රැකියා ස්ථානයේ දී පි‍්‍රයමනාප කෙනකු වෙන්
රැකියා ස්ථානයේ දී පි‍්‍රයමනාප කෙනකු වෙන්න
“එයා හරිම නපුරුයි, තැන නොතැන නොබලා අනෙක් අයට කඩා පනිනවා.” මේ ආකාරයට අන් අය අතරෙ කතාබහට ලක්වෙන්නෙ ඔබ ගැන නම්, ඒ ගැන කොහෙත්ම සතුටුවෙන්න බැහැ. ඇසුරු කරන්නන් අතරෙ හොඳ පිළිගැනීමක් තිබෙන, පි‍්‍රයජනක කතාබහකට නැතිවම බැරි, පී‍්‍රතිමත් හා සෞම්‍ය ගතිගුණ ඇති තැනැත්තකු ලෙස නමක් දිනාගන්නයි අපි කවුරුත් කැමැති.විශේෂයෙන් දවසේ වැඩි ම වේලාවක් අප විසින් ගතකරනු ලබන රැකියා ස්ථානයේ දී ජනපි‍්‍රය පුද්ගලයකු වෙන්න අකැමැති කෙනෙක් නැති තරම්. අත්දැකීම් සමුදායක් ලබමින් පැසුණු බුද්ධියක් සහිතව සිටින බොහෝ වැඩිහිටියන් හට නම් වයසත් සමඟ සමාජයේ හැසිරිය යුතු ආකාරය මෙන්ම නිහතමානි විය යුතු සහ තරමක් දැඩි ලෙස කි‍්‍රයා කළ යුතු අවස්ථා ද ඉවෙන් මෙන් හඳුනාගැනීමට හැකියාව තිබෙනවා. ඒත් තරුණ වියේ පසුවන අප වැන්නවුන්ට නම් අන් අයගේ සිතැඟි හඳුනාගනිමින්, ස්ථානෝචිතව හා වඩාත් මානුෂිකව කි‍්‍රයා කළ යුතු ආකාරයන් පිළිබඳ ඇති අවබෝධය තරමක් අඩුයි. ඒ නිසාවෙන්ම නොමේරූ සහ ආවේගශීලී යෞවන වියේ පසුවන්නන් හට, තම රැකියා ස්ථානයේ දී නොවරදින ජනපි‍්‍රයත්වයක් හා මිත‍්‍රශීලීත්වයක් ලබාගැනීම සඳහා අනුගමනය කළ යුතු කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීමටයි අද අපේ මේ සූදානම. ඒ අතරින් කිහිපයක් හෝ අනුගමනය කිරීමෙන් කාර්යාලයේ සියල්ලන්ටම පි‍්‍රයමනාප පුද්ගලයකු බවට පත්වන්නට ඔබටත් හැකි වේවි.
ගරු සරු ලබාගන්න ඉක්මන් වන්න එපාරැකියාවකට ගිය අලුත සේවාස්ථානයේ අන් අය විසින් තමාට හිමි ගරුසරු ලබා නොදෙමින් තමන් නො තකා හැර ඇති බවත් බොහෝ දෙනකුට දැනී යා යුතුයි. එසේ ම තමන් අකැමැති අන්දමේ නිලධාරියකු යටතට පත්වීමේ හෝ කිසිදු උද්‍යෝගයක් දැනවීමට අසමත් සේවා අංශයකට ඇතුළු වීමට සිදුවීමේ හෝ අමිහිරි අත්දැකීමටත් ඇතැම් අයට මුහුණදීමට සිදු වේ.මෙවන් අවස්ථාවක් සඳහා ගත හැකි එක් අගනා පියවරක් ඇත. එනම් සිනාමුසුව ධෛර්යයෙන් හා ඉවසීමෙන් යුතුව එළඹුණු අලුත් අවස්ථාවට මුහුණදීමයි. එතුළින් ඉතා ඉක්මනින්ම ඔබේ රාජකාරී මට්ටමට හිමි ගරුසරු බව මෙන් ම අන්‍යයන්ගේ අවධානය ද ඔබ වෙත ළඟාවනු ඇත.
වැරැදීම මිනිස් ගතියකිඕනෑ ම තරාතිරමක පුද්ගලයකු අතින් වුව ද අත්වැරැදීම් සිදුවිය හැකි බව සිහි තබාගෙන කටයුතු කළහොත්, කාර්යාලීය සගයන්ගෙන්, පහළ මට්ටමේ සේවකයන්ගෙන් මෙන්ම ඉහළ නිලධාරීන්ගෙන් ද සිදුවන අඩුපාඩු හා ඇතැම් නොකටයුතුකම් ආදිය සිනාවෙන් යුතු ව ඉවසීමේ හැකියාව නිරායාසයෙන්ම අපට ලැබේ.අන් අයගේ අත්වැරැදීම් හමුවේ නොකිපෙන පුද්ගලයන් ඇසුරට කිසිවකු බිය නො වන බැවින් සුහද මිතුරු කැළක් ඔබ වටා රොක් වනු ඇත..
ප‍්‍රසිද්ධ සභා මැද විවේචන එපාසුළු සේවකයකුගේ වරදක් අල්ලාගෙන මොරදෙන ඉහළ නිලධාරීන් හේතුවෙන් පෞද්ගලික අංශයේ මෙන් ම රාජ්‍ය අංශයේ ආයතනවල ද ගරුත්වය විනාශ වෙයි.සෑම තැනැත්තකුට ම ඔහුට හිමි ගෞරවනීය බවක් හා පෞද්ගලිකත්වයක් ඇති බව අප විසින් මතක තබාගත යුතු යි. ප‍්‍රසිද්ධියේ කරන විවේචනයකට වඩා පෞද්ගලිකව සිදුකරන වරද පෙන්වාදීමක් තුළින් වඩාත් සුබවාදී ප‍්‍රතිඵල අත්කරගත හැකි වන අතර ඔබ ඉදිරියේ අවනත නො වන කිසිවකු සේවාස්ථානයේ නොමැති බව ඒ අනුව නොබෝ දිනකින්ම ඔබට වැටහේවි.
අන්‍යයන්ගේ ශාරීරික අඩුපාඩුකම්වලට සිනාසෙන්න එපාගමන බිමන, කතා බහ කරන විලාසය ආදියෙහි අඩුලුහඬුකම් සහිත පුද්ගලයන් අපට නිරතුරුවම හමු වේ. මෙකී ස්වභාවික විකෘතිතා සැහැල්ලුවට ලක්කරමින් සිනාසෙනවා වෙනුවට අප විසින් කළ යුතු වන්නේ, එබඳු තැනැත්තන්ගේ අනෙකුත් හැකියාවන් වර්ධනය කරගැනීම සඳහා අත දීමයි.කිසියම් පුද්ගලයකු ගේ ශාරීරික අඩුලුහුඬුකමක් විවේචනය කරමින් සිනාසෙන්නන් පිළිබඳ ඕනෑ ම කෙනකු තුළ උපදින්නේ නො පහන් හැඟීමකි. සෙසු අය තුළ ඔබ කෙරෙහි ඇති ජනපි‍්‍රයත්වයේ ශේෂය බිංදුවටම බස්වා ගැනීමට අවශ්‍ය නම් මේ නොහොබිනා කටයුත්ත එක්වරක් කිරීම පමණක් ප‍්‍රමාණවත් ය.
ඕපාදූප කතා යනු කාලය අපතේ හැරීමකිඔබේ රාජකාරි වේලාවෙන් වැඩිපුර කොටසක් ගතවන්නේ තැන තැන රැඳෙමින් අන්‍යයන්ගේ වත ගොත පිළිබඳ කතාබහ කිරීමට නම් කිසිවකුට ඔබ පි‍්‍රයමනාප පුද්ගලයකු නො වනු ඇත.ඕපාදූප කතාබහින් වැළැකෙන අතරම, කියන්නක් ඍජුව ප‍්‍රකාශ කිරීම ද වගකිව යුතු හා විශ්වාසදායක තැනැත්තකු සතුවන ගති ලක්‍ෂණයකි. යම් කිසිවකු පිළිබඳ ඔබ විසින් දක්වන ලද අදහස් තෙවැනි පාර්ශවයක් විසින් අසන්නට ලැබෙනවාට වඩා කෙළින්ම ඔබ වෙතින් ම අසන්නට ලැබේ නම් එම පුද්ගලයන් ඉතා ම සතුටු වනු ඇත.
ප‍්‍රසිද්ධිය යනු ඩැහැගත යුත්තක් නොවේවුවමනාවට වඩා කැපී පෙනෙන්නට යාම යනු, ප‍්‍රසිද්ධ සභා මැද සියතින්්ම ගෙල සිඳගැනීමක් බඳු ය.අන් අයට හිමි ජනපි‍්‍රයත්වයට හා ප‍්‍රසිද්ධියට මුක්කු ගසන්නට තතනන පුද්ගලයන් විශේෂයෙන් ම කාර්යාල ජීවිතයේ දී අපට නිතරම පාහේ හමුවෙයි. මෙබඳු තැනැත්තන් සෙසු අය අතර විහිළුවට ලක්වනවා පමණක් නොව, කෙතරම් කැපී පෙනෙන්නට උත්සහ කළත් නොතකා හැරීම්වලට බඳුන් වේ.
විචාරශීලී වන්නවටපිටාවේ සිටින අය පිළිබඳ කිසිදු වග විභාගයකින් තොරව උඩ බලාගෙන, නැතහොත් බිම බලාගෙන ගමන් කරනවාට වඩා මිත‍්‍රශීලී සිනාවෙන් යුතු ව අන්‍යයන්ට සමීප වන්න. සෙසු අයගේ සිතිවිලි හඳුනාගැනීම තුළින් වඩාත් සමාජශීලී වන්නට ඔබට හැකියාව ඇත. උස් පහත් භේද නොතකා අඩුම තරමින් “කොහොමද සැප සනීප?” යැයි අසන්නට තරම්වත් අන්‍යයන් ඇසුරෙහි ඔබේ නිහතමානි බව ප‍්‍රදර්ශනය වේ නම් නොබෝ දිනකින්ම ඔබ නවතිනු ඇත්තේ ජනපි‍්‍රයත්වයේ ඉහළම හිනි පෙත්තේ ය.
අගය කළ යුතු තැන අගයන්නතමන්ට පහළ සේවකයන් වෙතින් සිදුවන වැරැදීම් හෙළා දැක කතාකිරීමට ඉදිරිපත් වන බොහෝ නිලධාරීන්, ඔවුන් වෙතින් සිදුවන අනෙකුත් යහපත් හා කාර්යක්‍ෂම වැඩ කටයුතු අගය කිරීමට පසුබට වනු නිතරම පාහේ දැකිය හැකිය. රැකියා ස්ථානය තුළ ඔබේ චරිත ස්වාභාවයත් එබඳුදැයි මොහොතකට සිතා බලන්න.අගය කළ යුතු සහ වර්ණනා කැර යුතු තැනැත්තන් නිසි පරිදි ඇගැයීමට ලක්කිරීම යනු ඔබ තුළ පවතින සාධාරණ හා ප‍්‍රසන්න මනස විදහා පෙන්වීමකි. ප‍්‍රසන්න සිතිවිලි සහිත පුද්ගලයන් වෙත අන්හැම දෙනා ම සමීප වන්නේ, මලකට බමරුන් ඇදී එන්නාක් මෙනි.