

සමඟිය අවශ්‍යම තැනක තනිකරහම අසරණයි නේද?මුහුන දීලා තියනවද ඒ තත්වයට කවදාහරි?

සමඟිය අවශ්‍යම තැනක තනිකරහම අසරණයි නේද?මුහුන දීලා තියනවද ඒ තත්වයට කවදාහරි?

මම ...දැක්කා-කියෙව්වා.ඔයා නිවරදි තැනක ඉන්න එක ගැන මට හරිම සතුටුයි.ඕක තමා හොඳ යාලුවො ආශ්‍රය කරන්න කියන්නේ..කොහෙද ඉතිං අපි කලුයි නේ...



ඔවු...නිර්මාණ බිහි වෙන්නෙ කඳුළු/පාලුව/තනිකම සහ පන්නරය එක්කයි.online apawadath waradak nah. ekane me wage honda kawi eliyata enne.![]()
ela.
මම ...දැක්කා-කියෙව්වා.ඔයා නිවරදි තැනක ඉන්න එක ගැන මට හරිම සතුටුයි.
මම වැටෙන්නේ නෑ.කවදාවත් හැබෑ ජීවිතේදී පැරදිලා යන කෙනෙක් නෙවෙයි.______මේ තරම් දුරක් ආවේ හිතේ හය්ය හා නිසි කළමනාකරණය නිසයි.ඒත් මේ තත්වය ගැන පුදුම තරම් දුකයි.![]()
..පී.ම් වල තත්වය හොඳ නෑ..ම්... මම එහෙමම හිතුවෙ නෑ.ඒත් ටිකක් දුක හිතුන වෙලාවක/නිමිත්තක් නිසා මේක ලිවුවේ.ප්‍රතිපල නැතුවමත් නෙවෙයි.ela hoda uththaraak deela thiyenawa, kattiyatama hoda tokkak anala thiyenawa...

ඇත්ත! මට සියල්ලම හුරුයි/ඉවසන්න පුලුවන්.මේක ඒ ඔස්සේ ලියපු අදහසක්.අගය කරීම ගැන බොහොම ස්තුතියි මලේ.කීර්තියටයි අපවාදයටයි එක විදිහටම නොසෑලී මුහුන දෙන එක අටලෝ දහමේ සදහන් වෙන කරුණක් නේ අක්කා
ලස්සනට ලියල තියෙනවා නියමයි

අපවාද නගන්නේ අප වැනිම මිනිසුන් ය
උන්ගේ මාලිගා නම් තනිකරම වීදුරු ය
නොම සලනු කඳුලකුදු කිසි විටක සොහොයුරිය
හිඳිනු මැන සිත තුටින් ලොවම නිති ඔබ ලඟ ය
මල් පිපුණු ගෙඩි පිරුණු ගසක් බව නුඹ දනී
නොහික්මුණු දනන් ගේ වදන් හදවත ඇනී
කුමට රිදවා ගනුද නුඹේ සිත දුක දැනී
ගලනු මැන නොනැවතී සයුර නුඹ ගැන දනී
මහා පවුරක් වෙන්න විස පිරුණු ලෝකයට
බිඳ ලන්න වැට කඩොළු නැඟෙන මඟ හරස් කොට
පුද දෙන්න සියළු දේ සත්‍යයට යුක්තියට
දැන ගන්න ලෝකයම හිමියි ඉන් පසු නුඹට
ඔයාගේ ලස්සන අර්ථවත් කවි පෙළ දැක්කහම මටත් කවි පෙළක් ලියන්න හිතුනා.... තරහා නෑ නේ.
ලස්නයි/වගේම ලොකු දිරියක්!![]()
ඔන්ලයින් අපවාද නැඟේවී දස අතින්
ගල්ද මල් යැයි දරා ඉමි සම සිතින්
ගළන උනු කඳුළු පිසිදමා මුදු හිතින්
හිඳන්නට වෙර දරමි සිනා සපිරුනු වතින්
වදින්නේ මල් පිපුනු ගෙඩි පිරුනු ගසටමය
ඇදෙන්නේ නින්දාව දිලෙන සඳ දෙසටමය
රිදෙන්නේ හදවතය නොහඬන්නෙ බයටමය
ගලන්නේ ගංගාව අදත් ඒ ලෙසටමය
දරාගමි පීඩනය මහා පවුරක් වෙමී
ඉරාලමි වැට කඩොළුපවුරු පදනම් බැමී
උරාගමි නියම දේ සත්‍යයට ඇති නැමී
සරායමි ලෝකයේ කොතනකද මට හිමී
wow..කවි 2 මාර ලස්සනයි..චතුර අය්යා ලස්සන පිලිතුරක්(ඒ වගේම ලොකු හයියක්) දීලා තියෙනවා..එලඅපවාද නගන්නේ අප වැනිම මිනිසුන් ය
උන්ගේ මාලිගා නම් තනිකරම වීදුරු ය
නොම සලනු කඳුලකුදු කිසි විටක සොහොයුරිය
හිඳිනු මැන සිත තුටින් ලොවම නිති ඔබ ලඟ ය
මල් පිපුණු ගෙඩි පිරුණු ගසක් බව නුඹ දනී
නොහික්මුණු දනන් ගේ වදන් හදවත ඇනී
කුමට රිදවා ගනුද නුඹේ සිත දුක දැනී
ගලනු මැන නොනැවතී සයුර නුඹ ගැන දනී
මහා පවුරක් වෙන්න විස පිරුණු ලෝකයට
බිඳ ලන්න වැට කඩොළු නැඟෙන මඟ හරස් කොට
පුද දෙන්න සියළු දේ සත්‍යයට යුක්තියට
දැන ගන්න ලෝකයම හිමියි ඉන් පසු නුඹට
ඔයාගේ ලස්සන අර්ථවත් කවි පෙළ දැක්කහම මටත් කවි පෙළක් ලියන්න හිතුනා.... තරහා නෑ නේ.



