රැජිනගේ ජුබිලිය හා රටේ අවාසනාව- රාවය කතුව&#353

Lanka Out

Member
Jun 9, 2012
57
17
0
රැජිනගේ ජුබිලිය හා රටේ අවාසනාව- රාවය කතුව&#353

ශ‍්‍රී ලංකාව සිය කැමැත්තෙන් ලෝකයා ඉදිරියේ හාස්‍යයටද අවමානයටද ලක්වෙමින් තිබෙන්නේය. මෙම අවාසානාවන්ත තත්ත්වයට විශේෂ වශයෙන් විදේශ ඇමතිද, එම විෂය මෙහෙයවන සියලූදෙනාද පොදුවේ ආණ්ඩුවද වගකිව යුතුය.

රැජිනගේ ජුබිලි උත්සවය, පොදු රාජ්‍ය මණ්ඩල රටවල නායකයන් එකතු වූ උත්සවයක් නොවීය. පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය පොදු රාජ්‍ය මණ්ඩල රටවල රාජ්‍ය නායකයන්ට චාරිත‍්‍රානුකූලව ආරාධනා කර තිබුණද පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් ප‍්‍රධාන රටවල නායකයන් කිසිවකු (ඉන්දියාව, ඕස්ටේ‍්‍රලියාව, කැනඩාව වැනි) එම උත්සවයට සහභාගි වූයේ නැත.

සහභාගි වූ රාජ්‍ය නායකයන් කිහිපදෙනොගෙන් වැඩි පිරිසක් එක්සත් රාජධානියෙන් විවිධ ප‍්‍රයෝජන ලබන ඉතාමත් පුංචි රටවල නායකයෝය. මෙම උත්සවයට ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහභාගි නොවිය යුතුව තිබුණේය.

විශේෂයෙන්ම යුරෝපීය රටක පැවැත්වෙන මෙවැනි උත්සව අවස්ථාවන් විශාල විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට අවස්ථාවක් කර ගැනීමේ හැකියාව දෙමළ ඩයස්පෝරාවට තිබෙන්නේය. මීට පෙරද එවැනි දේවල් සිදුවිය. මේ අවස්ථාවේදී වඩා විශාල උද්ඝෝෂණ ඇතිවිය හැකි බව විදේශ කටයුතු විෂය පිළිබඳව ජනාධිපතිවරයාට උපදෙස් දෙන මෝඩ උපදේශකයන් කල්තියා දැනගත යුතුව තිබුණි. මේ රටේ ප‍්‍රශ්න විසඳා ගන්නා තෙක් ඔවුන්ට වාසිදායක සංදර්ශන පැවැත්වීමට ඉඩදෙන අවස්ථාවලින් මගහැර සිටිමේ වැදගත්කම තේරුම්ගත යුතුව තිබුණි.
අවසානයේදී විය යුතු අවලස්සන හැම දෙයක්ම සිදුවිය. දෙමළ ඩයස්පෝරාවද තමන්ගේ පිරිහෙන ශක්තිය වර්ධනය කර ගැනීමට එය කදිම අවස්ථාවක් කරගත්තේය. එසේම ශ‍්‍රී ලංකාව උපරිම මට්ටමකින් අවමානයට ලක්කිරීමට එය අවස්ථාවක් කරගත්තේය.
ආණ්ඩුව යුද්ධ කරන්න හොඳින් දැන සිටියේය. එහෙත් විදේශ කටයුතු පිළිබඳ විෂයයේදී නම් මළපොතේ අකුරත්වක් දන්නා බවක් පෙනෙන්නේ නැත. අනාගනිමින් තිබෙන්නේ නාගන්නා තරමටය. අවශ්‍ය නම් ආණ්ඩුවක් වශයෙන් අවමානයට ලක්වීමේ අයිතියක් ආණ්ඩුවට තිබිය හැකිය. එහෙත් රට අවමානයට ලක්කිරීමේ අයිතියක් ආණ්ඩුවට නැත. ආණ්ඩුව විදේශ කටයුතු විෂයයේදී දිගන් දිගටම කරමින් සිටින මෝඩ දේවලින් රටට සිදුවන අවමානයේ තරම තේරුම් ගැනීමට ආණ්ඩුව අසමත් නම් එය සැලකිය හැක්කේ ජාතික ඛේදවාචකයක් වශයෙනි. මේ රටේ ජනයාගෙන් සැලකිය යුතු පිරිසක් ජීවත් වන්නේ එතෙර රටවලය. ඔවුන්ට අවමානයකින් තොරව ජීවත්වීමේ අයිතිය ආරක්ෂා විය යුතුය.
මීට ටික දිනකට ඉහතදී එක්සත් රාජධානියේ උසස් අධිකරණයක් ලංකාවට ආපසු යැවීමට සූදානම් කර සිටි දෙමළ තරුණයන් 40ක් ලංකාවට ආපසු යැවීම තහනම් කැරෙන නියෝගයක් පැන විය. මේ ආකාරයට ලංකාවට එවන අය කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන අමානුෂික වදහිංසා පමුණුවා ඇති බවට අධිකරණය ඉදිරියේ පෙත්සම්කරුවන් තහවුරු කිරීම මේ නියෝගය ලබාදීම කෙරෙහි බලපෑ හේතුව විය. මෙහි ඇත්ත නැත්ත අපි නොදනිමු. උසාවි නියෝගයට බලපෑ දෙමළ බුද්ධි අංශයේ සාමාජිකයකු ලෙස සැලකෙන මෙම දෙමළ තරුණයා බි‍්‍රතාන්‍ය ආණ්ඩුව විසින් ලංකාවට එවා තිබෙන්නේ 2011 ජූනි මාසයේදීය. එය සත්‍යයක් නම් එය මුළු රටම නින්දාවට ලක් කරන තත්ත්වයක් ලෙස සැලකිය හැකි අතර දිගින් දිගට මෙවැන් දේවල් සිදුවන්නේ නම් කිසිසේත්ම රටේ අනාගතය යහපත් විය නොහැකිය.

අපේ රටේ ප‍්‍රතිරූපය අවලස්සසන කරගනිමින් තිබෙන්නේ අප විසින්මය. එම තත්ත්වයෙන්ගේ යහපත් වෙනසක් ඇති කරනවා වෙනුවට සිදුවෙමින් තිබෙන්නේද රටේ ප‍්‍රතිරූපය අවලස්සන කරගැනීමේ ක‍්‍රියාවලිය තවදුරටත් ඉදිරියට ගෙනයෑමය. මෙම විනාශකාරී තත්ත්වයට විදේශ කටයුතු ඇමති සේ ම එම විෂය පිළිබඳව ආණ්ඩුවට උපදෙස් දෙන අය ද වගකිවයුතුය. ඔවුන් සියලූදෙනා මෙම තනතුරුවලින් පහකොට සුදුසුකම් ඇති වෘත්තීය පළපුරුද්දක් ඇති ඉදිරි දර්ශනයක් ඇති සුදුසු පිරිසක් ඒ තැන්වලට ගෙනා යුතුය.

අපේ මහරජතුමාට යන්න එපා කියලා උපදෙසක් දුන්නත් වැඩක් නැහැ.එයාට ඔනේ සහචරයො පිරිවරාගෙන රටරටවල රොන්දෙ ගහන්න.
 
  • Like
Reactions: MorningAfterDark

dxx

Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ලෝකයේ කිසිම රාජ්‍ය නායකයකුට මුහුණ දීමට සිදුවී නැති ප්‍රශ්නයකට මහින්ද රාජපක්‍ෂට මුහුණ දීමට සිදුවී තිබේ. බ්‍රිතාන්‍ය වැනි රටකට ඔහු යන හැම අවස්‌ථාවකම පාහේ ඒ රටේ සිටින දෙමළ කොටි හිතවාදීන් කොටි සංවිධානයේ පැරැණි ධජය ද රැගෙන ඔහු යන යන තැන පෙළපාලි දක්‌වයි. ඒ පෙළපාලිවලට බියෙන් ඔහු ඇමතීමට තිබෙන රැස්‌වීම් ද අවලංගු වෙයි. ඉකුත් සතියේ ද ඔහු ලන්ඩන් නුවරට ගොස්‌ සිටින විට පොදුරාජ්‍ය මණ්‌ඩලයීය ව්‍යාපාරික සංගමයේ රැස්‌වීමක්‌ ඇමතීමට නියමිතව තිබුණු අතර කොටි පෙළපාලි පාලනය කර දෙන්නම් ය කියා බ්‍රිතාන්‍ය පොලිසිය පවසද්දී පවා එම ආයතනය විසින් අවසන් මොහොතේදී ජනාධිපති ආමන්ත්‍රණය කිරීමට නියමව තිබුණු මුළු සැසිවාරයම අවලංගු කර දමන ලදී.

    මෙවැන්නක්‌ සිදුවූ දෙවැනි අවස්‌ථාව මෙයයි. මීට අවුරුද්දකට පමණ පෙර බ්‍රිතාන්‍යයේ ඔක්‌ස්‌ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය එනම් ඔක්‌ස්‌ෆර්ඩ් යූනියන් නමැති එම සංගමයෙන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපති තුමාට ආරාධනයක්‌ ලැබී ඔහු එය ඇමතීමට එංගලන්තයට ගිය අවස්‌ථාවේදී ද කොටි හිතවාදීන් විසින් හැම තැනම පෙළපාලි දැක්‌වීම නිසා අවසන් මොහොතේදී එම රැස්‌වීම අවලංගු කර දැමීමට සිදුවිය. දැන් මේ ඒ දෙයම සිදුවූ දෙවැනි අවස්‌ථාවයි. මුල් අවස්‌ථාවේදී මෙන්ම මේ නවතම අවස්‌ථාවේදී ද විපක්‍ෂය මෙයින් උපරිම ප්‍රයෝජනයක්‌ ගැනීමට උත්සාහ දැරුවේය. ඉකුත් සතියේ දී ද පොදුරාජ්‍ය මණ්‌ඩලයීය ව්‍යාපාරික සංගමයේ ඒ සැසිවාරය අහෝසි කිරීමට ඉවහල් වූ තත්ත්වය හා ලංකාවේ විදේශ අමාත්‍යාංශයත් බ්‍රිතාන්‍ය මහා කොමසාරිස්‌ කාර්යාලයත් මෙයට වගකිව යුතු නැත්ද යන්න ගැන පාර්ලිමේන්තු විවාදයක්‌ ඉල්ලා සිටින ලදී. මේ අවස්‌ථා දෙකේදීම විපක්‍ෂය කටයුතු කළේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එංගලන්තයට ගිය කාරණය ඉටුකර ගැනීමට නොහැකිව ලංකාවට ආපසු පැමිණීම හේතුවෙන් රටක්‌ හැටියට ලංකාවට අපකීර්තියක්‌ ඇතිවුණාය සහ එවැනි අපකීර්තියක්‌ ඇති වූයේ විදේශ අමාත්‍යාංශයට බ්‍රිතාන්‍යයේ තත්ත්වය හරි හැටි තක්‌සේරු කිරීමට නොහැකි නිසාය යන තර්කයයි.

    ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට එංගලන්තයට ඔක්‌ස්‌ෆර්ඩ් යූනියන් ආයතනයෙන් ලැබුණු ආරාධනාවක්‌ අනුව එංගලන්තයට ගොස්‌ ඔහු ඇමතීමට නියමිතව තිබුණු එම රැස්‌වීම ඇමැතීමට නොහැකිව ලංකාවට ආපසු පැමිණීමට සිදුවීම රටේ කීර්තියට පහරක්‌ බව ඇත්තකි. එමෙන්ම ඉකුත් සතියේ පොදුරාජ්‍ය මණ්‌ඩලයීය ව්‍යාපාරික සංගමයේ රැස්‌වීම ඇමතීමට නොහැකිවීම රටේ කීර්තියටත් ජනාධිපති තුමාගේ කීර්තියටත් හානිකර බව කිව යුතුය. එසේ නමුත් රටේ විපක්‍ෂය මෙයින් කාලකණ්‌ණි සන්තෝෂයක්‌ ලැබීම කොතරම් උචිතද යන්න වෙනම කතාවකි. මේ කාලකණ්‌ණි සන්තෝෂය භුක්‌ති විඳින අතර විපක්‍ෂයට අමතක වන කාරණය වන්නේ බ්‍රිතාන්‍යයේදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපති තුමා සම්බන්ධයෙන් ඇතිවන මේ සිදුවීම් වලින් බ්‍රිතාන්‍ය තුළ ඇතිවන තත්ත්වය කුමක්‌ද යන්නයි.

    ගිය අවුරුද්දේ ලංකාවේ ජනාධිපතිවරයා ඇමතීමට යෙදී තිබුණු ඔක්‌ස්‌ෆර්ඩ් යූනියන් රැස්‌වීම අවසන් මොහොතේ අවලංගු කිරීමට ඔවුන්ට සිදුවූයේ කොටි හිතවාදීන් විසින් කලබලයක්‌ ඇති කරාවිය යන බිය නිසාය. ඔක්‌ස්‌ෆර්ඩ් විශ්වවිද්‍යාලය යනු අවුරුදු සිය ගණනක්‌ පැරැණි ආයතනයකි. එහි ශිෂ්‍ය සංගමය ආරම්භ වූ දා සිට අද වන තෙක්‌ විශ්වවිද්‍යාලයට පරිබාහිර බලවේගයක්‌ කලබලකරාවිය යන බයෙන් විශ්වවිද්‍යාලය තුළ පැවැත්වීමට නියමිතව තිබුණු රැස්‌වීමක්‌ අවලංගු කළ පළවැනි අවස්‌ථාව එය විය හැක. මේ කාරණය ගැන ඔක්‌ස්‌ෆ

    ර්ඩ් විශ්වවිද්‍යාලයටවත් ඔක්‌ස්‌ෆර්ඩ් යූනියන් එකට වත් බ්‍රිතාන්‍ය ජාතියට වත් ආඩම්බර විය හැකි කාරණයක්‌ නොවේ. ඔක්‌ස්‌ෆර්ඩ් විශ්වවිද්‍යාලයේම ශිෂ්‍යයන්ගේ විරෝධය නිසා එම රැස්‌වීම අහෝසි කර දමනු ලැබුවේ නම් කිසිදු ප්‍රශ්නයක්‌ නැත. නමුත් මුළු මහා බ්‍රිතාන්‍යයම සංකේතවත් කරන පැරැණි ඉතිහාසයක්‌ ඇති ඔක්‌ස්‌ෆ

    ර්ඩ් විශ්වවිද්‍යාලයේ මෙකී රැස්‌වීම අවලංගු කර දමනු ලැබුවේ වැස්‌සකටවත් එම විශ්වවිද්‍යාලයට ගොඩවී නැති අඩුම වශයෙන් බ්‍රිතාන්‍යයේ පුරවැසි කමවත් තිබෙනවා දැයි සැක සහිත පිරිසකට බියෙනි. ඉකුත් සතියේ ද පොදුරාජ්‍ය මණ්‌ඩලයීය ව්‍යාපාරික සංගමයේ රැස්‌වීම අවලංගු කර දමනු ලැබීම ගැන ද කීමට ඇත්තේ මෙයමය. එම රැස්‌වීම අවලංගු කර දමනු ලැබුවේ එම සංගමයේ සාමාජිකයන්ගේ විරෝධය නිසා නම් කිසිම ප්‍රශ්නයක්‌ නැත. නමුත් එය අවලංගු කර දමනු ලැබුවේ ව්‍යාපාරිකයන් නොවන ජීවිතයට ව්‍යාපාරයක්‌ ආරම්භ කිරීමට හිතලාවත් නැති බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවයවත් තිබෙනවා දැයි සැක පිරිසකට ඇති බිය නිසාය.

    මේ සියල්ලටමත් වඩා සැලකිය යුතු කාරණය වන්නේ මහ රැජිනගේ දියමන්ති ජුබිලියේ දවල් භෝජන සංග්‍රහය ලන්ඩනයේ මැල්බොරෝ මාළිගයේ පවතින අතරතුර කොටි හිතවාදීන් එම මාළිගයේ පිවිසුම් මාර්ගය දෙපස හිටගෙන මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට එරෙහිව පෙළපාලි දැක්‌වීමයි. දියමන්ති ජුබිලිය සමරමින් සිටි මහ රැජින එතනට පැමිණියේ කොටි හිතවාදීන්ගේ සටන්පාඨ හා කලබල කිරීම මධ්‍යයේය. මහ රැජිනගේ දියමන්ති ජුබිලිය පැවැත්වෙන අතරතුර බ්‍රිතාන්‍යයේ කිසිදු ජන කොටසක්‌ මොන ප්‍රශ්නය තිබුණත් ඔය ආකාරයට කලබල කළේ නැත. විශේෂයෙන්ම විදේශයන් වලින් බ්‍රිතාන්‍යයට පැමිණ සිටින සංක්‍රමණික පිරිස්‌ කිසිවෙක්‌ මහ රැජිනගේ දියමන්ති ජුබිලිය පැවැත්වෙන අවස්‌ථාවේදී මෙවැනි පෙළපාලි දැක්‌වූයේ නැත. මැල්බොරෝ මාළිගය අසල සිදුවූ ඒ කලබැගෑනියට බ්‍රිතාන්‍ය මාධය තුළින් ද විශාල ප්‍රචාරයක්‌ ලබාදී තිබිණි. අද වන විට මුළු බ්‍රිතාන්‍යය ජාතියටම පැහැදිලි වී ඇති කාරණය වන්නේ තමන්ගේ රටේ පාලනය තමන් සතුව නැති බවයි. ඊට කලින් බ්‍රිතාන්‍ය ව්‍යාපාරික ප්‍රජාවද ඔක්‌ස්‌ෆර්ඩ් විශ්වවිද්‍යාල ප්‍රජාවද ඉගෙනගත් පාඩම වූයේ එයයි.

    බ්‍රිතාන්‍ය තුළ සිටින වඩාත්ම සංවිධානාත්මක සංක්‍රමණික පිරිස මේ දෙමළ කොටි හිතවාදීන් බවත් අමුතුවෙන් කිව යුතු නැත. ඔවුන්ට ඇති මේ සංවිධානාත්මක බලය ඔවුන් පාවිච්චි කරන ආකාරය නිසා බ්‍රිතාන්‍ය තුළ නිශේධනාත්මක ප්‍රතිචාරයක්‌ ඇතිකර තිබෙන බව පැහැදිලිය. 2009 අප්‍රේල් සිට මැයි දක්‌වා යුද්ධයේ අවසන් කාලයේදී දෙමළ කොටි හිතවාදීන් සිය ගණනක්‌ වෙස්‌ට්‌මිනිස්‌ටර් පාර්ලිමේන්තුව ඉදිරියේ කූඩාරම් ගසා පදිංචි වී එතනම නිදියමින්, කමින්, මළපහ කරමින්, අඛණ්‌ඩ විරෝධයක නිරත විය. ඔවුන්ගේ අභිමතාර්ථය වූයේ ලංකාවේ යුද්ධයට මැදිහත් වී එය නැවැත්වීමට බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවට බල කිරීමයි. බ්‍රිතාන්‍යයේ ජීවත්වන වෙන කිසිදු සංක්‍රමණික ජන කොටසක්‌ වෙනත් රටක යුද්ධයකට මැදිහත් වන මෙන් බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවට මේ ආකාරයට බලකර නැත. මේ සියලු සිද්ධීන් වලින් එම රටට එන සංක්‍රමණික පිරිස්‌ සම්බන්ධයෙන් දැඩි ස්‌ථාවරයක්‌ ගැනීමට ඒ රටේ ජනතාව පෙළඹී ඇති බව කිව හැකිය. අද පවතින කොන්සවේටිව් ආණ්‌ඩුව මීට අවුරුදු 2-3 කට කලින් බලයට පත්වූයේද ඒ රටට එන විදේශීය සංක්‍රමණිකයන්ගේ ගණන 60% කින් 80% කින් අඩු කරනවාය යන න්‍යාය පත්‍රය ඇතිවය. තම රට තුළට පැමිණි පසු ඔවුන් හැසිරෙන ආකාරය පාලනය කිරීමට නොහැකි නිසා අද බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවේ උත්සාහය වී ඇත්තේ ඒ පැමිණීම වැළැක්‌වීමටයි.

    ඇත්ත වශයෙන්ම ඉකුත් සතියේ මැල්බොරෝ මාළිගය අසලට මහ රැජින පැමිණෙන විටත් කොටි හිතවාදී උද්ඝෝෂණකරුවන් කලබල කරන දර්ශන බ්‍රිතාන්‍ය පුරා විකාශය වීමෙන් පැය 48 ක්‌ ඇතුළත ආණ්‌ඩුව විසින් බ්‍රිතාන්‍ය තුළට සංක්‍රමණය සීමා කරන තවත් දැඩි නීති රීති ගෙන ඒමේ සැලසුමක්‌ අනාවරණය කරන ලදී. ව්‍යාජ සංක්‍රමණිකයන් හා ව්‍යාජ දේශපාලන රැකවරණ ඉල්ලුම්පත් ප්‍රතික්‍ෂේප කොට එවැනි උදවිය බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කිරීම වත්මන් කොන්සවේටිව් ආණ්‌ඩුවේ ප්‍රතිපත්තියක්‌ වූ නිසා බොහෝ විට මේ අලුත් නීති කලින් සිටම සැලසුම් කරගෙන සිටි ඒවා විය හැක. නමුත් එම නීති කොතරම් දරුණුද කියනවා නම් ඒවා එළිදැක්‌වීමට සුදුසු අවස්‌ථාවක්‌ එනතුරු බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව බලා සිටියා විය හැක. කාගේත් අවධානයට යොමුවූ මහ රැජිනගේ දියමන්ති ජුබිලි උත්සවය පැවැත්වෙන ස්‌ථානය අසල මහ රැජිනටත් පෙනෙන ආකාරයට බ්‍රිතාන්‍යයේ තහනම් කර ඇති කොටි සංවිධානයේ ධජය ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරමින් එතන ඇති කරන ලද කලබලයෙන් පසු නව නීති යෝජනා එළිදැක්‌වීමට සුදුසු වාතාවරණයක්‌ රට තුළ ඇතිවී තිබෙනවා යෑයි ආණ්‌ඩුව තක්‌සේරු කළා විය හැක.

    මහා බ්‍රිතාන්‍යයට දෙමළ පමණක්‌ නොව වෙනත් සංක්‍රමණිකයන්ද ඇතුළු වන එක්‌ ප්‍රධාන ක්‍රමයක්‌ වන්නේ බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය ඇති අය සමඟ විවාහ ගිවිස ගැනීමෙනි. බ්‍රිතාන්‍ය ගෙන ඒමට යන නව නීති අනුව පිටරටින් සහකරුවෙක්‌ විවාහ කර ගන්නවා නම් තිබිය යුතු අවම ආදායම් නීතියක්‌ ගෙන එනු ලැබේ. එම නීතියෙන් එක්‌ වරම මුළු බ්‍රිතානය ජනගහනයෙන් තුනෙන් දෙකකටම පිටරටින් සහකරුවකු විවාහ කර ගැනීමේ අවස්‌ථාව නැතිවෙයි. අදාළ ආදායම් ප්‍රමාණය පෙන්වීමට නොහැකි නම් එකී බ්‍රිතාන්‍ය පුරවැසියාට ඇති විකල්පය වන්නේ ඒ විවාහය කරගත් තැනැත්තිය හෝ තැනැත්තාගේ රටේ පදිංචියට යැමටය. යම් හෙයකින් එකී ජෝඩුවට ළමයි සිටින්නේ නම් ළමයි සිටිනවාය යන කාරණය මතවත් බ්‍රිතාන්‍යයට ඇතුළුවීමට ඉඩ ලැබෙන්නේ නැත. එවැනි අවස්‌ථා වලදී පවා බ්‍රිතාන්‍යයට ඇතුළුවීමට හැකි වන්නේ බ්‍රිතාන්‍ය පුරවැසිකම තිබෙන පවුලේ සාමාජිකයාට පමණි. එවැනි අවස්‌ථාවල පවුල දෙකඩ වීමවත් බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවට ප්‍රශ්නයක්‌ නැත.

    මේ වන විට පස්‌ හය වතාවක්‌ම ලංකාවෙන් එංගලන්තයට ගිය වැඩි වශයෙන් දෙමළ ජාතිකයන් වන බොරු සරණාගතයන් යෑයි ඔප්පු වූ පිරිස්‌ විශේෂ ගුවන් යානා වල පටවා ආපසු ලංකාවට එවා ඇත. නමුත් මීට දින ගණනකට කළින් මෙසේ පටවා යෑවීමට නියමිත වූ ඇතැම් දෙමළ දේශපාලන රැකවරණ ඉල්ලුම්කරුවන්ට බ්‍රිතාන්‍යය උසාවියක්‌ විසින් අවසන් මොහොතේදී තවදුරටත් බ්‍රිතාන්‍යයේ රැඳී සිටීමට අවසර ලබාදෙන ලදී. මෙය සිදුවූ අවස්‌ථාවේදී බොහෝ විචාරකයන් සිතුවේ බ්‍රිතාන්‍යයේ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම දැන් ඇන හිටිනු ඇති බවයි. එනම් ඔවුන් පිටුවහල් කිරීමට ආණ්‌ඩුවට වුවමනාව තිබුණත් බ්‍රිතාන්‍ය උසාවි විසින් එවැන්නකුට ඉඩ නොලැබෙන බවයි. නමුත් බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව විසින් එළිදක්‌වා ඇති මේ නවතම නීති යෝජනා අනුව නම් අපට පෙනෙන්නේ උසාවියේ මතය කුමක්‌ වූවත් මොන ක්‍රමයකින් හෝ ව්‍යාජ දේශපාලන සංක්‍රමණිකයන් බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කිරීමට එම ආණ්‌ඩුව ඉටාගෙන සිටින බවයි. උසාවියේදී සිදුවූ දෙය තාවකාලික පසුබෑමක්‌ හැටියට පමණක්‌ ඔවුන් සලකන බව පෙනේ.

    මේ අනුව ලංකාවේ ජනාධිපතිවරයා යන යන තැන තහනම් කරන ලද ත්‍රස්‌තවාදී සංවිධානයක කොඩිය ප්‍රදර්ශනය කරමින් පෙළපාලි දැක්‌වීමෙන් හා බ්‍රිතාන්‍ය ආයතන බිය ගැන්වීමෙන් මේ කොටි හිතවාදීන් ඇත්ත වශයෙන්ම කර ඇත්තේ ජනාධිපතිවරයා අපහසුතාවයට පත් කිරීමට වඩා තමන්ගේම වළ කපා ගැනීමයි. එපමණක්‌ද නොව බ්‍රිතාන්‍යයේ මහ රැජින එන ස්‌ථානයට බ්‍රිතාන්‍යයේ තහනම් කර ඇති ත්‍රස්‌තවාදී සංවිධානයක කොඩිය ඔසවාගෙන පෙළපාලි දැක්‌වීම ලැඡ්ජාවක්‌ වන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාට නොව ඒ රටේ රාජ්‍ය නායිකාව වන මහ රැජිනටය. කොටි සංවිධානයේ කොඩි ලන්ඩනයේ ලෙළදුන්නද ලංකාවේ ඒ කොඩි කිසිවක්‌ නැති බව මහ රැජිනත් දනී.
     
    • Like
    Reactions: nimal2011
    Dec 9, 2011
    10
    7
    0
    piliyandala

    ela ela machan niyameta comment karala thiyanawa
    :D:D:D:D:D:D:D:D:D
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    සිරාවට ඔය ගොන් හැත්ත කරන ගොන් වැඩ වලින් අන්තිමට ඉගන ගත්ත එකෙකුටවත් ඕවගේ රටකට යන්න වෙන්නේ නෑ...බලපන්කො ඕස්ට්‍රේලියාවට බෝට්ටු වලින් යන සීන් එකත් එහෙමයි නේ..අපි උනත් කැමතිද අපේ රටට පිටරටකින් ආපු සෙට් එකක් ඇවිල්ලා උද්ගෝෂණ කරකර පිස්සු කෙලිනවට....
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මීට අවුරුද්දකට පමණ පෙර බ්‍රිතාන්‍යයේ ඔක්‌ස්‌ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය එනම් ඔක්‌ස්‌ෆර්ඩ් යූනියන් නමැති එම සංගමයෙන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපති තුමාට ආරාධනයක්‌ ලැබී ඔහු එය ඇමතීමට එංගලන්තයට ගිය අවස්‌ථාවේදී ද කොටි හිතවාදීන් විසින් හැම තැනම පෙළපාලි දැක්‌වීම නිසා අවසන් මොහොතේදී එම රැස්‌වීම අවලංගු කර දැමීමට සිදුවිය.
    meke janadipathithuma kicha une koti nisaa nemei,lankaawe moda kollek nisaa.
    danno danithi.
    kohomath lankaawe videsha sambandathaanam dan anthimai.
    lankaawa ambaanekata joke wenawa.