රියදුරෙක් නීතිය අතට ගනී

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    රියදුරෙක් නීතිය අතට ගනී

    ඇලෙක්සි වොල්කොව් බස් රථ රියැදුරෙකි.රුසියාවේ මොස්කව් අගනුවරින් සැතපුම් 23 ක් පමණ වයඹ දෙසට පිහිටි සෙලනොග්‍රාඩ් නගරයේ හෙතෙම රාජකාරි කරයි.සෙලනොග්‍රාඩ් හි බොහෝ දෙනා ඇලෙක්සි හදුනාගෙන සිටියේ විනය ගරුක හා නීතිගරුක රියැදුරෙකු ලෙසිනි.
    රුසියාවේ රියැදුරන් බොහෝමයකගේ සිරිත වී ඇත්තේ තම රථ උවමනාවෙන්ම හප්පාගෙන රක්ෂණ වන්දි ගැනීමයි. තමන් ඉදිරියේ ධාවනය වන වාහනයක් පසු කරගෙන ගොස් එහි මග හරස්කර වහා තිරිංග තද කිරීම ඔවුන් සිය වාහන ‘‘හප්පා ගැනීමට‘‘ භාවිතා කරන සූත්තරයයි.එවිට පසුපසින් එන වාහනය ඉදිරියෙන් ඇති වාහනයේ ගැටෙන අතර ‘‘වරද‘‘ පසුපසින් පැමිණි රියැදුරාගේ ලෙස සැළැකෙන බැවින් ‘‘අනතුරට‘‘ ලක්වූ රථ හිමියාට රක්ෂණ වන්දි ලබා ගැනීමට ඉඩ සැළසේ.රියැදුරන්ගේ මේ ක්‍රමය අවබෝධ කරගත් රක්ෂණ සමාගම්ද රක්ෂණ වන්දි ලබා ගැනීමට නම් පැහැදිලි සාක්කි ඉදිරිපත් කළ යුතු බවට කොන්දේසියක්ද පැණැවීමට කටයුතු කළේ මෑතකදීය.ඒ අනුව රුසියාවේ බොහෝ රියදුරන් දැන් සිය රථ වල කැමරා සවිකරගෙන සිටින්නේ අනතුරක් සිදුවුවහොත් සාක්කි සැපැයීමටය.
    කෙතරම් විනයගරුකව රථය පැදැවූවද සහෝදර රියැදුරන් තම බස් රථය ඉස්සර කරමින් තිරිංග තද කරමින් නටන නාඩගම් බලා සිටීමට නම් ඇලෙක්සිට කිසිම අවශ්‍යතාවයක් නොතිබිණි.අවසානයේ සිය ‘‘ඇගට කැපූ‘‘ රියැදුරකුගේ බැන වැදීමක් හමුවේ ඇලෙක්සි තීරණය කළේ මෙවන් පුද්ගලයන්ට තමන්ම දඩුවම් දීමටය. ඒ අනුව එදා සිට සිය බස් රථයේ මාර්ගය අවහිර කරන කලබල කාරයින්ගේ මෝටර් රථ උවමනාවෙන්ම හප්පා දැමිම ඇලෙක්සයිගේ නව වැඩපිළිවෙළ විය. ‘‘බොහෝ දෙනා මා කරන වැඩේට කැමතියි.පොලිසිය පවා මා හට දඩුවම් පනවන්නේ නැහැ.වෙනකක් තියා මගේ බස් රථය අයිති සමාගමවත් මට මුකුත් කියන්නේ නැහැ. මේ වගේ රියැදුරන්ට දඩුවම් දෙන්න ඕනෑ.එක් අතකින් මම කරන්නේ සේවයක්‘‘ඇලෙක්සි පවසන්නේ ආඩම්බරයෙනි.
    මේ හප්පා දැමිමේ කර්තව්‍යය නිසාම ඇලෙක්සි දැන් හැදින්වෙන්නේ ‘‘පීඩකයා‘‘ යන අන්වර්ථ නාමයෙනි.තමන් දඩුවම් කරන අවස්ථා ඇතුළත් වීඩියෝ දර්ශනද අන්තර්ජාලය වෙත එක්කිරීමද ඇලෙක්සිගේ පුරුද්දකි.‘‘මේවා බැලීමේන්වත් මිනිස්සු මේ වගේ වැරදි නොකර ඉදිවී‘‘ ඒ ඇලෙක්සිගේ විශ්වාසයයි.

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    minisunta ona ona widhata danduwam dene bee :no::no:
    නීතියෙන් සාදාරණයක් වෙන්නෙ නැති වෙනකොට මිනිස්සු වෙන විධි හොයන්න පටන් ගන්නව මචන්
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    lankawe 3rd party insurance danne. Ithin happila nadu kiwwath waradi karayata anduwata podi dadayak witharai gewanna wenne.
    Anik wahaneta gewanne naha.
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    පිලිතුරක් තියනෝ හැමොටම ලන්කාවට ඇවිල්ලා මාසයක් වාහන එලවන්න කියපන්:rofl::rofl: ආයේ ලොකේ තියන හැම අස්සක් මුල්ලකම වෙට්ටු දාලා යන්න පුලුවන්:P
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    පිලිතුරක් තියනෝ හැමොටම ලන්කාවට ඇවිල්ලා මාසයක් වාහන එලවන්න කියපන්:rofl::rofl: ආයේ ලොකේ තියන හැම අස්සක් මුල්ලකම වෙට්ටු දාලා යන්න පුලුවන්:P
    :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    REPOST :P

    :oo: :D මෙන්න මගේ යාළුවෙක්....... මෙහෙම තමා ඉන්න ඕනා...... :yes: පට්ට.......!! :love: මේ බස් එකත් ලේලන්ඩ් එකක් වෙන්න ඈති....... :D :love: ;)

    :frown: මගුල..... මෙන්න විස්තරේ......!! :angry:

    Code:
    http://www.lankadeepa.lk/index.php/articles/99921