවිතයයි. ජීවත්වීම සඳහා කෙනකුට ඇවැසි වනුයේ යම් දෙයක්ද එම දෙය අඩු වැඩි නැතිව වරිග පූර්ණිකාවේ සටහන්ව තිබේ. එහෙයින්ම එය යක්‍ෂ ගෝත්‍රික පරපුරේ පොදු උප්පැන්න සහතිකයද වෙයි.


    ශ්‍රී ලංකාවේ ආදිවාසීන් ලෙස සලකනු ලැබුවේ යක්‍ෂ, නාග, දේව ගෝත්‍රික ජනතාවයි. මෙයින් නාග ගෝත්‍රිකයන් කැලණිය, නාගදීපයෙත්, යක්‍ෂ ගෝත්‍රිකයන් මහියංගණය, සබරගමුව ප්‍රදේශවලත් ජීවත් වූ බව සඳහන් වෙයි.හෙළයා යනු වර්තමාන සිංහලයා මිස විජයගෙන් බිහිවූ ආර්යයන් නොවන බව අපට හොදාකාරවම වරිග පූර්ණිකාව කියයි. ඉන්දියාවෙන් පිටුවහල් කළ විජය ලංකාවට පැමිණ කුවේණිය සමඟ එක්වීමෙන් ආර්යයන් බිහිවූ බව බොහෝ ග්‍රන්ථ සඳහන් කරතත් විජය පැමිණීමට පෙර ආර්යයන් නොවන යක්‍ෂ ගෝත්‍රික පරම්පරාවක් එදා හෙළදිවේ සිටි බවත් හෙළයන්ගේ හෙවත් සිංහලයන්ගේ ඉතිහාසය ලියූ සහ ලියන බොහෝදෙනා එම තොරතුරු හිතාමතා සඟවා ඇති බවත් මේ වන විටත් ප්‍රසිද්ධ කරුණක් වී තිබේ.



    මෙරට තුළ ආදිවාසීන් ලෝකයේ වඩාත්ම දියුණු ජාතියක් වී සිටියා යැයි වරිග පූර්ණිකා ග්‍රන්ථය ආශ්‍රයෙන් කොතෙක් තොරතුරු ගෙනහැර දැක්වුවද රාවණාගේ ඉතිහාසය අතැඹුලක් සේ දන්නේ තමන් පමණකැයි සිතා සිටින මහා උගතුන් එම තොරතුරු පිළිනොගන්නේ තමන්ගේ තත්ත්වයට සහ ඉගෙනගත් දැනුමට මදිපුංචිකමක් වේ යැයි සිතන අනියත බිය නිසාය. සැබැවින්ම එය කනගාටුවට කරුණකි. නමුත් ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ආර්යයන්ට වඩා හෙළදිව හෙවත් ලංකාවේ සිටි යක්‍ෂ ගෝත්‍රික පරම්පරාව උසස් ජාතියක් සහ ඉහළ දැනුමක් ඇතිව සිටියවුන් බව කීමට පැහැදිලි සාක්‍ෂි වරිග පූර්ණිකාව පෙන්නුම් කරයි. වරිග පූර්ණිකා පුස්කොළ පුස්තකය රචනා කිරීමට යොදාගත් භාෂාව අන්කිසි භාෂාවකට සම කළ නොහැකිය. එහෙයින්ම එය ඉහළ ස්ථානයක් ගනී. මෙම භාෂාව පාලි, සංස්කෘත භාෂාවන්ට කිසිදු නෑකමක් නොදක්වයි.


    පසුව අප පාලි, සංස්කෘත ආභාසය ලැබුවත් එයට පෙර අප මුතුන්මිත්තන් භාවිත කළ මෙම භාෂාව වර්තමාන සිංහල භාෂාවේ මුල් භාෂාව ලෙස උපකල්පනය කිරීමට පුළුවන. සිංහල ගැමි වහරේ ඇති බොහෝ වචන මුල් හෙළ භාෂාවෙන් බිඳගත් වචනයි. එමෙන්ම ලෝකයේ බොහෝ භාෂාවන්ගේ උපත හෙළ භාෂාව යැයි පවසන තරමටම මෙම භාෂාව ඉතාමත් පැරැණිය. මෙරට මුල්ම වැසියා වන යක්‍ෂ ගෝත්‍රිකයාගේ භාෂාව වන මෙය මුලින් හැඳින්වූයේ රවිශෛලාෂ භාෂාව ලෙසිනි.


    මහින්දාගමනයට පෙර ශ්‍රී ලාංකේය ජන ජීවිතය පිළිබඳ යමක් ප්‍රකාශ කිරීමට ශ්‍රී ලාංකේය විද්වතුන් මැළිවන්නේ ඒ සම්බන්ධව ඇති මූලාශ්‍රවල අඩුකම නිසාය. ඔවුන් පිළිගන්නා පරිදි සිංහලයාගේ පෙළපත ආරම්භ වනුයේ විජයගෙනි. විජය හෙළයේ නායකත්වයට පත්වන්නේ යුදමය ක්‍රියාදාමයකින් මෙරට පාලන තන්ත්‍රය බිඳ දැමීමකින්වත්, එවකට සිටි ගෝත්‍රික ජනයාගේ සම්මුතියෙන් විජයට රාජ්‍යත්වය ප්‍රකාශ කිරීමෙන්වත් නොව එවකට පාලනයේ යෙදී සිටි නායිකාවක වූ කුවේණිය වංචනිකව රවටා විවාහ කරගැනීමෙන් අනතුරුවය. මේ අනුව හෙළ වංස කතාවේ පටන් ගැන්මෙන්ම යක්‍ෂ ගෝත්‍රිකයන්ට හිමිවී ඇත්තේ පහත් තැනකි. ඔවුන් හඳුන්වා ඇත්තේ පහත් වැඩ කරන මායාකාරී ගෝත්‍රික කොටසක් ලෙසටය. අපගේ මානව වංස කතාව ලියූවන් කියන පරිදි යක්‍ෂ ගෝත්‍රිකයන්ට බුදුන්ගෙන් බණ අසා එය වටහා ගැනීමට තරම්වත් ශක්තියක් තිබී නැත. මේ අය වංස කතාව ලියූවන්ගේ සහ තවමත් ලියමින් ඉන්නන්ගේ පරගැති භාවයයි. නමුත් සත්‍යය එය නොවේ. විජයගේ පැමිණීමට පෙර දියුණු ජාතියක යුගයක් හෙළදිවට තිබූ බවට වන සාක්‍ෂි අද පුරාවිද්‍යාත්මකව සොයා ගැනෙමින් පවතී. වරිග පූර්ණිකාවේ විශේෂිත කරුණ වනුයේ රාවණා පරම්පරාවෙන් පැවැත එන පරම්පරාව පිළිබඳ තොරතුරු සටහන්ව තිබීමයි. එය මූලික වශයෙන් පරම්පරා දෙකක් දක්වයි. ඒ කේවේසස්ථාන සහ රවිශෛලාෂ පරම්පරා දෙකයි. ඉතා දියුණු සංස්කෘතියකට අයත් යක්‍ෂ ගෝත්‍රික රාජ පරම්පරාව ගැන නිවැරැදි අවබෝධයක් වරිග පූර්ණිකාව තුළින් අපට ලැබේ. ඒ අනුව වඩාත් තහවුරු වූ රාවණා රාජ පරම්පරාව වනුයේ රවිශෛලාෂ රාජ පරම්පරාවයි.



    රවිශෛලාෂ රාජ පරම්පරාවේ ආදිතමයා ලෙස සැලකෙනුයේ රාවණා හෙවත් යක්‍ෂ කෞරාණ මන්ඨකයි. මෙම කෞරාණ, රෞලාන ලෙසද භාවිත වනු දැකිය හැකිය. කෞරාණ (රෞලාන) කුරු යන්නට තරමක සමානතාවක් දක්නට ලැබේ. කෞරාණ යනු මෙරට සහ ලෝකයේ ව්‍යාප්තව සිටින යක්‍ෂ ගෝත්‍රික වංශිකයන්ගේ මුල් නමයි. රාවණා යන වචනයේ අර්ථය සූර්යයා යන්නයි. රකුණ යනු රාවණා යන්නට සමාන අර්ථයක් ඇති තවත් පදයකි. වික්‍රමාන්විත භාවයෙන් පරිපූර්ණ වූ ශ්‍රී ලංකාවේ යක්‍ෂ ගෝත්‍රික වංසයේ අද්විතීය ස්ථානය හිමිකරගත් රාජ්‍ය නායකයන් ගැන වරිග පූර්ණිකාව මෙසේ සඳහන් කරයි. ඒ අනුව රාවණා රජුගේ පෙර රාජ පරම්පරාව සහ රාවණා රජුගෙන් පසු රාජ පරම්පරාවත්, රාවණා රජුගේ මුනුබුරකු වූ රවිශෛලාෂ රජුගේ පරම්පරාවෙන් ඇරැඹි වත්මන් ලේ නෑයන් දක්වා දිවයන රාජකරුණා පරම්පරාවත් පිළිබඳ වරිග පූර්ණිකාව ඉතිහාසගත සාක්‍ෂි සපයයි. මේ අතර රාවණා රජුගේ සොයුරු විභීෂණ ලංකාවේ රජකම් කළ බව පැවැසෙතත්, එම රාජ්‍ය පාලනය එක දිගට සිදුවූවක් නොවන බවත් අතරින් පතර කඩඉම් සහිතව පැවැති රාජ්‍ය පාලනයක් බවත් මෙම වරිග පූර්ණිකාවම පෙන්වා දෙයි.


    වරිග පූර්ණිකාව පෙන්වා දෙන පරිදි හෙළයේ ආදිතම පාලකයා වූයේ සයිබාරි ඍෂිවරයායි. මෙම ඍෂිවරයා වූ කලී ගෝත්‍රික පරම්පරාවක නායකයායි. එම ගෝත්‍රික පරම්පරාව වූයේ යක්‍ෂ ගෝත්‍රිකයනුයි. මෙම සයිබාරි ඍෂිවරයාට පෙර සිටි පාලකයන් ගැන පැහැදිලි සඳහනක් වරිග පූර්ණිකාව නොදක්වතත් එකලට පෙරද යක්‍ෂ ගෝත්‍රිකයන් සිටි බව පෙන්වා දෙනවා. මෙම සයිබාරි ඍෂිවරයාගෙන් පසු යක්‍ෂ ගෝත්‍රික පරම්පරාවේ නායකයා බවට පත්වූයේ ශෛහාරයි. ශෛහාර, සයිබාරි ඍෂිවරයාගේ පුතෙකි. ඉන්පසු ශෛහාරගේ පුතකු වූ මිථානත්, මිථානගේ පුතකු වූ මාලන්තිත්, මාලන්තිගේ පුතකු වූ සුමාලිත් යක්‍ෂ ගෝත්‍රික පරම්පරාවේ නායකත්වයට පත්වී ඇත. මෙම තාත්තාගෙන් පුතාට උරුම වූ පරපුරේ නායකත්වය අනුව සුමාලින්ති රජුගේ පුත්‍රයකු වූ රාවණ නායකත්වයට පත්වෙයි. මෙම රාවණා වූ කලී පෙර රජ පරපුරෙන් පැවැත ආ අසහාය පුද්ගලයෙකි. ඔහු හැඳින්වූයේ විශ්ව කීර්තිය ලද ශ්‍රී රාවණා නොහොත් යගු කෞරාණ මන්ඨක ලෙසිනුයි. රාවණා රජුගේ පුත්‍රයා වුණේත් උපේන්ද්‍රිමිණිකයි. රාවණාගෙන් පසු රජකමට පත් උපේන්ද්‍රමිණිකට පුත්‍රයන් දෙදෙනෙක් සිටියහ. ඒ රවිශෛලාෂ සහ කේවේසස්ථාන රජ කුමරුන් දෙදෙනායි. උපේන්ද්‍රමිණික රජුගෙන් පසු හෙළදිව රාජ්‍ය පාලනයට පත්වූයේ මෙම රවිශෛලාෂ සහ කේවේසස්ථාන කුමරුන් දෙදෙනායි. මෙම කුමරුන් දෙදෙනාගේ රාජ පරම්පරාවන් දෙක පිළිබඳ වරිග පූර්ණිකාව විස්තර දක්වතත් එහි වැඩි වශයෙන් දක්වා තිබෙනුයේ රවිශෛලාෂ රාජ පරම්පරාව පිළිබඳවයි. උතුරේ පාලනය ගෙන ගිය කේවේසස්ථාන රාජ වංසය ගැන දීර්ඝ සඳහනක් වරිග පූර්ණිකාව නොදක්වයි.



    එසේ දැක්වීමට නොහැකි වූ හේතුව ලෙස වරිග පූර්ණිකාව සටහන් කරනුයේ විජය හෙවත් ආර්යයන්ගේ පැමිණීමත් සමඟ ඇතිවූ නව ආරම්භයට මුහුණ දීගත නොහැකිවීමයි. නමුත් එයට මුහුණ දෙමින්ම රාජ පරම්පරා හතක් දක්වා කේවේසස්ථාන රාජ වංසය පවත්වාගෙන යෑමට එම පරපුර සමත් වූ බව වරිග පූර්ණිකාව කියයි. වරිග පූර්ණිකාව දක්වන එම රාජ පරම්පරා හත නම්, කේවේසස්ථාන රජු, සොලිස මන්ඨක රජු, සකුදල ගිරි රජු, පජ්ජල මුණ රජු, කේසි කෙහෙලියපුර රජු, විපුලත්තාන රජු සහ සුගලිත රජු යන රජවරුන්ය.රවිශෛලාෂ රජු හෙවත් රාවණා රජුගේ මුනුබුරා හරහා පැවැත ආ රවිශෛලාෂ රජුගේ දාරක පරම්පරාව වරිග පූර්ණිකාවට අනුව මෙසේ වෙයි. කභාගිරි රජු, දෙවලගිරි රජු, වාරසික රජු, සේතකඨ රජු, උජුපල රජු, බැබිලගිරි රජු, මන්දාරක රජු, අතිලීක රජු, කීර්තිධීර රජු, රෞලාන රජු, මෝජගිරි සෙන්පති, උරසිකාර සෙන්පති, ඉදියර සෙන්පති, කත්තුර සෙන්පති, හෝසලමාන සෙන්පති, භද්‍රගිරික සෙන්පති.මෙම රාජ පරම්පරාව අතර සිටින කිත්තිධීර රජු බුද්ධ කාලයේ පිටිගල පාලනය කළ රජුයි. බුදුන්ගෙන් බණ අසා රහත් ඵලයට පත් කවිලාශ අග්තිපාලි මෙහෙණියගේ පියා වනුයේද කිත්තිධීර රජුයි. ගිරිදේශය පාලනය භාරව සිටි ගිරිභද්‍ර සෙන්පති කවිලාශ අග්තිපාලියගේ ස්වාමියායි.


    බුද්ධ කාලයට සමගාමීව පිටිගල පාලනය කළ කිත්තිධීර රජුගෙන්, ඔහුගේ වැඩිමල් පුතු උපතිස්ස කුමරු රජ බවට පත්වුණා. උපතිස්ස රජු තම රාජ්‍ය කාලය තුළ පැවිදි දිවියට (කි.ව. 409-431) පත්වූයේ බාල සොහොයුරු මහානාම රජුට රාජ්‍ය පාලනය භාර දෙමින්. මහනාම රජුගෙන් පසු වන රාජ පරම්පරාව වරිග පූර්ණිකා පුස්තකය මෙසේ දක්වයි. මහානාම රජු, ඔහුගේ පුත් ස්වර්ණ සුබෝධි කුමාරයා, ඔහුගේ පුත් මාලිම්භ කුමාරයා, ඔහුගේ පුත් සංජීව කුමාරයා, ඔහුගේ පුත් විපුල්ලම්භ කුමාරයා, ඔහුගේ පුත් පියුමල් බණ්ඩාර කුමාරයා, ඔහුගේ පුත් සිරිනාථ බණ්ඩාර කුමාරයා, ඔහුගේ පුත් චන්ද්‍රගිරි බණ්ඩාර කුමාරයා, ඔහුගේ පුත් සත්බෙර බණ්ඩාර, දියණිය පියුමලී පාලි කුමරිය, ඇගේ පුත් සුජාත කුමාරයා, ඔහුගේ පුත් සංජය බණ්ඩාර කුමාරයා, ඔහුගේ පුත් මානා බණ්ඩාර හෙවත් මුදලිහාමි රාජකරුණා මුදියන්සේ, ඔහුගේ පුතුන් තිදෙනා කිරිබණ්ඩා, හීන් බණ්ඩා සහ ටිකිරි බණ්ඩා. මේ වර්තමානය දක්වා දිවෙන රාවණ රාජ පරම්පරාවේ ලේ නෑ පරම්පරාවයි. අද වරිග පූර්ණිකා පුස්තකයත්, රාවණ රජුගේ ග්‍රන්ථය, මන්ත්‍රය, වෛද්‍ය ග්‍රන්ථය සහ තවත් අතිශය රහස් සමුදායක් මෙම පරපුරේ වත්මන් භාරකාරත්වය යටතේ පවතිනවා.


    එම රහස් අතර ඉතාමත් මූලික දෙය වනුයේ යක්‍ෂ ගෝත්‍රික හෝඩිය සහ එහි සන්තාඥ භාෂාවේ අක්‍ෂරයි. මෙම අක්‍ෂර මාලාවේ උපත ගැන වරිග පූර්ණිකාව විස්තර මෙසේ දක්වනවා. පුප්ඵුශීය වායු ධාරාව නිසා ස්වරාලය තුළ ඇතිවන ස්වර කම්පනයෙන් නිපදවනු ලබන නාද රටා සියුම්ව වර්ගීකරණය කොට සංකේත මඟින් ඉදිරිපත් කිරීම තුළින් යක්‍ෂ ගෝත්‍රික රවිශෛලාෂ භාෂාවේ අක්‍ෂරයන්ගේ උපත සිදුවී ඇතැයි නිගමනය කළ හැකියි. ඒ අනුව ඔවුන් නාද රටා දහයක් හඳුන්වා දී ඇත. ඒවා ජාතිස, සිලම්බි ලෙස හඳුන්වයි. බට නළාවක් පිඹ විවිධ නාද රටා උත්පාදනය කළ හැකිවාක් මෙන්ම පුප්ඵුශීය වායු ධාරාව මඟින් ස්වරාලය තුළද විවිධ නාද රටා නිපදවිය හැකියි. ජාතිස, සිලම්බි, සංකේත මඟින් පෙන්වා දෙන්නේ එබඳු නාද රටාවනුයි.


    මේ යටතේ වන උප අක්‍ෂර මාලා මෙසේ හඳුන්වා දී තිබෙනවා.
    * කයිමාර සිලම්බි (බන්ධ අක්‍ෂර)
    * ඒකේය අක්‍ෂර බන්ධන ක්‍රමය
    * විභූෂ අක්‍ෂර
    * කණ්ඨු අක්‍ෂරය
    * සෝල අක්‍ෂරය
    * කවිලාශ අක්‍ෂරය
    * කෞරවි අක්‍ෂරය
    * කුම්භණී අක්‍ෂරය
    * ජංග්‍රාම අක්‍ෂරය



    මෙම අක්‍ෂරවලට අමතරව සන්තාඥද්වන්ත්‍ර අක්‍ෂර නම් වන අක්‍ෂර විශේෂයක් ගැනද වරිග පූර්ණිකාව සඳහන් කර තිබෙනවා. එය මෙසේ පැහැදිලි කරදී ඇත.
    බල පිහිටුවීමේ අක්‍ෂර වශයෙන්ද ද්වන්ත්‍ර අක්‍ෂර වශයෙන්ද මෙම අක්‍ෂර හඳුන්වනු ලැබෙනවා. යක්‍ෂ ගෝත්‍රික කාන්තාවන්ට පලඳින ආභරණවල බලය පිහිටුවීම සඳහා යොදාගන්නා විශේෂ සහ වංසයේ උදාරත්වය ප්‍රකාශ කරන සංකේත මේ නමින් හඳුන්වනවා. රවිශෛලාෂ (යක්‍ෂ ගෝත්‍රික, කවිලාශපාලී, මහාපාලි) වංසයේ කාන්තාවන් විසින් පලඳින උත්තරචක්‍ර මාලාභරණයේ පළමු පොට හෙවත් ඉන්ද්‍රවටයේ බලය පිහිටුවීම සඳහා කොටා ඇති සංකේත ද්වන්ත්‍ර අක්‍ෂර ගණයට අයත් වෙනවා.



    * සන්තාඥ මුරාග්‍ර අක්‍ෂර
    * සුවිධිමුත අක්‍ෂර
    * කිලාම අක්‍ෂර
    * කෘෂිකාල සන්තාඟු හෙවත් ගුපල අක්‍ෂර
    * රකුන් සැර අක්‍ෂරය
    * සිද්ධි සැර අක්‍ෂරය
    * භද්‍ර පද අක්‍ෂර



    මෙම භද්‍ර පද අක්‍ෂර යටතේ විශේෂිත වාක්‍යයක් මෙසේ දක්වා තිබෙනවා.
    භද්‍ර පද අක්‍ෂර හා බැඳුණු අනෙකුත් ග්‍රහ ශක්තීන්.



    මෙම භද්‍ර පද අක්‍ෂරවලින් පෙන්වා දෙනු ලබන්නේ හිරු, සඳු දෙදෙනාගේ කිරණ ශක්තීන් පොළොවට ආකර්ෂණය වන ආකාරයයි. හිරුගෙන් නිකුත්වන කිරණ ශක්තීන් චන්ද්‍රයා නිසා කිසියම් වෙනසකට ලක්වී කිරණ දෙකක් වශයෙන් සකස්වන බව හෙළ ඍෂිවරු පෙන්වා දෙනවා. එම කිරණ ශක්තීන් මුගලස්ස, ළා නිල් පැහැයක් ගන්නා අතර දෙවැන්න ධාලිස්ස කිරණය, කෙසරුවන් (සිංහයකුගේ ලොම්) පැහැය ගන්නවා. මුගලස්ස කිරණය නිසා ජලය ගහකොළ පවතින අතර ධාලිස්ස කිරණය ජීවීන් සඳහා බලපානවා. මුගලස්ස කිරණය චන්ද්‍රයාගේ බලපෑම නිසා නිල් පැහැය ගන්නා අතර එය ජලය ගහකොළ සංකේතවත් කරනවා. ධාලිස්ස කිරණ සූර්යයාගේ බලපෑම නිසා කෙසරුවන් පැහැය ගන්නා අතර මෙයින් ජීවීන් සංකේතවත් කරනවා.
    මෙම කිරණ ශක්තීන් දෙක ප්‍රධානව ගහකොළ ඇතුළු ජීවීන්ගේ පැවැත්ම සඳහා තවත් ග්‍රහ වස්තූන්ගෙන් බලපෑමක් තිබිය යුතු බව හෙළ ඍෂිවරුන්ගේ මතයයි. මේ අනුව ජීවලෝකයේ පැවැත්ම සඳහා ග්‍රහ මණ්ඩල සතරක් පවතී. එක ග්‍රහ මණ්ඩලයකට හිරු සඳු ඇතුළුව ග්‍රහයන් සතර දෙනකු සිටිනවා. මේ සියල්ල පෙන්නුම් කරනුයේ විජයගේ පැමිණීමට පෙර සිටම හෙළ දිවයින යක්‍ෂ ගෝත්‍රික පිරිසක් රජ කළ බවත්, ඔවුන් ඉතා උසස් මනසක් සහිත දියුණු ගෝත්‍රික ජාතියක්ව සිටී බවත්ය. මෙම කරුණු සාක්ෂාත් කරන වරිග පූර්ණිකාව වූකලී එම ගෝත්‍රිකයන් විසින්ම ලියනු ලැබූ යක්‍ෂ ගෝත්‍රික භාෂාවේ පත්ඉරු එකතු කර ලියූ පුස්කොළ පුස්තකයක්. එහෙයින් මෙහි තොරතුරු රාමායණය හා මහාවංසය ඉක්මවා යමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් ඉතා මනරම් උදාහරණ රැසක් දක්වාලීමට පුළුවන්. විශේෂයෙන්ම ආදී හෙළයාගේත්, මෑතකාලීන සිංහලයාගේත් කාන්තාවන් සම්බන්ධව පවත්නා චාරිත්‍ර වාරිත්‍ර සහ ගරුකිරීමේ නීති මාලාවන් අනුව විජය කුමරුගේ දූෂිත ලේ කවලම් වී උපන්නා යැයි කියන ආර්යයන්ගේ නොසණ්ඩාලගති පැවැතුම් ගැන අද අප සමාජය පැහැදිලිවම දන්නවා. එහෙත් එදා නොදියුණු ගෝත්‍රික ගල් යුගයක උපන්නා දැයි සමච්චල් කරන වත්මන් සිංහලයාගේ (විජයගේ දූෂිත ලේ කවලම් නොවූ) නොහොත් ආදි හෙළ යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ කාන්තාවන්ට ගරු කිරීමේ නීතිරීති මාලාවක් සහ කාන්තා ගරුත්වය ගැන වරිග පූර්ණිකාවේ සඳහන් මෙම කොටස බොහෝ ගැඹුරු කාරණා ගෙනහැර දක්වනවා. මේ ඒ අතරින් එක් උදාහරණයක් පමණයි.


    බලන්න. යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ විවාහ චාරිත්‍ර යටතේ අනු කාරණා කිහිපයක් මෙසේ දක්වා තිබෙනවා.
    01. ලිංගාභරණ පැලැඳීමේ චාරිත්‍ර විධි
    02. උදාචක්‍ර ගිවිසුම් ආභරණ චාරිත්‍රය
    03. උදාචක්‍ර මාලාභරණයෙන් පිළිබිඹු වන ආත්මික සංවර ගුණාංග
    04. චතුර්භ්‍යානාභරණ පාරමිතා චාරිත්‍රය
    05. මනාලියන්ට ඔටුනු පැලඳවීමේ චාරිත්‍රය
    06. කන්‍යා හවඩිය පැලඳවීමේ චාරිත්‍රය
    07. සත්පොට මාලය
    08. යසස්ථ මංගල පෝරුව
    09. බඹසර යහන
    10. අනඟ යහන
    11. ධවන වන්දන පිරිත් පැන් අතලය.



    මේවා පිළිබඳවත්, යක්‍ෂ ගෝත්‍රික රාවණා රජු පරම්පරාවේ එළියට නොආ බොහෝ තොරතුරුත් ඉදිරි ලිපිවල ඉතා ගැඹුරින් සාකච්ඡා කිරීමට, හෙළිදරව් කිරීමට අපට හැකියාව එළැඹ තිබෙනවා. මෙම ලිපියෙන් අප පෙන්වා දීමට උත්සාහ කළේ රාවණාගෙන් පසු රාජ පරම්පරාව දිගටම රජකම් කළ බවය. ඇතැමුන් වපුරන මුසාවාද මතවාද අනුව රාවණා රජුගෙන් පසු එම පරම්පරාව වැළලී ගියේ නැත. එසේම රාවණා පරම්පරාව ශතවර්ෂ බොහෝ ගණනක් ගතවීත් වර්තමානය දක්වාම පැවැත එමින් තිබේ.


    රාවණා පරම්පරාව ගැන කියැවෙන වරිගයා විසින් රචනා කරනු ලැබූ වරිග පූර්ණිකාවට අනුව රාවණා රජ පෙළපත අවසන් වී රාවණාගේ සොයුරු විභීෂණගේ රජ පෙළපතක් එක දිගට පැවැතී නැත.



    10540854_797972756909277_4337481966820376277_n.jpg
     

    yrompe

    Junior member
  • Feb 13, 2012
    79
    4
    8
    macho mata me gena updates denawada?,.. math medawas wala ravana raja gena hoyanawa,.. ganan ganna epa padatthalayo monawa kiuwath,..
     

    yrompe

    Junior member
  • Feb 13, 2012
    79
    4
    8
    macho mata me gena updates denawada?,.. math medawas wala ravana raja gena hoyanawa,.. ganan ganna epa padatthalayo monawa kiuwath,..