රාවය බංකොලොත්

obama2

Member
Apr 18, 2012
424
30
0
රාවය බංකොලොත්

Posted on 22 December 2012.


රාවය පුවත් පතෙහි හිටපු ප්‍රධාන කර්තෘ වික්ටර් අයිවන් මහතා මීට වසර දහයකට පමණ පෙර ලංකාවේ අධිකරණය රැක ගැනීම උදෙසා මරාගෙන මැරෙන සටනකට අවතීර්ණ වී සිටියේය. ඔහු විසින් අධිකරණය රැකගැනීම සදහා ලියන ලද ලිපි ප්‍රමාණය කොතරම්දයත් ඒ ලිපි එකතු කරනු ලැබුවහොත් එය සමනල කන්දටත් වඩා උස් වනු ඇත. ඒ කාලයේ බොහෝ අය වික්ටර් අයිවන්ගේ මේ ලිපි කියවිය. නමුත් කාලයාගේ ඇවෑමෙන් විකටර් අයිවන් සංකේතීයව මරණයට පත් විය. ඒ සමගම රාවය පුවත් පත මාධ්‍ය ගුබ්බෑයමක් බවට පත්විය. විකටර් අයිවන් මේ සියලු කාලය පුරා විවිධ දේ ලිවිය.

වර්ථමානයේ ශ්‍රී ලංකාවේ අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහිව ආණ්ඩුව විසින් දෝෂාභියෝගයක් ගෙන තිබෙන අතර යළිත් වික්ටර් අයිවන් පරණ කතාවම අලුතෙන් පිටු පිරෙන්නට ලියන්නට පටන් ගෙන ඇත. මෙවර ඒ ලිපියවන්නට කිසිවෙකුත් නැත. අයිවන් ලියු දෑ මගින් රටේ අධිකරණ ස්වාධීනතාවය ඇති නොවන බව ගොඩක් අය තේරුම් ගෙන ඇත.



අයිවන්ට අනුව ලංකාවේ ඇත්තේ ධනවාදී සමාජක්‍රමයේ ගැටලුවක් නොව නරක මිනිසුන් කිහිපදෙනෙකු ගේ ගැටලුවකි. මේ නරත,නපුරු,දුෂ්ඨ මිනිසුන් පලවා හැරිවහාම යළි මේ රට සුඛිත මුදිත වනු ඇතැයි ඔහු සිහින දකිමින් සිටියි.


පසුගිය දවසක රාවය පත්තරේ කේ.කේ.සමන් කුමාර විසින් ‛කර්ම’ ච්ත්‍රපටිය ගැන චිචාරයක් ලියා ඇත. ඒ විචාරයේ විචාරය නොකරන එකම දෙය කර්ම ච්ත්‍රපටිය පමණයි. එහි අධ්‍යක්ෂක ප්‍රසන්න ජයකොඩි ගේ තාත්තා ජයසේන ජයකොඩි ගැන, ප්‍රසන්න ගේ උපන් ගම ගැන, ඔහු ආශ දේවල් ගැන සර්පයා ලියා තිබුනත් ඔහු නොලියන ලද එකම දේ කර්ම ච්ත්‍රපටිය පමණි.



අනෙක් අතට රාවය පත්තරය මේ වන විටත් බුන්වත් වී ඇති තරම අපි හොදින්ම දන්නේ ඇතැමි මානසික රෝගීන් ගේ විකාර සම්මුඛ සාකච්ඡා පවා මෙහි පලකරන බැවිනි. අජිත් කුමාරසිරි නම් එවන් ගායකයෙකු මේ පත්තරේ ටිරන් සමග පවසන්නේ දේශපාලනය සහ දේශපාලනඥයින් අවශ්‍ය නැති බවයි. මෙවැනි විකාර කතා කියන අය සමග සම්මුඛ සාකච්ඡා පවත්වන ටිරන් මෙන්ම මෙහි වර්ථමාන කතෘවරුන් හැමෝම නොද්නනේ රාවය දැන් බංකොලොත් වී ඇති බව නොවෙද?

බංකොලොත් රාවයේ තව දුරටත් අයිවන්ලාට, ටිරන්ලාට, විමලනාත්ලාට පමණක් නොව ජනරංජනලාට තමන් කැමති දෙයක් ලියන්නට පුලුවන.




ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,