රාහු - කේතු ප්‍රශ්නය Rahu & Ketu - ☊ ☋ Astrology 🪐

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ela-banner.jpg

    කේතු (☋)

    "මනුෂ්‍ය හිසක් සහ නාග කවන්ධයක් සහිත බුද්ධි සහිත ජලාධික සුදුවන් ධුමාකාර, වණ කැළැල් ගහණ කෘෂව ගිය ශරීරයකි."

    වාහනය : නෙලුම් මල .............. ආයුධය :පුස්ථකය
    ලිංග : නපුංසක .............. ගති : කෘර
    වරණය : ධූම සුදු .............. නිලය : සෙසු
    අවතාරය : මත්ස්‍ය .............. වෘක්ෂ : කෙසෙල්

    කේතු ද රාහු මෙන්ම කල්පිතමය ග්‍රහයෙකි. රාහු මෙන් ම ආපස්සට ගමන වේ. දශා කාලය වර්‍ෂ හතකි. රාශි වළල්ලේ වටයක් යාමට රාහු මෙන්ම අවුරුදු 18 යි මාස 7 කුත් දින 13 ක කාලයක් ගතකරයි.​

    රාහුගේ ප්‍රතිසම ලක්ෂණ බැවින් එකින් එක පැවසීම අවශ්‍ය නැත. රාහුගේ තත්වය බලා ඊට ප්‍රතිවිරුද්ධ දේ කෙතුට ඇතිබව සිතිය යුතුය.​

    මනුෂ්‍යයා ට ලෙඩ රෝග පමුණුවා ඔත්පල කර එක තැනක අක්‍රියව තැබීම කේතුගේ ප්‍රධාන රාජකාරිය බව පෙනෙයි. ප්‍රසිද්ධ වෙනවාට අකමැතිය. කිසිවකට ඉදිරිපත් නොවී පසෙකට වී නිසොල්මනේ සිටියි. විශේෂයෙන් කුෂ්ට, දද, වණ, හොරි වැනි හමේ රෝග ඇතිකරයි. ඉගෙනීමට යහපත් වේ. ඥානය ද සිහිකල්පනාව ද දියුණු කරයි. 9 සහ 12 යන භාවයකට කේතු යහපත් වේ. ස්ථාන ඵල හානි කරයි. කලාතුරකින් 4 ට ද හොඳ වෙයි. නිවාස ලාභ ඇතිකරන්නට පුළුවන.

    --

    රාහු (☊) - කේතු (☋) යනු ගුරු, ශනි ආදී ග්‍රහයන් නොවන බව කලින් කියා තිබේ. එහෙත් ජ්‍යෝතිශ්‍යයේ දී මේ දෙපලට අනෙක් ග්‍රහයන්ට නොදෙවෙනි වැදගත් කමක් ආරෝපණය කරදී තිබේ. සැලකුමද අනෙක් ග්‍රහයන්ට මෙනි. ඇතැමුන් ට අනුව රාහු සහ කේතු යනු පෘථිවිය සහ එහි සෙවණැල්ල වේ. එහෙත් ඒ මතය සාවද්‍ය බව කිවයුතුය. තවත් මතයක් වන්නේ චන්ද්‍රයා පෘථිවිය වටේ යන ගමන් මාර්ගය චන්ද්‍රයාගේ දික් කළ නිරක්ෂයෙන් කැපෙන සන්ධිස්ථානය යන්නයි (130 පිට - ජීවිතය හා ග්‍රහයෝ - 2015 එකොළොස් වන මුද්‍රණය, හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ). මේ දෙවනුව දක්වා ඇති මතය ද එතරම් නිවැරදි නොවන බව පෙනෙයි. ඊට හේතුව වන්නේ පෘථිවිය සුර්යයා කෙරෙන් අංශක 23.5 ක් ඇලව පවතින්නේ යම් සේ ද එසේම චන්ද්‍රයා ද පෘථිවිය කෙරෙන් අංශක 6.68 ක් සහ සුර්යයා කෙරෙන් අංශක 1.54 ක් ඇලව පිහිටීමයි. එවිට දික් කළ නිරක්ෂය කැපෙන තැන් චන්ද්‍රයා සහ සුර්යයා එක එල්ලේ එන විට ඇතිවියයුතු ග්‍රහණ අවස්ථා ප්‍රායෝගිකව අත්දැකීමට නොහැකිය.
    --
    kaksha.png

    බටහිර මතයට අනුව රාහු සහ කේතු යනු චන්ද්‍රයා පෘථිවිය වටා යන කක්‍ෂය, පෘථිවිය සුර්යයා වටා යන කක්ෂ තලය හා ඡේදනය වන ලක්ෂ්‍ය දෙක වේ. චන්ද්‍රයා කක්ෂය දිගේ ඉහළට යන ගමනේ දී පසුකරන ලක්ෂ්‍යය රාහු ද පහළට යන ගමනේ දී පසුකරන ලක්ෂ්‍යය කේතු ද වශයෙන් සලකති. මෙසේ ලක්ෂ්‍ය දෙකක් ඇතිවන්නේ චන්ද්‍ර කක්ෂ තලය, පෘථිවි කක්ෂ තලයට අංශක 5.14 ක් ආනතව පිහිටා ඇති නිසාය. පර්යේෂණාත්මක දත්ත වලට අනුව ඒ මතය සත්‍ය වන බව පිළිගැනීමට හැකිය. පෘථිවියේ මෙන්ම චන්ද්‍රයා ගේ ද සිරස් මධ්‍ය භ්‍රමණ අක්ෂය වටා ලප්පා වීමක් ඇත. චන්ද්‍රයාගේ පුර්ණ ලප්පා වීමකට ගතවන කාලය රාහු - කේතුගේ රාශි චක්‍රය වටා ගමනට ගතවන කාලය වන වර්ෂ 18 මාස 7 දින 13 ට සමාන වන අතරම පෘථිවියට සාපේක්ෂව බටහිර දිශාවට (දක්ෂිණා වර්ත) වේ. රාහු - කේතු ගේ ගමන ද ආපස්සට බව අපි දනිමු.
    --
    රාහු සහ කේතු ග්‍රහයන් වශයෙන් සලකන්නේ ඇයිද යන ප්‍රශ්නය දැන් මතුවෙයි.
    ග්‍රහයන් අතර පෘථිවිය, බුධ, සිකුරු සහ අඟහරු එක් කාණ්ඩයකට ත් බ්‍රහස්පති සහ සෙනසුරු තවත් කාණ්ඩයකට ත් වෙන් කළ විට මුල් කාණ්ඩයේ ග්‍රහයන් දෘඪ ග්‍රහයන් බවද දෙවැනි කාණ්ඩයේ ග්‍රහයන් දෘඪ නොවන වායුමය ග්‍රහයන් බවද පෙනෙයි. එහෙත් මේ වෙනස්කම් නොසලකා මේ සියල්ල පොදුවේ ග්‍රහයන් හැටියට සලකති. ජ්‍යෝතිශ්‍යයේදී මේ කිසිවක් නොසලකා පොළොව මත සිටින්නකුට අත්දකින්නට සිදුවෙන දේ පමණක් මුල් කොටගෙන ග්‍රහයන් සැලකිල්ලට ගනී. සුර්යය ග්‍රහණයක් හෝ චන්ද්‍ර ග්‍රහණයක් සිදුවන විට පිළිවෙලින් සුර්යයා, චන්ද්‍රයා, පෘථිවිය සහ සුර්යයා, පෘථිවිය, චන්ද්‍රයා එක පෙළට සිටිති. එහෙත් මේ ග්‍රහයන් එක පෙළට සිටින සෑම විටම ග්‍රහණ සිදු නොවෙයි. එසේනම් ග්‍රහණ සිදුවීමට වෙනත් යමක් ඒ අතර තිබිය යුතු යැයි පැරැන්ණෝ සිතන්නට ඇති. සඳ රාහු අල්ලනවා යැයිද, ඉර කේතු අල්ලනවා යැයිද ඇතැම්හු කියති. ග්‍රහණ සිදුවන ආවර්ථ කාල සැලකීමෙන් මේ බාහිර වස්තු නැවත නැවත එකම තැනකට පැමිණීමට ගතවන කාලය ද ඒ පැමිණෙන ආකාරයද පැරණි ආචාර්යවරු දැන සිටියහ. ඒ ඔවුන්ගේ දැනුමට අනුව රාහු සහ කේතු පිළිබඳ ප්‍රවාදය නිර්මාණය කරන්නට ඔවුහු සමත් වූහ.
    රාහු - කේතු දෙදෙනා ඒකාකාර ගමන් පෙන්වද්දී රාහුට අවුරුදු 18 ක දශා කාලයක් දෙන විට කෙතුට අවුරුදු 7 ක දශා කාලයක් දුන්නේ ඇයිද යනු තවත් දුෂ්කර ප්‍රශ්නයක් වේ. චන්ද්‍රයාගේ ලප්පා වීම හේතුවෙන් අංශක 5 චන්ද්‍ර තලයේ ආනතිය වරෙක ඉහළින් ද තවත් වරෙක පහළින්ද පිහිටයි. එනම් විටෙක දී එම අංශක ප්‍රමාණය පෘථිවි ආනතිය වූ 23 තුල හා ඉන් ඔබ්බට වන්නට පිහිටයි. එවිට මුළු අංශක ප්‍රමාණය දල වශයෙන් 18 සහ 28 වේ. එනම් පරාසය අංශක 10 වේ. එයිනුත් චන්ද්‍රයා සහ සුර්යයා අතර ආනති පරාසය 3 ක් පමණ ශුද්ධ කළවිට උපරිම පරාසය 7 ක් පමණ වේ. මෙසේ උඩින් මතුවන විට අවම 18 පරාසය සහ යටට බසින විට උපරිම 7 පරාසය සකලා රාහුට සහ කේතුට දශාකාල වෙන්කර දුන්නා වියහැකිය.
    --

    රාහු ගේ 🐍 |🪐| වැඩකිඩ සහ පැටිකිරිය මෙන්න. Rahu - Astrology

     
    Last edited: