රැකියා විරහිත උපාධිධාරියෙකුගේ වම් අත

darshana3g

Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    රැකියා විරහිත උපාධිධාරියෙකුගේ වම් අත

    වැසිකිළියාමෙන් පසුව පාවිච්ච කරනවා විනා මගේ වම් අතෙන් මට කියා වෙන වැඩක් ගන්නේ නැත.

    දොස්තර මහතාණෙනි වැරදීමකින් මගේ වම් අත කපා දමනු මැනවි.

    ඉන් පසුව මගේ අතිජාත මිත්‍රයෝ සංගීත සංදර්ශන – කානිවල් – ක්‍රිකට් තරඟ එකි නොකී ඔක්කොම කර

    කෘතිම ඉලෙක්ට්‍රොනික අතක් සඳහා රුපියල් කෝටියක් එකතු කර මා වෙත ලබා දෙනු ඇත. ඉතුරු වෙලා තියෙන් ජීවිත කාලයම රැකියාවක් කළත් මට රුපියල් කෝටියක් උපයාගත නොහැකි බව මා දනිමි. ඒ අතරම රටේ ජනාධිපතිවරයා මැදිහත්ව රුපියල් කෝටියක් වටිනා ස්වාභාවික අතක ක්‍රියාකාරිත්වයට ඉතා සමාන ඉලෙක්ට්‍රොනික් අතක් ලබා දෙනු ඇත. ඒ අත ද විකුණු විට රුපියල් කෝටි දෙකකි. පරම්පරාවම ගොඩය.

    දොස්තර මහතාණෙනි වැරදීමකින් මගේ වම් අත කපා දමනු මැනවි.

    මේ විදිහට අතේ සතේ නැතුව ඉඳිය නොහැක. සොරකම් කිරීමෙන් හෝ මංකොල්ලකෑමෙන් සියල්ල කෙළවර වන්නේ වැලිකඩ බන්ධනාගාරයෙනි. අතක් නැති තව කොනෙකුට මගේ බත් පතේ වියදම දෙන්න වෙනවාට වඩා මට අතක් නැති වූ විට වැලිකඩ බන්ධනාගාරයේ රුඳවියන්ගෙන් ලක්ෂ කීපයක් මාවෙත ලැබෙනවා නම් පිනකි.

    දොස්තර මහතාණෙනි වැරදීමකින් මගේ වම් අත කපා දමනු මැනවි.

    තාත්තා අසනීපෙනි. අම්මා අරාබියේ ළමයින් බලයි. අසනීපයක් හැදී හෝ ළමයෙක් මළොත් අපේ අම්මාගේ හිස ද රිසානා නැගනියගේ මෙන් කපා වෙන් කරනු ඇත. ඊට කළියෙන් ආණ්ඩුවෙන් මැදිහත් ව අම්මාව ලංකාවට ගෙනත් දෙනු ඇත.

    දොස්තර මහතාණෙනි වැරදීමකින් මගේ වම් අත කපා දමනු මැනවි.

    අත සවි කිරීමට විදෙස් ගත වීමට සිදුවන බව දැන ගතිමි. මේ අවුරුද්දේ මගේ ලග්නයට ‘විදෙස් ගමන් ඉටුවෙයි‘ හැම හඳහන්කාරයෝම කියා තිබුණි. බටහිර රටක හෙමිහිට අතුරුදහන් වී පාරවල් අතුගෑවත් කමක් නැත. ස්වාභාවික අතක ක්‍රියාකාරිත්වයට ඉතා සමාන ඉලෙක්ට්‍රොනික් අත එහේ විකුණමි. කොහෙමත් බටහිර රටවල් ආබාධියින්ට සළකති.

    දොස්තර මහතාණෙනි වැරදීමකින් මගේ වම් අත කපා දමනු මැනවි.

    මම මා ගැන දන්න බැවින් මට විතරක් හොයගන්න පුළුවන් තරමේ පුංචි පින්තූරයක පිකට් බෝඩ් එකක් උස්සන් ඉන්නවා පළවුනා ඇරෙන්නට අපේ පින්තූර පත්තර වල නැත. ඉරිදා ටැබ්ලොයිඩ් කෑලිවල ඔක්කොම සමනල පත්තර වල් මුල් පිටුවල එක අතක් කපා දැමූ මගේ පින්තූර පළවෙනු ඇත. රනිල් වික්‍රමසිංහ ලා නාමල් රාජපක්ෂ ලා මාත් එක්ක හිනා වෙලා ඉන්න පින්තූර පත්තර වල බැබලෙනු ඇත.

    දොස්තර මහතාණෙනි වැරදීමකින් මගේ වම් අත කපා දමනු මැනවි.

    ඔක්කෝටම වඩා රැකියාවක් නැති මට අඩුම ගණනේ පුහුණුවන නිලධාරියෙකුගේ තනතුරකට රජයේ හෝ පුද්ගලික ආයතනයක මඟින් දැං එක අතක් පමණක් හිමි මා බඳවා ගනු ඇත. මම තවදුරටත් රැකියා විරහිත උපාධිධාරියෙක් නොවන බව ආඩම්බරයෙන් පවසමි.

    දොස්තර මහතාණෙනි වැරදීමකින් මගේ වම් අත කපා දමනු මැනවි.
    (පසුගියදා අතේ අස්ථි බිඳීමකට ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් අත අහිමි වූ කඩබ්ලිව්.කේ. අචලා ප්‍රියදර්ශනී සොහොයුරියට හිමි වූ සියළු වරප්‍රසාද ගැන අහිතකින් නොව රැකියා විරහිත උපාධිධාරින්ට සිදු වී ඇති අවාසනාව ඉස්මතු කිරීමට ලියූ සටහනකි)

    http://www.loopholesblog.org/
     
    • Like
    Reactions: eregoda899

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    හොදයි නං එකක් BUMP වත් දා ගෙන යන්න අනිත් අයටත් බලන්න
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    තව් ඉන්ද්‍රියන් ගොඩක් තියෙද්දි මොකද වමට ගහන්නේ...