රිමෝට් එකෙන් විදුලි උපකරණ ON, OFF කරමු ... 2 කොටස

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    රිමෝට් එකෙන් විදුලි උපකරණ ON, OFF කරමු ... 2 කොටස

    පහත පරිපතය මගින් ඕනිම විදුලි උපකරණයක් ඔන් කරනන හා ඕෆ් කරන්න පුලුවන්. මේක මම හදලා බලලා 100ට සියයක්ම සාර්ථක උනා. මේකට වියදම් වෙන්නේ රුපියල් 200ට වඩා අඩු මුදලක්.


    මේ පරිපථය තේරුම් ගන්න අමාරුනම් මුලින්ම මම කලින් ඉදිරිපත් කරපු සරළ පරිපථය හදා බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1534053

    පරිපථ සටහන හා උපකරණ සවි විය යුතු ආකාරය.
    picture.php


    උපකරණ ලැයිස්තුව
    IRX1 = ඉන්ෆාරඞ් සෙන්සර් 1 යි.
    IC1 = CD4017 අයිසී 1 යි. (නයිට් රයිඩර් අයි.සී එක)
    R1 = 220 කිලෝ ඕම්ස් රෙසිස්ටර් 1 යි.
    R2,R4 = 330 ඕම්ස් රෙසිස්ටර් 2 යි.
    R3 = 1 කිලෝ ඕම්ස් රෙසිස්ටර් 1 යි.
    R5 = 47 ඕම්ස් රෙසිස්ටර් 1 යි.
    D1 = IN4007 ඩයෝඞ් එකයි.
    පාට දෙකෙන් එල්ඊඞී බල්බ් 2 යි
    T1 = BC558 යන වර්ගයේ ට‍්‍රාන්ස්සිස්ටර් එකයි.
    T2 = BC548 යන වර්ගයේ ට‍්‍රාන්ස්සිස්ටර් එකයි.
    C1 = 100uf 16V කැපැසිටර් 1යි.
    C2 = 0.1uf පොලිමර් කැපැසිටර් 1යි.
    RL1 = 5V 100 ඕම්ස් රිලේ 1යි.
    B1 = ෆෝන් චාජරයක්

    මෙහි +5V යන තැනට ෆෝන් චාජරයේ + අග්‍රයද GND යන තැනට - අග්‍රයද සම්බන්ධ කර ෆෝන් චාජරයට විදුලිය ලබා දෙන්න.

    මෙහි රිලේ එක සම්බන්ධ කරන්න කලින් ෆෝන් චාජරයෙන් විදුලිය ලබාදී පරිපථය නිවැරදිව වැඩ කරනවාද යන්න බලන්න.

    රිලේ එක සම්බන්ධ කරාට පස්සේ මේකේ ආදර්ෂයක් විදියට, බල්බ් එකක් දාලා තියෙන තැන ඒ වෙනුවට වෙනත් විදුලි උපකරණයක් සම්බන්ධ කරන්න පුලුවන්.
    රිලේ එක සම්බන්ධ කළ පසු මේ පරිපතය ප‍්‍රධාන විදුලියට සම්බන්ද කරණ නිසා පරිස්සමෙන් වැඩ කරන්න ඕනේ. කරන්ට් එක දුන්නාට පස්සේ අල්ලන්න යන්න එපා. වැදුනොත් ආයි සොරි තමයි.

    මේකේ තියෙන බඩු ඕනෙ තැනකින් ගන්න පුලූවන්. හැබැයි පිටකොටුවේ පලවෙනි හරස් වීදියෙන් ගන්නවනම් ගාන අඩුයි.

    හොදයි නම් රෙප් දීලම යන්ඩෝ...............

    මාගේ අනෙක් ඉලෙක්ට්‍රොනික් පෝස්ට්
    විදුලි බිල අඩු කරන්න බල්බ් හදන ක‍්‍රමේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1532876
     

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,213
    317
    83
    machan meka 4n charger use karan natuwa, 230v walinma wada karanda hadanda barida
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    puluwan machan.

    machan meka 4n charger use karan natuwa, 230v walinma wada karanda hadanda barida

    puluwan machan. eeth eekata transformer walatai anek badu walati wiyadam karanawata wada phone charger ekak Rs 100 kata ganna eka labi.