හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ සිටින සතුන් ඝාතනය කර මස් පිණිස අලෙවිකරන බවට පළවන වාර්තා සත්‍ය බව රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. ඒ පිළිබඳව අනාවරණය කළ සෆාරි උද්‍යානයේ පශු වෛද්‍ය නිලධාරිවරයාට ස්ථාන මාරුවක්ද ලබා දී ඇති බවයි එම සංගමය අනාවරණය කළේ.එමෙන්ම සතුන්ට ලබාදීමට නියමිත පළතුරු යොදාගනිමින් උද්‍යානයේ ඇතැම් සේවකයින් වෙනත් නීතිවිරෝධි ක්‍රියා සිදුකරන බවටයි උද්‍යානය භාර පශූ වෛද්‍ය නිලධාරිවරයා චෝදනා කර තිබුණේ.කෙසේ වෙතත් බලධාරින් ඒ පිළිබඳ විමර්ශන සිදු කරනවා වෙනුවට එම තොරතුරු අනාවරණ කළ පශූ වෛද්‍ය නිලධාරිවරයාට ස්ථාන මාරුවක් ලබාදීම විරෝධය පළකරන බවයි රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් නුවන් හේවාගමගේ සඳහන් කළේ.මේ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය රිදියගම සෆාරි උද්‍යානයේ බලධාරින්ගෙන් විමසීමක් කළ අතර එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ සතුන් ඝාතනය කිරීම සහ සෆාරි උද්‍යානයේ සේවය කරන නිලධාරින් සම්බන්ධ නොවන බවයි. අනවසරෙන් සෆාරි උද්‍යානයට ඇතුළුවන පුද්ගලයින් සතුන් ඝාතනය කරන බවද එම ප්‍රකාශකයා කියා සිටියා.
Hirunews.lk
Hirunews.lk
