රිච්ටර් පරිමාණය යනු ?
රිච්ටර් පරිමානය යනු භූ කම්පාවක විශාලත්වය මැනීම සදහා භාවිතා කරන පිලිගත් ඒකකය වන අතර මෙය 1935 වසරේදී චාල්ස් රිච්ටර්(Charles Francis Richter) විසින් හදුන්වා දෙන ලදී. රිච්ටර් පරිමානය භාවිතයෙන් භූමි කම්පාවක විශාලත්වය දැක්විය හැකි අතර මේ සදහා භූ කම්පන ප්‍රස්ථාර( seismograph) භාවිතා කරයි.
රිච්ටර් පරිමානය යනු ලඝු පරිමානයකි(Logarithmic Scale).එම නිසා රිච්ටර් පරිමානයේ අගය එකකින් වැඩි වනවා යනු දසගුණයකින් වැඩි වීමකි.මෙහිදී රිච්ටර් පරිමානයෙන් දැක්වෙන්නේ භූ කම්පන තරංගයේ විස්තාරයයි(Wave Amplitude).
මේ අනූව රිච්ටර් ඒකක 6ක භූමිකම්පාවකට වඩා රිච්ටර් ඒකක 7ක භූමි කම්පාවක් දස(10) ගුණයකින් විශාල අතර රිච්ටර් ඒකක 6ක භූමිකම්පාවකට වඩා රිච්ටර් ඒකක 8ක භූමි කම්පාවක් සිය(100) ගුණයකින් විශාල වේ.
එමෙන්ම භූමි කම්පාවක විශාලත්වය රිච්ටර් ඒකක එකකින් වැඩි වන විට භූ කම්පනයෙන් මුදා හැරෙන ශක්තිය 31.6 ගුණයකින් වැඩි වන අතර විශාලත්වය ඒකක 0.2කින් වැඩි වන විට භූ කම්පනයෙන් මුදා හැරෙන ශක්තිය දෙගුණ වේ.එනම් රිච්ටර් ඒකක 6ක භූමිකම්පාවක ශක්තිය මෙන් 31.6 ගුණයක ශක්තියක් රිච්ටර් ඒකක 7ක භූමිකම්පාවකින් මුදා හැරෙන අතර රිච්ටර් ඒකක 6ක භූමිකම්පාවක ශක්තිය මෙන් දෙගුණයක් රිච්ටර් ඒකක 6.2ක භූමිකම්පාවකින් මුදා හැරේ.
රිච්ටර් පරිමානය සදහා ලඝු පරිමානයක් භාවිතා කිරීම නිසා ඉතාමත්ම කුඩා(මිලි මිටර් .001) සිට ඉතා විශාල(කිලෝ මිටරයක) භූ කම්පන තරංග මැනීමේ හැකියාවක් රිච්ටර් පරිමානයට ඇත.
රිච්ටර් පරිමානයට අනූව භූ කම්පන වල විශාලත්වය දක්වා ඇත්තේ මෙසේයි
3.5-4.2 : ගෙවල් තුලට යන්තමින් දැනේ.
4.3-4.8 : මිනිසුන් බොහෝ ප්‍රමානයකට දැනේ,ජනේල සෙලවේ.
4.9-5.4 : සියළුම මිනිසුන්ට දැනේ,විවෘත කර ඇති දොරවල් චලනය වේ.
5.5-6.1 : ගොඩනැගිලි වලට සුළු හානි සිදු වේ,බිත්ති පුපුරා යා හැක.
6.2-6.9 : ගොඩනැගිලි වලට වැඩි හානි සිදු වේ,දුම් කවුළු ආදිය කඩා වැටිය හැක.
7.0-7.3 : ගොඩනැගිලි වලට දැඩි හානි සිදු වේ,ගොඩනැගිලි කඩා වැටිය හැකි වේ,පාලම් ආදිය ඇඹරී යයි.
7.4-7.9 : ඉතා දැඩි හානි සිදු වේ,භූමි කම්පාව සිදු වූ ප්‍රදේශය අවට සියළුම ගොඩනැගිලි විනාශ වී යා හැක.වසරකට මෙවැනි භූ කම්පන 4ක් පමන සිදු වේ.
>8.0 : ප්‍රදේශය සම්පූර්ණයෙන් විනාශ වී යයි,භූ කම්පන ගමන් කරන ආකාරය නිරීක්‍ෂනය කල හැකි වේ.මෙවැනි භූ කම්පනයක් වසර 5කට පමන වරක් සිදු වේ.
ඡායාරූපයේ ඉහල දැක්වෙනේ රිච්ටර් පරිමානය හදුන්වා දුන් චාල්ස් රිච්ටර් වන අතර පහල ඡායාරූපයෙන් භූ කම්පන ප්‍රස්ථාර දැක්වේ.
හොඳනම් කැමති එකක් දීලා යන්න.අනිත් අයට බලන්න bump එකක්වත් දාල යන්න