රැකියාව ඔබේ ලිංගික ජීවිතයට බලපාන හැටි...
ඔබේ විවාහ ජීවිතය කියන්නේ ලිංගික ජීවිතය විතරක්ම නොවුනත් ලිංගික ජීවිතය සහ එහි උත්තේජනය, එයින් ඇතිවෙන කායික මානසික බැඳීම කියන්නේ විවාහ දිවියක සතුට සහ පැවැත්ම තීරණය වෙන ප්‍රධානම සාධකයක්. ඒ නිසා මීට කලින් අපි විවාහය සහ ලිංගික ජීවිතය ගැන බොහොම ගැඹුරින් සහ දීර්ඝ වශයෙන් කතාබහ කලා.
බොහෝ දෙනෙක්ට විවාහ ජීවිතය ඇතුලෙදි ලිංගික ජීවිතය සහ රැකියාව කියන දෙක අතර ගැටීම් නිර්මාණය වෙන ආකාරය අපි අනන්තවත් දකිනවා. ඒ ගැටීම්වල කෙළවර එක්කෝ දික්කසාදයක්, නැත්නම් එක්කෙනෙක්ගේ රැකියාව අහිමි කරගැනීමක්, නැත්නම් දෙන්නාම අතෘප්තිකර රැකියා සහ පුද්ගලික ජීවිතයක්, ඒත් නැත්නම් අතෘප්තිමත් ලිංගික ජීවිතයක් වෙන්න පුළුවන්.
හිතමු ඔබේ සැමියා නැත්නම් ඔබේ බිරිඳ රැකියාවට ගිහිල්ලා එන්නේ බොහොම පරක්කු වෙලා. ඒ වගේම බොහොම මහන්සියෙන්. මෙහෙම දවසට කොච්චර ඔබට ලිංගිකව එක්වෙන්න, තෘප්තිමත් වෙන්න වුවමනාවක් තිබුණත් ඔබේ සහකරුවාට/සහකාරියට වෙහෙස, මහන්සිය එක්ක ඒ වගේ වාතාවරණයක් ගොඩනගාගන්න අමාරු වෙන්න පුළුවන්.
එහෙමත් නැත්නම් සැමියා රස්සාව කරන්නේ බොහොම දුර බැහැර, කාන්තාවක ඉන්නේ ගෙදර දෙන්නා හමුවෙන්නේ මාසෙකට දවස් කීපයක් නම් ලිංගික ජීවිතය බොහොම තෘප්තිමත් හරි අවශ්‍යතාවට ගැලපෙන තරමට හරි ගතවෙනවා කියලා හිතන්න අමාරුයි. මේ නිසා බොහෝ වෙලාවට සිදුවෙන්නේ විවාහ ජීවිත වලට තුන්වැන්නෙක් ඒ හිඩසෙන් ඇතුල්වෙන එක.
තව දෙයක් තමයි රැකියාවේ වැඩ ඇඳ උඩටත් අරගෙන එන එක. එක්කෝ දෙන්නා නිදහසේ උණුහුමේ එකට ඉන්න වෙලාවක දිගින් දිගටම රාජකාරී ඇමතුම්වල ඉන්න එකෙන්, නැත්නම් පරිගණයක තියාගෙන රාජකාරී වැඩ කරන එකෙන් දෙන්නාගේ ලිංගික ජීවිතයට බරපතල විදිහට බලපෑම් එල්ලවෙනවා.
රැකියාව නිසා ඔබේ සහකරුවා/සහකාරිය ඔබෙන් ඈත්වෙලා දවස් ගණනක් බොහොම දුර ඉන්නකොට ඔබට අවශ්‍ය කායික, මානසික එක්වීමක අවශ්‍යතාවය තෘප්තිමත් වෙන්නේ නෑ. ඒත් මේක දිගින් දිගටම වෙනවනම් ඒක නියත වශයෙන්ම පවුල් ජීවිතයට බලපෑමක් වෙනවා. විශේෂයෙන්ම දිනපතා එකට ජීවත්වෙන, ලඟ රැඳෙන, බොහොම ආදරෙන් ඉන්න යුවලකට මේ තත්වය බරපතල විදිහට බලපානවා.
අනිත් කාරණය තමයි රැකියා ස්ථානය තුල ඇතිකරගන්න අනියම් සබඳතා. සමහර විට දවසේ ක්‍රියාකාරී කාලයෙන් වැඩිම කාලයක් ගතකරන්නේ රැකියාව කරන තැනනම් එතන තමන්ගේ සහකරුවා/සහකාරිය නැත්නම් ගොඩක් වෙලාවට නිතරම මුහුවෙන විරුද්ධ ලිංගිකයෙක් එක්ක ඇතැමුන් සබඳතා ඇතිකරගන්නවා. ගොඩක් වෙලාවට මෙහෙම වෙන්නේ ඇතිවෙන පාළුව මකාගන්න. පස්සේ මේ සබඳතා ලිංගික සම්බන්ධතා දක්වා දුරදිග ගිහින් විවාහ ජීවිතයේ ලිංගික ඇසුර එපා වෙන්න හේතුවක් වෙනවා. මෙතනදිත් ඇතිවෙන්නේ විශාල ගැටුමක්, ඒක එතරම් හොඳ තත්වයක් නෙවෙයි.
ප්‍රධාන වශයෙන්ම රැකියාව කියන්නේ ඔබේ ජීවිතය නෙවෙයි. රැකියාව කියන්නේ ඔබේ ජීවිතය පහසුවෙන් ගතකරන්න ආදායමක් උපයා දෙන මාර්ගය විතරයි. නමුත් ඔබගේ පවුල, ඔබගේ බැඳීම කියන්නේ ඔබේ ජීවිතයේ වටිනාම කොටස. ඔබේ ජීවිතයේ ඔබගේ ප්‍රමුඛත්වය වැඩියෙන්ම දිය යුතු වැදගත්ම කොටස. ඒ නිසා පුද්ගලික ජීවිතය පරාජය කරලා රැකියාවට දෙන ප්‍රමුඛත්වය ජයග්‍රහණය කරන බොහෝ දෙනෙක්ගේ පුද්ගලික ජීවිත අසාර්ථකයි.
ඒ නිසා ඔබ ඔබේ පුද්ගලික ජීවිතයට, පවුල් ජීවිතයට, ලිංගික ජීවිතයට ආදරය කරන, ගෞරව කරන කෙනෙක් නම් ඔබට සිදුවෙනවා ඔබේ රැකියාව එයට බාධාවක් නොවන ආකාරයෙන් සකස් කරගන්න. නැත්නම් එහෙම සකස් කරගන්න බැරි රැකියාවලින් ඉවත්වෙන්න. මොකද විවාහ ජීවිතය කැඩිලා බිඳිලා දෙපැත්තට ගිහින් ජීවිතය නාස්ති වෙනවා වගේම දරුවන්ගේ ජිවිත පවා විනාශ වෙන තත්වයට ඇද දමන්නේ නැතිව යහපත් විදිහට හැමදේම කරගන්නනම් විවාහ ජීවිතය සහ රැකියා ජීවිතය කළමණාකරණය කරගන්න වෙනවා.
ලිංගිකත්වය කියන්නේ පුද්ගල ජීවිතයකට අත්‍යවශ්‍ය සාධකයක් නිසා විවාහ ජීවිතයක ලිංගික එක්වීම අතපසු කරන්න, කල්දාන්න, මගහරින්න පෙළඹෙන බොහෝ දෙනෙක්ට සිදුවෙන්නේ විනාශවී ගිය පවුල් ජීවිතයක උරුම කරුවෙක් වෙන්න. ඒ නිසා ජීවිතය කියන්නේ රස්සාව කියන මානසිකත්වයෙන්, තමන්ගේ සහකරුවා/සහකාරිය එක්ක ගතකරන ලිංගික ජීවිතයට වඩා රැකියාවේ දේවල් වඩා වැදගත් කියලා හිතන තැනට ගියොත් තත්වය ටිකක් අමාරුයි. ඒ නිසා රැකියාවෙන් කායික මානසික බැඳීමකට හානි නොවන තැනකට හදාගන්න ඔබට පහසුවෙන්ම පුලුවන්. එයට අවශ්‍ය වෙන්නේ අවබෝධය, නම්‍යශීලීබව, උනන්දුව සහ එකඟතාවය. ආදරණීය දෙදෙනෙක් අතරේ මේ දේවල් තියනම් ලිංගික ජීවිතයට රැකියාවෙන් බාධාවක් නොවන තැනට වැඩ සිද්ධකරගන්න ඔබට පුළුවන්.
උපුටා ගැනීම - www.her.lk