රිචඞ් - නිහඬ බව වෙනුවට මරණය තෝරාගත් මිනිසා
ඒ මීට වසර 20 කට පෙර දිනකි. හරියටම කියන්නේ නම් ඒ 1990 පෙබරවාරි මස 18 දිනයි. ඔහුගේ ලියන මේසය මත ගෝතමාලානු මහා කවියකු හා විප්ලවවාදියකු වූ ඔටෝ රෙනෝ කැස්ටිලෝගේ Apolitical Intelectuals (අදේශපාලනික බුද්ධිමතුන්) නම් කවිය විය. ඔහුගේ ඒ ප්‍රියතම කවිය සිංහල භාෂාවට පරිවර්තනය කිරීම ඔහු අරඹා තිබුණා පමණි. එය අවසන් කර නොතිබිණි.
”අදේශපාලනික බුද්ධිමතුනි
යම් දිනෙක,
මගේ රටේ වෙසෙන,
එදාවේල යාන්තමින් දිවි ගැට ගහගන්නා
සාමාන්‍ය මිනිසුන් පැමිණ ඔබව ප්‍රශ්න කරාවි.....
මගේ රට
සෙමෙන් ඇවිළෙන
ගිනි දලූවක් සේ
බිඳෙන් බිඳ මියැදෙන අතර
ඔබකළේ කුමක්දැයි
ඔවුන් ඔබෙන් විමසාවි........”
ඒ කවියේ දළ අර්ථය වූයේ එයයි. ඒ කවිය ලියූ ඔටෝ රෙනෝ කැස්ටිලෝ සමාජවාදී සමාජයක් වෙනුවෙන් ගෝතමාලාවේ කඳුකර බිම්වල ගරිල්ලා සටනේ නිරතවී 1967 දී සතුරන් අතින් මැරුම් කෑවේය. ඒ 1967 මාර්තු මාසයේදීය. ඊට වසර 23 කට පසුව එළඹි පෙබරවාරියේදී කැස්ටලෝගේ කවියට පෙම්බැඳි තවත් කලාකරුවකු, මාධ්‍යවේදියකු, මානවහිතවාදියකු, කැන්ටලෝගේ රටට කිලෝමීටර් දසදහස් ගණනක් දුරින් පිහිටි ශ්‍රී ලංකාවේදී සමාන්තර ඉරණමකට ගොදුරුවන බව ලෝකයා දැනසිටියේ නැත. ඔටෝ රෙනෝ කැස්ටිලෝ සතුරු හමුදා ග්‍රහණයට පසුව දින හතරක් පුරා දසවධදී පුලූස්සා මරා දමනු ලැබීය. එලෙසම රිචඞ් ද සොයිසා නම් ශ්‍රී ලාංකීය මාධ්‍යවේදියා සහ කලාකරුවා නාඳුනන තුවක්කුකරුවන් ලෙස හඳුන්වනු ලැබූ රාජ්‍ය අනුග්‍රහය ලත් නොනිල සන්නද්ධ කල්ලියක් අතින් ඝාතනයට ලක්විය.
රිචඞ් ද සොයිසා උපත ලැබුවේ කොළඹදීය. ඔහුගේ පියා සිංහල ජාතිකයකු වූ අතර මව දෙමළ ජාතික වෛද්‍යවරියකි. පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව ඔහු ජනමාධ්‍ය ක්ෂේත්රයට හා කලා ක්ෂේත්රයට අවතීර්ණ විය. එහු ඒ ක්ෂේත්‍ර තුළ නොමැකෙන මතක සටහන් ස්ථාපිත කළේය. එක් පැත්තකින් රිචඞ් ඉංග්‍රීසි වේදිකා නාට්‍ය නළුවෙකි. ලයනල් වෙන්ඞ් වේදිකාව මත ඔහ සම්භාව්‍ය ඉංග්‍රීසි නාට්‍යකලාවේ නව මානයන් සනිටුහන් කළේය. එපමණක් නොව ඔහු කවියෙක් හා ලේඛකයෙක් විය. විදේශීය රුඩිකල් කවීන්ගේත්, ප්රගතිශීලි ලේඛකයන්ගේත් බොහෝ කවි හා ලේඛන ඔහු අතින් සිංහල භාෂාවට පබරිවර්තනය විය. එමෙන්ම ඔහු සති අන්ත ඉංග්‍රීසි පුවත්පත්වලට කවි ලීවේය. මේ අතර ජාතික රූපවාහිනියේ ආරම්භයේ සිටම පාහේ එහි ඉංග්‍රීසි ප්රවෘත්ති නිවේදයකු ලෙස රිචඞ් කටයුතු කළේය. ඔහු ප්රවෘත්ති ඉදිරිපත් කළ චතුර උච්චාරණ ශෛලියත්, ඔහුගේ නිදහස් අංග බලන ශෛලියත් අදත් බොහෝ දෙනෙකුට අමතවී නැත.
Read more......

Last edited: