රැයම නිහඬයි නිසසලයි ....

dreamzd

Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    රැයම නිහඬයි නිසසලයි ....

    රැයම නිහඬයි නිසසලයි
    නුබ ගැබින් පිනි බිඳුවක් වැටී...
    සඳට පෙම් බැඳ දෑත් විහිදන
    තණ පතක් මත පතිත වේ...

    මගේ හද තුළ ආදරය පිරි
    ඔබෙ රුවින් පිළිරූ තැනේ...
    ඔබේ සුන්දර සිනා හඬ මට
    කොහේදෝ හෙමිහිට ඇසේ...

    ඔබව මැදිකර දකින නිරතුරු
    මගේ සුන්දර සිහිනයේ...
    දේවතා එළියක් වගේ හැඩ
    ඔබේ රුවින් සිත්තම් මැවේ...

    රැයේ හීනෙක විතරක්ම ඔබ
    මගේ ළඟ හිඳිනා නිසා...
    දෑස වසනෙමි නෙතු පියන් යට
    ඉන්න ඔබ විත් ලංවෙලා...

    ~dreamzd~


    **අනවසරයෙන් උපුටාගැනීම තහනම්**
     
    • Like
    Reactions: dilrasan

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හොද නිර්මාණයක්....ඔයාගේ OS එක ඔරිජිනල්ද?
     

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    lassanai...:)
    issara liyapu ewa kiwwane neda...?
    koheda ithin welawak nellune image ekka ehema dala lassanata idiripath karanna..:)

    Digatama liyanna balanna...

    ow ow.. thank you rep+ dunnata :yes:
    Image hadaganna welawak hoyaganna nam amaru wei... mama aye weda patan gaththa eeye indala.. :D
    free time ekak labunama me paththe podi ravumak dala yanna vitharay puluwan wenne :yes::yes: