රියදුරු බලපත්‍රය අපැහැදිලියි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,202
    47,029
    113
    රියදුරු බලපත්‍රය අපැහැදිලියි

    රියදුරු බලපත්‍රය අපැහැදිලියි කියා
    දඬුවම් කරන්න වගන්තියක්‌ නෑ
    මේ වගේ නඩු මේ ගරු අධිකරණයට ගේන්න එපා
    මාතලේ අතිරේක දිසා විනිසුරු හා මහෙස්‌ත්‍රාත් සේසිරි හේරත්


    රියෑදුරු බලපත්‍රය අපැහැදිලියි කියලා පොලිසිය රියෑදුරන් අධිකරණයට ඉදිරිපත් කරනවා. ඒක පොලිසිය කරන වැරැද්දක්‌. ඒ වැරැද්දට දඬුවම් නියම කරන්න පුළුවන් වගන්තියක්‌ නෑ. රියෑදුරු බලපත්‍රය අපැහැදිලි වන්නේ කොහොමද? අපැහැදිලි රියෑදුරු බලපත්‍රයක්‌ නිකුත් කළාට දඬුවම් කරන්න ඕන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ට. රියෑදුරුට නොවේ යෑයි මාතලේ අතිරේක දිසා විනිසුරු සහ මහෙස්‌ත්‍රාත් සේසිරි හේරත් මහතා පැවැසීය.

    රියෑදුරු බලපත්‍රය අපැහැදිලිය යන චෝදනා යටතේ ඉදිරිපත් කළ රියෑදුරකු සම්බන්ධව එලෙස කරුණු දැක්‌වූ විනිසුරුවරයා කොමසාරිස්‌ වරයා අපැහැදිලි බවක්‌ කියන්නේ රියෑදුරු බලපත්‍රයෙහි නොව එහි අලවන ඡායාරූපය ගැන යෑයි පැහැදිලි කළේය.

    තමන් නිකුත් කළ බලපත්‍රයම අපැහැදිලි කියලා කොමසාරිස්‌ කියයිද? මගේ ප්‍රශ්නය ඒකයි. මේ වගේ නඩු මේ ගරු අධිකරණයට ගේන්න එපා. මීට වැඩිය රථ වාහන වැරදි කරන අය මේ රටේ කොයිතරම් ඉන්නවාද? මේ විත්තිකරු වැරැද්ද පිළිගත් නිසා රු. 1000 දඩයක්‌ නියම කරනවා යෑයි විනිසුරු සේසිරි හේරත් මහතා පැවැසීය.



    දිවයින
     
    • Like
    Reactions: SENCE

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    රියදුරු බලපත්‍රය අපැහැදිලියි කියා දඬුවම් කරන්න වගන්තියක්‌ නැත්නම්, බලපත්‍රය අපහැදිලිවීම රියදුරාගේ වරදකුත් නෙවෙයි නම් රු.1000/-ක දඩයක් ගහන්නෙ මොන එහෙකටද? රියදුරාගෙ සහ අධිකරණයේ කාලය නාස්ති කල නිසා පොලීසියට නේද දඬුවම් කරන්න ඕනෙ? කැකිල්ලෙ රජ්ජුරුවොන්ගෙ නීතිනෙ ලංකාවෙ තියෙන්නෙ.
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    රියදුරු බලපත්‍රය අපැහැදිලියි කියා දඬුවම් කරන්න වගන්තියක්‌ නැත්නම්, බලපත්‍රය අපහැදිලිවීම රියදුරාගේ වරදකුත් නෙවෙයි නම් රු.1000/-ක දඩයක් ගහන්නෙ මොන එහෙකටද? රියදුරාගෙ සහ අධිකරණයේ කාලය නාස්ති කල නිසා පොලීසියට නේද දඬුවම් කරන්න ඕනෙ? කැකිල්ලෙ රජ්ජුරුවොන්ගෙ නීතිනෙ ලංකාවෙ තියෙන්නෙ.

    වරදක් කලා කියල පිළිගත්ත නිසා. මොකද විත්ති කුඩුවට නැග්ග ගමන් අහන්නේ අතමන් වැරදි කරුද නිවැරදි කරුද කියලා.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මගෙ ලයිසන් එකත් එහෙමයි බන්... එක තෙමුනෙවත් නෑ පර්ස් එකේ දාල තියෙද්දි නිකන්ම ඒකේ පාට ගිහිල්ල දැන් මොකුත්ම පෙන්නේ නෑ... ජරා ලෝ කොලිටි print එකක් ගහලා තියෙන්නේ...
     

    Similar threads