රැජිනගේ ජුබිලිය හා රටේ අවාසනාව- රාවය කතුවš
ශ්‍රී ලංකාව සිය කැමැත්තෙන් ලෝකයා ඉදිරියේ හාස්‍යයටද අවමානයටද ලක්වෙමින් තිබෙන්නේය. මෙම අවාසානාවන්ත තත්ත්වයට විශේෂ වශයෙන් විදේශ ඇමතිද, එම විෂය මෙහෙයවන සියලූදෙනාද පොදුවේ ආණ්ඩුවද වගකිව යුතුය.
රැජිනගේ ජුබිලි උත්සවය, පොදු රාජ්‍ය මණ්ඩල රටවල නායකයන් එකතු වූ උත්සවයක් නොවීය. පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය පොදු රාජ්‍ය මණ්ඩල රටවල රාජ්‍ය නායකයන්ට චාරිත්‍රානුකූලව ආරාධනා කර තිබුණද පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් ප්‍රධාන රටවල නායකයන් කිසිවකු (ඉන්දියාව, ඕස්ටේ්රලියාව, කැනඩාව වැනි) එම උත්සවයට සහභාගි වූයේ නැත.
සහභාගි වූ රාජ්‍ය නායකයන් කිහිපදෙනොගෙන් වැඩි පිරිසක් එක්සත් රාජධානියෙන් විවිධ ප්‍රයෝජන ලබන ඉතාමත් පුංචි රටවල නායකයෝය. මෙම උත්සවයට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහභාගි නොවිය යුතුව තිබුණේය.
විශේෂයෙන්ම යුරෝපීය රටක පැවැත්වෙන මෙවැනි උත්සව අවස්ථාවන් විශාල විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට අවස්ථාවක් කර ගැනීමේ හැකියාව දෙමළ ඩයස්පෝරාවට තිබෙන්නේය. මීට පෙරද එවැනි දේවල් සිදුවිය. මේ අවස්ථාවේදී වඩා විශාල උද්ඝෝෂණ ඇතිවිය හැකි බව විදේශ කටයුතු විෂය පිළිබඳව ජනාධිපතිවරයාට උපදෙස් දෙන මෝඩ උපදේශකයන් කල්තියා දැනගත යුතුව තිබුණි. මේ රටේ ප්‍රශ්න විසඳා ගන්නා තෙක් ඔවුන්ට වාසිදායක සංදර්ශන පැවැත්වීමට ඉඩදෙන අවස්ථාවලින් මගහැර සිටිමේ වැදගත්කම තේරුම්ගත යුතුව තිබුණි.
අවසානයේදී විය යුතු අවලස්සන හැම දෙයක්ම සිදුවිය. දෙමළ ඩයස්පෝරාවද තමන්ගේ පිරිහෙන ශක්තිය වර්ධනය කර ගැනීමට එය කදිම අවස්ථාවක් කරගත්තේය. එසේම ශ්‍රී ලංකාව උපරිම මට්ටමකින් අවමානයට ලක්කිරීමට එය අවස්ථාවක් කරගත්තේය.
ආණ්ඩුව යුද්ධ කරන්න හොඳින් දැන සිටියේය. එහෙත් විදේශ කටයුතු පිළිබඳ විෂයයේදී නම් මළපොතේ අකුරත්වක් දන්නා බවක් පෙනෙන්නේ නැත. අනාගනිමින් තිබෙන්නේ නාගන්නා තරමටය. අවශ්‍ය නම් ආණ්ඩුවක් වශයෙන් අවමානයට ලක්වීමේ අයිතියක් ආණ්ඩුවට තිබිය හැකිය. එහෙත් රට අවමානයට ලක්කිරීමේ අයිතියක් ආණ්ඩුවට නැත. ආණ්ඩුව විදේශ කටයුතු විෂයයේදී දිගන් දිගටම කරමින් සිටින මෝඩ දේවලින් රටට සිදුවන අවමානයේ තරම තේරුම් ගැනීමට ආණ්ඩුව අසමත් නම් එය සැලකිය හැක්කේ ජාතික ඛේදවාචකයක් වශයෙනි. මේ රටේ ජනයාගෙන් සැලකිය යුතු පිරිසක් ජීවත් වන්නේ එතෙර රටවලය. ඔවුන්ට අවමානයකින් තොරව ජීවත්වීමේ අයිතිය ආරක්ෂා විය යුතුය.
මීට ටික දිනකට ඉහතදී එක්සත් රාජධානියේ උසස් අධිකරණයක් ලංකාවට ආපසු යැවීමට සූදානම් කර සිටි දෙමළ තරුණයන් 40ක් ලංකාවට ආපසු යැවීම තහනම් කැරෙන නියෝගයක් පැන විය. මේ ආකාරයට ලංකාවට එවන අය කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන අමානුෂික වදහිංසා පමුණුවා ඇති බවට අධිකරණය ඉදිරියේ පෙත්සම්කරුවන් තහවුරු කිරීම මේ නියෝගය ලබාදීම කෙරෙහි බලපෑ හේතුව විය. මෙහි ඇත්ත නැත්ත අපි නොදනිමු. උසාවි නියෝගයට බලපෑ දෙමළ බුද්ධි අංශයේ සාමාජිකයකු ලෙස සැලකෙන මෙම දෙමළ තරුණයා බි්රතාන්ය ආණ්ඩුව විසින් ලංකාවට එවා තිබෙන්නේ 2011 ජූනි මාසයේදීය. එය සත්‍යයක් නම් එය මුළු රටම නින්දාවට ලක් කරන තත්ත්වයක් ලෙස සැලකිය හැකි අතර දිගින් දිගට මෙවැන් දේවල් සිදුවන්නේ නම් කිසිසේත්ම රටේ අනාගතය යහපත් විය නොහැකිය.
අපේ රටේ ප්‍රතිරූපය අවලස්සසන කරගනිමින් තිබෙන්නේ අප විසින්මය. එම තත්ත්වයෙන්ගේ යහපත් වෙනසක් ඇති කරනවා වෙනුවට සිදුවෙමින් තිබෙන්නේද රටේ ප්‍රතිරූපය අවලස්සන කරගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට ගෙනයෑමය. මෙම විනාශකාරී තත්ත්වයට විදේශ කටයුතු ඇමති සේ ම එම විෂය පිළිබඳව ආණ්ඩුවට උපදෙස් දෙන අය ද වගකිවයුතුය. ඔවුන් සියලූදෙනා මෙම තනතුරුවලින් පහකොට සුදුසුකම් ඇති වෘත්තීය පළපුරුද්දක් ඇති ඉදිරි දර්ශනයක් ඇති සුදුසු පිරිසක් ඒ තැන්වලට ගෙනා යුතුය.
අපේ මහරජතුමාට යන්න එපා කියලා උපදෙසක් දුන්නත් වැඩක් නැහැ.එයාට ඔනේ සහචරයො පිරිවරාගෙන රටරටවල රොන්දෙ ගහන්න.