රියදුරු බලපත්රය අපැහැදිලියි
රියෑදුරු බලපත්රය අපැහැදිලියි කියලා පොලිසිය රියෑදුරන් අධිකරණයට ඉදිරිපත් කරනවා. ඒක පොලිසිය කරන වැරැද්දක්. ඒ වැරැද්දට දඬුවම් නියම කරන්න පුළුවන් වගන්තියක් නෑ. රියෑදුරු බලපත්රය අපැහැදිලි වන්නේ කොහොමද? අපැහැදිලි රියෑදුරු බලපත්රයක් නිකුත් කළාට දඬුවම් කරන්න ඕන මෝටර් රථ ප්රවාහන කොමසාරිස්ට. රියෑදුරුට නොවේ යෑයි මාතලේ අතිරේක දිසා විනිසුරු සහ මහෙස්ත්රාත් සේසිරි හේරත් මහතා පැවැසීය.
රියෑදුරු බලපත්රය අපැහැදිලිය යන චෝදනා යටතේ ඉදිරිපත් කළ රියෑදුරකු සම්බන්ධව එලෙස කරුණු දැක්වූ විනිසුරුවරයා කොමසාරිස් වරයා අපැහැදිලි බවක් කියන්නේ රියෑදුරු බලපත්රයෙහි නොව එහි අලවන ඡායාරූපය ගැන යෑයි පැහැදිලි කළේය.
තමන් නිකුත් කළ බලපත්රයම අපැහැදිලි කියලා කොමසාරිස් කියයිද? මගේ ප්රශ්නය ඒකයි. මේ වගේ නඩු මේ ගරු අධිකරණයට ගේන්න එපා. මීට වැඩිය රථ වාහන වැරදි කරන අය මේ රටේ කොයිතරම් ඉන්නවාද? මේ විත්තිකරු වැරැද්ද පිළිගත් නිසා රු. 1000 දඩයක් නියම කරනවා යෑයි විනිසුරු සේසිරි හේරත් මහතා පැවැසීය.
දිවයින
රියදුරු බලපත්රය අපැහැදිලියි කියා
දඬුවම් කරන්න වගන්තියක් නෑ
මේ වගේ නඩු මේ ගරු අධිකරණයට ගේන්න එපා
මාතලේ අතිරේක දිසා විනිසුරු හා මහෙස්ත්රාත් සේසිරි හේරත්