රා පෙරීම විකිනීම විදිමත්ව නීතිගත කරමු

tarson

Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    රා පෙරීම ගෝට ගෙ කාලෙ පොඩි අවසරයක් දුන්න ඒත් "ගහ මුලම විකුනන්න ඕනෙ" වගේ දේවල් දැම්ම.

    ඒ මොකෝ ලන්කාවෙ රජයට අරක්කු නිශ්පාදන සමාගම් වලින් ආදායම් එන නිසා (මොන පිස්සුද ආදායම් බඩු ගෙවලම නෑ ජොන්ටා 😂)

    සහ තමන්ගේ යාලු අරක්කු නිශ්පාදකයන්ගේ ව්‍යාපාර පවත්වා ගැනීමට, පිටරටින් ආනයනය කරන මත්පැන් ව්‍යාපාරිකයන් ආරක්ශා කර ගැනීමට.

    කසිප්පු පෙරන උන්ගෙත් බිස්නස් වැඩි වෙනවා, ඒ සල්ලි සහ මැර බලය යොදාගෙන කසිප්පු පෙරන උන් දේශපාලනයට එනවා - (ඔයාල දන්න තරමින් කව්ද කසිප්පු පෙරල පාර්ලිමේන්තු ආවෙ කියල ලියන් යන්න පහලින්)

    තව ඉතින් රා වෙනම නිශ්පාදනයක් විදිහටත් තමන්ගෙ දේශපාලන යාලුවන් කීප දෙනෙකුටත් ලයිසන්ස් දීල තිබ්බ බිස්නස් කරන් යන්න කියල. ඔක්කොම හොර ගනුදෙනු කියල මට නම් හිතෙන්නෙ.

    ඒ උනාට රා කියන්නෙ අපේ දේශිය පානයක්. කිතුල් ගහක් තියෙන හැම මිනිහටම රා පෙරන්න සහ ඕනෙම තැනකට විකුනන්න අවසර තියෙන්න ඕනෙ. හැබයි ඒකට අවශ්‍ය බලපත්‍ර ලේසියෙන්ම ගන්න පුලුවන් වෙන්න ඕනෙ අඩු මුදලකින්.
    (ඔව් අරක්කු බිස්නස් අඩු වෙයි, ඉතින් මොකෝ? අපේ මිනිස්සුන්ට හොද දෙයක් වෙන්නයි ඕනෙ, කොහෙවත් ඉන්න බදු නොගෙවන පල් හොර ව්‍යාපරික ප|කයො ආරක්ශා කරන්න නෙමෙයි අපි ඉන්න ඕනෙ. අනිත් එක මේකෙන් ඒකාදිකාරය බිදෙනව, ඒක පාරිභෝකයන්ට ඉතා හොද දෙයක්)

    කවෘ හරි කෙනෙක් ව්‍යාජ රා හෝ බාල රා විකුනනව නම් එයාලගෙ බලපත්‍රය කැන්සල් කරන්න පුලුවන් වෙනව ආපහු එයාට විකුනන්න බැරි වෙන්න.

    අපි මේ අරක්කු සන්ස්කෘතිය වෙනුවට, රා සන්ස්කෘතියක් හදාගමු.

    රා කට්ටක් ගහන ගමන්, මය්‍යොක්ක කෑල්ලක් සම්බෝල එක්ක කාල, වල් ඌරු මස් ටිකක් සැරට කනව තරම් වෙන සැපක් කොහෙන්ද.

    Screenshot 2024-10-06 at 1.14.41 PM.jpg

    --

    රා පෙරන්න පුලුවන් ගස් ටික දාගෙන යමු. මේක නීතිගත කරන තුරු බම්ප් කරන් යමු.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    කටේ ඉන්න එවුන් අක්මාව ලෙඩ කරනවද!

    කස්සිපු සහ පෙරාපු ඇල්කොහොල් වලට වඩා හොදයි. තෙලිජ්ජ අවුශදීයයි, රා ගුනයි.

    බොන්නෙ නැත්තන්, අපේ බයිට් කකා ඉන්නෙ නැතුව පලයන් බන් 😂
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    raa walata case ekek nahane kohomath

    දුර ගිහින් විකුනන්න බෑ. ලොකු ප්‍රමානයක් විකුනන්නත් බෑ.

    පොලිටික්කන්ගෙ ලගම කීප දෙනෙක්ට කැනිස්ටර් වල දාල බ්‍රෑන්ඩ් එකක් ගහල පිටරට යවන්න ලයිසන්ස් දුන්න. අනිත් එවුන්ට ලයිසන්ස් දුන්නෙ නෑ.