රාවණ_ජල_උමඟ

crash45

Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    ::උතුර දකුණ යා කළ මහා රාවණ ජල උමඟ::

    scaled.php


    අප රාවණාගේ බල ශක්ති කේන්ද්‍රය ගැන කතා කෙරුවෙමු. එය ඉතා නුදුරු දිනයකදී හමුවනු ඇතැයිද එමඟින් ආසියාවම බල ගැන්විය හැකි යැයිද අපි පැවසුවෙමු. එහි පැහැදිළි සාක්‍ෂි හමුවෙමින් පවතී.

    එහි පළමු සාක්‍ෂිය කළු ගඟ ව්‍යාපෘතියට සමගාමී ප්‍රදේශයකින් හමුවී ඇත. ඒ න්‍යශ්ටික බලගැන්වීම් කළ හැකි ඛනිජ වර්ග තුනක් පිළිබඳවය. ඒ පිළිබඳ ඉදිරියේදී වැඩි තොරතුරු ලබාගත හැකිවනු ඇත. දෙවැනි කරුණ වනුයේ සීගිරිය ආසන්නයේ අඩි දහතුනක් පොළොව යටින් ගමන් කරනා උමං මාර්ගයක් හමුවීමයි. මේ සියල්ල හරහා මහාවංශය නොදුටු හෙළ යුගය යළි හෙළ දෙරණ මතට පැමිණෙමින් ඇති බව ඔබ අපට අවබෝධ කර ගැනීමට හැකිවෙයි. ඒ රාවණ පරිවර්ථන යුගයේ ස්වාභාවයයි.

    අප හෙළ යුගයේ ජල තාක්‍ෂණ ක්‍රම වේදයන් පිළිබඳ කතා කිරීමට උත්සාහ දරමු. ලංකාවේ ප්‍රධාන නගර විසි හතක් ආවරණය කෙරෙමින් ඉදිවුණු උමං මාර්ග පද්ධතියක් පිළිබඳවද තොරතුරු පවතී. මෙම උමං ප්‍රධාන වර්ග කිහිපයකි. ප්‍රවාහන කටයුතු උදෙසා භාවිත වූ ජල උමං, එක් තැනක සිට තවත් ප්‍රදේශයක් පෝශණය කිරීම උදෙසා ජලය ගෙනගිය උමං හා අලංකාරය උදෙසා ජලය රැගෙන ගිය ජල පීඩක උමං ලෙස මෙය බෙදා දැක්විය හැකිවෙයි. පොදුවේ මෙම උමං ජල මාර්ග ගලීස්ස ලෙස හැඳින්වෙයි.

    මහා රාවණ යුගයේදී ජල පීඩන තාක්‍ෂණය උපයෝගී කරගනිමින් අධිවේගී ප්‍රවාහන පද්ධතියක් පැවතියේය. මාතලේ සිට නවක්කන්නිය හරහා ලංකා පුරයේ උතුරටත්, බණ්ඩාරවෙල කුඹුක්කන් ඔය හරහා ලංකාපුරයේ ගිනිකොණ දෙසටත්, මාතලේ සිට බණ්ඩාරගම ප්‍රදේශය හරහා ඉදිකෙරුණු ජල පීඩක උමං මාර්ග පද්ධතියක් පැවතියේය.

    මෙම උමං නිර්මාණය කිරීමේදී පාෂාණ වැස්මක් භාවිත කළ අතර බොහෝවිට පොළොව අභ්‍යන්තර තද පාෂාණ ස්ථර භාවිත කරනු ලැබිණි.

    මාතලේ නාලන්දා ගෙඩිගෙයට තරමක් දුරින් අඹන් ගඟ අසළ ලුණුගෙය නමින් ප්‍රසිද්ධ බිම් ගෙයක් දැකගත හැකිවෙයි. මෙම ස්ථානය රාවණ යුගයේදී ඉතා දියුණු මට්ටමේ ගලිසි තොටුපළකි. ගලිසි තොටුපළක් යනු උමං මාර්ග පද්ධතියක් ඔස්සේ ක්‍රියාත්මක වන බෝට්ටු සේවයක නැවතුම්පළකි. මෙහි පොළෝ මට්ටමේ සිට අඩි 30-35 අභ්‍යන්තරයේ අදටත් මෙම උමං ජල මාර්ගය දැකගත හැකිවෙයි. මෙම ජල මාර්ගයේ පිහිටි උමඟ වර්තමානයේදී ශේෂ වෙමින් පවතී.

    මෙම ජල උමඟට එකල සුදු ගඟ මුල් කරගනිමින් ජලය ඇතුළු කල බව සිතිය හැක. මෙසේ ඇතුළු කරන ජලය උතුරු දෙසට ගමන්කර අවසානයේ මුහුදට ගලායයි. මෙම මාර්ගයේ අතරමැද ස්ථාන කිහිපයක පිටවීම් දොරටු පැවතියේය. යාපනයේ නාවක්කන්නි ළිඳ එවැන්නකි.

    වර්තමානයේදීද මාතලේ අඹන් ගඟේ හා නාවක්කන්නි ළිඳේ ජල සාම්පල එකිනෙකට සමානය. නාවක්කන්නි ළිඳ යනුවෙන් හැඳින්වෙන්නේ යාපනයේ වැල්විටිතුරෙයි මාර්ගයේ නිලාවරි ගමේ ආසන්නයේ පිහිටි පතුළක් නොමැති ළිඳ යනුවෙන් හැඳින්වෙන ස්ථානයයි. එයට සැතපුම් කිහිපයක් දුරින් පිහිටි කිලමලේ පිහිටි ඖෂධ පොකුණ ලෙස වර්තමානයේ හැඳින්වෙන පොකුණ එක් ගලිසි තොටුපොළකි. මෙම පොකුණේද ඇත්තේ එකම ජල සාන්ද්‍රණයකි.

    වර්තමානයේදී මෙම උමං මාර්ග හරහා ජලය ගමන් කිරීම සිදු වුවත් බොහෝ සෙයින් උමං හුණුගල්වලින් වැසී ගොස් ඇත.

    සටහන කාංචන මනමේන්ඳ්‍ර (රන්දිව 2012-05-13)


    උපුටා ගැනීම-:FB

     

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    තව පුලුවනි නම් තොරතුරු දාන්නකො,,, ආසාවෙන් කියවන්නෙ , ආඩම්බරයි අපිට..... Rep++++
     
    • Like
    Reactions: crash45

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    රාවණ එල බුවෙක් ඕයි

    ඉන්දියාවේ වේසිගෙ පුතාල ලියපු රාමයනේ තමයි අපේ උනුත් විස්වාස කරන්නේ.
     
    • Like
    Reactions: crash45

    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    තව පුලුවනි නම් තොරතුරු දාන්නකො,,, ආසාවෙන් කියවන්නෙ , ආඩම්බරයි අපිට..... Rep++++
    තව විස්තර හම්බුනොත් අනිවා දානව යාලුවා...:):):)

    රාවණ එල බුවෙක් ඕයි

    ඉන්දියාවේ වේසිගෙ පුතාල ලියපු රාමයනේ තමයි අපේ උනුත් විස්වාස කරන්නේ.
    සිරා මචන්...දන් දන් ඔප්පු වෙන දෙවල් අනුව ඉන්දියාවේ රාමායනය බොරු වෙයි වගේ...උන් උන්ගේ ජාතිය ගන විතරයි එකේ වර්ණනා කරන්නේ...:):):)

    Thanks 4 sharing :)
    ස්තූති මචන්...:):):)
    +++
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Lankawe e kale tibba thakshanayata gahanna wena thakshanayak ne mama hitanne :cool: namuth e kale tibba thakshanaya winasa une kohomada:(:(
    24 innalu machn


    apita rawanaga kiyana widiye thakshanayak thibune naa.... habai apita thibba sigiriya hadapu waw hadapu thakashanaya winasa wenna balapawe 1st parakramabahu ha kalingha magha nisai!
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මේවා දාන එකා විද්‍යා ප්‍රබන්ධයක් වගේ මේවා දානේ. හරියට නිකන් මේකේ ඉන්න ඔරියන් තුමා වගේ. සාක්ෂි හම්බෞනා කිව්වට මේවා කිසිම ප්‍රවෘත්තියක කියලා තියන ඒවද? අලුත්ම නැම්ම තමා රාවණා රජුගේ පිටින් අපි හෙන දුයුණු යුගයක හිටියා කියලා පෙන්වන එක.

    රාවනා රජු එසේ මෙසේ රජ කෙනෙක් නොවන බව මම පිළි ගන්නවා. ඒත් මෙතන වෙන්නේ විකෘත්ති කිරීමක් වගේ දෙයක්. ඔය ලිපි පෙලේ මම දැක්කා බුඩු දහමත් එක්කත් සන්සන්දනය කරන එවා තියෙනවා
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    අද කාලේ අඳබාලයින්ට හැදිච්ච පුහු රාවණා පිස්සුවෙන් ඔබත් උමතු වෙලාද?

    රාවණා රජ්ජුරුවන්ගේ කාලේ හොද තාක්ෂණයක්
    තිවිලාතියෙන්වා,මීට වඩා. හැබැයි එහෙම කියල හෙලයන්ගේ අරක මෙහෙමයි, මේක මෙහෙම යි, කියල ඉමජින් කරලා.නිකන් තර්ක ගෙන්ල්ලා ඔප්පු කරගන්න බැරුව.හරියට සූරිය්ප්පෙරුම වගේ පුක උඩදාගෙන අපේ හෙළයෝ කෑගහනවා..
    අන්තිමේට නිකන්ම නිකන් පුස් වෙඩිල්ලක් විතරයි. සද්දේ පමණයි ..දුම ණොමැත..
    ජැක්සන් ඇන්තනී.සුරියපෙරුමාල්... කතාකලොත ඒගොල්ලො වගේ ප්‍රක්ඥයෝඅ නෑ..විද්වත්තු නෑ..ආසි 4 හතර පැතතට විසිකරලා බූරුවා ගහනන් පුලුවන් විදිහට තමි ටෝක..විමසලා බැලුවාම ඇතුල හිස්...


    අපි හැම දාම කලේ ,ඉතිහාසයේ , අපි එහෙමඉ මෙහෙමඉ, කිය කිය, උදම් අනපු එක,වර්තමානේ . අපි මොනවද කරල තියෙන,මොනවද?කිසි දෙයක් නෑ..බ්ලොග් එකක තියෙන දෙයාක් කොපි පේස්ට් කරලා තියෙනවා. එච්චරයි..අනෙක් ජාතීන් ඉස්සරහට යන්නෙත්. අපි පස්සට යන්නෙත් ඇයි? අපිට තියෙන්නේ අඩම්බර වෙන්න පුලුන් ඉතිහසයක්.කියන ගියොත්, රාවණා, සිංහබාහු.කුවේණි.අබා.. සති ගනන් ඉයන පුලුව, හැබැයි වර්තමානයක්වත් ..අනාගතයක්වත් නෑ..
    ඉතිහාසේ වන වනා ඉන්නවා..


    හැබැයි අනෙක් ජාතින්ට අපිට තරම් ඉතිහාසයක් නෑ....අපේ ඉතිහාසයේ අපිට තිබ්බා වගේ තරම් තාක්ෂණය නෑ,,
    උන් ඉතින් උන්ට නැතිදේවල් හොයනවා. ඉතින් උන් දේවල් හොයාගන්නවා.. මොක්ද උන්ට අතීතේ කියල එකක් නෑ..උන් අනාගතයට , උන් අතීතේ විශිෂඨ ජාතියක් කියන ඒක, අනාගතේ එන එවුන්ට ඒත්තුගන්න පුලුවන් විදිහට වැඩ කරලා යන්නේ....උන්ට වර්තමානයකුත් හදාගෙන , අනාගතයකුත් හරිගස්සගෙන


    ඔන්න ඕකයි අපිදෙගොල්ලො අතර වෙනස..
    අර කතාවට කියනවා "අලුත් අලුත් දේ නොතනන ජාතියා.ලොව නොනගී "කියලා..

    අපි හැමදාම අපි පාරම් බබා භාබා ඉන්නවා. රාවණා යුගයේ විමාන තිබ්බලු, අරක තිබ්බලු මේක තිබ්බලු..පයිය්ය...දැන් කිසි දෙයක් අලුතෙන් කරන්න්න උත්ස කරන්නේ නෑ.. මොලේතියෙනවනම් මේක කියවලා, කන්නාඩිය ඉස්සහට ගිහිලල හොදට හිතපල්ලා..විචාර බුද්ධියකින්...කල්පනා කරලා බලලා..තෙරුම්ගනිල්ලා
    මම මේ කියන එක බොරුවක් ද? කියලා...?


    මේ රාවණා සීන් එක යන්නේ, කාට හරි උවමනාවක් තියෙනවා රාවණා රජ්ජුරුවන්ට මඩගහන්න, අපේ ඉතිහාසේ මකලා දාන්න
    ඒක නිසා බොරු තර්ක ගෙනල්ල එක එක එවා ඔප්පු කරන හදනවා,
    ගොඩක් ඒව පදනම් විරහිතයි.කිසිදෙයක පිලිගන්න පුලුවන් ස්ත්‍යනෑ..
    ලාචොරු...සැබෑ රාවණාව යටපත් කරලා,මේ බොරු මවාගෙන කරන මේ සෙල්ලම
    ඉතිහසයත් එක්ක කරන මහදරුණු සෙල්ලමක්..
    මුන් ඒදවස්වල අර හනුමන්තගෙන් පගාව ගත්ත හැත්තක් ද කොහෙද?


    මේවා ඇත්තනෙමෙ පට්ට බොරු කියලා ඔප්පු වෙනකොට
    අර 2012 ලෝක විනාශය කිව්ව එවුන්ට වගේ මුන්ටත් ආතක් පාතක් නැතුවයනවා..
    ලොකුම විනසේ තමයි රාවණා රජ්ජුරුවන්ගේ නමට වෙන හානියා
    මේ මුන්ගේ බොරු සංකල්ප රූප බින්ද වැටුනට පස්සෙ..
    මිනිස්සු අහිතක් හිතන්නේ, මේවගේ පජාත ප්‍රකාශ නිකුත් කරපු මොඩයින් ගැන නේමේ. අර ජාතියක විශිෂ්ඨ නායකයෙක් වුන රාවණා රජ්ජුරුවන්ට..!:angry:
     
    • Like
    Reactions: naleen rox

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    http://vargapurnikava.blogspot.com/2012/06/911.html

    මේ බ්ලොග් එක බලපල්ලා අපේ ඉතිහාසේ ඉන්න රාවණා රජුව හෑල්ලුවට ලක්කරනවා ඇඩ්‍රෙස් නෑ ඕයි..මේවගේ සිංහල ජාතිය නිකන් පජාත වෙන්නේ
    අපි තාම හොයාගත්ත නැති දේවල් අරගෙන ලොකු ලොකු භූමිකා රඟපාන්න ගියාම අපිට වෙන්නේ මේවයි