රෑට එළිය සඳ එළිය විතරද?
මගේ මීට කලින් ලිපිවල අපේ මුතුන්මිත්තන්, දුර, පරිමාව මැන්න හැටි කිව්වනෙ. අද කියන්නෙ ඒ කාලෙ භූමිතෙල් , විදුලිය එළිය නැතුව ගෙවල් ආලෝකවත් කළ විදිය.
බොහොමයක් ගෙවල්, දවල්ටත් තරමක අඳුරු වෙලා තමයි තිබ්බෙ. කෑම කන්න නිදාගන්න වගේ දේකට ඇරෙන්න ගේ ඇතුළට ගියේ නෑ. ගේ ඇතුළෙම කුස්සිය තියෙන කුඩා පැල්පත්වල නම්, කෑම ඉව්වෙත් ගේ ඇතුළෙ තමයි .
හුඟාක් දෙනා රෑ කළුවර වැටෙන කොටම කෑමබීම සප්පායම් වෙලා ඉවරයි. ඉතින් පැලට යනවනම් එහෙමයි, නැත්නම් එක්කො නිදියනවා, නැත්නම් පොඩි එවුන් එක්ක කවි කියනව( එදා හෙලදිව- රොබට් නොක්ස් බලන්න).
ප්‍රභූ පවුලක ගෙයක් තමයි රෑට පොල්තෙල් පහන්, පන්දම් , විලක්කු වගේ දේ දල්වල ආලෝකවත් කළේ!
ඒකාලෙ විවාහ ක්‍ර්‍රමයක් තමයි බින්න විවාහය. බින්න බහින මිනිහ ගෙදර වහලෙ තල් අත්තකුයි , හුළු අත්තකුයි ගහල තියන්න ඕන කියල කියමනක් තියෙනව. ඒ කියන්නෙ වැස්සෙ හරි මහරෑ හරි ගෙදරින් යන්න කිව්වොත් යන්න බලාගෙන!!
හුළු අත්ත/ හුළු එළිය -
මේක තමයි කෙටි ගමන්බිමන් යන්න පාවිච්චි කළේ. පොල්ගස් තියෙන පැත්තක නම්, වේළුණු පොල් අත්තෙ අග කොටස කඩල අරන්, ඒකෙ තියෙන කොළවලින්ම එකට ඔතනව. ඒකෙ අගපැත්ත පත්තුකළාම සෑහෙන දුරක් ගමන්කරන්න පුලුවන් එළියක් හැදෙනව .
සමහර පැත්තක මේකට පොල්ගහේ කොලපු එහෙම හීනියට ඉරල, එකට බැඳල ගන්නව. ඒක පොල් අත්තට වැඩිය වෙලාවක් පත්තුවෙනව. කොලපු ඇතුළට පොල්කොළ දාල ඔතාගන්න වෙලාවලුත් තියෙනවා.
සුළු = කුඩා
සුළු එලිය, සුළු අත්ත
තණසුල-
පොල්කොළ නැත්නම් හුළු අත්ත වෙනුවට, මානා ඉලුක් වගේ වේලුණු කොළ ගන්නව. එයින් කොළ මිටියක් අඩි තුනක් විතර දිගට ඔතල ගත්තම, ඒකට කියන්නෙ තණසුල. හැබැයි මෙතන සුල කියන්නෙ සුළු කියන තේරුමෙන් නෙවෙයි . ඒකෙ හැඩය අනුව ! හුල/ උල.
' සත් රුවනින් පිරි මහසමුදුර ගැඹුරූ
තණසුලකින් උණු කළ හැකිවෙත කවුරූ '
මේ කියන්නෙ මහා සමුද්‍රය තණහුලකින් උණුකරන්න බෑ කියල .
පන්දම්/ විලක්කු-
මේව ක්‍ර්‍රම දෙකකට හැදුව.
පළමු ක්‍ර්‍රමය තමා, ලී කෑල්ලක් අරන්, ඒකෙ අල්ලගන්න හරිය හැර ඉතුරු කොටසෙ පාන්කඩ ඔතල, පොල්තෙල් වගේ ලේසියෙන් හොයාගන්න පුලුවන් තෙල් වර්ගයක් ඒකෙ අග කොටස පෙඟෙන විදියට වත්කරල, ගිනිතියන එක. ඒකෙදි මහතින් අඩු හීන් ඒව විලක්කු, මහත ඒව පන්දම්!
මේව නිතරම වගේ තෙල්වලින් පොඟවන්න ඕන නිසා, ගමන්බිමන් යනකොට පාවිච්චි කරන්න බෑ.ඒක නිසා මේව පාවිච්චි කළේ තොවිල් පවිල් වගේ එකතැනක ඉඳන් කරණ වැඩවලට.
දෙවෙනි ක්‍ර්‍රමය තමයි උණගස් බටගස් වගේ, ඇතුළෙ කුහරයක් වගේම හොඳ පතුලක් තියෙන දෙයක් අරන්, ඒක ඇතුළට පොල්තෙල් වැනි තෙල් වර්ගයක් දාල, ඇබයක් වගේ පාන්කඩයක් ඔබන එක. මෙතෙන්දි දිගටම තෙල් ඉවරවෙනකන් පත්තුවෙන නිසා, දුරගමන් යන්න එහෙම හොඳයි . ටිකක් දුර යනකොට දැල්වෙන පැත්ත පහත් කරල රෙදිකෑල්ල තෙල්වලින් පෙඟෙන්න අරිනව. මෙයිනුත් මහත ඒව පන්දම්, පොඩි ඒව විලක්කු.
කාල පන්දම -
මේක බොහෝවිට පත්තුකළේ, විශාල පිංකමක් එහෙම තියෙනකොට පංසල්වල. සෑහෙන වෙලාවක් පත්තුවෙන විදියට හදාගත්තෙ. සමහර අය කාල පන්දම් කියන්නෙත් උණගස්වල බටයෙන් හදාගන්නා පන්දම්වලටමයි!
තුවක්කුවල ලොකු ඒව කාලතුවක්කු වුණා වගේ, පන්දම්වල ලොකු ඒව කාලපන්දම් වෙන්න ඇති!
' කාල පන්දම් පත්තුකලා වගේ එළියයි '
කොප්පරා -
පොල්මද වේලලා ගන්න කොප්පරා කෑලි භාජනයකට දාල, ගිනි අවුලවනව! සෑහෙන වේලාවක් දැල්වෙණ මේ කොප්පරා එළි, හුගාක් වෙලාවට පෙරහැරක යන පාර එළිය කරන්න ගත්ත. රජමාලිගා වගේ තැන්වල දොරවල් ආරක්ෂා කරන්නත්, මේව පත්තු කළා.
කැකුණ මද-
ගමේ කැලෑවල තියෙනව තෙල් කැකුණ කියල ජාතියක් . ඒවයෙ මදේ සෑහෙන තරම් තෙල් තියෙනව. ඉතින් ගම්බද දුප්පත් ගෙවල් එළිය කරන්න මේව ලොකු දෙයක්. මදේ පොඩිකරල, ඒව රෙදිපාන්කඩයක දවටල, පාන්තිර වගේ අඹරනව. ඊටපස්සෙ පත්තුකලාම, ටික ටික පත්තුවෙවී යනව. ටික වෙලාවකට එළිය ගන්න හොඳ ඉන්ධනයක්!
ඉතාම කලාතුරකින් තමයි මේක කළේ. එකක්, කැකුණ තෙල් මහා පරිමාණයෙන් ගන්න බෑ. අනික මේව කෑම රසකරන්න ගැනීම වගේම, කැකුණ මද රසවත් කෑමක් වීම.
දොඹ මද-
දොඹ කියන්නෙ, කැලේ වගේම ගම්බදත් බහුලව දකින්න පුලුවන් ශාකයක්. ඒවයෙ හැදෙන දොඹ ඇටවල ඇතුළෙ තියෙන මදය, හීනියට පෙතිකපල ඉරට්ටක අමුණනව. ඊටපස්සෙ ඒපෙති දවස් කීපයක් හොඳට අවුවෙ වේලාගත්තම හොඳට දැවෙනව!
බිත්තියක තියෙන සිදුරක අර ඉරට්ට ගහල, අනිත් කොන පත්තුකළාම, අර දොඹ මද පෙත්තෙන් පෙත්ත ඇවිලිලා, ඉටිපන්දමක් වගෙ එළිය දෙනව!
දොඹ මදවලින් තෙල් හිඳලත් අරන් තියෙනවා !තෙල් හින්දල ඉතුරුවෙන මුරුවටත් පත්තු කළා.
මී ඉටි-
මීවදවල පැණි ගත්තම ඉතුරුවෙන මී ඉටිත් හොඳට ඇවිලෙනව. නමුත් මේ මී ඉටි බෙහෙත්වලට තමයි වැඩිපුර ගත්තෙ!
ඒ තරම් බහුලව නැතත් මේ වගේ ඉටි වර්ග සමහර ගස්වලිනුත් ගත්ත. කැකුණ ඉටි ගත්තෙ කැකුණ ගස්වලින් !
ගිණිමැලය-
සතුන්ගෙන් ආරක්ෂා වෙන්නත්, ගිණිපෙට්ටි නොතිබූ ඒකාලෙ ගින්දර ආරක්ෂා කරන්නත්, බොහෝදෙනා ලොකු දරකොටන් ගිණිතියල ගිනිමැලයක් ගහන්න පුරුදුවුණා.
පැල් රකින්න ගියාම වනසතුන්ගෙන් ආරක්ෂා වෙන්න, පැල කිට්ටුව ගිනිමැලයක් ගැහුවත්, වහා ගිනිගන්නාසුලු දෙයින් හැදූ ගෙවල්වල නම්, ටිකක් ඈතින් තමයි මැලේ ගැහුවෙ!
මේ ගිණිමැලය කීපදෙනෙකුට එකතුවෙලා සතුටු සාමීචියෙ යෙදෙන්නත් ඒ වටේට ඉඳගෙන ආහාරගැනීම , වෙනත් විනෝදාංශයක යෙදීම වගේ දේටත් හරිම ප්‍රයෝජනවත් වුණා.
නමුත් අප්‍රිකානු රටවල වගේ නැටුම් සංදර්ශන නම් ඒ තරම් දකින්න ලැබුණේ නෑ.
මේ ගිණිගොඩක් ගහල තියෙද්දි හදිසියෙම ගේ ඇතුලට යන්න ඕන උනොත් ගිනිපෙනෙල්ලක්, ඒ කියන්නෙ ගිනි දම්බක් අරන්, ඒක වනමින් ගේ ඇතුළෙ යමක් හොයාගන්න පුලුවන් ආලෝකයක් සපයගත්ත!
දැන් නම් මේ ගිණිමැලය බොහොම ජනප්‍රිය වෙලා !
තෙල් ලබාගත් ශාක-
පොල් ඇරුණම තෙල් සකස්කරන්න ගත්තෙ, මේ ශාකවර්ගවල ඇට:
මී, කීන , කැකුණ , දොඹ , මඩොල් , කොකුන් , තොලොල් , හිඟුල්
මීගස් ගැන හුගාක් දෙනා අහල ඇති. මඩොල් කියන්නෙ බහුලව හැදුණු ශාකයක්. මඩොල් දූව, මඩොල් කැලේ වගේ නම් හැදුනෙ ඒ ගස් බහුල නිසා. ඒවයෙ ගෙඩිය බැදිදෙල් ( සමහරු ගන්දෙල් , වල්දෙල් කියල කියනව ) ගෙඩි වගේමයි. ඒ ඇටවලින් තමයි තෙල් ගන්නෙ!
පෘතුගීසි හදුන්වල දීපු එඬරු ශාකයේ ඇටත්, පස්සෙකාලෙක මේකට එකතුවුණා.
තෙල් හින්ද හැටි -
තෙල් හිඳින්න තාක්ෂණය ඒතරම් දියුණුවෙලා නොතිබූ ඒ කාලෙ, විශාල ශ්‍රමයක් කැපකරන්න වුනා . ඇට තලල මද අරන්, කොටල තම්බල, ලොකු වැඩකොටසක් තිබ්බ.
තෙල් හිඳින්න ඕන වුනාම, කිතුල් පට්ටාවලින් හදාගත්ත 'පැහැ ' කියල එකකට, අර තෙල් හිඳින්න තම්බලගත්තු අමුද්‍රව්‍ය දාල මිරිකනව. එතකොට ඒ පැහේ අගකොටසෙන් වැක්කෙරෙන ද්‍රවය එකතුකරල, ආයෙ ලිපේ තියල ජලය ඉවත්කර ගන්නව.
මේ මිරිකීම කළේ, ලී දඬු දෙකක් එකකට එකක් ඇඹරෙන විදියට දාල, කොහු ලණු අඹරනවා වගේ තද කිරීමෙන්. එතකොට පැහැ තද වෙලා, ඒකෙ තියෙන ඉස්ම පහළට බේරෙනවා.
ඒ ඉතුරුවෙන රොඩ්ඩ පවා, පහන් පත්තුකරන්න පාවිච්චි කරනව මිසක්, අහක දාන්නෙ නෑ. ඒවට තමයි මුරුවට කියන්නෙ.
මේ නිසාම, තෙල් හිඳින වැඩේ සාමාන්‍ය ජනයා අතර ඒ තරම් ලොකුවට කෙරුණේ නෑ. පොල්තෙල් , දුන්තෙල් , එළඟිතෙල් වගේ කෑමට ගන්න දෙයක් ඇරෙන්න, සාමාන්‍ය මිනිස්සු තෙල් පාවිච්චි කළෙ බේත් හේත් වලට විතරයි .
මැටි පහන්-
මැටි පහන් පත්තු කළේ වැඩිපුරම පන්සල්වල විතරයි. ගේක මැටිපහනකට තිර දාල පත්තුකළා නම් ඒ බුදුපහන තමයි!
අපේ මිනිස්සු අනිත් අයට උගුල් අටවන්න, ස්වාභාවික ද්‍රව්‍ය පාවිච්චි කළ හැටි මීළඟ ලිපියෙන් !
(ඡායාරූප:
1මගේ පියා තෙල් හිඳීමට පාවිච්චි කළ, විශාල තඹ හට්ටියක්.
2 තෙල් සිඳීමට පාවිච්චි කරනා පැහැක්.
3 මේ ඡායාරූප මට එවූ, මගේ බාල සොහොවුරා හරිශ්චන්ද්‍රයි මේ හුළු එළියක් දල්වාගෙන යන්නේ.)
✍Channa Withana