රෑ කෑම සොයා කිලෝමීටර 160
මේ ලියන්නේ විකාර කතාවක් බැවින් , මුලින් නොකියවා ගියාට කමක් නැත . කොටින්ම මේ බ්ලොගය් ඇති බාගෙට බාගයක් ම වැඩකට නැති ඒවාය ය . කෙසේ වෙතත් මෙව්වා ලියනේ තුන් ලෝකයේ මේ මෙවන් වූ වස්සෙක් නැති නිසා ය . එකල කරපු දේ අද මතක් කරන විටත් හිනාව නවත්වා ගන්නටනම් බොහෝ උත්සහ ගත යුතු ය . කියවන ඔබ සිතන්නේ මේ සෝමාලියාවේ කතාවක් කියා වන්නට පුළුවන් බැවින් මුලින්ම කියන්නට ඕනේ මේ සුන්දර හෙළ දිවයිනේ අදින් වසර ගණනකට පෙර වූ අවාසනාවට ඇත්ත කතාවක් කියා ය .
මෙයද එවන් පිස්සුම පිස්සු කතාවකි . අවසානය තෙක් ඔබලාට කියවන්නට හැකියාවක් ලදොත් එය සැබෑවක් බව වැටහෙනු ඇත .
එංගලන්තයේ වුර්ථිමය පිළිගැනීමෙන් පසු පළමුව මම සොයන්නේ සන්නිවේදන හෝ ඒ අංශයේ රැකියාවකට යාමට ය . ඉස්සර අද උන් මෙන් කැම්පස් අවුට් උ ගමන් එන ජොබ් එකට ලක්ෂයක් දෙකක් ඉල්ලනේ නැතිය . එදා අවිවාහක හැමෝටම වගේ උවමණා කරේ අතිදකිම් ලැබෙන හොද තැනක රැකියාවක් .
ඉතිං ඔය අතර මගේ පලවෙනි ඉන්ටෙරවීව් එකම මම සමත් වී රැකියාවට යන්නේ එකල ලංකාවේ අංක එකේ ජංගම දුරකථන සහ සේවා සපයන සමාගම් සමුහයක(group of companies) සහකාර කළමණාකරු තනතුර සදහා ය . අධක්ෂකවරු husband and wife ය . මම එකල එම group of companies වල වයස අඩුම කළමණාකරු බැවින් හැමෝම වගේ මට කැමති ය . අධක්ෂකවරු සමග ලගින් කටුතු කරන්නට ලැබීම පළමු රැකියවෙදීම මට ලැබීම භාග්‍යක් මෙන්ම ඇතැම් විට ටින්ටස් ඇනයක් නොව පරාල ඇනයක් බවද කිව යුතු මය.
බොහෝ දින වල රෑ 8 ට වැඩ අහවර වූ වා ම රාත්‍රී කෑම ගැනීමට එන්න යැයි අධක්ෂකවරු මට ආරාධනා ද කරනවා ය . ඔවුන් සතුව පවතී ලොකු සීන් නැති බවට මම එකල බොහෝ සේ ආශා කලේ මය .
දිනක් රෑ 9 පමණ වන තෙක් වැඩ කර යන්නට සැරසෙද්දී husband and wife ගේ කතාවක් මට ඇහෙන්නට වන්නේය .
ඔහු අහන්නේ කන්නේ කොහෙන්ද කියා ය , ඇය කියන්නේ "හල්දුමුල්ලේ බත් කඩේ" කෑම කන්න අසයි කියා ය .
හල්දුමුල්ල මොන දීපන්කරේ තියෙන තැනක් දැයි මම එකල දන නොසිටි අතර පූර්ව නිගමනයකට ආවේ කොහේ හෝ අහල පහලක කියා ය . දැන් අධක්ෂකතුමා මගෙන් අසන්නේ "කලන හල්දුමුල්ලේ බත් කඩේන් කන්න යමුද කියා ය" මම " හා " කිව්වේ ඊට පෙර මම පූර්ව නිගමනයකට පිවිස සිටි බැවිනි . අධක්ෂකවරුට තනියම කා පුරුද්දක් නැති ය . ඔවුන් අසන්නේ ලොක්කෝ සෙට් එක ඉන්නවද කියා ය . මේ වන විටත් අලෙවි , මූල්‍ය , තාක්ශන , කළමණාකරුවන් සහ අලෙවි විධයකත් , ගිණුම් අංශයේ ඉහල නිලධාරියෙකුත් පිටව යන්නට මත්තෙන් මම නවතා ගත්තේ ඔවුනට පණිවිඩය කිමට ය .
දැන් රියදුරු සමග ගමනට 9 දෙනෙකි . යන්නේ එකල සිරිලකට අලුත් වූ Lexus RX400 වර්ගයේ ජීප් රියකිනි .
මෙහි 9 යන්නේ කොහොමද යැයි නිෂ්පාදක සමගම දන්නේ නැතිය . ඔවුන් මේ බව දැනගත්තේ වී නම් අධක්ෂකතුමා නොමිලේ සස්පෙන්ෂන් පධතියකුත් අපහට විදේශ සංචාරයකුත් ලබා දෙනු ඇත . විදේශ සංචාරය අප 9 දෙනාට Lexus RX400 වර්ගයේ ජීප්රිය තුල ට ගොඩ වී පෙන්න්වනට කියා ය . අද උන්දැ ලා SUV වතුරට දාන්නට , බර පටවන්නට බය කලේ Lexus RX400 වර්ගයේ ජීප් රියක් 9 සමග යන්නේ හල්දුමුල්ලේ ය . දැන් රථය රත්නපුර , පැල්මඩුල්ල , බලන්ගොඩ පසු කරමින් බෙලිහුල් ඔයට ලගා වෙයි .
අධක්ෂකතුමා දැන් කියන්නේ ඔහුගේ විශ්ව විද්‍යාලය නැරබිය යුතු ය කියා ය . විශ්ව විද්‍යාලය ඉදිරිපස ගේට්ටුවට පැමිණි අපි එතනම යූ හැඩයේ ටර්න්එකක් ගහන්නේ ලොක්කගේ හිත සැනසුන බැවින් ය . දැන් එලවන්නේ ලොක්කා වන අතර බිරිද ඉදිරිපස අසුනේ ය .
අනිත් 7 දෙනාම පිටුපස වන අතර එකවරම වහනය නවතන්නේ පාර අයිනේ වතුර පිහිල්ලක් අසල ය . ඔහු දැන් කියන්නේ ඉස්සර කැම්පස් ඉද්දි මේ පිහිල්ලෙන් තමයි නැවේ කියා ය . ඔහුට දැන් නාන්නට උවමනා ය . මගෙන් ද අසන්නේ නමු ද කියා ය . රැ 1 ට පමණ බෙලිහුල් ඔය පිහිල්ලකින් නාන්ට මට අමාරුවක් නැතිය . අධක්ෂකතුමාත් අලෙවි කළමණාකරුත් පමණක් දිය කෙලිමට යන්නේ අලෙවි කළමණාකරු එකල ඔවුන් කියන ඕන දෙයකට හා කියන පොරක් නිසා ය . නකියාගෙන ගොඩ ආ ඔවුන් සමග නැවත ගමන යන්නට පිට වෙනවා ය .
අධක්ෂකතුමා වාහනයේ විදුරු සියල්ලක් ම අරින්නේ මිහිරි වාතය විද ගන්නට කියාය .දැන් මම කියන්නේ "සන්රූෆ්" ඕපන් කරන්නට කියා ය . මහපාර පට්ට පාලුය . අදම තරමේ එළවලු ලොරියක් වත් නැත . මම සහ අලෙවි කළමණාකරු සන්රූෆ් space එකෙන් හිටගතිමු . මම ඇද සිටියේ කලුපාට ටී ෂර්ට් එකක් සහ ඩෙනිමක් ය . මගේ උස අඩි 6 " අගල් 3 නිසා සුදු පාට ජීප් එකෙන් ඇතට පෙනෙන්නේ කලුපාට රිටක් සහ තව පොඩි රිටක් පමණක් වන්නට ඇති ය . ටික දුරක් යදීඋන දෙයට අදටත් හිනාව නවත්වා ගන්නටනම් බොහෝ උත්සහ ගත යුතු ය . එක වරම වංගුව තුලින් ඉදිරියට මතු වූ කැන්ටර් වර්ගයේ එළවලු පටවාගත් ලොරිය එකවරම හිරිහැටියේ ස්වකීය තිරිංග තදකරේ එහි රියදුරා උපන්තේක මෙවැන්නක් දැක නැති නිසා වන්නට ඇත . එක්කෝ මහසෝනා දුටුවා කියා බය උනා ද කියන්නට දන්නේ තිස්තුන්කොටියක් උඩ සිටින දෙවි වරු පමණි .
කෙමෙන් කෙමෙන් මැඩම් ගේ සිත් ගත් ටිපර් කන්ටේනර් නවත්වන "හල්දුමුල්ලේ බත් කඩේ" කිට්ටුවට පැමිණි බව අධක්ෂකතුමා කියන්නේ කඩේ ලිය්ට් එකක් වත් නෑ නේ කියා ය . අප ඉදිරිය පාරේ 4 දෙනෙක් පැමිණෙනවා ය . වහනය නතර කොට විස්තරය කී විට ඒ කඩේ මුදලාලි බිරිද සහ දරු දෙදෙනා ය . ඔවුන් කියන්නේ "අනේ මහත්තයා කඩේ වහලා ලිපත් නිවල ඉවරයි නේ " කියා ය . බොසා කියන්නේ මදැයි රුපියල් 120 බත් එක කන්න කිලෝමීටර 160 විතර ආවා කියාය . රුපියල් 8000 ක පමණ පෙට්‍රල් ද ගස්සනට ඇතිය . බංකුවක් මත සිට අහස්සේ තරු බලමින් සීතලේ , කට්ට කරවල හීන් කොච්චි සමග පොල් සම්බලක් සහ කිරි පරිප්පු හොද්දක් මිරිස් මෝරු මිරිස් කරලක් සමග පපඩමක් හපමින් රතු හාලේ බතක් කන්නට සිටි සිහින බොද වී ගියේ අපටත් නොකියා ය .
හැමෝම පට්ට අවුල් ය . කඩයක් මානයකවත් නොතිබූ බැවින් එන්නට හැරුනේ කණගාටුවෙනි . කොලබ සිට මෙතරම් දුරක් ගෙවා ඔවුන්ගේ බත් කන්නම කියා අප පැමිණි බව ඔවුන් දන්නේ නම් ලිප පතුකර අපට උයා දෙනවා ය , ඔවුන් හිතන්නට ඇත්තේ අප කොහේ හෝ යන අතර මෙතනට ආව කියා වෙන්නට ඇතිය . අනෙක මෙවන් වූ මොලේ අමාරු කාරයින් ලංකාවේ සිටිය නොහැකි බව ඔවුන් විශ්වාස කරනවා වන්නට පුළුවන .
කට්ටියම දැන් බඩගින්නේ ඊටත් වඩා සීතලේ ඒ හැමදේටම වඩා නිදිමතේ කොලබ එන්නට පිටවුයේ පාන්දර 2 ට පමණ ය . කේසේ වෙතත් අද උදේ 8 වෙද්දී නැවත සේවයට වාර්ථා කළයුතුව පවතියේ ඒ සිංහල අවුරුදු සමය බැවිනි . බලන්ගොඩින් මෙතෙක් කෑ පජාතම කොත්තු කෑ අප මොකක් කරන්නද කියා එන්නේ කොලබ යාමට ය . උදේ 6 විතර වෙද්දී ගෙදරට පැමිණි මම 6:45 ට නා කියා ගෙන වැඩට යන්නට පිටත් වූ යේ 8 වෙද්දී වැඩට යායුතු බැවිනි.
මේ කතාව,
කාට හෝ කිවොතින් එය බොරුවක් හෝ මොලේ අමාරුවක් ඇති අයෙක් බව තීරණය කරන නිසා මේ බව වැඩියේ කියවන්නට නොගියෙමි . අම්මා අදටත් මෙය පිළිනොගන්නා අතර ඇය සිතා සිටින්නේ මිතුරෙකුගේ නිවසේ රැය පහන් කර ගෙදර පැමිණ තව බොරුත් කියනවා කියා ය .
උදේ ම වෙලාවට වැඩට ගිය මට අධක්ෂකතුමා මුණගැසුනේ අහම්බෙන් වගේ හරියටම 8 ට ය . ඔහු අහන්නේ කොහොමද ගමන කියාය . මම කියන්නේ කියල වැඩක් නෑ කියාය . අවසානයේ ඔහු කියන්නේ අපි ලබන සෙනසුරාදා අයෙත් යමු කියා ය . මට කටඋත්තර නැති විය . කටේ කෙල සිදී ගියේ මටත් හොරා ය . ප්ලැන් නොකර යන ට්‍රිප් පට්ට කිව්වට වැරදුනාම හොදි ඕනේ නැතිය . මේ එවැන්නකට කදිම උදාහරණයකි .
http://magelokaya01.blogspot.com/2017/10/160.html

Last edited: