රියදුරු වැරදි වලට යෝජිත වී ඇති ලකුනු...

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    රියදුරු වැරදි වලට යෝජිත වී ඇති ලකුනු...


    •වේග සීමා අභිබවා ධාවනය ලකුණු 06
    •හෙල්මට් නැත්නම් ලකුණු 04
    •ෆෝන් කර කර ගියොත් ලකුණු 04
    •ඇක්සිඩන්ට් එකකදි පැන ගියොත් ලකුණු 10
    •ආසන ආරක්ෂණ පටි නොපැළඳීම‍ ලකුණු 03

    තරඟයක ලකුණු දෙන විදිහක් නම් නෙවෙයි මේ...
    මේ තමයි පසුගිය මාර්තු මාසේ 15 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් අංක 1726/ 12 ගැසට් නිවේදනයෙන් ගෙන ආව නව රියදුරු නීති මාලාවට අඩංගු කරුණු. ඒ ගැන ඔබ දැනුවත්ද? සෙල්ලම් නෑ හරිද !

    ඒක අනුව අපි පාර තොටේ වාහන ධාවනයේ කරන වැරදි වලට ලකුණු දෙනවා. ඒ දඩුවම් ලකුණු ටික හැම රියැදුරෙකුගේම අවුරුද්දට සැරයක් නැත්නම් වාර්ෂිකව එකතු කරනවාලු. මේ අලුත් ලකුණු ක්‍රමය හින්දා සෑම වසර 2 කට වරක්ම රියදුරු බලපත්‍රය අලූත්කිරීමට සිද්ධ වෙනවා.

    අන්න එහේම අලුත් කරන වර්ෂ දෙක අන්තිමේ දඬුවම් ලකුණු 18ට අඩු නම් ගැටලූවකින් තොරව එය අලූත් කිරීමට පුළුවන්. හැබැයි ලකුණු 18-23 අතර නම් ඒ රියදුරන්ට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ අවවාදය සහිතව රියදුරු බලපත්‍රය අලූත් කර ගන්න වෙනවා. ලකුණු 23 ට වැඩි දඬුවම් ලකුණු ගත්තොත් නම් අලුත් කරන්න වෙන්නේ අවුරුද්දකට ඒක අත්හිටවලා තිබුනට පස්සේ. ඒ කියන්නේ ලකුණු 23+ වැඩි නම් අවුරුද්දකට ලයිසන් කැන්සල්.

    මෙම ලකුණු දීමේ ක්‍රමය එක්ක කොහෝම වුනත් දැන් තියෙන දඩ ගැසීමේ ක්‍රමයද එලෙසම තියෙනවා.

    රූපයේ තියෙන්නේ දැනට යෝජනා වෙලා තිබෙන ලැයිස්තුවේ සඳහන් වැරදි හා දඬුවම් ලකුණු ගණන.

    540574_319443484785356_228131663916539_874324_1556427143_n.jpg


    ෆේස්බුක් එකෙන් ගත්තේ

    රීපොස්ට් නම් සොරි
     
    • Like
    Reactions: dj ice cold