රෑට ඔක්සිජන් සහ මී ගහ...

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    රෑට ඔක්සිජන් සහ මී ගහ...
    7246CA5D-D4F2-4EA9-B560-7390344A2D90.jpeg

    සමාජ මාධ්‍ය හරහා යන ඕනි බොරුවක් ඉස්මුදුනින් පිළිගන්න ජනතාවක් ඉන්න රටක බැනුම් අහන්න වුණත් ඇත්ත තේරුම් ගන්න පුළුවන් කීප දෙනෙක් හරි ඉන්න නිසා මේ ටික ලියලම තියන්න ඕනි කියලා හිතුනා.පුළුවන් තරම් සරලව ලියන්නම් හැමෝටම තේරෙන්න.
    දැන් මාතෘකාව ඔක්සිජන්නෙ.අර පොඩි කාලෙ ඉඳන් අහලා තියෙන විදිහට ශාක,ඇල්ගී වගේ දේවල් ප්‍රභාසංස්ලේෂණය කියන ක්‍රියාවලියක් හින්දා ඔක්සිජන් වායුව කියලා එකක් හැදෙනවානෙ.ලෝකයේ මුල්ම අවධියේදී වායුගෝලයේ ඔක්සිජන් වායුව තිබ්බෙ නෑ.පස්සෙ ඇතිවුණු Cyanobacteria,ඇල්ගී වගේඒවගෙන් තමා වායුගෝලයේ ඔක්සිජන් ඇතිවුණේ ඔය සංසිද්ධිය ලෝක ඉතිහාසයේ ලොකුම වෙනසක් ඇතිවෙන්න හේතුවක්.ඉතින් ශාක කියන එක ප්‍රභාසංස්ලේෂණය කරන්න මූලිකම හේතුව ඔක්සිජන් නිපදවීම නම් නෙවේ ඒ එයාලට ආහර නිපදවන්න කරන ක්‍රියාවලියක අතුරු ඵලයක් විදිහට තමා ඔක්සිජන් නිපදවෙන්නෙ.ඔන්න ඉතින් සූර්‍ය ශක්තිය තමා මේ ක්‍රියාවලියෙදි ශක්ති ප්‍රභවය වෙන්නෙ.ඉතින් කෙටියෙන්ම කීවොත් සූර්‍ය ශක්තිය් නැත්නම් වැඩේ ලොස්..😁
    ඉතින් ශාක වල තියෙනවා හරිතලව කියල Item එකක් ඔන්න ඕකෙ තයිලකොයිඩ පටල කියල ජාතියක් තියෙනවා සහ ඒ වගෙ සූර්‍ය ශක්ථියේ එකඑක තරංග ආයාම වලට සංවේදී වර්ණක තියෙනවා ඒවට ක්ලෝරෆිල් කියලා කියනවා ඉතින් ප්‍රභාසංස්ලේෂණයෙදී දවල් කාලයේ සූර්‍යාලෝකය තියෙද්දි ඔය කියන වර්ණක වලින් ශක්තිය අවශෝෂණය කරලා ප්‍රතික්‍රියා දාමයක් මගින් පූටිකා හරහා ලබාගත්ත CO 2 ග්ලූකෝස් බවට පත්කිරීමේ සංකීර්ණ ප්‍රතික්‍රියාවක් තියෙනවා.මේකෙදි අඳුරෙදි වෙන අඳුරු ප්‍රතික්‍රියාවක් නැත්නම් කැල්වින් චක්‍රය කියලා එකකුත් තියෙනවා.අඳුරෙදි වෙනවා කියන්නෙ ඇත්තටම ඒ ප්‍රතික්‍රියාවට ආලෝකය ඕනි නෑ නැතුව රෑටම වෙනවා කියන එක නෙවේ දවල්ටත් වෙන්න පුළුවන්.දැන් අපේ මාතෘකාව වෙච්ච ඔක්සිජන් නිපදවෙන්නෙ මුලින් කියපු දවල්ට වෙන ආලෝක ප්‍රතික්‍රියාවෙදි සූර්‍ය ශක්තිය ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයක් ඔස්සෙ යද්දි 'ජල අණු' කැඩිලා.ඒකට නමක් තියෙනවා ජලය ප්‍රභාවිච්චේදනය කියලා එතකොට උරාගත්ත CO 2 වල තිබ්බ O2 වලට මොකද වෙන්නෙ කියලා කාටහරි ප්‍රශ්නයක් එන්න පුළුවන් ඒක එහෙමම තියෙනවා බයවෙන්නෙපා අන්තිමට නිපදවාගන්න ග්ලූකෝස් වල (C6H12O6).
    ඉතින් මේ ප්‍රභාසංලේෂණ යාන්ත්‍රණය C3 වලට අමතරව C4 කියලා තරමක් Advanced Mechanism එකක් තියෙනවා ඔය අපි දන්න සුලභ ධාන්‍ය වර්ග /බඩ ඉරිඟු වගේ ඒවගෙ.ඒවා ගැන ලියන්න ගියොත් දික් වෙනවා මේක.

    කතාව ඉවර නෑ ඊලඟට ඔය රෑටත් ඔක්සිජන් පිටවෙනවා කියලා කියන්න පාදක වෙච්ච තවත් ප්‍රභාසංලේෂණ යාත්ත්‍රණයක් තියෙනවා CAM කියලා.ඒක ගොඩක් තියෙන්න ශුෂ්ක පරිසර වලට හැඩහැහුණු ශාක වල විශේෂයෙන් කැක්ටස් වර්ග ,කෝමාරිකා ,Snake plant වගේ ශාක වල.මේ යාන්ත්‍රණයට මූලිකම හේතුව තමා ශුෂ්ක පරිසර වලදී දැඩි ඉර රශ්මිය තියෙද්දි පූටිකා විවෘත කරලා CO 2 උරාගන්න ගියොත් අමාරුවෙන් තියන් ඉන්න ජලය ටිකත් වාශ්පවෙලා යනවා.සාමාන්‍ය C3 ශාක වල උරාගෙන ඉන්න ජලය පූටිකා ඇරගෙන ඉන්න ගිහින් 95%ක් විතරම ලොස් වෙලා යනවා. ඒ නිසා දවල්ට පූටිකා වහගෙන ඉඳලා මෙයාලා රෑට තමා වායු හුවමාරු කරගන්න වැඩේ කරන්නෙ.ඒ කියන්නෙ රෑට පූටිකා ඇරලා තියලා CO2 උරාගෙන මෙයාලා කාබන් ඩයොක්සයිඩ් මැලික් ඇසිඩ් විදිහට ගබඩා කරගෙන තියාගන්නවා.පස්සෙ දවල්ට පූටිකා ටික වහගෙන අර මැලික් ඇසිඩ් ටික CO2 බවට හරවගෙන සාමාන්‍යෙ කැල්වින් නැත්නම් ආලෝකය අත්‍යාවශම නැති ප්‍රතික්‍රියාව සිදු කරලා ආහාර නැත්නම් ග්ලූකෝස් නිපදවනවා.එතකොට දවල්ට පූටිකා ඇරගෙන CO 2 ලබාගන්න අවශ්‍යතාවයක් නෑ.ඒකෙදි හැදෙන ඔක්සිජන් ටිකට මොකද වෙන්නෙ කියන එකනෙ ඒක පැහැදිලි කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා එකක් පූටිකා රෑට ඇරෙද්දි එකතුවුණ ඔක්සිජන් ප්‍රමාණයක් ඉවත්වෙනවා කියන එක.එතකොට අර රෑට ඔක්සිජන් පිට වෙනවා කියන එකේ ඇත්තක් තියෙනවා.හැබැයි දවල්ට වුණත් වායුවක් වෙච්ච්ච ඔක්සිජන්ට ශාක පටක හරහා විසරණය වෙන්න බැරි නෑ.යම් ප්‍රමාණයක් එහෙමත් යනවා.ආයෙ ප්‍රභාස්වසනය වගේම සාමාන්‍යෙ ශාකයේ ස්වසනය(ආහාර දහනය) ටත් මේ ඔක්සිජන් වැය වෙනවා.ඒවා ගැන කියන්න ගියොත් මේක තවත් දික් වෙනවා.ඉතින් මේ CAM Plant විදිහට හඳුනගත්ත ශාක අතරෙ මී ගස් නම් නෑ.එහෙම පර්‍යේෂණ පත්‍රිකාවක් මූලාද්‍රයක් තියේ නම් මේකටත් එකතු කරන්න. කොහෙන් හරි අහුලගත්ත බොරුවක් කරේ තියන් යන්න කලින් අන්තර්ජාලය තියෙන්නෙ ෆේස්බුක් එකේ කොටන්න විතරක් නෙවේ මේ වගේ කරුණුත් ලස්සනට පැහැදිලි කරලා තියෙනවා.
    තව දෙයක් මී ගහත් එක්ක පුද්ගලික අමනාපයක් මට නම් නෑ මී කියන්නෙ දේශීය ඖෂධීය වගේම වෙනත් වටිනාකම් තියෙන වටින ශාකයක්.ඉතින් වටින ගහකට නොවටිනා අවිද්‍යාත්මක විහිළු ලියලා සවුත්තු කරන්නෙපා අපේ හෙළ යක්ඛ පුතාලයි දූලයි ටික.
    වෙන වැඩ අස්සෙ වුණත් මේ වෙලා අරන් ලීවෙ ඔය විකාර පොඩි දරුවන්ටත් දෙමව්පියො උගන්නලා ඒ ලමයින්ගෙත් මොලේ විකාර කරන නිසා..
    තව දෙයක් ඇත්තටම ප්‍රභාසංස්ලේෂණයේ වැදගත්වෙන්නෙ වායුගෝලීය ඔක්සිජන් මට්ටම යාමනයටත් වඩා CO 2 යාමනයට මොකද දැනට වායුගෝලයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය අවුරුදු බිලියන ගානකට කලින් හැදුණු ඒවා.20-21% තියෙන ඔක්සිජන් වලට සැලකියයුතු බලපෑමක් කරන්න ලේසි නෑ හැබැයි.0.04% තියෙන CO 2 ප්‍රමාණය වැඩි වුණොත් අන්න එතන තමා ගැටලුව එන්නෙ.මේ කියන්නෙ ගස් කපන්න කියලා නෙවේ හොඳේ.

    Copied Bhathiya Gopallawa (sara bhumi)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    more or less ඔය කියලා තියන ටිකම මම ඔය පෝස්ට් එකකට කමෙන්ට් කරා, ඒ කමෙන්ට් එකට තිබුනු රිප්ලයි මේ වගේ ඒවා
    • තෝ වගේ එවුන් නිසා තමයි මේ රටට කෙල වෙලා තියෙන්නෙ.
    • උඹ ඕව කියන්නෙ ඕව ගැන පර්යේශන කරලාද, සුද්දන්ගෙ ඒව ඉගෙනගෙන මොලේ කුරුවල් උනාම අපේ දේශීය දැනුම් පද්ධතියට ගරහන එක තමයි කරන්නෙ
    • තෝ වගේ එවුන් තමයි ඒ කාලෙ සුද්දො එක්ක එකතු වෙලා මේ වටිනා ගස් කපලා විනාස කරලා මේ රට විනාස කරලා දැම්මෙ
    • අනේ පලයන් බන් යන්න, උඹ කියන විදියට මී ගහේ කිසිම වැදගත්කමක් නැහැ ඒක නිසා වෙන්න ඇති සුද්දො මී ගහ විනාස කරලා දාන්න ඒ තරම් දැඟලුවෙ
    • තොපිලට තමයි කලු සුද්දො කියලා කියන්නෙ
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    රෑට ඔක්සිජන් සහ මී ගහ...
    View attachment 191910

    උබත් මේ කොහේ වත් යන රචනාවකට අහුවෙලා වගේ. මී ගහේ තියෙන්නෙ පොහොර කතන්දරේ. ඔක්සිජන් කතාවක් නෙමෙයි. අච්චර ගස් තිබුනු රජ කාලෙත් කපන්න තහනම් කරපු එකම ගහ මී ගහ. මොකද පොහොර ගස නිසා. ඔක්සිජන් කතාව නම් මන් ඇහුවෙත් දැන්. :baffled: :baffled: :baffled:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    උබත් මේ කොහේ වත් යන රචනාවකට අහුවෙලා වගේ. මී ගහේ තියෙන්නෙ පොහොර කතන්දරේ. ඔක්සිජන් කතාවක් නෙමෙයි. අච්චර ගස් තිබුනු රජ කාලෙත් කපන්න තහනම් කරපු එකම ගහ මී ගහ. මොකද පොහොර ගස නිසා. ඔක්සිජන් කතාව නම් මන් ඇහුවෙත් දැන්. :baffled: :baffled: :baffled:
    ඔය මී ගහ ගැන තියන හෑල්ලෙ ඔක්සිජන් කතාව තියනවා හෑල්ලෙන් තුනෙං එකක් විතරකම ඔක්සිජන් කතාව තියෙන්නෙ
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    උබත් මේ කොහේ වත් යන රචනාවකට අහුවෙලා වගේ. මී ගහේ තියෙන්නෙ පොහොර කතන්දරේ. ඔක්සිජන් කතාවක් නෙමෙයි. අච්චර ගස් තිබුනු රජ කාලෙත් කපන්න තහනම් කරපු එකම ගහ මී ගහ. මොකද පොහොර ගස නිසා. ඔක්සිජන් කතාව නම් මන් ඇහුවෙත් දැන්. :baffled: :baffled: :baffled:

    ow oxygen case ekak nemeyi , mee gahe gedi (me gedi wala thiyena poshana pramanaya wadi) kana saththunge mala paha wala wadipura nitrogen thiyenawa(mata mathaka hatiyata nitrogen). ewa gas walata hoda pohorak.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    ඔය මී ගහ ගැන තියන හෑල්ලෙ ඔක්සිජන් කතාව තියනවා හෑල්ලෙන් තුනෙං එකක් විතරකම ඔක්සිජන් කතාව තියෙන්නෙ
    කොහේ හරි රැවටිච්ච එකෙක් ලියපු එකක් වෙන්න ඇති. ඔය මී ගහ ප්‍රමෝට් කරන්න පටන් ගත්තෙ නිකන් නෙමෙ. ඕක ප්‍රමෝට් කරපු ගොඩක් වැඩසටහන් වලට මාත් සහභාගි උනා. කිසිම එහෙක ඔය ඔක්සිජන් කතාව මන් අහල නෑ. කොටින්ම ඔය මී ගස් ප්‍රොජෙක්ට් එක අනුරාදපුරෙන් පටන් ගන්න එකටත් මන් ගියා. උබ කිව්වට පස්සෙ තමයි ඔය ඔක්සිජන් කතාව ඇහුවෙ. ජාතියෙ පොහොර ගස කියන එක තමයි ප්‍රධාන හේතුව ඕක ප්‍රමෝට් කරන්න. :yes: :yes: :yes:
    ow oxygen case ekak nemeyi , mee gahe gedi (me gedi wala thiyena poshana pramanaya wadi) kana saththunge mala paha wala wadipura nitrogen thiyenawa(mata mathaka hatiyata nitrogen). ewa gas walata hoda pohorak.
    :yes: :yes: :yes:
     
    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    more or less ඔය කියලා තියන ටිකම මම ඔය පෝස්ට් එකකට කමෙන්ට් කරා, ඒ කමෙන්ට් එකට තිබුනු රිප්ලයි මේ වගේ ඒවා
    • තෝ වගේ එවුන් නිසා තමයි මේ රටට කෙල වෙලා තියෙන්නෙ.
    • උඹ ඕව කියන්නෙ ඕව ගැන පර්යේශන කරලාද, සුද්දන්ගෙ ඒව ඉගෙනගෙන මොලේ කුරුවල් උනාම අපේ දේශීය දැනුම් පද්ධතියට ගරහන එක තමයි කරන්නෙ
    • තෝ වගේ එවුන් තමයි ඒ කාලෙ සුද්දො එක්ක එකතු වෙලා මේ වටිනා ගස් කපලා විනාස කරලා මේ රට විනාස කරලා දැම්මෙ
    • අනේ පලයන් බන් යන්න, උඹ කියන විදියට මී ගහේ කිසිම වැදගත්කමක් නැහැ ඒක නිසා වෙන්න ඇති සුද්දො මී ගහ විනාස කරලා දාන්න ඒ තරම් දැඟලුවෙ
    • තොපිලට තමයි කලු සුද්දො කියලා කියන්නෙ
    හරි වැරදි දැනගන්න තමා තොපි වගේ විද්වත් මංඩලයක් ඉන්න තැනක දැම්මේ

    උබත් මේ කොහේ වත් යන රචනාවකට අහුවෙලා වගේ. මී ගහේ තියෙන්නෙ පොහොර කතන්දරේ. ඔක්සිජන් කතාවක් නෙමෙයි. අච්චර ගස් තිබුනු රජ කාලෙත් කපන්න තහනම් කරපු එකම ගහ මී ගහ. මොකද පොහොර ගස නිසා. ඔක්සිජන් කතාව නම් මන් ඇහුවෙත් දැන්. :baffled: :baffled: :baffled:
    එහෙම කතන්දරයක් ‍යනවා මාත් නොදන්නා නිසයි දැම්මේ හරි වැරදි දන්න එකෙන් ගෙන් පිලිතුරක් ගන්න
    ------ Post added on Dec 15, 2022 at 1:02 PM

    Oxygen nemei fruit eke nitrogen content eka tikak vadi. Echcharai. Kavda bn me haali liyanne
    සාර භූමි එකේ තිබ්බේ සීන් එක දැනගන්න පෝස්ට් කලේ
    ------ Post added on Dec 15, 2022 at 1:04 PM

    කොහේ හරි රැවටිච්ච එකෙක් ලියපු එකක් වෙන්න ඇති. ඔය මී ගහ ප්‍රමෝට් කරන්න පටන් ගත්තෙ නිකන් නෙමෙ. ඕක ප්‍රමෝට් කරපු ගොඩක් වැඩසටහන් වලට මාත් සහභාගි උනා. කිසිම එහෙක ඔය ඔක්සිජන් කතාව මන් අහල නෑ. කොටින්ම ඔය මී ගස් ප්‍රොජෙක්ට් එක අනුරාදපුරෙන් පටන් ගන්න එකටත් මන් ගියා. උබ කිව්වට පස්සෙ තමයි ඔය ඔක්සිජන් කතාව ඇහුවෙ. ජාතියෙ පොහොර ගස කියන එක තමයි ප්‍රධාන හේතුව ඕක ප්‍රමෝට් කරන්න. :yes: :yes: :yes:

    :yes: :yes: :yes:
    මචන් මේක ලියල තියෙන්නේ

    Bhathiya Gopallawa

    Post Graduate Institute of Science University of Peradeniya · Department of Botany​

    Master in Science

    Reading for Ph. D. in Botany, Plant Molecular Systematics
    ------ Post added on Dec 15, 2022 at 1:11 PM

    මේ වගේ වාක්‍ය රචනා ලියන එවුන් නම් සාපයක්
    මෙයා ලියල තියෙන්නේ

    මචන් මේක ලියල තියෙන්නේ

    Bhathiya Gopallawa

    Post Graduate Institute of Science University of Peradeniya · Department of Botany​

    Master in Science

    Reading for Ph. D. in Botany, Plant Molecular Systematics
    ------ Post added on Dec 15, 2022 at 1:12 PM
     
    • Like
    Reactions: 2osama

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    හරි වැරදි දැනගන්න තමා තොපි වගේ විද්වත් මංඩලයක් ඉන්න තැනක දැම්මේ

    එහෙම කතන්දරයක් ‍යනවා මාත් නොදන්නා නිසයි දැම්මේ හරි වැරදි දන්න එකෙන් ගෙන් පිලිතුරක් ගන්න
    ------ Post added on Dec 15, 2022 at 1:02 PM

    සාර භූමි එකේ තිබ්බේ සීන් එක දැනගන්න පෝස්ට් කලේ
    ------ Post added on Dec 15, 2022 at 1:04 PM
    my two cents

    බෙහෙත් විදියට සහ ඕවයෙ මල්/තෙල් කෑම ජාති හරි බෙහෙත් ජාති හදන්න හරි වටිනාකමක් තියනවා
    ඔය ගස් වල නයිට්‍රජන් සෑහෙන්න තියනවා කියනවානේ, ඒක ගැන මට සැකයි
    පෝර අතින් බැලුවම අනෙක් ගස් එක්ක කම්පෙයා කරාම මහා විසාල වෙනසක් ඇති කින එක මට සැකයි. මොකද සාමාන්‍යෙන් ඔය වගේ ගස්වල නෙමයි ගොඩක් නයිට්‍රජන් තියෙන්නෙ. රනිල කුලේ ශාක වලනේ. සාමාන්‍ය ගස් වලට වාතයේ තියන නයිට්‍රජන් උරා ගන්න බැහැ. ඒක කරන්න පුලුවන් ගස් වර්ග තියනවා දැනට ප්‍රසිද්ධම ගස් වර්ග තමයි ඔය රනිල කුලයේ කියන ගස් වර්ග. මී ගහ එහෙම ගහක් නෙමයි ඒක නිසා ගෙඩි වල සහ ගෙඩි කන්න එන වවුල් වසුරු වලින් යම් කිසි පොහොර ප්‍රමානයක් ලැබුනට ඔය කියන තරම් ප්‍රමානයක් ලැබෙනවා කියන එක සැකයි
    ඒ වගේම මේ ගහ ගැන ඕන නං ඉන්ටනෙට් එකේ විස්තර කියවලා බලන්න පුලුවන්(විද්‍යාත්මක නාමය Madhuca longifolia), මට මේ ගහේ ඔය කියන තරම් පෝර හරි nutritions සම්භන්ධයෙන් හරි වැදගත්කමක් තියනවා කියලා තියන එකම එක ආටිකල් එකක්වත් හොයාගන්න බැරි උනා. (ලංකාවෙ හෑල්ල ඇරුනම)

    ඔය ආටිකල් එකේම තියනවානේ රජ කාලෙ ගම් වල මායිම් වලට මී ගස් හිටෙවුවා කියලා ඒක ඇත්තක් නං, ඒ කාලෙ රජවරු මී ගස් කපන එක තහනම් කරලා ඇත්තෙ ඒව ගමක මායිමක තියන ගහක් නිසා ඒක කැපුවම ගම් වල මායිම් සහ මොනවා හරි පරපාලන වැඩ වලදි කරදර ඇතිවෙන්න පුලුවන් නිසා වෙන්න පුලුවන්

    තව මම නිකමට මේ ගහ ගැන හොයලා බැලුවා මේ රිප්ලයි එක දාන්න කලින්, එතකොට කියනව මී ගස් දකුනු ඉන්දියාවෙ ඉස්සර පූජනියත්වයෙන් සැලකුවා කියලා. සමහරවිට ලංකාවට ගොඩක් රජවරු ඉන්දියාවෙන් ආපු නිසා ඒ කාලෙ පූජනීය ගහක් විදයට ඒ රජවරු හිතපු නිසා කපන එක තහනම් කරා වෙන්නත් පුලුවන්

    කොහේ හරි රැවටිච්ච එකෙක් ලියපු එකක් වෙන්න ඇති. ඔය මී ගහ ප්‍රමෝට් කරන්න පටන් ගත්තෙ නිකන් නෙමෙ. ඕක ප්‍රමෝට් කරපු ගොඩක් වැඩසටහන් වලට මාත් සහභාගි උනා. කිසිම එහෙක ඔය ඔක්සිජන් කතාව මන් අහල නෑ. කොටින්ම ඔය මී ගස් ප්‍රොජෙක්ට් එක අනුරාදපුරෙන් පටන් ගන්න එකටත් මන් ගියා. උබ කිව්වට පස්සෙ තමයි ඔය ඔක්සිජන් කතාව ඇහුවෙ. ජාතියෙ පොහොර ගස කියන එක තමයි ප්‍රධාන හේතුව ඕක ප්‍රමෝට් කරන්න. :yes: :yes: :yes:

    :yes: :yes: :yes:
    ඔය ප්‍රෝමෝට් කරපු එකට තිබුනු හේතුව මොකද්ද
    ඔය පෝරගහ කියන කතාව එන්න තිබුනු සෝස් එක මොකද්ද (අපේ ගමේ මී ගස් තියනවා සහ ඔය පෝර ගස කියන කතාව ඇහුවෙම ඔය ෆේස්බුක් පෝස්ට් වලින් විතරයි), ඒක නිකන් විද්‍යාත්මකව හොයාගනිපු දෙයක්ද නැත්නම් කාට හරි නිකමට කල්පනා උනු දේකින් පටන්අරන් කොහෙන් හරි ආපු රෑල්ලක් නිසා උනු දෙයක් ද
     
    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    Oxygen nemei fruit eke nitrogen content eka tikak vadi. Echcharai. Kavda bn me haali liyanne
    ලොකු කතාවක් යනවා මී ගස් වලින් රෑ දවල් දෙකේම ඔක්සිජන් නිදහස් කරනවා කියලා. (ඔය යඛ්ඛ පුත්තු කියලා ග්රූප් වලඑහෙම). මෙයා ඒක පහදලා තමයි දාලා තියෙන්නේ.

    කොහේ හරි රැවටිච්ච එකෙක් ලියපු එකක් වෙන්න ඇති. ඔය මී ගහ ප්‍රමෝට් කරන්න පටන් ගත්තෙ නිකන් නෙමෙ. ඕක ප්‍රමෝට් කරපු ගොඩක් වැඩසටහන් වලට මාත් සහභාගි උනා. කිසිම එහෙක ඔය ඔක්සිජන් කතාව මන් අහල නෑ. කොටින්ම ඔය මී ගස් ප්‍රොජෙක්ට් එක අනුරාදපුරෙන් පටන් ගන්න එකටත් මන් ගියා. උබ කිව්වට පස්සෙ තමයි ඔය ඔක්සිජන් කතාව ඇහුවෙ. ජාතියෙ පොහොර ගස කියන එක තමයි ප්‍රධාන හේතුව ඕක ප්‍රමෝට් කරන්න. :yes: :yes: :yes:

    :yes: :yes: :yes:
    උපුටා ගැනීමකි
    "
    දැන් කුඹුක් සහ මී ගස් රට වටේ සිටුවීමේ රෝපණ ව්‍යාපෘති දියත් වෙලා. කිසිසේත්ම අදාල නොවෙන දේශගුණික කලාප වල මීගස් කුඹුක් ගස් හිටවනවා. ඒකෙන් වෙන පාරිසරික හානිය ගැන මැන්ඩිස් වික්‍රමසිංහ කියලා තිබෙනවා දැක්කා. නමුත් අපේ අයියලාකරන්නෙ මී ගස් කුඹුක් ගස් ප්‍රොජෙක්ට් විදියට තෙත් කලාපයෙත් හිටවනව. මං හිතන්නෙ ඔය වවුල්ගූ ගිනිපෙට්ටි පියනෙන් එකයූරියා කිලෝ එකේ සහ රෑටත් ඔක්සිජන් කතාවල් වල ආරම්භයත් ඔය වගේ ව්‍යාපෘති කරන උන්දැලාම වෙන්න ඕන."

    "කොච්චර මෝ.ඩද කියලා කියනවනම් ශ්‍රී පාදෙත් මී කුඹුක් හිටවලා තිබ්බා"
    ------ Post added on Dec 15, 2022 at 1:55 PM
     
    • Haha
    Reactions: pathaleiretta

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ලොකු කතාවක් යනවා මී ගස් වලින් රෑ දවල් දෙකේම ඔක්සිජන් නිදහස් කරනවා කියලා. (ඔය යඛ්ඛ පුත්තු කියලා ග්රූප් වලඑහෙම). මෙයා ඒක පහදලා තමයි දාලා තියෙන්නේ.

    උපුටා ගැනීමකි
    "
    දැන් කුඹුක් සහ මී ගස් රට වටේ සිටුවීමේ රෝපණ ව්‍යාපෘති දියත් වෙලා. කිසිසේත්ම අදාල නොවෙන දේශගුණික කලාප වල මීගස් කුඹුක් ගස් හිටවනවා. ඒකෙන් වෙන පාරිසරික හානිය ගැන මැන්ඩිස් වික්‍රමසිංහ කියලා තිබෙනවා දැක්කා. නමුත් අපේ අයියලාකරන්නෙ මී ගස් කුඹුක් ගස් ප්‍රොජෙක්ට් විදියට තෙත් කලාපයෙත් හිටවනව. මං හිතන්නෙ ඔය වවුල්ගූ ගිනිපෙට්ටි පියනෙන් එකයූරියා කිලෝ එකේ සහ රෑටත් ඔක්සිජන් කතාවල් වල ආරම්භයත් ඔය වගේ ව්‍යාපෘති කරන උන්දැලාම වෙන්න ඕන."

    "කොච්චර මෝ.ඩද කියලා කියනවනම් ශ්‍රී පාදෙත් මී කුඹුක් හිටවලා තිබ්බා"
    ------ Post added on Dec 15, 2022 at 1:55 PM
    Kavda bn yakka puththu inna group valata add venne 😂😂
     
    • Like
    Reactions: reuse