රැඩිකල්_නිරාගමිකයා

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    රැඩිකල්_නිරාගමිකයා

    රැඩිකල් නිරාගමිකයා
    --------------------------------
    මම දන්න කියන පොරක් සිටී, පොර ගේ ගම් පලාත දකුණු පලාත වන අතර පොර පරිගණක ඉන්ජිනේරුවෙක් ලෙස රැකියාව කරයි, වයස අවුරුදු 31 වන අතර විවාහකය, බිරිදගෙ ගම් පලාත මොනරාගල පැත්තේය, මා දන්න තරම ස්ලිට් එකෙදී මුන් දෙන්න සෙට් වී ඇත, මෙකාගෙ බිරින්දෑ නම් මල්වට්ටිය අතේ තබා ගත්ත ගමන් මය. කොට්ටව පැත්තෙ නව නිවසක් සැදූ මේ අඹු සැමි යුවල සහ අපෙ කතා නායකයාගෙ මව් පියන් දෙපල සමග සතුටින් සාමයෙන් වාසය කරමින් සිටියේය

    ඉදල හිටල අඩියක් ගසයි පාසලෙ පුරුද්දට සූස්තියක් ද අදී නමුත් හොද සැමියෙකි පියෙකි, මූට දරුවොමො දෙන්නෙකි, මූ වයස 5 වන ලොකු කෙලීටද ආගමක් දහමක් ගැන උගන්නනවාට කැමති නැත, මුගේ පව්ලේ මූ හැර අනෙක් සියලු කෙනාම දැඩි බෞද්ධයන්ය, මූ නම් හෙනම පව් කාරයෙකි, පාසල් කාලයේ සිටම ඉබ්බන් මස් කීරිම, ඉස්සන් ඇල්ලීමට ඇලවල් ඉසීම, දඩු ලීනුන් ට මන්දවල් ගැසීම වැනි පව්කාර වැඩ වලට මූ උපන් හපනෙකි.

    ඉතින් මේ ජොකියා පට්ට භෞතික වාදීය, නිරාගමිකය,මූ පින් පව් විස්වාස නොකරයි, මුගේ ලොකයෙ වීරයන් වන්නෙ සන්නස් ගල, නිර්මාල් හදගම ප්‍රසන්න නදීක කසුන් වැන්නන්ය, බට හිර පන්නයට ලැදි පට්ටම කොල්ලෙකි, දරුවට ඉදුල් කටගෑමට කෙන්දර නොබලා වෙලාව නොබලා මූ විසින් ගෙදර උන්ටද හොරෙන් කර නිසා මූ බඩ කට පුර බැනුම් ඇසුවේය, මූ දරුවාට අකුරු කියවීමද සම්මතයට පටහැනිව කේන්දර නොබලා කිරීම නිසා මුගෙ දෙමා පියන්ගෙන්ද බිරින්දෑගෙ දෙමාපියන්ගෙන්ද ගෙදර ගෑනිගෙන්ද හොදි ඔන්නැති වෙන්න බැනුම් අසමින් සිටියද නිරාගමික බෞතික වාදි මත්වාදය නම් පොඩ්ඩක් වත් වෙනස් නොවු පට්ටම කොල්ලෙක් ලෙස මූ කෙලින් සිටියේය

    පාසල් කාලෙ කෙල්ල සමග කොටු පනින්න වැවුරුකන්න , ඇල්ලෙකන්ද, වෙහෙරහේන, වැනි පන්සල් වලට යෑමෙන් පසු මූ පන්සලක් පලාතක යන්නෙ නැත.ට්‍රිප් එකක් ගිහින් පන්සලකට ගියත් මූ මල් තියා වදින්නෙ නැති අතර අනෙක් උන්ට බයිටක් දෙමින් සිටී, දන්ත දාතුව සිරිමහ බෝදිය වැදීම මූට අරහන්ය, ගෙදර උන් වාහනෙ දාගෙන අලුත ගත් කාරෙකෙන් මූ කතරගම ගෙන ගියේ මරන්න ගෙනියන හරකා මස්කඩේට ගෙනියන ආකාරයට බව මුන්ගේ අම්ම මට කී හැටි මතකයඅම්ම මූට දෙහිකපන විට මම කර බාගෙන උන්නෙ මූ පහවසරෙ සිට දුකට සැපට උන්න එකා සහ මූ තරම් දැඩිව නැත්තත් මමද ඉතින් ඔය ආගම් කේනදර පින් පව් විසවාස නොකරන එකෙක් නොවන නිසාය, මූයි මායි දෙන්නම උන්නෙ එක බෝට්ටුවේ නිසාය,

    2015 වර්ශය අවාසනාවන්ත වසරකි මුගෙ පියා සහ මව දෙදෙනාම එකම වසරක අවස්ථා දෙකකදී මිය පරලොව ගියහ,මුන්ගේ ගෙට ගහක් කඩන් වැටී මූට ලක්ශ 4-5 වියදම් කර එය හදන්නටද විය,ඉන් අනතුරුව මුගෙ අලුතෙන්ම ගත් හයිබ්‍රිඩ් එක බිරින්දෑ විසින් තාප්පයකට හේත්තු කරන ලදී, ගෙඩ්ගර ඉදපු ජරමන් ශෙපඩ් බල්ලට කවුරු හරි පරයෙක් වස දිම නිසා මිය ගිය බවටද බල්ලගෙ මරණය ගැන මුට සැකයක් ඇතිවිය, දැනට මාස කීපයකට කලින් මුට කොන්දෙ අමාරුවක්ද ඇතිවිය, වසර එකහමාරක් පමණ වයස දියණියද දොරට අත අහුවී අතේ ඇගිලි දෙකක් කැඩී ප්‍රතිකාර ගැනීමට ද සිදුවිය මූට කරදර පිට කරදර ආ වසරක් ලෙස මෙම වසර ඉතාම අවාසනාවන්ත විය.දැන් සති කීපයකට කලින් මුගේ බිරිදගේ මවට දරුණු ලෙස අසනීප වීම නිසා දරු දෙදෙනාද රැගෙන බිරිද ගමේ ගොස් ඇත

    ඉතින් අපෙ පට්ට කොල්ල තනියමය, සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවක මෙම කොල්ල කරන්නෙ දකුණු පලාතෙන්ම කොළඹට ගිහින් පදින්චි වීසිටින එකට පාසල් ගිය පර්ගනක, ඉන්ජිනෙරු ,වෛද්‍ය බැංකු සනුහරයම මුගෙ ගෙට දාගෙන ලවක් දෙවක් නැතිව බීමය, නමුත් මෙද සිද්දිය වෙනස්ය,

    පොලිසියේ සෙවය කරන උප පොලිස් පරීක්ශක මිතුරෙක් ගෙන් රස කතාව දැන ගත්තේ මේ ආකාරයටය, මේ පොලිස් මිතුරා ලගදී විවාහ වූ අතර මූ කේන්දර බලා පොරොන්දම් ගලපා විවාහ වූ එකෙකි, ඉතින් අපෙ රැඩිකල් කතා නායකයා මූට අමත අසා ඇත්තෙ මූ කේන්දරය බැලෙව්වේ කොහෙන්ද අයන්නයි, ඉතින් අපේ පොලිස් මිතුරා මූද සමග මුගේ කේන්දරය සහ බිරිදගේ කෙන්දරයද රැගෙන බත්තරමුල්ලෙ ඔය කෙන්දර බලන හිටපු විදුහල්පති උපැවිදි වූ කෙනක් ගාවට ගොස් ඇත

    මුගේ කෙන්දර දිහා බලපු ගමන්ම මෙ මනුස්සය කියල තියෙන්නෙ පහුගිය වසර 2 ඇතුලත පව්ලේ ලගම හිතවතුන් මරණ දෙකක් වෙලා තියන බවය, අපේ පොලිස් මිතුරා ගේ වාර්ථාවට අනුව එවිට අපේ රැඩිකල් කොල්ලගේ ඇස් උඩ ගොස් ඇත, කන් වලට හීන් දාඩිය දමා ඇත..

    "ජනවාරි වල තාත්ත නැති උනා"
    " මැයි වල අම්ම නැති උනා "

    කියල මූ එවිට පිලිතුරු දී ඇත
    පලවෙනි මරන කරු මරණයෙන් පසු දෙවන මරණ කරු තමන් ගාවට ගෙන්වා ගෙන ඇති බවත්

    එවිට කෙන්දර බලනා මනුස්සය ,
    "අම්ම තාත්ත විසුවේ මහත්තයලගෙ ගෙදරද "

    ලෙස කෙන්දර කරු ඇසූ පැනයට

    "ඔව්"

    ලෙස අපේ රැඩිකල් බුවා පිලිතුරු දී ඇත

    කේන්දර බුවා ඉන්පසු කියා ඇත්තේ මිය ගිය පියා දරුවන්ට සහ පව්ලට ඉත ලැදි බවත් , ඉතා ගුනයහපත් බවත් නික්ම යන්නෙ නැතිව නිවසේ පිටුපස ජනේලය අසල රැදෙමින් සිටින බවත් පව්ලේ අනෙක් අයද ඔහු සමග කැටුව යෑම සඳහා ඔහු එසේ රැදී සිටීම නිසා පවුලට කරදර වන බවත්ය

    ඉන්පසු අපේ බුව මලානික හඩින් දෙකට කැපූ ගැඩිවිලා සේ ඇබරෙමින්
    "මොකද්හ මේකට කරන්න ඔන "

    කියා අසා ඇත

    ඉතින් දැන් කේන්දර බැලු බුවා ගෙට අරක් ගත් පියා එලවා දැමීමට අවශ්‍ය කරන වැඩ සටහන කියා ඇත

    ශ්‍රීමහ බෝදියට බෝධිපූජාක කර ඔහු පැවසූ වතා වත් කර පියා ට සහ මවට පින් දෙන ලෙසත
    අත කහ මතුරා ගෙදර වටේට කහ දියර ඉහින ලෙසටත්
    පත්තිනි මෑනියන්ට කිරි ආහර පූජවක් කර
    නවගමුවේ දෙවාලයට භාර වෙන ලෙසටත් මූට
    උපදෙස් ලැබී ඇත

    දැන් අපේ රැඩිකල් බුවා ඉදා රෑ කෙලින්ම ගොස් ඇත්තෙ මහරගමටය, තනියම ගෙදර ඉන්නට බය වූ රැඩිකල් බුවා රැඩිකල් කම බල්ලට දමා මහරගම තවත් රැඩිකල් බුවෙක් ගේ නිවසේ රැදී සිටිමින් වටේටම කෝල් කර අනෙක් උන්ට දස වද දීම අරඹා ඇත,

    දකුනු පාලාතෙන්ම වතුර මතුරණ ගුරුන්නාන්සෙ කෙනෙක් ගෙන්න ගත් අපේ රැඩිකල් බුවා දවස් දෙකක් ඇතුලත වතුර මතුරා ගෙදරට කහ දියර ඉස ආරක්ශාව කර ඇත

    නත්තල් නිවාඩුවට වෙනදාට කුනු වෙන්න අඩිය ගැසීම පැත්තක දමා බෝධි වන්දනා පොත්ද අරන් මූ ශ්‍රීමහා බෝදියට ගොස් ඇත්තේ බිත්තරයක් උම්බල කඩ කෑල්ලක්වත් නොකා පේවීය, මම අපේ පොලිස් බුවාට අද කතා කරන විට පොලිස් බුවාද හෙට වැඩට යෑමට තියෙද්දි උගේ බිරින්දෑද මුගේ ගෙදර නවත්ත මොනරාගල ගිය මුගේ බිරින්දෑද ගෙන්න ගෙන හෙට උදෑසන කිරිදානයට ලෑස්තිවෙමින් සිටිනවලු ඔන්න...

    අපේ රැඩිකල් නිරාගමික භෞතික වාදිබුවා....එක වාක්‍යයකින් වෙනස් වී ඇත, තාත්තා ජනෙලයක් ගාවට වී දරු මුණුපුරන් එක්ක යන්න බලන් සිටින බව ඇසූ අපේ භෞතික වාදි බුවාගෙ වසර ගානක රැඩිකල් නිරාගමික චර්යාව මිනිත්තුවට අතුරුදහන් වී ඇත, මට ඉතින් මූ කරන මගුල් වලට පුකෙනුත් හිනාය...අපෙ පොලිස් බුවාගෙන් ඉස්ටොරිය අහල මම වටේටම කෝල් කරමින් මූගෙ රැඩිකල් බවට කෙල වීම ගැන කොල්ලන් දැනුවත් කරමින් සිට දැන් මේ නිදාගන්න සෙට් උනෙමි....මමත් ඉතින් නිරානේ....එතකොට මට මතක් උනේ.... යකෝ....මටත් ඔය වගේ සිද්දියක් උනොත් මගේ නිරාගමික කමත් තුට්ටුවට වැටෙවිද මන්ද කියලය

    තුලාව (justice) - FB
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    නිරාගමිකත්වය තියෙන්නෙ ප්‍රශ්න නැති වෙනකන් විතරයි. සරණක් නැති උනාම අන්තිමට ආගම දහම මතක් වෙනව. රනිල් හාමුට උනා වගේ.

    තව දෙයක්. නිරාල කියන්නේ දියුණු රටවල් දියුණු වෙලා තියෙන්නෙ ආගම් නැති නිසා කියලනෙ. නෑ ඒකෙ අනිත් පැත්ත. රටක් දියුණු වෙද්දි තමයි රටේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න අඩුවෙලා ආගමක් ඕන නැති වෙන්නෙ. ප්‍රශ්න ආවොත් උනුත් ආයි පල්ලි යනව. ඕව ලන්කාවට වගේ නෙමෙයි ආක්‍රමනශීලීව ආගම පතුරවපු අන්තවාදී රටවල්.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අපේ කියල තිබ්බ සංස්කෘතියට සිරිත් විරිත් වලට විශ්වාස වලට පයින් ගහගෙන ගහගෙන යනවා. මුලින්ම සිංහල ආහාර රටාව සහ වෙදකම අතෑරල බටහිරට යොමු වුනා. දැන් ලෙඩ කෙලවරකුත් නෑ ඒවට දෙන බේත් කෙලවරකුත් නෑ ඒ බේත් වලින් හැදෙන ලෙඩ කෙලවරකුත් නෑ. ඒ වගේම තමා, තේරෙයි හැබැයි කල් යයි.
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ආගමක් අදහන්න නිදහසක් තියෙනවා නම් අදහන්නේ නැතුව ඉන්නත් නිදහසක් තියෙන්න ඕන.
    ඉන්දියාවේ ආගම් තියෙන ගාන ගණන් කරන්නත් බැහැ.ප්‍රශ්න අඩුද නෑනේ.අපිටත් එහෙම තමයි.
    දැන් ඔය ආගමක් තියෙන උන් හරියට ආගම අදහනවද.නමට විතරයි ආගම.
    අනිත් එක බුද්ධාගම ආගමක් නෙවෙයි දර්ශනයක්.
    අපේ උන් බොරුවට ඒක ආගමක් කරගෙන ලොකුවට ප්‍රදර්ශනය කරනවා මිසක් ඒ මාර්ගයේ යන්නේ කීදෙනාද.
    ඒ අතින් නිරාගමිකය ඊට වඩා හොඳයි.අනිත් එක නිරාගමික වීමේ ඇති වරදකුත් නැහැ.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,607
    113
    Nowhere
    අපේ කියල තිබ්බ සංස්කෘතියට සිරිත් විරිත් වලට විශ්වාස වලට පයින් ගහගෙන ගහගෙන යනවා. මුලින්ම සිංහල ආහාර රටාව සහ වෙදකම අතෑරල බටහිරට යොමු වුනා. දැන් ලෙඩ කෙලවරකුත් නෑ ඒවට දෙන බේත් කෙලවරකුත් නෑ ඒ බේත් වලින් හැදෙන ලෙඩ කෙලවරකුත් නෑ. ඒ වගේම තමා, තේරෙයි හැබැයි කල් යයි.

    ah pren. nedaganne nadda :p
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    So not fallowing a religion is equal to bad Karma ? Retard logic by retarded Sinhalese. Typical "dupatthe jivithe" :lol:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,859
    17,907
    113
    So not fallowing a religion is equal to bad Karma ? Retard logic by retarded Sinhalese. Typical "dupatthe jivithe" :lol:

    Considering that there are more than 3500 religions in the world everyone is earning bad karma because you're not following the other 3499 religions :lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,786
    1
    58,035
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය කතාව ලියල තියෙන්නෙ ටිකක් වරද්දල. ගස් වලට කිරි වක්කරල වැඩක් නෑ කියල ඌ අන්තිමට ඉස්ලාම් ආගමට ගියේ:lol:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔය වගේ සිද්දියක් උන තව කෙනෙක්ව දන්නව.. රනිල් වික්‍රමසිංහ :D අගමැතිකම නැති උන දවසෙ ඉදල උදේ හවස පංසල් ගියා.. :yes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ප්ලේන් එක ගැස්සෙන කම් හැම නිරාගමිකයෙක්ම පකීර් කෙනෙක් තමයි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය වගේ සිද්දියක් උන තව කෙනෙක්ව දන්නව.. රනිල් වික්‍රමසිංහ :D අගමැතිකම නැති උන දවසෙ ඉදල උදේ හවස පංසල් ගියා.. :yes:

    :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම හිතුව අන්තිමට මූ පන්සලට ගිහින් පිරිත් ටිකක්වත් කියවල බුත දෝස මගඅරගෙන කියල. :no: බැලින්නං මේ හොර දෙවාලේකටයි කේන්දරකාරයෙක් ගාවටයි ගිහින් තියෙන්නේ :baffled:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රැඩිකල් නිරාගමිකයා
    --------------------------------
    මම දන්න කියන පොරක් සිටී, (justice) - FB

    මචන් උඹ ඔය ගහන්නේ බුකියේ, මද්දුම බණ්ඩාර හුජ්ජ කොල්ලෙක් කියපු, wife ට ළමය හම්බෙන්න යද්දී අංගුලිමාල පිරිත දාපු නිරාගමිකයටද ?
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    කවද හරි කෙලවුනදාක බලපන්කො උබටත් ඔය ටික නෙමේද වෙන්නේ කියල
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    ප්ලේන් එක ගැස්සෙන කම් හැම නිරාගමිකයෙක්ම පකීර් කෙනෙක් තමයි.


    :yes::yes::yes:


    Math tika dawasak 'niragamik wa' wage hitiya. Mata operation ekak karanna wela marana baya awa. Denma merenna ba kiyala hithuna. Eda idan math agamika wuna. :love: