ඔබතුමාගේ වීඩියෝ එකෙන් ඉන්දියානු ආකෘතියේ තවත් පට්ටපල් බොරුවක් නියමෙට පැහැදිලි කරනවා. මහා පරිනිර්වාණ සූත්‍රයේ පැහැදිලිවම දැක්වෙන ආකාරයට බුදු පියාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා අතර කිසිදු අයුරකින් අළු හෝ දැලි ඉතිරි වෙන්නේ නැහැ. ඒත් මේ නැට්ජියෝ ඩොකියුමන්ත්ට්‍රී එකේ පුරාවිද්‍යාඥයෝ කියන සුද්දන්ටයි ඉන්දියන්කාරයන්ටයි අනුව අශෝක රජු බුද්ධ ශරීරයේ අළු නිදන් කරලා තැනක් හදනවා.
මහා පරිනිර්වාණ සූත්‍රය
මොරිය රජදරුවන් පවා රැගෙන යන්නේ අඟුරු මිසක් අළු නෙවෙයි. මලගිය ඥාතීන්ගේ අළු භාජන ළඟ තබා ගැනීමේ සිරිතක් තියෙන්නේ බටහිර රටවල. ඒ සිරිත බටහිර පුරාවිද්‍යාඥයන් විසින් සම්බුද්ධ පරිනිර්වාණයට සම්බන්ධ සම්බන්ධ කිරීමෙන් මේ ගොතපු කතාව අමූලික බොරුවක් බව ඕනෙම කෙනෙකුට වටහාගන්න පුළුවන්....
මෙසේ දැවෙන්නාවූ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයාගේ සිවියයි කියා හෝ සමයයි කියා හෝ මාංසයයි කියා හෝ නහරයයි කියා හෝ සඳ මිදුළුයයි කියා හෝ යම් කොටසක් වූයේ වේද, ඒ කොටස්වල අළුද නොපෙනුණේද දැලිද ඉතිරි නුවූවාහුය. ශාරීරික ධාතූහුම ඉතිරි වූවාහුය. දවනලද ගිතෙල්වල හෝ තලතෙල්වල යම්සේ අළු නොපෙනේද, දැලි නොපෙනේද, එපරිද්දෙන්ම භාග්‍යවතුන්වහන්සේගේ දැවෙන ශරීරයාගේ සිවියයි කියා හෝ සමයයි කියාහෝ මසයයි කියා හෝ නහරයයි කියා හෝ සඳමිදුලුයයි කියාහෝ යම් කොටසක් වූයේද ඒ කොටස්වල අළුද නොපැනෙයි, දැලිද නොපැනෙයි. ශරීරික ධාතු පමණක් ඉතිරි වූවාහුය.
...
භාග්‍යවතුන් වහන්සේගේ ශරීර ධාතු බෙදන ලද්දාහුය. මේ ආදාහන ස්ථානයෙන් අඟුරු ගෙන යෙත්වයි” කීවාහුය. ඒ මොරිය රජදරුවෝ භාග්‍යවතුන්වහන්සේගේ ආදාහන ස්ථානයෙන් අඟුරු හැරගෙන ගියාහුය.
මහා පරිනිර්වාණ සූත්‍රය
https://pitaka.lk/main?n=161238&p=235
අශෝක රජු අළු නිදන් කිරීම ගැන ලොව කිසිම රටක ඓතිහාසික වාර්තාවක් හෝ කිසිම පුරා විද්‍යා සාක්ෂියක් නැහැ.
Last edited:




