අධිකරණ ඇමැති රාවුෆ් හකීම් මහතාට අවශ්‍ය නම් ආණ්ඩුවෙන් ඉවත් වී යන ලෙස කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා දැඩිව පවසා තිබේ.
පසුගිය 28දා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඇමැතිවරයාගේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් උණුසුම් වචන හුවමාරුවක් සිදුවී ඇති අතර ඉන්පසු අදාළ ප්‍රකාශය කළ ජනාධිපතිවරයා රැස්වීමෙන් නැඟිට ගොස් ඇත. අධිකරණ ඇමැතිවරයා ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මූලස්ථානයට ලංකාවට සහ ආණ්ඩුවට එරෙහිව ලිපි රැසක් යවා ඇති බව හෙළිදරව් වී ඇති අතර එම ලිපි සම්බන්ධයෙන් ඇමැතිවරුන්ද දැඩිව අදහස් දක්වා තිබේ.





