රාවණා රජු

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    12079704_1619065611714487_836629048189325590_n.jpg
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,717
    2,771
    113
    Ane manda ban. Rawana gena api hariyata danne nehene aththada boruda kiyala. Eth mata hithenne Sigiriya nam Kashyapa hadapu ekak wenna be. Eta goda kalekata kalin hadapu ekak kiyalai mata hithenne.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හරි මොකෙක්හරි ඔය කියනවා වගේ හිතාගන්ඩ බැරි සුපර් මැන් වගේ පොරක් ඉදල තියනවා කියමුකෝ
    දැන් මොකක්ද කරන්ඩ කියන්නේ

    හෙළයෙක් විදිහට ආඩම්බර වෙලා ආඩම්බර වෙලා ආඩම්බර වෙලා ආඩම්බර වෙලා ආඩම්බර වෙලා පිපිරිලා මැරෙන්ඩ ද ?
    බම්බුව තමයි දැන් ඉන්න එකෙක්ට යකඩ ඇනයක් හදාගන්ඩ බැ . ඔච්චර අනේ අපේ තක්සොනේ තක්සොනේ සුද්ද සුද්ද නැති කළා කියල නාහෙන් අඩනන්නේ නැතුව සුද්දෝ එන්ඩ කලින් ඔය තිබුන තක්සොනයක් පාවිච්චි කරලා වත් රේල්පාරක් හාදල .පාරට තාර ටිකක් දාල ..වාහන හදල යන්තර හදල ..අවි ආයුද හදල තියන්න තිබුනනේ සුද්දට කෙලින්ද තිබ්බනේ ඒවගෙන් දුවන්ඩ .බම්බුව තමයි

    අවුරුදු ලක්ෂ ගානක් සිහි නැති වෙච්ච එකෙක් නැගිටියි කියල උබල මාර සීරියස් හිතාගෙන ඉන්නවනම් උබලට සයිකෝ උපරිම ...

    පිස්සොන්ට පත්තර වලට ලියන්න දෙන්නේ තමන්ගේ නැති පොරත්වයක් මාවගන්න ආස ස්වයන් චුන් එකකට වෙනඩ ඇති .. එකෙන් වෙන්නේ උබල වගේ තවත් පිස්සන් බිහිවෙන එක තමයි ..උන්ව දාන්ඩ ඕනි පිස්සන් කොටුවට

    උබල ආඩම්බර වෙලා ආඩම්බර වෙලා පිපිරිලා මැරියල්ල , ලෝකේ එකෙක්ටවත් තෝපෙන් ඇති වැඩක් නැත තොපි ලෝකෙට මාර පොරවල් නොවේ
    , ලංකාවට ට්‍රිප් එකක් එන එකෙක් මුහුදු තීරයයි අලි ටිකයි ලස්සන ප්ලේස් ටිකක් බලන ගමන් මේකේ තිබ්බ පරණ නටබුන් ටිකත් බලාගෙන යයි ..ඉජිප්තුවටත් යයි ඉන්දියාවටත් යයි මක්සිකොවටත් යයි වැඩ වලින් නිවාඩුවක් ලැබුනම ට්‍රිප් එකක් ගිහින් එයි ඔච්චර තමයි ..උබල ආඩම්බර වෙයන් දිගටම ආඩම්බර වේවි ඉදපන් වෙන කරන්ඩ දෙයකුත් නැනේ





    ps :


    පුලුවන්නම් ආඩම්බර වෙයන් ජපානේ මිනිස්සු වගේ ලෝකෙට වාහන රොබෝලා නිෂ්පාදනය කරලා
    රුසියාව වගේ තමුන්ගේම යන්ත්‍ර යුධ අවි නිස්පාදනය කරලා
    ඊශ්‍රායෙල් මිනිස්සු වගේ දැනුමෙන්
    චිනේ වගේ නිෂ්පාදනයෙන්
    ඇමෙරිකාව වගේ බලයෙන් තාක්ෂණයෙන්

    ඔය මොන පැත්තකින් වත් ලෝකේ ඉදිද්රියට එන්ඩ බැරිනම් අඩුමගානේ හොද ජිවන මට්ටමක් තියන රටක් වෙලා ආඩම්බර වෙයන්
    අතීත රජ කතා ෆැන්ටසි ස්වයන් වින්දනය නවත්තල ඇත්ත ලෝකෙට වරෙන්
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මේ බිමේ සිංහල නමකින් ඉපදුණ පමණින් සිංහලයෙකු නොවේ... ඒ බව මේ වන විට බොහෝ පිරිසක් ප්‍රත්‍යක්ෂ කර ඇත. අතෝරක් නැතිව අපේ දේ විවේචනය කරන්නේ ඒ අසික්කිත උප්පත්තියට ඔවුන් උරුමකම් කරන නිසා විය හැක.... උන්ගේ නැන පමණින් උවත් ඊට එහා දෙයක් ඇති බව සිතන්නට උන් කැමති නැත. රාවණා ඉතිහාසය ගැන කීමට ඇත්තේ ද එයයි... උන් දෙයක් කරන්නෙත් නැත. හෙළි කරන දෙයක් පිළිගන්නේ ද නැත. උන්ට බැරි නම් කාටවත් බෑ කියන මතයේ සිටින අමණයන්ගේ නිහීන කම මෙයින් පසු වත් දුරු වේවා...!!!
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේ බිමේ සිංහල නමකින් ඉපදුණ පමණින් සිංහලයෙකු නොවේ... ඒ බව මේ වන විට බොහෝ පිරිසක් ප්‍රත්‍යක්ෂ කර ඇත. අතෝරක් නැතිව අපේ දේ විවේචනය කරන්නේ ඒ අසික්කිත උප්පත්තියට ඔවුන් උරුමකම් කරන නිසා විය හැක.... උන්ගේ නැන පමණින් උවත් ඊට එහා දෙයක් ඇති බව සිතන්නට උන් කැමති නැත. රාවණා ඉතිහාසය ගැන කීමට ඇත්තේ ද එයයි... උන් දෙයක් කරන්නෙත් නැත. හෙළි කරන දෙයක් පිළිගන්නේ ද නැත. උන්ට බැරි නම් කාටවත් බෑ කියන මතයේ සිටින අමණයන්ගේ නිහීන කම මෙයින් පසු වත් දුරු වේවා...!!!

    මොකක්ද බන් මේක මේ ලෝකේ සිංහලයින් කියන ජාතිය ඇරෙන්න අනිත් ඉපදුනු සියලුම මිනිස්සු චාටර්ද එතකොට ? උන් අසික්කිතයි චාටර් හෙළයෝ විතරයි ලෝකෙම පොරවල්

    අනේ හුකේ ...

    යකෝ මමත් සිංහල තමයි ඒ උනාට මට එකෙන් ස්වයන් වින්දනයක් ලබන්න තරම් හීනමානයක් නැ
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මොකක්ද බන් මේක මේ ලෝකේ සිංහලයින් කියන ජාතිය ඇරෙන්න අනිත් ඉපදුනු සියලුම මිනිස්සු චාටර්ද එතකොට ? උන් අසික්කිතයි චාටර් හෙළයෝ විතරයි ලෝකෙම පොරවල්

    අනේ හුකේ ...

    යකෝ මමත් සිංහල තමයි ඒ උනාට මට එකෙන් ස්වයන් වින්දනයක් ලබන්න තරම් හීනමානයක් නැ
    සෑහෙන්න රිදිලා වගේ ..... ඒ කියන්නේ මේ කියපුටික උඹට දැනෙන්න දීලා කියන ඒකයි ..... උඹට හීනමානේ තමයි බන් .... අවුලක් නෑ ... සුද්දා ඒකාලේ උඹලගෙ අාච්චිලා හම්බෙන්න ඒන්න ඒහෙම අැතිනේ ... ධර්මපාලතුමා කියපු කලු සුද්දෝ විසිතිස්දාහෙන් ඒකෙක්ට තමයි මේවා කියනකොට රිදෙන්නේ .... අනික කොහෙදබන් කියන්නේ අනිත් ඒවුන් චාටර් කියලා .... උඹ උඹේ පවුලේ ඒකෙක්ගේ හැකියාවන් ගැන කතා කරන්නේ අනිත් ඒවුන් චාටර් කියලා හිතාගෙනද ?;);););););););););)
     
    Last edited:
    • Like
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    හරි මොකෙක්හරි ඔය කියනවා වගේ හිතාගන්ඩ බැරි සුපර් මැන් වගේ පොරක් ඉදල තියනවා කියමුකෝ
    දැන් මොකක්ද කරන්ඩ කියන්නේ

    හෙළයෙක් විදිහට ආඩම්බර වෙලා ආඩම්බර වෙලා ආඩම්බර වෙලා ආඩම්බර වෙලා ආඩම්බර වෙලා පිපිරිලා මැරෙන්ඩ ද ?
    බම්බුව තමයි දැන් ඉන්න එකෙක්ට යකඩ ඇනයක් හදාගන්ඩ බැ . ඔච්චර අනේ අපේ තක්සොනේ තක්සොනේ සුද්ද සුද්ද නැති කළා කියල නාහෙන් අඩනන්නේ නැතුව සුද්දෝ එන්ඩ කලින් ඔය තිබුන තක්සොනයක් පාවිච්චි කරලා වත් රේල්පාරක් හාදල .පාරට තාර ටිකක් දාල ..වාහන හදල යන්තර හදල ..අවි ආයුද හදල තියන්න තිබුනනේ සුද්දට කෙලින්ද තිබ්බනේ ඒවගෙන් දුවන්ඩ .බම්බුව තමයි

    අවුරුදු ලක්ෂ ගානක් සිහි නැති වෙච්ච එකෙක් නැගිටියි කියල උබල මාර සීරියස් හිතාගෙන ඉන්නවනම් උබලට සයිකෝ උපරිම ...

    පිස්සොන්ට පත්තර වලට ලියන්න දෙන්නේ තමන්ගේ නැති පොරත්වයක් මාවගන්න ආස ස්වයන් චුන් එකකට වෙනඩ ඇති .. එකෙන් වෙන්නේ උබල වගේ තවත් පිස්සන් බිහිවෙන එක තමයි ..උන්ව දාන්ඩ ඕනි පිස්සන් කොටුවට

    උබල ආඩම්බර වෙලා ආඩම්බර වෙලා පිපිරිලා මැරියල්ල , ලෝකේ එකෙක්ටවත් තෝපෙන් ඇති වැඩක් නැත තොපි ලෝකෙට මාර පොරවල් නොවේ
    , ලංකාවට ට්‍රිප් එකක් එන එකෙක් මුහුදු තීරයයි අලි ටිකයි ලස්සන ප්ලේස් ටිකක් බලන ගමන් මේකේ තිබ්බ පරණ නටබුන් ටිකත් බලාගෙන යයි ..ඉජිප්තුවටත් යයි ඉන්දියාවටත් යයි මක්සිකොවටත් යයි වැඩ වලින් නිවාඩුවක් ලැබුනම ට්‍රිප් එකක් ගිහින් එයි ඔච්චර තමයි ..උබල ආඩම්බර වෙයන් දිගටම ආඩම්බර වේවි ඉදපන් වෙන කරන්ඩ දෙයකුත් නැනේ

    PS:
    පුලුවන්නම් ආඩම්බර වෙයන් ජපානේ මිනිස්සු වගේ ලෝකෙට වාහන රොබෝලා නිෂ්පාදනය කරලා
    රුසියාව වගේ තමුන්ගේම යන්ත්‍ර යුධ අවි නිස්පාදනය කරලා
    ඊශ්‍රායෙල් මිනිස්සු වගේ දැනුමෙන්
    චිනේ වගේ නිෂ්පාදනයෙන්
    ඇමෙරිකාව වගේ බලයෙන් තාක්ෂණයෙන්

    ඔය මොන පැත්තකින් වත් ලෝකේ ඉදිද්රියට එන්ඩ බැරිනම් අඩුමගානේ හොද ජිවන මට්ටමක් තියන රටක් වෙලා ආඩම්බර වෙයන්
    අතීත රජ කතා ෆැන්ටසි ස්වයන් වින්දනය නවත්තල ඇත්ත ලෝකෙට වරෙන්
    මෙන්න කතාව
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    රාවණා රජු වේරම්බ වාතයේ සැඟවූයේ චන්ද්‍රිකාද?
    එක් කලක මහාභාරතය සහ භගවත් ගීතාව ඉන්දියාවේ පූජනීයත්වයට පත් වීර කාව්‍යයන් දෙකක් ලෙස සලකනු ලැබිණි. එහෙත් අද වනවිට එම ග‍්‍රන්ථ වීර කාව්‍යයක් නොව ඉන්දියාවේ සැබෑ ඉතිහාසය වන බවට ඔප්පු වී හමාරය. ඊට පදනම වැටණේ වසර ගණනක් තිස්සේ සිදු කළ පුරාවෘත්ත අධ්‍යයනයයි. මහාභාරතය භගවත් ගීතාව මිත්‍යාවක් ලෙසින් බැහැර කිරීම පසෙකලා එහි සඳහන් කෙරෙන ස්ථාන සැබෑ ලෙසම කොහේ හෝ ස්ථාන ගතවී ඇත්දැයි යන්න එකින් එක ගෙන අධ්‍යයනය කළේය.


    බොම්බායෙන් සැතපුම් 200ක් පමණ උතුරින් කුම්බේ බොක්කේ මුහුදු යට සැඟවී තිබූ ජනස්ථාන් නගරය සොයාගැනීමට සාගර දුෂණ කොමිසමට හැකිවූයේ එලෙසය. එය වැඩිදුරටත් ගවේෂණය හරහා එය රාමායණයේ සඳහන් වන රාවණ රජුගේ සොහොයුරන් වූ ඛර හා දුෂණ විසින් පාලනය කළ දණ්ඩ කාරණය බව සොයා ගත්තේය. එහි උපරැජිනය වූයේ කුම්භාණිය. මෙහි ප‍්‍රධාන නගරය ජනස්ථානය ලෙසත් හඳුනාගන්නට ලැබිණි. මේ සොයාගැනීමත් සමගම ඉන්දියානු වීර කාව්‍ය අධ්‍යයනය ඇරඹුණු අතර මහාභාරතයේ මෙන්ම රාමායණයේ සඳහන් බොහෝ නගර මේ ඔස්සේ මතු කරගත හැකි විය. ජනස්ථාන් නගරය කාල නිර්ණය කිරීමේදී එය වසර 10000කට වඩා පැරැණි බව සොයාගැනීමත් සමගම ඉන්දීය ඉතිහාසය වසර අටදහසකින් පමණ ඈතට දිව ගියේය. දණ්ඩ කාරණය රාවණ රජුගේ සොහොයුරා පාලනය කළ නගරය බව ඉන්දියානුවන් පිළිගනිද්දී තවමත් අප සමාජය රාවණ පිළිනොගන්නේ මන්දැයි ගැටලූවක්, ඉතිහාසය දිගුකර ගැනීමක් හෝ වෙනස් කරගැනීමක් අපට අවශ්‍ය නැත. එහෙත් විද්‍යාවෙන් හෝ පුරාවිද්‍යාවෙන් සනාත නොවූ පලියට ඒවා මිත්‍යාවන් හෝ අසත්‍ය ලෙස බැහැර කළ නොහැකිය. යටත් විජිත සමයේ ලංකා පොළොව තුළ සැඟවී තිබූ අතිවිශාල ප‍්‍රමාණයක් පුරාවස්තු නැව් පිටින් හිරු නොබසින අධිරාජ්‍යය වෙත ඇදී ගිය බවට ඕනෑ තරම් සාධක ඇත. පුරාාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටි වූයේ කුමක් අරබයාද යන්න ඉංගී‍්‍රසි ජාතික බෙල් පිළිබඳ අධ්‍යයනය කළවිට කරුණු අවබෝධ කරගත හැකිය. බොහෝ දෙනෙක් රාවණ පිළිබඳ කරුණු බැහැර කරනා පදනමේ සිට බැලූ කල එසේනම් යන්ත‍්‍ර මන්ත‍්‍ර ක‍්‍රම මෙන්ම බලි යාග ක‍්‍රම සියල්ල ඉවත දැමීමටත් සිදු වේ. මක්නිසාද යත් ඒ කිසිවක් විද්‍යාවට හසුනොවන නිසාය.
    පසුගිය කාලයේදී ලංකාව තුළ හෙළ ඉතිහාසයට සම්බන්ධ බොහෝ තොරතුරු අනාවරණය කරගැනීමට හැකි විය. මීට පෙරදී අප පෙන්වාදුන් ස්ථානවලින්ම ඒ කියූ පරිදිම උමං මතුවිය. අප රාවණ යුගයේ ජල තාක්‍ෂණය යන ලිපිය තුළ සිතියම් ගතකර දැක්වූ අයුරින් ම උමා ඔය ව්‍යාපෘතිය තුළ උමං මාර්ග සොයාගැනීමට හැකිවිය. සාදින්නාගල උම`ග තවත් එලෙස හමුවූ උමං මාර්ගයකි. ඉදිරි කාලයේදී සොයා ගනු ඇතැයි කී හෙළයන්ගේ පළිඟු පිරමීඩය ගී‍්‍රන්ලන්තයෙන් සොයාගෙන අවසන්ය. එසේම සකි‍්‍රය මට්ටමේ සක්වළ දොරටුවක් සහිත පිරමීඩයක් රාවණ ශක්තිය හරහා මතුවන බව අපි පැවසුවෙමු. 2012 අග භාගයේදී මෙක්සිකෝවෙන් සොයාගත් දෙවැනි මායා පිරමීඩයෙන් මතු වූ සක්වළ දොරටුව ලොව මෙතෙක් සොයාගත් අද්විතියම සක්වළ දොරටුව බව මේ වනවිට පර්යේෂකයෝ ප‍්‍රකාශ කර හමාරය. එසේනම් මේවා මතුවනුයේ අහම්බයකින් නොවන බව අප තේරුම්ගත යුතුය.


    පසුගියදා චීනය තොරතුරු චන්ද්‍රිකාවක් කක්‍ෂගත කළේය. එහි අයිතියක් අපටද ඇති බවට මතයක් ඇත. එහි අයිතිය කෙසේ වෙතත් දැන් අපට නමට හෝ චන්ද්‍රිකාවක් ඇත. චන්ද්‍රිකා තුනක් ති‍්‍රකෝණාකාරව පෘථිවිය වටා කක්‍ෂගත කිරීම හරහා පෘථිවිය තුළ සන්නිවේදන කටයුතු සිදු කළ හැකි බව මුලින්ම ප‍්‍රකාශ කළේ ආතර් සී. ක්ලාක් මහතාය. වර්තමානය වනවිට එය කි‍්‍රයාවට නැගී ඇත. යම් චන්ද්‍රිකාවක් කක්‍ෂගත කළ විට එය ඒකාකාරීව පෘථිවිය වටා භ‍්‍රමණය වීම සිදුවෙයි.


    මීට වසර ගණනකට ඈත අතීතයේ ලියැවුණු රාමායණයේ මෙයට සමාන සිදුවීමක් දැකගත හැකිවෙයි. එහි සඳහන් වන ආකාරයට රාවණ රජුගේ බලගතුම අවි තුනක් වේරම්බ වාතයේ සඟවා පැවති අතර අවශ්‍ය අවස්ථාවන් වලදී පමණක් හිමාලයේ මුදුනට ගොස් එම අවි ලබාගත් බව එහි සඳහන් වෙයි. රාමායණය කෙමෙන් කෙමෙන් සත්‍යයක් වන තැනට තොරතුරු මතු කරගෙන ඇත්නම් මෙහිදි සත්‍යයක් පැවතිය යුතුය. වේරම්බ වාතය විද්‍යාත්මක පදනමක් සහිතව සොයාගනු ලබන්නේ 1941දීය. පෘථිවි මට්ටමේ සිට අඩි 25000-30000 උසකින් පෘථිවිය වටා ගමන් කරනා ශක්ති ධාරාවකි. ගුවන් යානා භාෂාවේදී මෙය ජෙට් ස්ටී‍්‍රම් (Jet Stream) ලෙස හඳුන්වනු ලබයි. මෙම වායු ධාරාව තුළ දී එක් පසෙකට ගමන් කිරීමේදී යානයට දෙගුණයක වේගයක් ලැබෙන අතර අනෙක් පසට ගමන් කිරීමේදී එහි වේගය අඩකින් අඩුවීම සිදුවෙයි. පහළ කක්‍ෂ මට්ටම ලෙස හැඳින්වෙන්නේ ද මෙයයි.


    රාමායණය තුළ වේරම්බ වාතයේ සැඟවූ රාවණ රජුගේ ආයුධ තුනක් පිළිබඳ කතා කිරීමට හේතුව පැහැදිලිය. යුද්ධයක බලගතුම අවිය වනුයේ තොරතුරුය. ඇමෙරිකාව ලෝකය පුරා සියලූ රටවල තොරතුරු ගන්නේ චන්ද්‍රිකා හරහාය.


    රාමායණ කතුවරයාට මෙය අවියක් ලෙසින් සිතන්නට පැහැදිලි හේතුද ඇත. වේරම්බ වාතය යනු පහළම කක්ෂයයි. එනම් මෙහි ස්ථානගත කළ චන්ද්‍රිකා තුනක් හරහා තොරතුරු ලබා ගැනීමේ ක‍්‍රමවේදයක් රාවණ රජු භාවිත කළේ යැයි කීම පදනම් විරහිත කතාවක් නොවේ. යුද්ධයක් ජයගැනීමට මෙන්ම ලෝකයම ජනාවාස කළ හෙළයන්ගේ ප‍්‍රධානම අවිය වන්නට ඇත්තේ මෙයයි. මෙය බහුතරයකට විහිළුවක් සේ සිතෙනන්ට පුළුවන.



    එහෙත් පසුගිය කාලයේ
    ගිලීගිය නැවකින් සොයාගත් වසර දෙදහසකටත් වඩා පැරැණි පරිගණකයක් සේ හඳුනාගත් ඇන්ටිකතිරියා මැෂිම විහිළුවකැයි කිසිවකුට හෝ පැවසිය නොහැකිය. එය නූතන විද්‍යාවෙන් ද පිළිගෙන හමාරය. කඩාවැටුණු පිට සක්වළ යානාවක තිබූ පරිගණකයක් සේ යම් මත ඉදිරිපත් වුවත් විද්‍යාඥයන් විසින් ඇන්ටිකතිරියා මැෂිමේ ආකෘතියක් නිර්මාණය කිරීමත් සමග අදින් වසර දහස් ගණනකට පෙර පැවති පරිගණක තාක්‍ෂණ ක‍්‍රමවේදයක් පිළිබඳ නැවත සිතන්නට අවස්ථාව විවර කළේය. බටහිර විද්වතුන් ලංකාවට මෙන්ම ඉන්දියාවට පැමිණ හදාරන ලද්දේ රාවණ ඉතිහාසයයි. ඔවුහු හෙළ දැනුම බටහිරට ගෙන ගොස් තමන්ගේ සොයා ගැනීම් ලෙස ලෝකයට හෙළි කළහ.


    රාමායණයේ සඳහන් වන ලෙසට රාවණ රජතුමා වේරම්බ වාතයේ සැඟවූ ආයුධ ගැනීමට හිමාලයේ මුදුනට නැගිය යුතුය. මෙය ඉතා සරල කතාවකි. එහෙත් තාක්ෂණය දන්නා හෙළයන් මෙහි ඇතුළාන්තය ගැන හොඳින් දැන සිටියේය. එවරස්ට් කන්දේ උස අඩි 29029 කි. එනම් හිමාලය හරහා වේරම්බ වාතය වක‍්‍රාකාරව ගලායයි. මෙහිදී ඉතා සියුම් ක‍්‍රමවේදයක් ඔස්සේ චන්ද්‍රකාවක් කක්ෂ ගත කිරීමට හැකියාව පැවතුණි. වේරම්බ වාතය යනු ඒකාකාරීව පෘථිවිය වටා ගමන් කරනා වායු ධාරාවක් බැවින් මෙය නිරන්තරව භ‍්‍රමණය වීම සිදු වෙයි. අප කතා කරනුයේ නූතන විද්‍යාවෙන් ඔප්පු වූ රාමායණයේ සඟවා විස්තර කළ හෙළයන්ගේ දස්කම් ගැනය. පසුගිය දා චීනය චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීමත් සමගම ගුවන්යානා තාක්ෂණය පිළිබඳ ඇති වූ උණුසුම් කතාබහ තවමත් කිසිවකුටත් අමතක නැත. එහෙත් එහිදී අවශ්‍ය වන්නේ අපේ රට තුළ නිපදවූ චන්ද්‍රිකාවක් තනන්නට අපේම වුවමනා දැනුම එක්කාසු කරගෙන එවන් නිර්මාණයක් කිරීමය. ඒ අවශ්‍යතාව සහිත යුගය එළැඹ ඇත. මන්ද හෙළයන්ගේ යුගය උදාවී ඇති බැවින.


    – කාංචන මනමේන්ද්‍ර

    12183720_1059012980805252_7765674458914461935_o.jpg
    11029938_1059013027471914_5732686070710439747_o.jpg
    12190082_1059012997471917_2298734145401009881_n.jpg
    12196287_1059012990805251_1555316480368783192_n.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ශිව දෙවියන්ගෙන් රාවණ රජුට ලැබුණු න්‍යෂ්ටික බලය
    බොහෝ අය හිතාගෙන ඉන්නේ රාම කුමාරය දින්නට පස්සේ බොහොම සතුටින් සිටියා කියලයි.

    අද වෙනකොට ඉන්දියානු පර්යේෂකයෝ සොයාගෙන තියෙන තොරතුරු අතර ඔහුන් පුදුමයට පත්කල කාරණය තමයි ඔහුන් මතුකරගත් වසර 8000 පැරණි රාම යුගයට අයත් නගර සියල්ලම පාහේ න්‍යස්ටික ප‍්‍රහාරයන් හරහා විනාෂයට පත්ව තිබීම.


    රාමායනයේ කතුවරයා තම කෘතිය අවසන් කරන්නෙත් ශෝකාන්තයකින් ත මහා වීර කාව්‍යයක් අවසානයේ ඇයි ශෝකාන්තයක් වන්නේ.......
    අදවන විට ඉන්දියාවේ මේ මතුකරගත් ප‍්‍රදේශ තහනම් කලාප කරලා එහි ඇති අදික න්‍යෂ්ටික ක‍්‍රයාකාරිත්වය හේතුවෙන්.....


    අපි හිතන්න ඔනේ දෙයක් තියෙනවා. කොහොන්ද මේ න්‍යාස්ටික ප‍්‍රහාරයන් පැමිණියේ කියන එකයි......


    රාවණ ශිව භක්තිකයෙක් ලෙස ප‍්‍රකටය ශිවගෙන් සංකේතවත් වන්නේ විනාශයේ බලයයි.


    ශිවගේ නර්තන ස්වරූපයෙන් විද්‍යමාන වන්නේ පුපුරායන පරමාණු බෝම්බයක ප‍්‍රභාවයයි.


    සිතන්නට ඇති තවත් එක් කාරණයක් ඇත . අතිප‍්‍රභලත්වයට පත් සෑම දෙවියෙකුම තුළම ශිවගේ මුලයක් පැවතීම හරහාම ඔමුන්ගේ දැණුමේ උපත සිදුවන්නේ ශිව දෙවියන් හරහාමය යන්නය.


    රාම නගර පුපුරා යන න්‍යෂ්ටික ප‍්‍රහාර වල දැණුම රාවණ තුළ උපදින්නේද අධික ශිව භක්තිය තුළින්ම විය හැකිය.


    මධ්‍යම කදුකරයෙන් වැසි ගිය රාවණ රජුගේ න්‍යෂ්ටික බලාගාරය සොයාගත යුතු යුගය එලබ ඇත



    වෛදික ජ්‍යොතිෂවේදී
    වාස්තු උපදේෂක
    කාංචන ගීත් මනමේන්ද්‍ර



    11205986_1059010957472121_2554714546079109832_n.jpg
    12182960_1059010980805452_1661413839444543218_o.jpg
    12063649_1059010960805454_5552291228416579751_n.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    සිව් හෙලය යනු කවුරුන් ද?


    වසර 2500 ක ප්‍රෝඩ ඉතිහාසයක් ඇති අප රට ලෝකයේ පැරණි ඉතිහාසයක් ඇති අනිත් රටවලට නොදැවනි ලෙස ඉහලින්ම තැබිය හැක. නමුත් අප සියලු දෙනාම කතා කරන්නෙ විජයාවතරනයෙන් පසු දියුණු වුණු නැතහොත් සංවර්ධනය කරන ලද ඉතිහාසයකි. නමුත් මෙයට විරුද්ධව එයට වඩා පැරණි ඉතිහාසයක් ඇති බවට විශ්වාස කරන අප රටේ විද්වතුන් රාශියක් සිටියි. රාජ් සෝමදේව, කලාශුරි අරිසෙන් අහුබුදු වැනි විද්වතුන් මේ පිලිබඳ බෝහෝ කරුණු සොයා යමින් සිටියි.
    ලංකා ඉතිහාසයේ හා ලෝක ඉතිහාසයේ නොවිසදුණු ප්‍රධාන ගැටළු සහගත ඉතිහාස පුවතකි රාවණා කතාව. මේ පිළිබඳව ප්‍රධාන වශයෙන් ගෙනහැර දක්වන්නේ රාමායනය මහා කාව්‍යයේය. එයද එලෙස දක්වා ඇතත් සිංහලයන් සහ ලාංකිකයන් ලෙස අපට එමගින් වැදි ඇති පහර සුලු ප‍ටු නොවෙයි. මක්නිසාදයත් රවණා රජු ස්ත්‍රින් පැහැර ගන්නා රාක්ෂයෙක් ලෙස එමගින් හුවා දක්වා ඇති නිසාය.


    අප දැන් බලමු ලංකාවේ එම අවදියේ සිටි මිනිසුන් කවරහුද කියා. ප්‍රධාන වශයෙන් ඔවුන් රාක්ෂ, යක්ෂ, දේව සහ නාග ලෙස ග්‍රෝත්‍ර 4 ක් ලංකාවේ ජිවත්වි ඇත. එමනිසා එකල ලංකාවට සිව් හෙලය යන නමද භාවිතා වි ඇත. රාමායනයට අනුව අප රටේ ජිවත්වි ඇත්තේ රකුසන්, යකුන්, නාගයන් ලෙස දක්වා ඔවුන් සතුන් සහ භුතයන් ලෙස විකෘති කර ඇත. නමුත් වර්තමානයේද පවතින කුල ග්‍රෝත්‍ර භේදය සලකා මෙසේ වර්ග 4 කට බෙදා වෙන්කල බව අපට සිටිය හැක.
    උදාහරණයක් ලෙස වර්ථමානයේද


    ජාති වශයෙන් පවතින බෙදිම සලකා බැලිය හැක එනම්. සිංහල, දෙමල, මුස්ලිම් සහ බර්ගර් ලෙසය. එම අවදියෙදි මෙසේ යක්ෂ, රාක්ෂ, දේව සහ නාග ලෙස බෙදා සිටි බව අපට සිතිය නොහැකිද????? මොවුනුත් සාමාන්‍ය මිනිසුන් නොවුනාද?????


    මේ ගැන හොඳ පසුබිමක් හදාගන්න අපි දැන් බලමු මෙම රාක්ෂ, යක්ෂ, නාග, හා දේව ග්‍රෝත්‍ර ගැන…….
    * රාක්ෂ ග්‍රෝත්‍රය
    මොවුන්ගේ ලාංජන වශයෙන් ස්වස්තිකය හා මකරා යොදා ගෙන තිබේ. හිරු දෙවියන් ඇදහු ජනකොටස කළු ගගෙන් උතුරේද, චන්ද්‍ර වංශය ඇදහු ජනකොටස කළු ගගෙන් පහලද ජිවත්වු බවට ඉතිහාසය සාක්ෂි දරයි.
    තවද ලංකාවේ නැතහොත් හෙලයේ සිටි ප්‍රබලම රාක්ෂ ග්‍රෝත්‍රික රජු ලෙස රාවණා රජු සැලකේ.



    * නාග ග්‍රෝත්‍රය
    මොවුන්ගේ ලාංජනය වශයෙන් මාළුවා යොදා ගෙන තිබේ. මොවුන් ප්‍රධාන වශයෙන් නාවික කටයුතු මෙහෙයවු පිරිසක් විය. ලංකාවේදි ප්‍රධාන වශයෙන් නාග ග්‍රොත්‍රිකයන් ගේ ප්‍රදේශයක් වශයෙන් කැලණිය ප්‍රදේශය. අපට සැලකිය හැක. මෙහිදි නාග ග්‍රෝත්‍රයට සම්බන්ධ රජ කෙනෙක් ලෙස ,රාවණා රජු ගේ සහෝදරයෙක් වන මව් පාර්ශවයෙන් නාග ග්‍රෝත්‍රික වන විභිෂණ රජු සැලකිය හැක. මෙසේ නාග ග්‍රෝත්‍රිකයන් ලංකාවේ බටහිරදිග ගොඩනගා තිබු නාග රාජධානිය ක්‍රි.පු 250 දි පමණ ඇතිවු මුහුද ගොඩ ගැලිමකින් විනාශ වී ඇත. මන්නාරම හා තුත්තුකුඩිය අතර පට්‍ටුනාගම් නගර ලක්ශයක්, ධිවර ගම්මාන 970 හා තවත් ගම්මාන 400 ක් විනාශ වී ඇත. ඉතිරි වුයේ ඉන් 1/12 කි.


    * යක්ෂ ග්‍රෝත්‍රය
    මොවුන්ගේ ලාංජනය වශයෙන් පද්මය හා කෙටේරිය භාවිතා වී ඇත. යක්ෂ ග්‍රෝත්‍රය ලංකා ඉතිහාසයේ ප්‍රධාන තැනක් ගත් ග්‍රෝත්‍රයකි. බොහෝ දුරට සලකන පරිදි යක්ෂ ග්‍රෝත්‍රිකයන්ට මාතෘ මුලික සමාජ ක්‍රමයක් තිබි ඇත.


    * දේව ග්‍රෝත්‍රය
    මොවුන්ගේ ලංජනය වශයෙන් පුන්කලස භාවිතා වී ඇත. දේව ග්‍රෝත්‍රිකයන් ප්‍රධාන වශයෙන් ලංකාවේ කදුකර ප්‍රදේශවල ජිවත් වී ඇති බවට සිතිය හැක. මොවුන්ගේ ප්‍රධාන පුද්ගලයකි සුමන සමන් දෙවියන්


    10384444_797971803576039_8913006373687412748_n.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    හෙළයේ සටන් රහස අංගම්


    අංගම් පොර සටන් කලාවේ ආරම්භය මීට අවුරුදු 33000 කට එපිට අතීතයට දිවයයි. හෙළයේ ජීවත්වෙච්ච යක්ෂ, නාග, දේව, රාක්ෂ යන ජනවර්ග පොදුවේ අසුරයන් (සුර අසුර යුද්ධයේදී) තමන්ට ඉන්දියාවෙන් එල්ලවන තර්ජනවලින් ආරක්ෂා වීම සඳහා මෙම සටන් ක‍්‍රමය භාවිත කරන්නට විය. ක‍්‍රමයෙන් වර්ධනය වූ අංගම් ශිල්පය තාරක රජු විසින් ස්කන්ධ කුමාරයාගේ ලංකා ආක‍්‍රමණයට එරෙහිව යොදාගන්නට ඇත.
    අප සටන් කලාවේ ස්වර්ණමය යුගය ලෙස රාවණ යුගය හඳුනාගත හැකිය. රාවණ රජු නිල ශාස්ත‍්‍රය පිළිබඳ විශේෂඥයෙකි. ඒ බව එතුමා විසින් රචනය කරනු ලැබ ඇති වෛද්‍ය ග‍්‍රන්ථ තුළින්ද පැහැදිලි වෙයි. රාවණ සහ අංගම් ශාස්ත‍්‍රය අතර සම්බන්ධය කෙතරම් ප‍්‍රබලද කියතොත් අදටත් අංගම් ශිල්පීන් සටන් පුහුණු වන්නේ රාවණ නිරිදාණන් සිහිකිරීම සඳහා මල්පැලක් සකස් කොට රාවණ ස්තෝත‍්‍ර කියා ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි. මෙසේ අවුරුදු දහස්ගණනක් තිස්සේ ක‍්‍රමයෙන් ගොඩනැගුණු පැරණි අංගම් සටන් කලාව සිංහලයාගේ රාජධානිය සතුරාගෙන් ආරක්ෂා කරන්නට උපරිමයෙන් දායක විය.


    අංගම් යනුවෙන් හඳුන්වන්නේ ශරීරයයි. පොර කියන්නේ සටනයි. නිරායුධව (හිස්) සිරුරෙන් කරනු ලබන සටන අංගම්පොර යනුවෙන් හඳුන්වයි. ආයුධ සහිතව කරනු ලබන සටන ඉලංගම් ලෙස හඳුන්වනු ලබයි. අංගම් ශිල්පයේ ප‍්‍රවීණයකු වීම සඳහා මෙම කොටස් දෙකට අමතරව මායා අංගම් ලෙස හැඳින්වෙන ගුප්ත කොටසද ඉගෙනගත යුතු අතර සම්පූර්ණ අංගම් සටන් කලාව ඉගෙනගැනීමට එක් පුද්ගලයකුට තම ජීවිතකාලය මදිය. එසේ වන්නේ මෙම ශිල්පයේ ඇති තියුණු බව නිසාමය. මෙහිදී ඉතාවැදගත් වෙන්නේ නිල ශාස්ත‍්‍රය පිළිබඳ දැනුමයි. මෙම නිල කලාව අනෙක් සටන් ක‍්‍රමවලදී එතරම් සාර්ථක ලෙස භාවිත වන්නේ නැත. සිංහල සටන් ක‍්‍රමය අනුව නිලවලට පහරදෙන ක‍්‍රම රැසක් දැකගත හැකිය.


    අංගම් සටන්කරුවා යනු මනා හික්මීමක්, ඉවසීමක් ප‍්‍රගුණ කළ අය වෙති. එය ඔහුට ලැබෙන්නේ බුදු දහම අතින්ය. අංගම් සටන්කරුවාගේ ශක්තිය පුදුම සහගතය. ඔහු තම ශක්තිය විදහාපෑම සඳහා විවිධ අභ්‍යාසවල නිරතවෙයි. හිසෙන් පොල් පැලීම, පොල් ගෙඩිය උඩවිසි කර දෙපළුවෙන්න පා පහර ගැසීම, ඇත් දළයක් පොලොවේ වළලා තනි අතින් ඇද ගැලවීම, පොලූ අට කැඞීම, කුළු හරක් මෙල්ල කිරීම, විශාල ගල්, ගස් කඳන් ඈතට විසි කිරීම, පොල් ගසට පයින් ගසා පොල් කැඞීම, පුවක් ගෙඩිය ඇඟිලි දෙකෙන් අල්ලා පොඩි කිරීම, මිනිසුන් දහ පහළොස් දෙනා සමග තනිව සටන් කිරීම, ඇස්, අතපය බැඳගෙන සටන් කිරීම ආදිය මොවුන් විසින් තම ශක්තිය විදහාපෑමට කරනු ලබයි.


    යටත්විජිත තහනමට ලක්වීම
    මේ අයුරින් සිංහලයාගේ සටන් කලාව අධිරාජ්‍යවාදීන් බියගැන්වූ නිසාම අංගම් සටන්කරුවන් විනාශකරන්නට විවිධ උපක‍්‍රම යොදා ඇත. 1818 දී ගැසට් නිවේදනයක් මගින් අංගම් සටන් ලංකාව පුරාම තහනම් කිරීමට බි‍්‍රතාන්‍යයන් පියවර ගත්තේය. එ නිසාම ක‍්‍රමයෙන් අංගම් පුහුණුව සිංහලයා වෙතින් ඈත් වන්නට විය. අංගම් සටන් මගින් ඈත්වන්නට අකමැති වූ සිංහලයන් වනගතව එය ආරක්ෂාකරගත් අතර මෙනිසා අදටත් එය සුරක්ෂිතව පවතී. සටන් පරපුරේ මුතුන් මිත්තන් තම මහත්තාආරච්චි පරම්පරා නාමය සමග ඇති සම්පූර්ණ නම අගට ”පෙරේරා” යනුවෙන් යොදා ගැනීමට සිදුවිය.



    මර්දනය
    ඉංග‍්‍රීසියෙන් රේඛා ක‍්‍රියාවලිය කෙතරම්ද කියතොත් එහි එක් අවස්ථාවක් ඉතිහාසයේ මෙසේ සඳහන් වේ. ”අවුරුද්දක් පමණ කාලය තුළ පැවති මේ කැරැුල්ලෙන් සිදුවූ අලාභ හානි මෙ පමණය කිව නොහැක. සිංහලයෝ 10000 කට වැඩි ගණනක් මිය ගියහ. මියගිය ඉන්ගිරිසි භටයන්ගේ නියමිත ගණනක් ඇති බවක් නොපෙනෙන නමුත් ලෙඩවී මඩකළපුවට ගෙනගිය 173 දෙනකුගෙන් 114 දෙනකුම මියගිය බව සඳහන් වේ. ඉන්දියාවෙන් ගෙන්වන ලද 7000 ක් භටයෝ කැරැුල්ලට සම්බන්ධ වූහ.”



    සැබෑ සටන් ශිල්පීන් තවදුරටත් ඉතිරිව සිටින්නේද යන්න ඕනෑම අයකුට නැගෙන ප‍්‍රශ්නයකි. අවුරුදු 300 කට ආසන්න කාලයක් පූර්ණ තහනමකට ලක්ව තිබූ මෙම ශිල්පය තහනම් යුගයේදී නීති විරෝධී ලෙස යටත්විජිත පාලනය විසින් තැන තැන මරා දැමූ සටන් ශිල්පීන්ගේ ඉතිහාසය ඇසූ වත්මන් සමාජය එවැනි තීරණයකට එළැඹීම පුදුමසහගත නොවේ. එසේ වුවද අදටත් නොනැසී මෙම ශාස්ත‍්‍රය පවත්වාගෙන පැමිණි පරම්පරාවන් රාශියක් ලංකාවේ සිටින බවට ලිඛිත හා ලිඛිත නොවන සාක්ෂි දක්නට ලැබේ. ඉතාමත්ම අප‍්‍රසිද්ධව මෙම කලාව පවත්වාගෙන එනු ලබන ශිල්පීය පරම්පරා බොහෝ විට අදටත් නර්තන සම්ප‍්‍රදා හා බද්ධව මෙය පවත්වාගෙන යයි. කෙසේ වෙතත් මේ වන විට ප‍්‍රසිද්ධියේ කරළියට පැමිණ ශාස්ත‍්‍රයේ අනාගතය වෙනුවෙන් පෙනී සිටින කොරතොට අංගම්පොර සටන්කරුවන් මෙහිදී අමතක කළ නොහැකිය.


    කොරතොට අංගම්පොර සම්ප‍්‍රදාය
    අදින් වසර 33000කට පමණ පෙර ලක්දෙරණේ ඉපිද සුරාසුර යුද්ධය ජයග‍්‍රහණයට මුල්වූ කතරගම මහසෙන් නම් සෙන්පතියාගෙන් පැවත එන්නේ යැයි සැලකෙන කොරතොට අංගම්කරුවෝ මෑත ඉතිහාසයේ දී මුල්ලේරියා සටනට මූලිකත්වය දී ගම්වර තානාන්තර ලත් ගෞරවාන්විත සම්ප‍්‍රදායකි. අදටත් ඔවුන් ඔවුන්ගේ සම්ප‍්‍රදාය රැුකගෙන නොනැසී පවත්වාගෙන යයි.



    අංගම්පොර කලාවේ විවිධාකාර ආයුධ රාශියක් ඇති අතර ”එතුණු කඩුව” නම් වූ ආයුධ විශේෂ තැනක් ගනී. කසයක හැඩය ගත් මෙම ආයුධය තියුණු මුවහත් ඇති නම්‍යශීලී ලෝහ පළු 32 කින් යුක්ත වෙයි. අංගම්පොර සටන් කලාව හා බැඳුනු ආයුධ අතර සමූලඝාතන ආයුධයක් වන මෙය වඩා දියුණු හා සංකීර්ණ සටන් හරඹ සඳහා, දෑතට දෙකක් භාවිත කරයි. මෙම ආයුධ භාවිතයට ඉතාම ඉහළ පුහුණුවක් අවැසිය. මන්ද ප‍්‍රතිවාදියා හට එල්ල කරන පහරක් නියමාකාරයෙන් සිදුනොවුනහොත් එය තමන් හටද මාරාන්තික පහරක් විය හැකි බැවිනි.



    එබැවින් මෙම ආයුධය අත්දැකීම් ඇති ප‍්‍රවීන සටන් ශිල්පීන් භාවිත කරයි.
    තවද අංගම් කලාව හා බැඳුනු තවත් ආයුධ අතර හෙළ කඩුවටද විශේෂ තැනක් හිමිවේ. මෙය අංගම්පොර ශිල්පියාට අනන්‍යය ලෙස නිර්මාණය කරනු ලබයි. සාමාන්‍යයෙන් කඩුවක දිග ශිල්පියාගේ අතෙහි දිගට සමාන වෙයි. පලිහ යනු කඩුව හා එක්ව භාවිත කරන තවත් ආයුධයකි.


    ශ්‍රී ලාංකීය ජාතික උරුමයක් බඳු මෙම අංගම්පොර සටන් කලාව නැවත මෙරට ජනප‍්‍රිය කරවීමට, මුල් ගුරු පරම්පරාවල වර්තමාන සාමාජිකයන් දැඩි වෙහෙසක් ගනී. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප ඔවුන්ට කෘතඥ පූර්වකව ස්තුතිවන්ත විය යුතුය. තරුණ අංගම්පොර සටන් ශිල්පියකු වශයෙන් සිය උරුමය අනාගත පරපුරට දායාද කිරීම උදෙසා දැඩි කැපවීමකින් හා උත්සහයකින් තම චාරිත‍්‍ර වාරිත‍්‍ර ඇවතුම් පැවතුම් සියල්ල කැටි කොට ගනිමින් අජන්ත මහන්තාරච්චි මහතා කරන කැපවීම හෙට දිනයේ අපට ආවේණික වූ අංගම් ශිල්පයේ රැුක ගැනීම වෙනුවෙන් උදාර මෙහෙවරක් වනු ඇත.


    ඔහු රචිත හෙළයේ සටන් රහස අංගම් කෘතිය සුවහසක් පාඨක ජනයා අංගම් සටන් කලාව සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ලබනු ඇතැයි අපි විශ්වාස කරමු.


    10421115_797971496909403_5545816746381772237_n.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    අංගම්පොර ඉතිහාසය


    අදින් වර්ෂ 33,000 කට පෙර ලක් දෙරණ ඉපිද සුර අසුර යුද්ධයට තම සේනාධිපතිත්වය එක් කරමින් දක්ෂ ලෙස යුධ මෙහෙයවූ කරතගම මහසෙන් නම් වූ යුධ වීරයාගෙන් ඇරඹෙන අප හෙළ සටන් පෙළපත රණ රාවනා, පණ්ඩුකාභය, දුටුගැමුණු, පරාක්‍රමබාහු, විජයබාහු, සීතාවක රාජසිහ ආදී රණකාමී රජ දරුවන්ගේ ශිල්ප දැනුමෙන් පෝෂණය වී සුරක්ෂිත වී පාරම්පරිකව අද දක්වාම නොනැසී පැවත එන ''අංගම්පොර'' නම්වූ ලොව විශිෂ්ඨතම හා අසිරිමත්ම සටන් සම්ප්‍රදාය වනවා මෙන්ම ලොව බිහිවූ ඉපැරණිතම සටන් කලාව ද වන්නේ ය.


    ලංකාද්වීපයේ ආරක්ෂාවේ රන් වැට වූ හෙළ සටන් සම්ප්‍රදාය අපගේ තෙද බල බිඳ දමනුවස් වර්ෂ 1827 දී බ්‍රිතාන්‍ය පාලන අධිකාරිය මෙය තහනම් ශිල්පයක් බවට ගැසට් නිවේදනයක් පල කරනු ලැබූ අතර අංගම් ශිල්පයක් බවට ගැසට් නිවේදනයක් පල කරනු ලැබූ අතර අංගම් ශිල්පය දැන උගත්තවුන්ගේ දණ හිසින් පහළට වෙඩි තබන්නට පවා නියෝග කළහ.
    මෙසේ විනාශ කරන්නට යෙදුණ මේ අගනා ශිල්පය ඉන්පසුව අතිශය රහසිගතව නර්තනය සමඟ මුහුවෙමින් පාරම්පරිකව ප්‍රගුණ කරමින් වර්තමානය දක්වාම ජීවිත පරිත්‍යාගයෙන් සටන් ශිල්පීන් නොනැසී රැකගෙන ආරක්ෂා කරමින් පවත්වාගෙන එන ලදී.


    අංගම්පොර සඳහා වූ විදේශීය බලපෑම්
    සොලී ආක්‍රමණ, පෘතුගීසි ආගමනය වැනි අවස්ථාවලදී දස දහස් ගණනින් සටන් ශිල්පීන් මරා දමා ඇත. එපමණක් නොව පෘතුගීසීන් හා ඉංග්‍රීසීන් වැනි පරදේශක්කාර ආක්‍රමණිකයින් අංගම්මඩු, වෙහෙර විහාර, පොත්පත් ආදිය මහා පරිමාණයෙන් විනාශ කළ බවට ද සාක්ෂි ඇත. ඉංග්‍රීසීන් අංගම්මඩු ගැසට් නිවේදනයක් මගින් තහනම් කරන ලදී.


    රහසිගතව සටන් ශිල්පය පවත්වාගෙන යාම
    ඉංග්‍රීසීන් මෙම ශිල්පය තහනම් කිරීමෙන් පසුව පාරම්පරික රහස්‍ය ශිල්පයක් ලෙස පවත්වාගෙන යාමට සටන් ශිල්පීන්ට සිදු විය. එමනිසා මෙය අප්‍රකට රහස් ශිල්පයක් බවට පත් වී තම පරම්පරාවට පමණක් උගන්වට තත්ත්වයට පත් විය. එපමණක් නොව, මෙම ශිල්පීය කුසලතා තවදුරටත් ආරක්ෂා කිරීම උදෙසා නර්තනය තුළට මෙම සටන් ශිලීපීය ලක්ෂණ බද්ධ කොට නර්තන අංග ලෙස පවත්වාගෙන එනු ලැබීය. එවාට උදාහරණ අදටත් නර්තනය තුළ දක්නට ලැබේ. වැදි නැටුම, සිංහ නැටුම, වලස් නැටුම, කොටි නැටුම වැනි නර්තන අංගවල අංගම්පොර සටන් ශීල්පීය ක්‍රමවේදයන් දක්නට ඇත.


    තහනම් යුගයේදී පැමිණි වෙනත් සටන් ක්‍රම
    චීන චෙම්පූ
    ඉන්දියාවේ මාත්තියාර් මිනිසුන්ගෙන් ලැබුණ මලයාලම් සටන් ක්‍රම
    ඉහත දෙක එකත්‍රවී සෑදුණු චීන පුඩි හෙවත් චීනඩි සටන් ක්‍රමය
    මලයාඩි නැතිනම් වත්මන සිලාට් නැමැති මැලේ සටන් ක්‍රමය
    ඉන්දියාවේ සිලම්බාඩි හා කලරි පයාට්ටු සටන් ක්‍රම
    නූතන කරාටේ, වූෂු, ටයිකොන්ඩෝ ප්‍රධාන චීන හා ජපන් සටන් ක්‍රම



    10429287_797971233576096_7378604354107248123_n.jpg
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ඔය කොච්චර දේවල් ඉස්සර තිබ්බත් ...දැන් අපේ රටට වෙලා තියෙන දේ මොක්ක්කඩ්
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ශිව දෙවියන්ගෙන් රාවණ රජුට ලැබුණු න්‍යෂ්ටික බලය

    [/SIZE]
    මධ්‍යම කදුකරයෙන් වැසි ගිය රාවණ රජුගේ න්‍යෂ්ටික බලාගාරය සොයාගත යුතු යුගය එලබ ඇත



    හෙළයේ සටන් රහස අංගම්



    අප සටන් කලාවේ ස්වර්ණමය යුගය ලෙස රාවණ යුගය හඳුනාගත හැකිය. රාවණ රජු නිල ශාස්ත‍්‍රය පිළිබඳ විශේෂඥයෙකි. ඒ බව එතුමා විසින් රචනය කරනු ලැබ ඇති වෛද්‍ය ග‍්‍රන්ථ තුළින්ද පැහැදිලි වෙයි. රාවණ සහ අංගම් ශාස්ත‍්‍රය අතර සම්බන්ධය කෙතරම් ප‍්‍රබලද කියතොත් අදටත් අංගම් ශිල්පීන් සටන් පුහුණු වන්නේ රාවණ නිරිදාණන් සිහිකිරීම සඳහා මල්පැලක් සකස් කොට රාවණ ස්තෝත‍්‍ර කියා ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි. .


    සිංහල සටන් ක‍්‍රමය අනුව නිලවලට පහරදෙන ක‍්‍රම රැසක් දැකගත හැකිය.





    අංගම්පොර කලාවේ විවිධාකාර ආයුධ රාශියක් ඇති අතර ”එතුණු කඩුව” නම් වූ ආයුධ විශේෂ තැනක් ගනී. කසයක හැඩය ගත් මෙම ආයුධය තියුණු මුවහත් ඇති නම්‍යශීලී ලෝහ පළු 32 කින් යුක්ත වෙයි. අංගම්පොර සටන් කලාව හා බැඳුනු ආයුධ අතර සමූලඝාතන ආයුධයක් වන මෙය වඩා දියුණු හා සංකීර්ණ සටන් හරඹ සඳහා, දෑතට දෙකක් භාවිත කරයි. මෙම ආයුධ භාවිතයට ඉතාම ඉහළ පුහුණුවක් අවැසිය. මන්ද ප‍්‍රතිවාදියා හට එල්ල කරන පහරක් නියමාකාරයෙන් සිදුනොවුනහොත් එය තමන් හටද මාරාන්තික පහරක් විය හැකි බැවිනි.



    එබැවින් මෙම ආයුධය අත්දැකීම් ඇති ප‍්‍රවීන සටන් ශිල්පීන් භාවිත කරයි.

    තවද අංගම් කලාව හා බැඳුනු තවත් ආයුධ අතර හෙළ කඩුවටද විශේෂ තැනක් හිමිවේ. මෙය අංගම්පොර ශිල්පියාට අනන්‍යය ලෙස නිර්මාණය කරනු ලබයි. සාමාන්‍යයෙන් කඩුවක දිග ශිල්පියාගේ අතෙහි දිගට සමාන වෙයි. පලිහ යනු කඩුව හා එක්ව භාවිත කරන තවත් ආයුධයකි.



    [/SIZE]

    නියුක් පවර් එකත් තිබුනලු චන්ද්‍රිකා තක්සනෙත් තිබුනලු හැබැයි පලිහනුයි කඩුවෙනුටි ෆයිට් කොරාලු

    අය්යෝ සිරිපාල
    :lol::lol::lol::lol::lol::lol:
     

    Alagediya

    Junior member
  • Oct 31, 2012
    249
    20
    18
    Maharagama
    ඈත්ත උනත් බොරු උනත් මගේ සි0හල ජාතිය ගෑන මේවන් දෙ තිබිම ගෑන බොක්කෙන්ම අඩම්බර වෙමි.