🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ග්‍රහයන් අතර සතුරු මිතුරු භාවයන් 👬-👿

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,244
    21,822
    113
    ඒ ඒ ග්‍රහයන්ගේ සතුරු මිතුරු සම භාවයන් පිළිබඳ ජ්‍යෝතිර් වේදියකු අනිවාර්ය වශයෙන් දැන සිටිය යුතුය. එබැවින් පහත දැක්වෙන වගුව ඇසුරෙන් ග්‍රහයන්ගේ සතුරු මිතුරු සම භාවයන් පිළිබඳ උගෙන මතකයේ තබාගන්න.

    ග්‍රහයා​
    මිතුරු​
    සතුරු​
    සම​
    රවි චන්ද්‍ර, කුජ, ගුරු, කේතු ශුක්‍ර, ශනි, රාහු බුධ
    චන්ද්‍ර රවි, බුධ, කේතු රාහු කුජ, ගුරු, ශුක්‍ර, ශනි
    කුජ රවි, චන්ද්‍ර, ගුරු, කේතු බුධ, රාහු ශුක්‍ර, ශනි
    බුධ රවි, ශුක්‍ර, ශනි චන්ද්‍ර කුජ, ගුරු, රාහු, කේතු
    ගුරු රවි, චන්ද්‍ර, කුජ බුධ, ශුක්‍ර ශනි, රාහු, කේතු
    ශුක්‍ර බුධ, ශනි, රාහු රවි, චන්ද්‍ර, ගුරු, කේතු කුජ
    ශනි බුධ, ශුක්‍ර, රාහු රවි, චන්ද්‍ර, කුජ, කේතු ගුරු
    රාහු බුධ, ශුක්‍ර, ශනි රවි, චන්ද්‍ර, කුජ ගුරු
    කේතු බුධ, ශුක්‍ර, ශනි රවි, චන්ද්‍ර, කුජ ගුරු

    තවද තත්කාල වශයෙන් ඒ ඒ ග්‍රහයන් අතර සතුරු මිතුරු තාවයන් ඇතිවීම ද දැනගත යුතුවෙයි. ඒ සිදුවන්නේ මෙසේය;

    (අ). යම් ග්‍රහයකුගෙන් 2, 3, 4 සහ 10, 11, 12 යන තැනෙක සිටි ග්‍රහයා තත්කාල මිතුරු ග්‍රහයෙකි. රාශි සම්බන්ධ තත්වය ද එසේම වේ.
    (ආ). යම් ග්‍රහයකු ගෙන් 5, 6, 7, 8, 9 යන තැනෙක සිටි ග්‍රහයා තත්කාල සතුරු ග්‍රහයෙකි. රාශින් ගේ තත්ත්වය ද ඒම වේ. තවද එකම රාශියේ සිටින ග්‍රහයන් ද එකිනෙකාට තත්කාල සතුරන් වෙත්.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,107
    10,684
    113
    ඒ ඒ ග්‍රහයන්ගේ සතුරු මිතුරු සම භාවයන් පිළිබඳ ජ්‍යෝතිර් වේදියකු අනිවාර්ය වශයෙන් දැන සිටිය යුතුය. එබැවින් පහත දැක්වෙන වගුව ඇසුරෙන් ග්‍රහයන්ගේ සතුරු මිතුරු සම භාවයන් පිළිබඳ උගෙන මතකයේ තබාගන්න.

    ග්‍රහයා​
    මිතුරු​
    සතුරු​
    සම​
    රවිචන්ද්‍ර, කුජ, ගුරු, කේතුශුක්‍ර, ශනි, රාහුබුධ
    චන්ද්‍රරවි, බුධ, කේතුරාහුකුජ, ගුරු, ශුක්‍ර, ශනි
    කුජරවි, චන්ද්‍ර, ගුරු, කේතුබුධ, රාහුශුක්‍ර, ශනි
    බුධරවි, ශුක්‍ර, ශනිචන්ද්‍රකුජ, ගුරු, රාහු, කේතු
    ගුරු රවි, චන්ද්‍ර, කුජබුධ, ශුක්‍රශනි, රාහු, කේතු
    ශුක්‍රබුධ, ශනි, රාහුරවි, චන්ද්‍ර, ගුරු, කේතුකුජ
    ශනිබුධ, ශුක්‍ර, රාහුරවි, චන්ද්‍ර, කුජ, කේතුගුරු
    රාහුබුධ, ශුක්‍ර, ශනිරවි, චන්ද්‍ර, කුජගුරු
    කේතුබුධ, ශුක්‍ර, ශනිරවි, චන්ද්‍ර, කුජගුරු

    තවද තත්කාල වශයෙන් ඒ ඒ ග්‍රහයන් අතර සතුරු මිතුරු තාවයන් ඇතිවීම ද දැනගත යුතුවෙයි. ඒ සිදුවන්නේ මෙසේය;

    (අ). යම් ග්‍රහයකුගෙන් 2, 3, 4 සහ 10, 11, 12 යන තැනෙක සිටි ග්‍රහයා තත්කාල මිතුරු ග්‍රහයෙකි. රාශි සම්බන්ධ තත්වය ද එසේම වේ.
    (ආ). යම් ග්‍රහයකු ගෙන් 5, 6, 7, 8, 9 යන තැනෙක සිටි ග්‍රහයා තත්කාල සතුරු ග්‍රහයෙකි. රාශින් ගේ තත්ත්වය ද ඒම වේ. තවද එකම රාශියේ සිටින ග්‍රහයන් ද එකිනෙකාට තත්කාල සතුරන් වෙත්.
    සිසේරියන් සැත්කමකින් කලින් සැලසුම් කරලා නැකතකට ඉපදෙන දරුවෙකුගේ කේන්ද්‍රයේ පලාපල ඇත්ත වෙනවද ? මට හිතෙන විදියට ස්වභාවික ක්‍රියාවලිය වෙනසකට ලක්කර සිදුවූ උපතක් නිසා එම ළමයාගේ කේන්ද්‍ර සටහන ගැන මට සැක හිතෙනවා , ඔයා මේ ගැන මොන වගේ අදහසක්ද දරන්නේ ?
     
    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,418
    1,306
    113
    පිලියන්දල බෝඩරේ
    මටත් තියෙන්ව ම්චන්. පොඩි ප්‍රශ්නයක්. ලමයා ඉපදෙන වෙලාවට හරිම ටයිම් එක ලියන්නේ නර්ස් කෙනෙක්නේ. ඒත් ඒ ඉන්න කෙනා හරියට ලිව්වේ නැති උනොත් ඕක වරදිනවා නේදා. මම අහලා තියනවා ඒ වෙලාවේ කලබලේට හරියටම වෙලාව ලියන්න බෑ කියලා.මේක ඇත්තක් වෙන්න පුලුවන්දා?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,244
    21,822
    113
    මටත් තියෙන්ව ම්චන්. පොඩි ප්‍රශ්නයක්. ලමයා ඉපදෙන වෙලාවට හරිම ටයිම් එක ලියන්නේ නර්ස් කෙනෙක්නේ. ඒත් ඒ ඉන්න කෙනා හරියට ලිව්වේ නැති උනොත් ඕක වරදිනවා නේදා. මම අහලා තියනවා ඒ වෙලාවේ කලබලේට හරියටම වෙලාව ලියන්න බෑ කියලා.මේක ඇත්තක් වෙන්න පුලුවන්දා?
    ඔව්, Hospital එකෙන් දෙන වෙලාව පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒත් ඒ වෙනස විනාඩි කීපයක වෙනසක් නේ. ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,244
    21,822
    113
    සිසේරියන් සැත්කමකින් කලින් සැලසුම් කරලා නැකතකට ඉපදෙන දරුවෙකුගේ කේන්ද්‍රයේ පලාපල ඇත්ත වෙනවද ? මට හිතෙන විදියට ස්වභාවික ක්‍රියාවලිය වෙනසකට ලක්කර සිදුවූ උපතක් නිසා එම ළමයාගේ කේන්ද්‍ර සටහන ගැන මට සැක හිතෙනවා , ඔයා මේ ගැන මොන වගේ අදහසක්ද දරන්නේ ?
    බොහොම වැදගත් ප්‍රශ්නයක් ඔයා ඇහුවේ. ඔය ප්‍රශ්නය බොහෝදෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. සමහර ජ්‍යෝතිෂ්‍ය පිළිබඳ online sites, pages වල ඔය ප්‍රශ්නය නිතර අහලා තියෙනවා මම දැකලා තියෙනවා. ඒත් ඒ ප්‍රශ්න වලට නිසි පිළිතුරක් දීපු තැනක් තාම මම දැක්කේ නෑ.
    ඔය ප්‍රශ්නෙට නිශ්චිත පිළිතුර තමයි ස්වභාවික උපතක් සහ සිසේරියන් සැත්කමක් මාර්ගයෙන් සිදුවෙන උපතක් අතර ජ්‍යෝතිෂ්‍යය පැත්තෙන් බැලුවොත් වෙනසක් නෑ කියන එක.
    ඔය කාරණාව පැහැදිළි කරන්න නම් තරමක දීර්ඝ විස්තරයක් කරන්න වෙනවා. ඒ නිසා මම ඒ ගැන වෙනම ලිපියක් ලියන්නම්.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,107
    10,684
    113
    බොහොම වැදගත් ප්‍රශ්නයක් ඔයා ඇහුවේ. ඔය ප්‍රශ්නය බොහෝදෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. සමහර ජ්‍යෝතිෂ්‍ය පිළිබඳ online sites, pages වල ඔය ප්‍රශ්නය නිතර අහලා තියෙනවා මම දැකලා තියෙනවා. ඒත් ඒ ප්‍රශ්න වලට නිසි පිළිතුරක් දීපු තැනක් තාම මම දැක්කේ නෑ.
    ඔය ප්‍රශ්නෙට නිශ්චිත පිළිතුර තමයි ස්වභාවික උපතක් සහ සිසේරියන් සැත්කමක් මාර්ගයෙන් සිදුවෙන උපතක් අතර ජ්‍යෝතිෂ්‍යය පැත්තෙන් බැලුවොත් වෙනසක් නෑ කියන එක.
    ඔය කාරණාව පැහැදිළි කරන්න නම් තරමක දීර්ඝ විස්තරයක් කරන්න වෙනවා. ඒ නිසා මම ඒ ගැන වෙනම ලිපියක් ලියන්නම්.
    එකම වෙලාවට කේන්ද්‍ර සටහනක් software දෙකකින් බැලුවම ග්‍රහයන්ගේ පිහිටීම් සුළු වෙනස් කම් තියෙන්නේ කොහොමද විශේෂයෙන් නවාන්සකයේ , නිවැරදි එක තෝරාගන්නේ කොහොමද ?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,244
    21,822
    113
    එකම වෙලාවට කේන්ද්‍ර සටහනක් software දෙකකින් බැලුවම ග්‍රහයන්ගේ පිහිටීම් සුළු වෙනස් කම් තියෙන්නේ කොහොමද විශේෂයෙන් නවාන්සකයේ , නිවැරදි එක තෝරාගන්නේ කොහොමද ?
    ග්‍රහයන්ගේ පිහිටීම් නිවැරදිව හොයන්න ප්‍රාදේශීය සම්මත ඔරලෝසු කාලය නක්‍ෂත්‍ර කාලයට හරවාගන්න ඕනේ. මේ ගැන විස්තර සහිත ලිපි 5ක් විතර තෙයෙනවා. මෙතනින් බලන්න.
    software වල ගණනය කෙරෙන ක්‍රම වලට අනුව ලැබෙන නක්‍ෂත්‍ර කාලය එකිනෙකට වෙනස් නම් දැක්වෙන ග්‍රහ පිහිටීම් සහ නවාංශක වෙනස් වෙන්න පුළුවන්. හොඳම දේ තමයි ලිත් ගැනලා කේන්දරේ හදාගන්න එක.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,107
    10,684
    113
    ග්‍රහයන්ගේ පිහිටීම් නිවැරදිව හොයන්න ප්‍රාදේශීය සම්මත ඔරලෝසු කාලය නක්‍ෂත්‍ර කාලයට හරවාගන්න ඕනේ. මේ ගැන විස්තර සහිත ලිපි 5ක් විතර තෙයෙනවා. මෙතනින් බලන්න.
    software වල ගණනය කෙරෙන ක්‍රම වලට අනුව ලැබෙන නක්‍ෂත්‍ර කාලය එකිනෙකට වෙනස් නම් දැක්වෙන ග්‍රහ පිහිටීම් සහ නවාංශක වෙනස් වෙන්න පුළුවන්. හොඳම දේ තමයි ලිත් ගැනලා කේන්දරේ හදාගන්න එක.
    ලිත් ගැනලා කේන්දරේ හදන එක නම් අමාරුයි ,මචන් හොඳයි කියන්න පුළුවන් software එකක් නැද්ද බන් ?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,244
    21,822
    113
    කඩ හන්දි දෝෂය කියන්නේ මොකක්ද ?
    කේන්ද්‍ර දෙකේ සඳු ග්‍රහයාගේ පිහිටීම් බොහෝ දුරට සමාන වුණාම උපන් නැකැත් වගේම දශා ලැබීම සමාන වෙන්න පුළුවන්. මේකේ හොඳ නරක දෙකම තිබුණත් නරක පැත්ත වැඩියි. දෙන්නාට ම එකම කාලෙක එකම අශුභ දශාවක් ලැබුවොත් ඔලුව උස්සන්න අමාරු වෙනවා. දරුවෝ ඉන්නවා නම් ඒක දරුවන්ට ලොකු පීඩනයක් වෙනවා. මේ වගේ කාරණා නිසයි විවාහයට පෙර පොරොන්දම් බලන්න කියන්නේ.