රාවණ, රාමා හා සීතා MUST READ!

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    රාවණ, රාමා හා සීතා MUST READ!



    ඉපැරණි අධිතාක්ශණි යුගයක් බිහිකල සුපිරි මිනිසුන්වූ රාවණ ගෝත්රය

    රාමා ඉපැදී ඇත්තේ මීට වසර මිලියන 1.2කට පමණ පෙර ත්රිත යුගය නම් කාළයේ බව හින්දු ආගමික ධර්මග්රන්ථ පිලිබඳ ගැඹුරින් හැදෑරූ ඉන්දීය ප්රාඥයින් විශ්වාස කරති. රාමාගේ සමකාලීනයෙකු වූ රාවණාද එවැනිම අති පැරැන්නෙකු යැයි උපකල්පනය කල හැකිය. නූතන විද්යා සොයාගැනීම් වලට අනුව නූතන මානවයා හෙවත් හෝමෝ සැපියන් වරුන් ලොව පහලවූයේ මීට වසර 200,000කට පෙර යයි උපකල්පණය වේ. ඒ ෆොසිල සටහන් හා ජානමය පර්යේෂණ ආධාරයෙනි.
    එසේනම් රාමා මෙන්ම රාවණාද හෝමෝ සැපියන් විය නොහැකිය (කළබල වන්නට එපා - දිගටම කියවන්න )
    නූතන මානවයාත් (homo sapiens), නියැන්ඩර්තාල් මානවයාත් (homo neanderthalensis) සමකාලීනයන් වන අතර ඔවුන් වසර ලක්ශ ගණනක් වෙන් වෙන් සමාජ වශයෙන් ජීවත්වූවා පමණක් නොව හෝමෝසැපියන් වරුන් හා නියැන්ඩර්තාල් වරුන් අතර ලිංගික සබඳතා ඇතිවී දෙමුහුන් මානවයින්ද බිහිවිය. මේ සඳහා ජානමය සාධක විද්යාඥයින් හට ලැබී තිබේ. නියැන්ඩර්තාල් මානවයින් භාවයට යෑම පිලිබඳව එක් කල්පිතයක් වන්නේ නියැන්ඩර්තාල් මානවයින් ඊට වඩා වේගයෙන් බෝවෙමින් වර්ධනය වූ හෝමෝ සැපියන් වරුන් හා සම්මිශ්රව නියැන්ඩර්තාල් ලක්ශණ නිලීනව ගිය බවයි. නියැන්ඩර්තාල් ජාන අඩංගු මානව ගෝත්ර අදත් අප අතර වාසය කරති. ඒ අනුව නියැන්ඩර්තාලුන් අභාවයට ගියත් ඔවුන්ගේ ජාන තවමත් මානව ශරීර තුල නොනැසී පවතී.
    http://upload.wikimedia.org/wikipedia/commons/7/71/Homo_heidelbergensis_(10233446).jpg
    Homo heidelbergensis
    දැනට පිලිගැනෙන මතය අනුව නියැන්ඩර්තාල් මානවයා හා හෝමෝසැපියන් මානවයා යන දෙවර්ගයම හෝමෝ හිඩෙල්බර්ජෙන්සිස� � (හෝමෝ රොඩේසියන්සිස්) යන මානවයාගෙනි. හෝමෝ හිඩෙල්බර්ජෙන්සිස� � මානවයා වසර මිලියන 1.3 කාලයක සිට වසර ලක්ශ 2ක් තරම් මෑතක් වන තුරුම ලොව රජකල අතර නූතන මානවයාට බෝහෝ සෙයින් සමාන, හෝමෝ සැපියන්ගේ මොළය තරම්ම විශාල මොළයක් සහිත දියුණු මානවයෙකි.
    එනම් හෝමෝ හිඩෙල්බර්ජෙන්සිස� � ජීවත්ව ඇත්තේ හින්දු යුග වලට අනුව ත්රීත යුගයේදී යයි කිව හැකිය.
    7ක් පමණ උස, පුළුල් ශක්තිමත් ශරීරවලින් හෙබි, ආරෝහ පරිණාහ දේහයකින් සමන්විත වූ හිඩෙල්බර්ජෙන්සිස� � මානවයා ඉහල බුද්ධියකින්ද යුතුවූවාය.
    ශ්රී ලාංකික/දකුණු ආසියාතික මිනිසුන්ට වඩා උස මහත අමෙරිකානුවෙකුගේ සාමාන්ය උස අඩි 5කුත් අඟල් 9ක් පමණ යයි අමෙරිකානු සෞඛ්ය අමාත්යාංශයේ දත්ත පවසයි. අඩි 7ක් උස හිඩෙල්බර්ජෙන්සිස� � මානවයා අමෙරිකානුවෙකු අභියස වුවද යෝධයෙකු මෙන් දිස්වේ.
    දැනට ඇති විද්යාත්මක මතය නම් දියුණු තාක්ශණික සිශ්ඨාචාරයක් ඇතිකල එකම මානවයා හෝමෝ සැපියන්ය. එයද සිදුවීයේ වසර 200,000 තරම් මෑත කාලයකදීය (පෘථිවි ඉතිහාසය හා බුද්ධිමත් මානවරූපී ද්වීපාදිකයින් intelligent hominid bipeds - ලොව සැරිසැරූ වසර මිලියන 7ක කාල පරිච්ඡේදය හා සසඳනවිට)
    .
    2010 වසරේදී අන්තර්ජාතික පර්යේශණ කණ්ඩායමක් විසින් ආදීතම මානවයින් මීට වසර මිලියන 3.4කට පමණ පෙර ශිලා ආයුධ භාවිතාකල බවට පැහැදිලි සාක්ශි ඉතියෝපියාවෙන් සොයාගෙන තිබේ. ගල් ආයුධ යොදාගෙන මරාගත් සතුන්ගේ ඇටකටු වල එම ගල් ආයුධ භාවිතා කිරීමෙන් සටහන්වූ කැපීම් සටහන් ආධාරයෙන් මෙම නිගමනයට එළඹී තිබේ. ඊට පෙර ශිලා ආයුධ භාවිතය පටන්ගත්තේ වසර මිලියන 2.6කට පෙර බවට නිගමනය කොට තිබුණි. ඒ, එතෙක් හමුවූ පැරණිතම ගල් ආයුධ ඒ කාලයේ නිර්මාණය කල බවට නිගමනය කොට තිබූ බැවිනි. 2010 සොයාගැනීමට අනුව ශිලා ආයුධ භාවිතය වසර 800,000 තරම් විශාල කාල පරිච්ඡේදයකට පෙර සිට සිදුවී ඇතිබව තහවුරු වී ඇත.
    එනම් මානවයාගේ දියුණුව ඉතා මෑතකදී සිදුවූවක් යන කල්පිතය හා හෝමෝ සැපියන් වරුන් අන් සියළු මානවයින්ට වඩා උසස් බවට පලවන කල්පිත වියැකී යන්නට පටන්ගෙන ඇත.
    දැන් මානව විද්යාඥයින් පවසන අන්දමට පරිණාමයේ හිනිපෙත්ත හෝමෝ සැපියන් මානවයා නොවේ. පරිණාමය යන ක්රියාදාමය, රේඛීයව (linear) නිශ්චිත ඉලක්කයක් කරා යන්නක් නොව විවිධ පරිසර තත්වයන්ට අනුව සත්වයන් අනුවර්තනය කරවමින් හැඩගැස්වීමේ ක්රියාවලියක් පමණකි. ඒ අනුව මීට පෙර කාළයකද දියුණු මානවයින් සිටියා යන්න උපකල්පණය කල හැකිය. ඔවුන් හෝමෝ සැපියන්ද නැතිනම් ඊට පෙර සිටි මානව වර්ගයක්ද යන්න පැහැදිලි නැතත් ඔවුන් හෝමෝ සැපියන් නොවුනු පලියටම නොදියුණු යයි සිතීම මුලාවකි. උදාහරණයක් ලෙස මිනිස් මොලය තරම්ම විශාල මොලයක් තිබූ අඩි 7ක් උස උත්ටුංග දේහදාරී හොමෝ හිඩෙල්බර්ජෙන්සිස� � දියුණු සිස්ඨාචාරයක් ඇති නොකලා යයි කිව හැක්කේ කාටද? මීට වසර මිලියන 1.3කට පෙර ලොව සැරිසැරීම ආරම්භ කල මේ මානවයා වසර ලක්ශ කිහිපයක ඇවෑමෙන් අද මෙන්ම හෝ ඊට සමාන දියුණු තාක්ශණික සිශ්ඨාචාරයක් ඇති කලා විය හැකිය.
    වසර ලක්ශ කිහිපයක ඇවෑමෙන්, ශීත යුග වලින් අයිස් බෝල බවට පත්වි නැවට උණුසුම් පෘථිවියේ නිරන්තර ඛාදනයන්ට හසුව මෙම මානවයින් සිදුකල තාක්ශණික නිර්මාණ දුහුවිලි බවට පත්වන්නට ඇත. නැතහොත් අනාගත පුරාවිද්යාඥයින්� � සොයාගත හැකිවන ලෙස පෘථිවියේ තවමත් ගවේෂණයට බඳුන් නොවූ ප්රදේශයක, නැතහොත් මුහුදු පතුලේ ගිලී තිබෙන්නට පුළුවන.
    රාවණා මෙන්ම රාමා හා සිතාද, ලක්ශ්මණ හා විභිෂණද හෝමෝ හිඩෙල්බර්ජෙන්සිස� � මානව ගණයේ දියුණු මානවයින් වීමට ඉඩක් නැතැයි සිතනවාද? සියල්ල සිදුවූයේ පසුගිය වසර ලක්ශ 2 දෙක තුල පමණක්ද? ගෞතම බුදුන්වහන්සේ පවසන ආකාරයට උන්වහන්සේට පෙර බුදුවරුන් 27 නමක් ලොව පහලවී දහම් දෙසා ඇත. මේ 27 දෙනාම පහල වූයේ වසර ලක්ශ 2ක් වැනි සුළු කාලයක් තුලදීද? එසේනම් සෑම වසර 7400කට වරක්ම බුදුවරයෙකු පහලවී තිබේ. සෑම බුදුවරයෙකුම හෝමෝ සැපියන් මානවගණයේ යයි සළකන්නේ නම් හා ෆොසිල සාධක සත්ය නම් එසේ විය යුතුය. නැතහොත් සැපියන්ට පෙර ජීවත්වූ ආදී මානවයින් අතරින්ද බුදුවරුන් මෙම මහ රහතුන්ද බිහිවී ඇතැයි සිතිය යුතු නොවේද? එසේත් නැතිනම් විද්යාව කුමක් කීවද වසර කෝටි ගණනාවක්ම හෝමෝ සැපියන්වරුන්ම ලොව පාලනය කල එකම මානව ගණය විය යුතුය.
    එපමණක් නොව මේ බුදුවරුන් ධර්මදේශනා පැවැත්වූයේ කාහටද යන්නද ගැටළුවකි. ගල් ආයුධ වලින් කොටමින්, යන්තම් සතෙකු මරාගෙන, මස් කෑලි ගින්නේ පලහා කමින් සිටි වනචාරින්ට (හෝමෝ සැපියන්ට පෙර සිටියවන් ගැන විද්යාව කියන ආකාරයට) ගැඹුරු දහමක් අවබෝධ කොටගත හැකිද? එසේනම් මේ බුදුවරුන් පහලවූ යුගවල ගැඹුරු, තර්කානුකූල දහමක් අවබොධකරගත හැකි, අතිශය දියුණු මනසක් සහිත මානවයින්ද සිටිය යුතුමය. ඔවුන් හෝමෝ සැපියන්ද නැද්ද යන්න ඔබ තීරණය කරන්න.
    විද්යාව 100% සත්යයිද, ඉන් කියවෙනදේ පමණක් ගතයුතු යයි සිතීම විශාල මුලාවකි. 2010ට පෙර මුද්රණය කල සියලු මානව විද්යා හා පුරා විද්යා පොත්වල සටහන්ව තිබුණේ මානවයින් ශිලා ආයුද නිපදවන්නට පටන් ගත්තේ වසර මිලියන් 2.6කට පෙර සිට බවයි. 2010 ඉතියෝපියානු සොයාගැනීම් වලින් මෙය වසර 800,000ක් අතීතයට ගියේය. විද්යාවේ ස්වරූපය එයයි. නිරීක්ශණ මත ගොඩනැගූ කල්පිත උඩ විද්යාව දිවෙයි. අලුත් යමක් නිරීක්ශණය වූවිට, කල්පිත වෙනස් වෙයි, සිද්ධාන්ත අලුත්වෙයි.
    ආගමික විශ්වාසද එලෙසමය. (මේ කතාකරන්නේ බුද්ධ දේශණා පිලිබඳව නොවේ - විශ්වාස හා මතිමතාන්තර ගැන පමණී) ඒවාද 100% විශ්වාස කල යුතු නොවේ. ඒවා කාලානුරූපව වෙනස් වෙමින් පැමිණ ඇති නිසා මුල් සත්යය කුමක් දැයි දැන ගැනීම උගහටය.
    රාවණ, රාමා හා සීතා
    රාමායනයේ කුමක් කීවද, ඉපැරණි යුගයක අහසින් යා හැකි යන්ත්ර තිබූ, ලක්ශ ගණනින් ජනයා විසූ දියුණු නගර තිබූ, එම දැවැන්ත නගර මොහොතින් අළුදුහුවිලි බවට පතකල හැකි බිහිසුණු අවි තිබූ කාල වකවාණුවක් (හෝ වකවාණු කිහිපයක්ම) මෙම පෘථිවියේ තිබූ බව රාමායනයටත් වඩා පැරණි මූලාශ්ර විශාල ප්රමාණයකින් කියැවේ. ඒවා ප්රබන්ධද නැද්ද යන්න තීරණය කිරීමට ඉක්මණ් නොවන්න. සියල්ල විවෘත මනසකින් දකින්න.
    ඉපැරණි පිටසක්වලයින් ලබාදුන් තාක්ශණයෙන් මෙම සිශ්ඨාචාර බිහිවූ බව එක් මතයකි. ඒ මතයට අනුව පිටසක්වලින් පැමිණි මානව රූපී දියුණු ජීවීන් මිනිසාට තාක්ශණ ඥාණය ලබාදී ඔවුන්ව දියුණු කරවා යන්නට ගියෝය. රාමා සීතා හා රාවණ එවැනි පිටසක්වලයින් විසින් දියුණු කරවන ලද ආදී මානව ගෝත්ර කිහිපයකට අයිති, අධි තාක්ශණික සිශ්ඨාචාරයක වැසියන් විය හැකිය.
    එසේත් නොමැතිනම් වසර ලක්ශ 2ක් තරම් ලාබාල හෝමෝ සැපියන් ගෝත්රයට පෙර විසූ, එලෙසම බුද්ධිමත් මානව ගෝත්රයක් දියුණුවේ හිනිපෙත්තේ පැවති අවධියේ විසූ ඇත්තන් විය හැකිය. ඒ ස්වර්ණමය යුගය පිලිබඳ මතක සටහන් වසර ලක්ශ ගණනක් පුරා කටික් කට (හෝ ලිඛිතව ) පැමිණ දැන් දේව කතා ලෙස ලොව පුරා තවමත් සැරිසරයි.
    එමෙන්ම රාවණා පිලිබඳ උනන්දුවක් දක්වන ලාංකිකයින් නොදන්නා කරුණක් වන්නේ රාවණ කතාව ලංකාවට හා ඉන්දියාවට පමණක් සීමාවූ කථාවක් නොවන බවයි. රාවනා පිලිබඳ පුරාවෘත බුරුමය, ඉන්දුනීසියාව, ජාවා/සුමාත්රා, ලාඕසය, කම්පූචියාව, තායිලන්තය වැනි රටවල් ගණනාවක පැතිර පවතින බවයි. ඔවුන් රාවණා පිලිබඳව ඇති විශ්වාසද අප තුල ඇති විශ්වාස වලට යම් දුරකට සමානය. බුරුමයේ, ඉන්දුනීසියාවේ මෙන්ම මැලේසියාවේද, ඔවුනටම ආවේණික රාම රාවණ සංග්රාමයක් පිලිබඳව විස්තර කෙරෙයි. ඒ අනුව රාම රාවණ හා සිතා මෙන්ම ලක්ශ්මණ හා විභිශණද ආසියාව පුරාම හොඳින් දන්නා චරිත පෙළකි.
    මේ සියල්ලම ඉන්දියාවේ වාල්මිකී විසින් ලියන ලද රාමායනයට සමාන ලෙස දැන් අනුවර්තනය වී ඇතත් මුලු මහත් අග්නිදිග ආසියාවම ඉන්දියානු වාල්මිකීගේ කාව්යයක් සිය සංස්කෘතියට මුලුමනින්ම වැද්ද ගත්තා යයි සිතිය නොහැකිය. එසේනම් අනෙකුත් ඉන්දියානු වෘත, උදාහරණයක් ලෙස මහා භාරත් කාව්යයද එලෙසම එම රටවල සංස්කෘතියන් තුල මුල් බැසගෙන තිබිය යුතුය. එහෙත් එවැන්නක් පිලිබඳව අසන්නට නොලැබේ.උදාහරණයක් ලෙස මහාභාරත කාව්යය, භගවත් ගීතාව, භගවත් පුරාණය වැනි හින්දු ග්රන්ථ මෙන්ම වේද ග්රන්ථ හා ඒවායේ කථාපුවත්ද මේ අග්නිදිග ආසියාතික සංස්කෘතිවල මුල් බැසගෙන නැත. එහෙත් රාමායනය එසේ වී ඇත. මෙයට හේතුව රාමායනයේ විස්තර කරන කතාවස්තුව පිලිබඳ දැනුමක් මෙම සංස්කෘතීන් තුල, රාමයනය ලියවීමටත් පෙර සිටම තිබූ බවට විශ්වාස කල හැකිය. සම්පූර්ණයෙන්ම ආගත්තුක යමක් සංකෘතියකට එකතුවන වාට වඩා පහසුවෙන් ආගන්තුක නොවන, යම් අවබෝධයක් ඇති යමක් සංකෘතියක් තුලට පහසුවෙන් එක්වී අනුවර්තනය වේ.
    අසුරයෙකු ලෙස හැඳින්වෙන රාවණ දියුණු පෘථිවි වැසි මානවයෙකු වනවිට සුරයෙකු වූ රාම පිටසක්වලයෙකු වූවා විය නොහැකිද?
    හැඩි දැඩි රාවණ පෘථිවි වාසී, හෝමෝ සැපියන් හෝ වෙනත් හෝමෝ ගෝත්රයේ දියුණු මානවයෙකු වන විට, මටසිළුටු රාමා හා සියුමැලි සීතා පිටසක්වලයින් වීමටද ඉඩ ඇත. පිටසක්වලින් පැමිණියවුන් දෙවියන් ලෙස ඇදහීම ලොව පුරාම සංකෘතීන් වල ලක්ශණයකි. අහසින් යන යානා වලින් පැමිණෙන, දිලිසෙන සන්නාහ ඇඳුම් කට්ටල වලින් සැරසුන, නිම්හිම් නොමැති සේ පෙනෙන තාක්ශණික බලමහිමයන් ගෙන් සපිරුණු මොවුන් පෘථිවි වැසි "නොදියුණු මානවයින්" කෙරෙහි අණුකම්පාවෙන් ඔවුන් දියුණු ජීවීන් කිරීමේ හා සිලාචාර කිරීමේ "උදාරතර පරමාර්ථයෙන්" කටයුතුකලා වන්නටද පුලුවන.
    රාම වැනි පිටසක්වලයින්ගේ මේ උද්ධච්ඡ ක්රියාකලාපය පෘථිවි වාසී දියුණු මානවයින් වූ රාවණ හා ඔහුගේ සමකාලීනයින් නොඉවසන්නට ඇතැයිද සිතිය හැකිය.
    උදාහරණයක් ලෙස 1930ගණන් වල උපතලැබූ නට්සිවාදයට අනුව ලොව උසස්ම ජාතිය වන්නේ ආර්ය ජර්මන් ජාතියයි. ඔවුන් නෝර්ඩික් දෙවිවරුන් ගෙන් පැවත එන සුදු, උස උත්තුංග දේහධාරී, නිල් ඇස් හා රන්වන් හිසකෙස් ඇති සුපිරි මිනිසුන් බව නට්සීන් විශ්වාස කලහ. මෙම විශ්වාසවලට පදනම වූයේ නෝර්ඩික් දේවකතා වල එන ඇස්ගාර්ඩියන් නම් දේව ගෝත්රයයි. අමෙරිකාවේ මාර්වල් කොමික්ස් චිත්රපට සමාගම "තෝර්" චිත්රපට මාලාවෙන් ජනප්රිය කොට ඇට්තේ නට්සීන් සිය ආත්මය කරගත් නෝර්ඩික් පුරාවෘතයයි. තෝර් චිත්රපටයට අනුව ඇස්ගාඩියන් වරු මිනිස් ලෝකය හා තවත් දියුණු මානවයින් වසන ලෝක 6ක් ආරක්ශා කිරීමේ වගකීම ඇති ලෝක පාලක දේවියන් ලෙස පෙනී සිටින මානවරූපී පිටසක්වල ජීවීන් පිරිසකි.
    තෝර් විසින්ම පලමුවන චිත්රපටයේදී සිය ප්රසාදියා (admirer) වන ජේන් ෆොස්ටර් විද්යාඥවරියට පවසන අන්දමට ඇස්ගාර්ඩ් යනුවෙන් හඳුන්වන ඔවුන්ගේ ලෝකය තාක්ශණය ඉතා දියුණු මට්ටකමක් පවතින අතර එය කොතරම් දියුණුද යත් ඔවුන්ගේ තාක්ශණික හැකියාවන් ඉන්ද්රජාල මායාවන් ගෙන වෙන් කොට හඳුනා ගත හැකිය.
    "Your Ancestors Called it Magic, but you call it Science. I Come From a Land Where They Are One and the Same"
    http://x2.fjcdn.com/comments/You+ancestors+called+it+magic+but+you+call+it+scie nce+_4816395b41125b5e11e2b7ff6b701cdd.jpg
    තෝර් සිය ලෝකය වන ඇස්ගාර්ඩ් පිලිබඳව ජේන් ෆොස්ටර්ට විස්තර කරමින් සිටී....
    තෝර් සිය ආදිකතෘ දෙවියා කරගත් නට්සීන් මුලු ලෝකයම සිලාචාර කිරීමේ හා සිස්ඨාචාරගත කිරීමේ ව්යාපෘතියක් ආරම්භකල අතර දෙවන ලෝකය යුද්ධය ලෙස පසුකලක හඳුන්වන්නට පටන්ගත්තේ මේ නට්සි ව්යාපෘතියයි. නෝර්ඩික් දෙවියන්ගෙන් පැවත එන නිල් දෑස් ඇති, රන්වන් හිසකෙස් ඇති සුදු නට්සීන්ගේ ව්යාපෘතියට විරුද්ධව මහපොලොවේ උපන් මිනිසුන් අවි අතට ගෙන දිවිහිමියෙන් සටන්කලාක් මෙන් එදා රාවණ හා ඔහුගේ සමකාලීනයන් එක් පෙරමුණකට පැමිණ පිටසක්වල රාමා, සීතා, ලක්ශ්මණ හා හනුමාගේ සිලාචාර හා සිස්ඨාචාරගත කිරීමේ ආක්රමණික ව්යාපෘතියට විරුද්ධවද සටන් වදින්නට ඇත.
    තමන් නොදියුණු අසුරයන් යයි පිලිකෙව් කරමින්, දුර්වල මිනිසුන්ට තමුන් දෙවියන් යයි පෙන්වා ගනිමින් රාමා ඇතුළු දේව නඩය ගෙනයන වැඩපිලිවෙල වහල් ව්යාපෘතියක් ලෙස සැළකූම මහ පොලොවේ උපන් දියුණු මානව ගෝත්රයක් වූ වන රාවණ හා සමකාලීනයන් පිටසක්වලයින්ට නොදෙවෙනි ආකාරයටම සිය තාක්ශණය දියුණු කරගන්නට ඇත. සියා යානා වලින් අහසින් යමින් දෙවියන් ලෙස පෙනී සිටිමින් මිනිසුන් නොමග යවමින් සිටි රාමලාට පාඩමක් ඉගැන්වීමට මෙන්ම නොමග ගිය මිනිසුන් යලි හරවා ගැනීමටද රාවණ සිය තාක්ශණික ශිල්ප ඥාණය යොදාගන්න්ට ඇත.
    "බලපල්ලා උන්ට පුළුවන් හැම දේම අපිටත් පුලුවන්.....උන් දෙවියන් නොව අප වැනිම ප්රාණීන් පිරිසකි...දැන්වත් රාමා ඉදිරියේ දණින් නොවැටී මිනිසුන් ලෙස සිට ගනියව්!!!" කියන්නාක් මෙන් පිටසක්වල රාමගේ පියාසර විමාන පරදවන්නට සිය දඬු මොණර යානා අහසේ කරණම් ගස්වමින් රාවණා ඇතුලු මානව සේනා, මානවයන්ගේ තාක්ශණ මහිමය විදහා දක්වන්නට ඇත. හෝමෝ සැපියන් වුවද, හෝමෝ නියැන්ඩර්තලෙන්සි� �් වුවද, ඊට පෙර විසූ හෝමෝ හිඩෙල්බර්ජෙන්සිස� � වුවද, යටත්ව සිටීම කිසිවිටකත් හෝමෝ ගණයේ මානවයින්ගේ ලක්ශණයක් නොවීය.
    විශාලවූත්, දියුණුවූත් මොළය, ද්වීපාදික ගමන, සුනම්ය ලෙස මෙහෙයවිය හැකි ඇඟිලි පහකින් යුතු දෑත යන ලක්ශණ නිසා ඉතා ඉක්මණින් අණුවර්තනය වීමේ හැකියාව, සතුරාගෙන් වුවද ඉගෙන ගැනීමේ හැකියාව, උගත්දේ වැඩි දියුණු කරගැනීමේ හැකියාව, නිර්මාණශීලීත්වය යනාදී හැකියාවන් තිබෙන්නේ සැපියන් මානවයාට පමණක් යයි කිව හැක්කේ කාටද? හෝමෝ ගණයේම නියැන්ඩර්තාලෙන්ස� �ස් හට හෝ හිඩෙල්බර්ජෙන්සිස� � හට මේ හැකියාව නොතිබුණේ යයි කාට කිව හැකිද?
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    හොඳ ලිපියක්. තමන්ගේ මතය ඉදිරිපත් කිරීම සඳහා සංවේදී මාතෘකා ඒකට එකතු කිරීම නිසා ඒගැන අදහස් දක්වන්නේ නැත. චිත්‍රපටයක් මුලාශ්‍ර ලෙස ගැනීම අනුමත නොකරමි.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    හොඳ ලිපියක්. තමන්ගේ මතය ඉදිරිපත් කිරීම සඳහා සංවේදී මාතෘකා ඒකට එකතු කිරීම නිසා ඒගැන අදහස් දක්වන්නේ නැත. චිත්‍රපටයක් මුලාශ්‍ර ලෙස ගැනීම අනුමත නොකරමි.

    Thor man asa charithayakne machan
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    Thor man asa charithayakne machan

    හරි හරි මචන් මම කියන්නේ එක හින්ද ලිපිය ප්‍රබන්ධ (fiction) පැත්තට යනවා කියල. ඇත්තටම ගත්තොත් රාමායනය කියන්නෙත් ප්‍රබන්ධයක් කියලනේ විද්‍යාත්මක පිළිගැනීම. උඹ හදන්නේ ඒකට විද්‍යාත්මක පසුබිමක් දීල සිද්ධාන්තයක් ගොඩ නගන එක. හැබැයි ඒකට විද්‍යාත්මක මුලශ්‍රම ගනින්. මේකෙන් වෙන්නේ ලිපියේ අගය බාල වෙන එක. කොහොම උනත් උඹේ ආතල් එකනේ බන්. මමත් නොදන්නා දේවල් ගොඩක් දැන ගත්ත. පස්සේ හොයල බලන්න ඕනේ. හිතන්න දෙයක් තියෙන ලිපියක්.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113

    හරි හරි මචන් මම කියන්නේ එක හින්ද ලිපිය ප්‍රබන්ධ (fiction) පැත්තට යනවා කියල. ඇත්තටම ගත්තොත් රාමායනය කියන්නෙත් ප්‍රබන්ධයක් කියලනේ විද්‍යාත්මක පිළිගැනීම. උඹ හදන්නේ ඒකට විද්‍යාත්මක පසුබිමක් දීල සිද්ධාන්තයක් ගොඩ නගන එක. හැබැයි ඒකට විද්‍යාත්මක මුලශ්‍රම ගනින්. මේකෙන් වෙන්නේ ලිපියේ අගය බාල වෙන එක. කොහොම උනත් උඹේ ආතල් එකනේ බන්. මමත් නොදන්නා දේවල් ගොඩක් දැන ගත්ත. පස්සේ හොයල බලන්න ඕනේ. හිතන්න දෙයක් තියෙන ලිපියක්.

    thanks machan comment ekata
     

    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    යකෝ බුදු වරුන් 27 මේ ලෝකේ පහල උනේ නැ . අපේ ලෝකේ බුදු වරුන් 3i බුදු උනේ. තව බුදු වෙන්න ඉන්නවා මෙයිත්රි බුදු හාමුදුරුවෝ බුදු වෙන්න. එය බුදු වෙන්නේ මේ ලෝකේ විනාස වෙලා අපහු පටන් ගත්තහම . ඒ කියන්නේ අපහු මුල ඉදලම ලෝකේ හැදුනම. ඉතින් බුදු වරුන් 27 අවුරුදු ලක්ෂ 2 බුදු උනා කියලද උබ කියන්නේ. අපේ ලෝක වගේ තව ලෝක විශ්වයේ තියෙනවා . එක බුදු හාමුදුරුවෝ කිව්වා. ඒවා උන අයත් එක්ක තම 27 වෙන්නේ. අනික ම්ම් දැක්ක ඇමරිකන් site තියෙනවා . මිනිස්සු වනරයන්ගෙන් පරිණාමය වුනා කියල පිලි ගන්න බෑ කියල. එකට හේතුව එහෙම උන නම් අද ලෝකේ කිසිම වදුරෝ ජාතියක් ඉන්න බෑ . මොකද වුනුත් එහෙනම් පරිණාමය වෙලා තියෙන්න ඕන අද මේ විදියට ඉන්නේ නැතුව. උබ කියන අන්තිම කතා ටිකේ ඇත්තක් තියෙනවා. වයිකින් කියලා ගෝත්‍රයක් හිටිය උන් දැන් වද වෙලා. ඒ ගැන TV show එකකත් තියෙනවා. (vikings ) එකේ උන් අදහන්නේ තෝර් කියන දෙවියව. අකුණු වලට අධිපති වූ කියල කියන්නේ එකේ. කව්ද දන්නේ වුත් පිටසක්වල එකෙක්ද කියල.මොකක් උනත් උබේ පොස්ට් නම් හොදයි, වැදගත් කමක් දැක්ක.
    "Ancient Aliens" මේ TV show එක බලල නැත්තම් බලපන් මේකෙත් තියෙන්නේ ඔය වගේ සීන් තමයි. :confused:
    මේ තියෙන්නේ උන්ගේ channel එක :love:https://www.youtube.com/channel/UCAH2jRZFlxzOnBOdhe8h0LA
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    යකෝ බුදු වරුන් 27 මේ ලෝකේ පහල උනේ නැ . අපේ ලෝකේ බුදු වරුන් 3i බුදු උනේ. තව බුදු වෙන්න ඉන්නවා මෙයිත්රි බුදු හාමුදුරුවෝ බුදු වෙන්න. එය බුදු වෙන්නේ මේ ලෝකේ විනාස වෙලා අපහු පටන් ගත්තහම . ඒ කියන්නේ අපහු මුල ඉදලම ලෝකේ හැදුනම. ඉතින් බුදු වරුන් 27 අවුරුදු ලක්ෂ 2 බුදු උනා කියලද උබ කියන්නේ. අපේ ලෝක වගේ තව ලෝක විශ්වයේ තියෙනවා . එක බුදු හාමුදුරුවෝ කිව්වා. ඒවා උන අයත් එක්ක තම 27 වෙන්නේ. අනික ම්ම් දැක්ක ඇමරිකන් site තියෙනවා . මිනිස්සු වනරයන්ගෙන් පරිණාමය වුනා කියල පිලි ගන්න බෑ කියල. එකට හේතුව එහෙම උන නම් අද ලෝකේ කිසිම වදුරෝ ජාතියක් ඉන්න බෑ . මොකද වුනුත් එහෙනම් පරිණාමය වෙලා තියෙන්න ඕන අද මේ විදියට ඉන්නේ නැතුව. උබ කියන අන්තිම කතා ටිකේ ඇත්තක් තියෙනවා. වයිකින් කියලා ගෝත්‍රයක් හිටිය උන් දැන් වද වෙලා. ඒ ගැන TV show එකකත් තියෙනවා. (vikings ) එකේ උන් අදහන්නේ තෝර් කියන දෙවියව. අකුණු වලට අධිපති වූ කියල කියන්නේ එකේ. කව්ද දන්නේ වුත් පිටසක්වල එකෙක්ද කියල.මොකක් උනත් උබේ පොස්ට් නම් හොදයි, වැදගත් කමක් දැක්ක.
    "Ancient Aliens" මේ TV show එක බලල නැත්තම් බලපන් මේකෙත් තියෙන්නේ ඔය වගේ සීන් තමයි. :confused:
    මේ තියෙන්නේ උන්ගේ channel එක :love:https://www.youtube.com/channel/UCAH2jRZFlxzOnBOdhe8h0LA

    පුංචි නිවැරදි කිරිමක් මිත්‍රයා දැනට බුදුවරුන් 4 නමක් පහල වුනා.. ඉතිරි මෛත්‍රී බුදුන් පහල විම පමණයි. මේ මහා බද්‍ර කල්පය බුදුවරුන් 5 නමක් පහළවන එකක්..:yes:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    නැකැත් රාල;18457755 said:
    පුංචි නිවැරදි කිරිමක් මිත්‍රයා දැනට බුදුවරුන් 4 නමක් පහල වුනා.. ඉතිරි මෛත්‍රී බුදුන් පහල විම පමණයි. මේ මහා බද්‍ර කල්පය බුදුවරුන් 5 නමක් පහළවන එකක්..:yes:

    28-4=24 me ituru buduwaru 24 dena pahala une koi lokeda ban?