රිදීගම සත්වාගාරය

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ සිටින සතුන් ඝාතනය කර මස් පිණිස අලෙවිකරන බවට පළවන වාර්තා සත්‍ය බව රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. ඒ පිළිබඳව අනාවරණය කළ සෆාරි උද්‍යානයේ පශු වෛද්‍ය නිලධාරිවරයාට ස්ථාන මාරුවක්ද ලබා දී ඇති බවයි එම සංගමය අනාවරණය කළේ.එමෙන්ම සතුන්ට ලබාදීමට නියමිත පළතුරු යොදාගනිමින් උද්‍යානයේ ඇතැම් සේවකයින් වෙනත් නීතිවිරෝධි ක්‍රියා සිදුකරන බවටයි උද්‍යානය භාර පශූ වෛද්‍ය නිලධාරිවරයා චෝදනා කර තිබුණේ.කෙසේ වෙතත් බලධාරින් ඒ පිළිබඳ විමර්ශන සිදු කරනවා වෙනුවට එම තොරතුරු අනාවරණ කළ පශූ වෛද්‍ය නිලධාරිවරයාට ස්ථාන මාරුවක් ලබාදීම විරෝධය පළකරන බවයි රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් නුවන් හේවාගමගේ සඳහන් කළේ.මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය රිදියගම සෆාරි උද්‍යානයේ බලධාරින්ගෙන් විමසීමක් කළ අතර එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ සතුන් ඝාතනය කිරීම සහ සෆාරි උද්‍යානයේ සේවය කරන නිලධාරින් සම්බන්ධ නොවන බවයි. අනවසරෙන් සෆාරි උද්‍යානයට ඇතුළුවන පුද්ගලයින් සතුන් ඝාතනය කරන බවද එම ප්‍රකාශකයා කියා සිටියා.

    Hirunews.lk
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    අපේ අය එහෙම තමයි...;)

    8f2779_aa6b770f25ec482899071252175a7286~mv2.gif
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    පළතුරු යොදාගනිමින් උද්‍යානයේ ඇතැම් සේවකයින් වෙනත් නීතිවිරෝධි ක්‍රියා සිදුකරන බවට
    හම්මෝ... මුං ඒකෙනුත් කසිප්පු පෙරල....😂
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    හම්මෝ... මුං ඒකෙනුත් කසිප්පු පෙරල....😂
    මුන් ඇතුලෙ පෙරල ඇතුලෙම ගහල රෑට අලින්ගෙ පිටේ යනවද දන්නෙ නෑ 😂

    මුන්ගේ තින්කින් එක්ක බැලුවම එන්ටපනුවො කෑලේ බයිට් එක ඇතුලෙන්ම හදන් තව පෙරලත් ගසනවා කියන්නෙ. වෙන රටවල් වල ගන්න පුළුවන් ආතල්ද මේ.
    ------ Post added on Apr 9, 2023 at 9:19 PM
     
    • Haha
    Reactions: NRTG and PHBhagya

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ සිටින සතුන් ඝාතනය කර මස් පිණිස අලෙවිකරන බවට පළවන වාර්තා සත්‍ය බව රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. ඒ පිළිබඳව අනාවරණය කළ සෆාරි උද්‍යානයේ පශු වෛද්‍ය නිලධාරිවරයාට ස්ථාන මාරුවක්ද ලබා දී ඇති බවයි එම සංගමය අනාවරණය කළේ.එමෙන්ම සතුන්ට ලබාදීමට නියමිත පළතුරු යොදාගනිමින් උද්‍යානයේ ඇතැම් සේවකයින් වෙනත් නීතිවිරෝධි ක්‍රියා සිදුකරන බවටයි උද්‍යානය භාර පශූ වෛද්‍ය නිලධාරිවරයා චෝදනා කර තිබුණේ.කෙසේ වෙතත් බලධාරින් ඒ පිළිබඳ විමර්ශන සිදු කරනවා වෙනුවට එම තොරතුරු අනාවරණ කළ පශූ වෛද්‍ය නිලධාරිවරයාට ස්ථාන මාරුවක් ලබාදීම විරෝධය පළකරන බවයි රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් නුවන් හේවාගමගේ සඳහන් කළේ.මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය රිදියගම සෆාරි උද්‍යානයේ බලධාරින්ගෙන් විමසීමක් කළ අතර එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ සතුන් ඝාතනය කිරීම සහ සෆාරි උද්‍යානයේ සේවය කරන නිලධාරින් සම්බන්ධ නොවන බවයි. අනවසරෙන් සෆාරි උද්‍යානයට ඇතුළුවන පුද්ගලයින් සතුන් ඝාතනය කරන බවද එම ප්‍රකාශකයා කියා සිටියා.

    Hirunews.lk
    බයිලා කතානේ.ඇතුලෙන් සපෝර්ට් එකක් නැතුව ඇතුලට එන්නේ කොහොමද.වටේටම උස තාප්ප.ඒවගෙම කරන්ට් වැටවල් තියෙනවා.අරුන් ඇවිත් අල්ලන් යනකන් මුන් දන්නේ නැහැ.මරු නිළධාරීන්.මීට කලිනුත් ඔය කතාවා ඔය ඩොක්ටර් කිවුවා.ඒ වතාවේ වැඩ කරන උන්ම ඩොක්ටර්ටට ගහලා තිබ්බා.ලොක්කොත් සෙට් වෙලා වැඩේ කරනවා ඇත්තේ