~රියැලිටි ටෙලිවිෂන් කලාව~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
~රියැලිටි ටෙලිවිෂන් කලාව~

[FONT=&quot]ඇමෙරිකාවේ රියැලිටි ප්‍රසංඟ කලාවේ වේගවත්ම පිපුරුම එහෙමත් නැත්නම් වෙන කවරදාකවත් නොතිබුණු උඩ ඉස්මතුවීම සනිටුහන් කරන්නේ 2000 වසරේ මුල් කාර්තුවේ සිටයි…[/FONT]


[FONT=&quot]“[/FONT]– Survivor[FONT=&quot]” හා “[/FONT]American Idol[FONT=&quot]” තමයි මෙයට පාදක වූ දැවැන්ත වැඩසටහන් දෙක වුනේ.. ඉහත කී වැඩසටහන් දෙක ඇමෙරිකානු ටෙලිවිෂන් ඉතිහාසයේ පමනක් නොව ලොව වටා ටෙලිවිෂන් නරඹන්නන්ගේත් අංක එකේ වැඩසටහන් බවට පත්වෙමින් හිණිමගේ ඉහලින්ම සල්ලි උපදවන උල්පත් වුනා…[/FONT]


[FONT=&quot]ඇමරිකන් අයිඩෝල් පිට පිට අවුරුදු පහක්ම (2004-2009) ඇමෙරිකානු ටෙලිවිෂන් ශ්‍රේණිගත කිරීම්වලදී අංක එකේ වැඩසටහන බවට ජනතා කැමැත්ත අවිවාදයෙන්ම ලබාගන්නට හා දිනා ගන්නට සමත්වුනා....
[/FONT]



[FONT=&quot]ජීවත්වෙන්නට හරි හමන් රැකියාවක් නැතිව දුක් විඳිමින් සිටි තරුණ ජීවිත ගණනාවකට ඔවුන්ගේ සැඟවුනු කුසලතා ඉදිරියට ගෙන එන්නට මේ වැඩ සටහන තුලින් හැකි වීම නිසා සමහරු ඉතා විශාල ධනවතුන් (millionaires) බවට අද වෙනකොට පත්වී සිටිනවා..
[/FONT]



[FONT=&quot]Fantasia Barrino එයින් එක් තරුණියක්..ඇමෙරිකානු කළු ජාතික තරුණියක් වන ඇය 2004 වසරේ American Idol ජයග්‍රාහිකාවයි..
[/FONT]



[FONT=&quot]American Idol හී අනිත් සුවිශේෂී කරුණ වන්නේ එම තරඟයෙන් ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාව නොවූවත් පලමු පස්දෙනා අතර සිටියවුන් පවා ජයග්‍රහනය කල පලමුවැන්නාට වඩා අද සංගීත ලෝකයේ ඉහලම ගායකයින් හා මුදල් උපයන්නන් වී තිබීමයි..
[/FONT]



[FONT=&quot]Chris Daughtry එවැනි වාසනාවත් දක්ෂකමත් දෙකම දෝතින් දරා සිටින ලොව පුරා ඉතාම වේගයෙන් මෙතෙක් අලෙවිවූ ගායකයෙක් විසින් කල ඔහුගේ පලමු ගීත ඇල්බමයේ හිමි කරුවායි...... ඔහු 2004 වසරේ පලමු ස්ථානය ලැබූ Fantasia Barrinoට වඩා දෙතුන් ගුණයක මහා සුපිරි ධනවතෙක්…[/FONT]


[FONT=&quot]ඉන් පසු කරලියට හඳුන්වා දුන් මෙවැනි ගණයේ වැඩසටහන් අතර ප්‍රමුඛත්වයක් ගත්තේ හා ජනතාව වැලඳ ගත්තේ The Amazing race, [/FONT][FONT=&quot]America[/FONT][FONT=&quot]’s Next Top Model, Dancing with the Stars, The Apprentice, Fear Factor සහ Big Brother යන වැඩසටහන් කීපය පමණයි…[/FONT]


[FONT=&quot]අද වෙනකොට ඇමෙරිකාවේ හා මහා ඛ්‍රිතාන්‍යයේ රියැලිටි කලා නිර්මාණ සඳහාම වෙන් කල අති නවීන තාක්ෂණයෙන් සැදි දැවැන්ත නාලිකා දෙකක් තිබෙනවා. Fox Reality හා Zone Reality නමින්…..[/FONT]


[FONT=&quot]මේ දෙක වෙන් වෙන්ව ආරම්භ කලේ 2002 හා 2005 වසරේදී.. මීට අමතරව ලොව පුරා තවත් ප්‍රසිද්ධ කේබල් නාලිකා සමූහයකුත් ගොඩ නැගුනා මේ රියැලිටි උන්මාදයට සත්කාර කරන්න හා උර දෙන්න. ඒ අතරිනුත් MTV හා BRAVO නාලිකා මුල් තැනක් ගන්නවා…[/FONT]



[FONT=&quot]2007 වසරේ Learning and skills council කරනා ලද සමීක්ෂණයකදී හෙලි වුනු දත්තයන්ට අනුව එංඟලන්තයේ තරුණ තරුණියන් (අවුරුදු 13-20 අතරේ) හත් දෙනෙක්ගෙන් එක් කෙනෙක්වත් ලොකු බලාපොරොත්තු තියාගෙන තියෙනවා හා ඊට කැපවීමෙන් වෙහෙසී තිබෙනවා මේ රියැලිටි වැඩසටහන්වල පෙනී සිටීම තුලින් රටේ නමක් හදාගෙන තරු ගොඩට එකතු වෙන්න… තරුවක් වෙලා සිහින ලෝකයේ පියාඹන්න…පහසුවෙන් මුදල් උපයන යන්ත්‍ර වෙන්න…..[/FONT]


[FONT=&quot]මෙයින් මහත් සේ උද්දාමයට පත්වූ අපේ අසල්වැසි ඉන්දියාවත් Sony entertainment TV India හරහා මුල්වරට American Idol වලට ආදේශකයක් වශයෙන් Indian Idol රටට හඳුන්වා දුන්නා…[/FONT]


[FONT=&quot]මෙම සිහින ලෝකයේ ඔටුනු පළන්ඳන්නට අපේ රටේ තරුණ තරුණියන්ට පලමු වෙඩිල්ල තිබ්බේ 2005 සිරස මාධ්‍යය ජාලය විසින් Sirasa Super Stars හඳුන්වා දෙමින්..[/FONT]


[FONT=&quot]අද වෙනකොට වාර දෙකක් අවසන් කොට තුන්වන අති සාර්ථක වාරය දැනට ප්‍රදර්ශනය වෙමින් පවතිනවා….එය අනුගමනය කරමින් itn, rupavahini, derana සහ swarnavahini යන නාලිකාත් මේ වෙනකොට මේ ක්‍රමයේ සුපර් ස්ටාර්ස් වැඩසටහන් විකාශනය කරමින් ඒවායේ විවිධ අදියරයන් ක්‍රියාත්මක කරමින් සිටිනවා....
[/FONT]



[FONT=&quot]ඔවුන්ගේ නාලිකාත් විශේෂයෙන් මේ වැඩසටහන් නිසා ලබා තිබෙනා ප්‍රේක්ෂක ප්‍රතිචාර හා ශ්‍රේණිගත කිරීම් ඉතා ඉහල මට්ටමක පවතින බවයි ඔවුන්ගේ වාර්තාවල සඳහන් වෙන්නේ..…[/FONT]

[FONT=&quot]මේ රියැලිටි සම්ප්‍රදායේ නිතැතින්ම ගණු දෙණු කරුවන් වී සිටිනා අපේ බහුතරයක් ජන සමාජය මේ වෙනකොට ඊට නුදුරේ කිසිම විකල්පයක් නැති ලෙසට එය ඔවුන්ගේ ලේ හා බද්ධ කොට ගෙන හමාරයි..
[/FONT]



[FONT=&quot]ඉතින් මෙවන් පසුබිමක් යටතේ මං උත්සාහ දරන්නේ ඔබේ නුවණැස හා මත ගැටුම් විමසා පහත සඳහන් ප්‍රශ්ණයන්ට උත්තර සොයා ගැනීමටයි..මෙය මත ගැටුමක් ඇති කර ගත යුතු එකක් මිස කිසිසේත් මිනිස් ගැටුමක් ඇති කර ගත යුතු එකක් නොවේ… [/FONT]

[FONT=&quot]ඇත්තටම අපේ තරුණ තරුණියන්ගේ සැඟවුනු හැකියාවන්ට හා දක්ෂකම්වලට මෙම වැඩසටහන් වලින් ගැම්මක් නැත්නම් තල්ලුවක් ලැබුනාද??[/FONT]


[FONT=&quot]මෙම වැඩසටහන් තුලින් දිනන්නේ හරිම සුපර් ස්ටාර්මද..නැත්නම් බලෙන් සුපර් ස්ටාර් වශයෙන් උස්සා තබන කෙනාද??[/FONT]


[FONT=&quot]ජනතාවගේ sms වලින්ම සුපර් ස්ටාර් තේරීම කෙතරම් දුරට ප්‍රායෝගිකද?? එහෙමත් නැත්නම් ඒ විදිහට ජනතාවගේ පරමාධිපත්‍යය අනුව තෝරනවා කියා ඔවුන්ගේ sms වලින් මුදල් ගෝනි ගනන් ටෙලිෆෝන් සමාගම් වලින් හා අනෙකුත් ව්‍යාපාරික ප්‍රජාවගෙන් තම නාලිකාවට කඩා වඩා ගැනීම ඔවුන්ගේ යටි අරමූණද??[/FONT]



[FONT=&quot]වැඩසටහන තුලින් නාලිකාවට ලැබෙන මහා පරිමානයේ( සියලු වියහියදම් පියවූ පසු ) මුදල් කන්දරාවට සාපේක්ෂව දිනනු ලබන තරඟකරුවාට හෝ තරඟකාරියට පිරිනමන ත්‍යාග මුදල හා අනෙකුත් දීමනා කෙතරම් දුරට සාධාරණද??[/FONT]

[FONT=&quot]‘අපි ඔය චැනල් එක බලන්නේ නෑ”… “ඔය වගේ තුට්ටු දෙකේ ජරාවල් අපි බලන්නේ නෑ”..මේවා අපේ සංස්කෘතියට සාර ධර්මවලට පටහැනියි කියාගන්නා ඇතැම් ප්‍රබුද්ධ යැයි කියා ගන්නා පිරිස් කොපමනක් මෙය හොරෙන් බලා රස විඳිනවද???[/FONT]

[FONT=&quot]මෙවැනි වැඩසටහන් අපේ රටට ගැලපෙනවද??මෙයින් අපේ ජන සමාජයට වෙන සෙත හා පරිහානිය කුමක්ද?? මෙයින් අපේ තරුණ පරම්පරාව නොමග යනවාද??[/FONT]


[FONT=&quot]කෙනෙක් චෝදනා කලොත් තරුණ කොටස් මේ මායාකාරී ටෙලිවිෂන් බලාපොරොත්තුව තුල ගුලි ගැහිලා ඊට අඳූරේ වන්දනා මාන කරනවා කියල අපි කොහොමද ඒක සාධාරණීකරනය කරන්නේ??…[/FONT]



[FONT=&quot]අපේ රටෙත් සුපර් ස්ටාර් වෙන ජයග්‍රාහකයාගේ හෝ ජයග්‍රාහිකාවගේ ආර්ථික පසුබිම තිබුනාට වඩා ඉහල මට්ටමකට ගෙන එන්න අද වෙන කොට ඔහුගේ හෝ ඇයගේ ජයග්‍රහනයෙන් පුලුවන් වී තිබෙනවාද??[/FONT]


[FONT=&quot]ජනතාවටම සම්පුර්ණ තනි කැමැත්ත නොදී (මොකද අපි බොහෝ දුරට ජනතා කැමැත්තෙන් මේ වෙනකොට දක්ෂයින් කීප පොලක්ම අයින් වී තිබෙන බවට අත්විඳිමින් සිටිනා නිසා) විනිශ්චය මංඩලයටත් එක්තරා ප්‍රතිශත මට්ටමකින් ඔවුන්ගේ බලයත් කෙනෙකු ඉවත් කිරීමේ අවසන් තීරනවලට එකතු කර නොගන්නේ ඇයි?? [/FONT]
[FONT=&quot]( උදාහරණයක් වශයෙන් ජනතාව 75% විනිශ්චය මංඩලය 25% )[/FONT]



[FONT=&quot]මෙය අද දවසේ මිනිසුන්ගේ දැවෙන ආර්ථික, සමාජීය හා දේශපාලනමය ගැටළු අමතක කරවන්න මවා තිබෙනා හා මුලා කරනා සුරංඟනා අට්ටාලයක්ද??[/FONT]
 
  • Like
Reactions: Planthis

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
රියැලිටි ෂෝ කලාව අද මේනියාවක් වෙලා. මෙහි හොඳ ප්‍රථිපල වලට වඩා නරක ප්‍රථිපල වැඩි බවයි පේන්නේ. කෙසේ නමුත් මෙහි ඉතිහාසය ගැන අපි දන්නා චුට්ටකුත් නොදන්නා ගොඩකුත් කරුණු ගෙන ඒමෙන් ඔබ කළේ අත්‍යවශ්‍යම දෙයක් කියලා හිතෙනවා අයියේ... බොහොම ස්තූතියි ඔයාට.
 

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,814
    1
    4,877
    113
    40
    හත් ඉලව්වෙ!
    mewage wedasatahan walin hudek wyaparika aramunu ituwenawa misak niyama sudusu talented kena idiriyata enawa kiyana ekanan boru....
    Anika TV walin eka peththak witharai pennane...
    niyama dakshatha thiyena wadakayo innawa...eyala oya wage idiriyata ganne rupavahiniya witharai....

    Sangeeth wisharada karapu...nipun karapu wadakayo oni tharam innaw dakshatha pirunu...ea aya idiriyata awnan lankawe music kiyala weak ne...ehenan kasikabal sinidu hedenneth nehe....
     

    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    :lol:අපි ඔය චැනල් එක බලන්නේ නෑ”… “ඔය වගේ තුට්ටු දෙකේ ජරාවල් අපි බලන්නේ නෑ”..මේවා අපේ සංස්කෘතියට සාර ධර්මවලට පටහැනියි කියාගන්නා ඇතැම් ප්‍රබුද්ධ යැයි කියා ගන්නා පිරිස් කොපමනක් මෙය හොරෙන් බලා රස විඳිනවද???:lol::lol::lol:
    muladi pachavahini ekai ITN Ekai hitiyet me aakalpaye mai. eth eyalata antimedi ekama nokara beri wuna pawu
    ITN eke weda nam hema dama me wage anunta benala gon part dana eka tamai:lol::lol::lol:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    [FONT="]ඇත්තටම අපේ තරුණ තරුණියන්ගේ [COLOR=Black]සැඟවුනු[/COLOR] හැකියාවන්ට හා දක්ෂකම්වලට මෙම වැඩසටහන් වලින් ගැම්මක් නැත්නම් තල්ලුවක් ලැබුනාද??[/FONT][/SIZE][/B]
    [SIZE=3][/QUOTE][/SIZE][SIZE=3]

    [B][COLOR=Green]ඔව් මමනං හිතන්නෙ සමහර අයගෙ සැඟවුනූ හැකියාවන්ට තැන ලැබුනා. නමුත් ඒ තැන ලැබුණූ අය අනික් හැමෝටම වඩා දක්ශ අයද කියන එක ප්‍රශ්නයක්.
    මේකට හේතුව මං පසුව විස්තර කරන්නම් :)[/COLOR][/B]

    [B]***********************[/B]
    [/SIZE]
    [QUOTE]මෙම වැඩසටහන් තුලින් දිනන්නේ හරිම සුපර් ස්ටාර්මද..නැත්නම් බලෙන් සුපර් ස්ටාර් වශයෙන් උස්සා තබන කෙනාද??[/QUOTE]

    [SIZE=3][B][COLOR=Green]පැහැදිළිවම සිරසෙන් අපිට 100% සාධාරණ ඡන්දයක් බලාපොරොත්තු වෙන්න බෑ ඒකට හොඳම උදාහරණෙ පහුගිය මහ මැතිවරණෙදි මේගොල්ලො පටන්ගත්තු SMS මත විමසුමට අනුව රනිල් ඔය යස අගේට උඩින්ම දිනල තිබ්බෙ.:lol:

    සිරසෙන් එළිදක්වන්නෙ ඒගොල්ලන්ට වඩාත්ම විකුණගෙන කන්න පුළුවං commercial star මිසක් people's star නං නෙවෙයි ඒක ඉතාම පැහැදිළියි:)
    [/COLOR][/B]
    [/SIZE]
    [QUOTE]ජනතාවගේ sms වලින්ම සුපර් ස්ටාර් තේරීම කෙතරම් දුරට ප්‍රායෝගිකද?? [/QUOTE]

    [SIZE=3][B]**********************[/B][/SIZE]
    මෙන්න මෙතනට මං අර කළින් දුන් පිළිතුරේ අවසානය සම්බන්ධ වෙනවා

    [SIZE=4][B]හැබැයි මේකෙ දෙපැත්තක් තියෙනවා[/B][/SIZE]

    [B][SIZE=3][COLOR=Green]SMS වලින් superstar තේරීම අසාධාරණ වෙන්න කරුණූ කිහිපය තියෙනවා [/COLOR][/SIZE][/B]


    [LIST]
    [*][SIZE=3][B][COLOR=RoyalBlue]බහුතරයක් ලඟ ජංගම දුරකථන හෝ CDMA යන්ත්‍ර තිබුණත් ඒව නොමැති සුළුතරක් හෝ සිටීම. එතකොට තේරෙන්නෙ mobile,CDMA Super star මිසක් ජනතාවගේ superstar නෙවෙයි :)[/COLOR][/B][/SIZE]
    [/LIST]
    [SIZE=3][B][COLOR=RoyalBlue]SIM කාඩ්පත් 2,3 අයිති කෙනෙකුට ඉතා පහසුවෙන් "හොර ඡන්ද" දාන්න පුළුවන් ඒ කියන්නෙ එතකොට තේරෙන්නෙ SIMstar කෙනෙක්
    ----------------------------------------------------------------
    [COLOR=Green]නමුත් වෙන ප්‍රායෝගික හා ලාභදායී ලෙස ජනතාවගේ ඡන්ද විමසීමක් කරන්න ක්‍රමයක් තියෙනවද ?[/COLOR]
    [/COLOR][/B][/SIZE]

    [QUOTE][SIZE=3][FONT="]එහෙමත් නැත්නම් ඒ විදිහට ජනතාවගේ පරමාධිපත්‍යය අනුව තෝරනවා කියා ඔවුන්ගේ sms වලින් මුදල් ගෝනි ගනන් ටෙලිෆෝන් සමාගම් වලින් හා අනෙකුත් ව්‍යාපාරික ප්‍රජාවගෙන් තම නාලිකාවට කඩා වඩා ගැනීම ඔවුන්ගේ යටි අරමූණද??[/FONT]



    දැන් නාලිකා වල වැඩසටහන් විකාශය කරන්නෙ ඇයි ? අපි ගැන හිතලද ?
    ඒගොල්ලො තැනින් තැනින් විරාම ගන්නෙ ඇයි ? හතිද ?:lol: නෑ නේ
    අන්න ඒ වගේ තමා මේ 99.999999999999% ක්ම සිදුකරන්නෙ ලාභ බලාගෙන මිසක් ජනතා සේවය බලාගෙන නෙවෙයිනෙ රොන් අයියෙ.

    කොටින්ම ගුවන් පාලම් ගැන උනත් එච්චර තමා:lol:

    කොහොම උනත් නාලික වලින් ලාභ බලාගෙන මෙවැනි වැඩසටහන් කිරීම වැරැද්දක් ලෙස මමනං දකින්නෙ නෑ. ඒ ලාභ ලබන්නෙ ගෝනි ගණන්ද පොල්කටු ගණන්ද කියන එක මටනං අදාල නෑ. වැදගත් වෙන්නෙ ජනතාවට හානියක් වෙනවද කියන එකයි


    [FONT=&quot]වැඩසටහන තුලින් නාලිකාවට ලැබෙන මහා පරිමානයේ( සියලු වියහියදම් පියවූ පසු ) මුදල් කන්දරාවට සාපේක්ෂව දිනනු ලබන තරඟකරුවාට හෝ තරඟකාරියට පිරිනමන ත්‍යාග මුදල හා අනෙකුත් දීමනා කෙතරම් දුරට සාධාරණද??[/FONT]


    ඔව් මේකනං අසාධාරනයි :yes:

    [FONT=&quot]මෙවැනි වැඩසටහන් අපේ රටට ගැලපෙනවද??මෙයින් අපේ ජන සමාජයට වෙන සෙත හා පරිහානිය කුමක්ද?? මෙයින් අපේ තරුණ පරම්පරාව නොමග යනවාද??[/FONT]

    සමහර විට . සිරස TV එකේ යන superstar ගැන කතා කළොත් ඒකෙ සමහර අඩ නිරුවත් නර්තන කොතරම් යෝග්‍යද ? සහ
    අතන මෙතන ජතික ආලය ගැන forum දෙවනත් වෙන්න කෑ ගහන අය, කියනකොට දිව පැටලෙන නම් හදන්න මහාචාර්‍යවරු ඇතුළු විද්වතුන්. රට වෙනුවෙන් cyber අවකාශයේ පන දෙන්න කෑ ගහන අය කොතරම් දුරට ක්‍රියාමාර්ගයක් අරන්ද කියන එක මටනං සෑහෙන ප්‍රශ්නයක්


    [FONT=&quot]අපේ රටෙත් සුපර් ස්ටාර් වෙන ජයග්‍රාහකයාගේ හෝ ජයග්‍රාහිකාවගේ ආර්ථික පසුබිම තිබුනාට වඩා ඉහල මට්ටමකට ගෙන එන්න අද වෙන කොට ඔහුගේ හෝ ඇයගේ ජයග්‍රහනයෙන් පුලුවන් වී තිබෙනවාද??[/FONT]


    හ්ම්ම්ම් නමුත් හොඳ මූලාරම්භයක් දෙන්න පුළුවන් වෙලා තියෙනව නේද ?
    උදා: අජිත් බණ්ඩාර

    දැන් වෙද්දි ඔහු අන්ත දුගියෙක් නම් එතන තියෙන්නෙ ඔහුගෙ වැරැද්ද මිසක් සිරසෙ වැරැද්ද නෙවෙයි :no:
    මං හිතන්නෙ ඒක අපිට අදාල නෑ

    [FONT=&quot]ජනතාවටම සම්පුර්ණ තනි කැමැත්ත නොදී (මොකද අපි බොහෝ දුරට ජනතා කැමැත්තෙන් මේ වෙනකොට දක්ෂයින් කීප පොලක්ම අයින් වී තිබෙන බවට අත්විඳිමින් සිටිනා නිසා) විනිශ්චය මංඩලයටත් එක්තරා ප්‍රතිශත මට්ටමකින් ඔවුන්ගේ බලයත් කෙනෙකු ඉවත් කිරීමේ අවසන් තීරනවලට එකතු කර නොගන්නේ ඇයි?? [/FONT]
    [FONT=&quot]( උදාහරණයක් වශයෙන් ජනතාව 75% විනිශ්චය මංඩලය 25% )[/FONT]

    මේක ඉතාම වැරදි මතයක්

    මෙතනදි superstar එනෙක් වෙන්න අවශ්‍ය කරුණු ක් තියෙනව රොන් අයියෙ

    1 ගායන හැකියාව
    2 ප්‍රසාංගික හැකියාව සහ මිනිසුන්ගෙ සිත් ඇදගැනීමෙ හැකියාව

    විනිශ්චය මණ්ඩලයේ එකම පරමාර්ථය තරඟයට එන ලක්ශ සංඛ්‍යාත ජනතාවගෙන් ගායන හැකියාවෙන් ඉහලම 12 (කීයද මංද) තේරීම

    එතනින් එහාට ඔවුන් කොතරම් ප්‍රාසාංගිකව දක්ශද මිනිසුන්ගෙ හිත ඇදගන්නවද කියන තීරනය කරන්න විනිශ්චය මණ්ඩලයට අයිතියක් නෑ .ඒක අයිති mobile CDMA තියෙන මිනිස්සුන්ට :P:lol::lol:

    ටිකකට හිතල බලන්න Superstar කියන්නෙ සිංදු කියන්න පුළුවං එකතැනකට වෙලා ඉන්න ගල් කණුවක්ද ?:)



    [FONT=&quot]මෙය අද දවසේ මිනිසුන්ගේ දැවෙන ආර්ථික, සමාජීය හා දේශපාලනමය ගැටළු අමතක කරවන්න මවා තිබෙනා හා මුලා කරනා සුරංඟනා අට්ටාලයක්ද??[/FONT]
    මේ පිළිබඳ මං ගොළුවත රකිමි:dull:
     
    • Like
    Reactions: blacktarzan

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අයියා තවත් කාලීන මාතෘකාවක් ඇදල අරගෙන.නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා.ඒ ගැන මගේ ගෞරවය ඔබට.

    මම නම් මේකෙ වැරද්දක් දකින්නෙ නැහැ.කල යුත්තේ තමන්ට ඔබින අයුරින් මේක යොදා ගැනීමයි.මේ වැඩසටහන් වලින් හැංගිලා හිටපු දක්ශයො වගේම හැංගිලා තිබුනු සිංදුත් එලියට ආවා.මෙහෙම දෙයක් නොතිබුනා නම් සමහර සිංදු අපිට කවදාවත් අහන්න නොලැබෙන්න තිබුනා.

    නියම දක්ශයා තේරෙනවද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා.රූපවාහිනි සේවා හම්බ කර ගැනීමත් ජයටම සිදු වෙනවා.ඒත් මේවයින් එලියට එන්නෙ අපේ රටේ තාරුණ්‍ය,ඒක හින්ද මට නම් කියන්න තරම් ලොකු වරදක් නම් නැහැ.

    හැබැයි අපේ රටේ බිහිවන තරු වලින් එතනින් එහාට දෙයක් නැද්ද යන ප්‍රශ්නය නම් තදින්ම දැනෙනවා.
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    රොන් අයියගේ ප්‍රශ්නයට කෙටි පිළිතුර
    ඔව් යන්නයි
    රෑපවාහිනි සහා ජංගම දුරකථන ජාල මගින් අපේ
    තියෙන තුට්ටු දෙකට තට්ටු කරලා එකෙන් කොටසක්
    ස්ටාර්ලාට බෙදලා අපිට කොකා පෙන්නනවා
    අපේ අයත් ගානට අහුවෙනවා ඇස්. එම්. එස්. :rofl: මගඩියට
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    those singers may be able to sing but they lack creativity...they have none whatsoever. as are the rest of popular artists in sri lankan music scene. and i feel sorry for sri lankan audience who have no idea what's real good music is. but then again most of them don't take music as seriously as isome of us do, i guess..they just want some cheap entertainment..to which they're totally entitled.
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මම හිතන විදියට එක පැත්තකින් හොද දෙයක් අනිත් පැත්තෙන් නරක දෙයක්.කේක ඉතින් ඕනෙම් දෙයකට පොදුයිනෙ...

    හැබැයි දැනට ලංකාව තුල තියෙන මේ ක්‍රමය නම් එතරම්ම හොද දෙයක් නෙමේ...ලංකාව තුල රියැලිටි ෂෝ කලාව තනිකරම ව්‍යාපාරයක් වෙලා තියෙන්නේ...
    යුරෝපයේ ගත්තම සුදුසුම කෙනාට සුදුසු තැන ලැබුනත් ලංකාවෙ ඒ තත්වය නෑ


    ඔය sms ක්‍රමය කොයිතරම් දුරට සාර්ථකද කියන එකත් ප්‍රශ්නයක්.
    zeus මල්ලි කිව්වා දේට මම එකගයි.ලංකාව තුල රියැලිටි ෂෝ කලාව තනිකරම ව්‍යාපාරයක්
    ඒකෙ කතා දෙකක් නෑ....


    හොද අදහසකින් අයියා කතාකරන්න උත්සාහ කල දෙය හුගාක් හොදයි
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    ඔය sms ක්‍රමය කොයිතරම් දුරට සාර්ථකද කියන එකත් ප්‍රශ්නයක්.


    නමුත් අක්කෙ දැනට ප්‍රායෝගික එකම ක්‍රමය මේක නේද ? අපිට මේ ගැන ඡන්ද තියන්න බෑනෙ අක්කෙ ඒක සෑහෙන්න වියදම් යන වැඩක්. අනික time consuming:oo:

    zeus මල්ලි කිව්වා දේට මම එකගයි.ලංකාව තුල රියැලිටි ෂෝ කලාව තනිකරම ව්‍යාපාරයක්
    ඒකෙ කතා දෙකක් නෑ....

    ලංකාවෙ විතරක් නෙවෙයි අක්කෙ යුරෝපයේ ඇමරිකාවෙ පවා මේකෙ වෙනසක් නෑ. එහෙම කියන්න මං ඕනෙ නම් හේතු කිහිපයකුත් දෙන්නම්


    • බලන්න American Idol එකේ Simen : හැමතිස්සෙම විවේචනාත්මකව කතා කරල ප්‍රේක්ශකයන් අතර කුප්‍රකට වෙච්ච කෙනෙක්. කොහොම හරි අන්තිමේදී ඔහු මගින් වැඩසටහනට විශාල ප්‍රචාරයක් ලැබෙනවා ප්‍රචාරය= සල්ලි :) බලන්න සයිමන් ගෙ මොඩ්ල් එකම නෙවෙයිද අමල් ට තියෙන්නෙ ? ;)



    • American Idol එකේවෙන මිනිස්සු එළියට ඇවිල්ල කුණුහරුපෙන් බණින ඒව පව පස්සෙ විකාශණය කරනවා. මොකටද ? ජනතාවගේ අවධානය ගන්න අවධානය=සල්ලි

    රටවල් කොටවල යුද්ධ ඇති කරල දෙපැත්තටම ආයුධ විකුණල අහිංසකයින්ගෙ මීනීවළවල් වලින් පවා සල්ලි හොයපු ඇමරිකාවෙන් අපිට මොනවද අක්කෙ බලාපොරොත්තු වෙන්න පුළුවං ? :)
    ජනතා සේවයද ?:lol:


     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    america has a shitload of worthy creations to offer...you people should know what to accept.. that land spawned some of best music and movies It's our fault we only welcome garbage.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    america has a shitload of worthy creations to offer...you people should know what to accept.. that land spawned some of best music and movies It's our fault we only welcome garbage.

    There shitload of reasons for it as well Mr Enlightened

    While we scrap up the kern they develope the seed and try to make much more delicious kern of it

    And thay guys specialize on one subject

    As ex : Micheal jackon is King of POP is he King of RAP ? cause his filed and born talent is optimized to POP genre of music

    So once we speciaized on one subject what we are best u are unstoppable and unmatchable
    Another ex : I dont have to focuses on Bollywood actors talents right ? Even baby child acting as hell.
    Why coz in the first place they were carefully chosen . By whom ? casting directors . There jo is just to filter the most matching actors to the script :)

    But what we expect from a superstar ? A talent that he should be able to sing of all genre of songs
    Jack of everything and King of nothing

    Besides that they have god's help :P:P:P:P
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~


    නමුත් අක්කෙ දැනට ප්‍රායෝගික එකම ක්‍රමය මේක නේද ? අපිට මේ ගැන ඡන්ද තියන්න බෑනෙ අක්කෙ ඒක සෑහෙන්න වියදම් යන වැඩක්. අනික time consuming:oo:



    ලංකාවෙ විතරක් නෙවෙයි අක්කෙ යුරෝපයේ ඇමරිකාවෙ පවා මේකෙ වෙනසක් නෑ. එහෙම කියන්න මං ඕනෙ නම් හේතු කිහිපයකුත් දෙන්නම්


    • බලන්න American Idol එකේ Simen : හැමතිස්සෙම විවේචනාත්මකව කතා කරල ප්‍රේක්ශකයන් අතර කුප්‍රකට වෙච්ච කෙනෙක්. කොහොම හරි අන්තිමේදී ඔහු මගින් වැඩසටහනට විශාල ප්‍රචාරයක් ලැබෙනවා ප්‍රචාරය= සල්ලි :) බලන්න සයිමන් ගෙ මොඩ්ල් එකම නෙවෙයිද අමල් ට තියෙන්නෙ ? ;)



    • American Idol එකේවෙන මිනිස්සු එළියට ඇවිල්ල කුණුහරුපෙන් බණින ඒව පව පස්සෙ විකාශණය කරනවා. මොකටද ? ජනතාවගේ අවධානය ගන්න අවධානය=සල්ලි

    රටවල් කොටවල යුද්ධ ඇති කරල දෙපැත්තටම ආයුධ විකුණල අහිංසකයින්ගෙ මීනීවළවල් වලින් පවා සල්ලි හොයපු ඇමරිකාවෙන් අපිට මොනවද අක්කෙ බලාපොරොත්තු වෙන්න පුළුවං ? :)
    ජනතා සේවයද ?:lol:



    මල්ලී අපට හැමදාම හෙණ ගැහුවෙ ඔය පිටරට දේවල් බදාගත්ත හින්දනෙ..තාමත් වෙන්නේ ඒකමයි...අපිටයි කියලා අනන්‍යතාවයක් තියෙන මොනාද තියෙන්නේ ?
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    රියැලිටි ෂෝ කලාව අද මේනියාවක් වෙලා. මෙහි හොඳ ප්‍රථිපල වලට වඩා නරක ප්‍රථිපල වැඩි බවයි පේන්නේ. කෙසේ නමුත් මෙහි ඉතිහාසය ගැන අපි දන්නා චුට්ටකුත් නොදන්නා ගොඩකුත් කරුණු ගෙන ඒමෙන් ඔබ කළේ අත්‍යවශ්‍යම දෙයක් කියලා හිතෙනවා අයියේ... බොහොම ස්තූතියි ඔයාට.

    bohoma sthuthi satahana kiyewwata
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    මල්ලී අපට හැමදාම හෙණ ගැහුවෙ ඔය පිටරට දේවල් බදාගත්ත හින්දනෙ..තාමත් වෙන්නේ ඒකමයි...අපිටයි කියලා අනන්‍යතාවයක් තියෙන මොනාද තියෙන්නේ ?

    මේ ගැන නං අක්කෙ මං ඉන්නෙ ටිකක් අමුතු මතයක:oo:

    ඇත්තටම අපිට අපේම කියල අනන්‍යතාවක් තියෙනව ඔය කාටත් වඩා. ඒ ගැන පොඩි හරි සැකයක් තියෙනවනං

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    එකම දේ අපේ තරුණ පරම්පරාවට ඒක දැනෙන්නෙ නෑ

    ඇයි දැනෙන්නෙ නැත්තෙ ?
    අපේ පැරණි පාරම්පරාව තරුණ පරම්පරාවට ඒ දේවල් දැනන විදියට නිර්මාණශීලී විදියට දුන්නෙ නැති නිසා :yes:

    පිටරට උණු පලියට හැමදේම නරක නෑනෙ අක්කෙ:)

    ඔයා පොඩ්ඩක් ඔතනම ඉඳල PC monitor එකේ ඉඳල වටපිට බලන්න කොයි තරම් නම් යුරෝපයේ මිනිස්සු දහදුක් විදල හොයාගත්තු දේවල් ඔයා පාවිච්චි කරනවද ? :)


    අපිට ගැලපෙන හරි දේ ගන්න අපි දැනගන්න ඔනෙ :)
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    There shitload of reasons for it as well Mr Enlightened

    While we scrap up the kern they develope the seed and try to make much more delicious kern of it

    And thay guys specialize on one subject

    As ex : Micheal jackon is King of POP is he King of RAP ? cause his filed and born talent is optimized to POP genre of music

    So once we speciaized on one subject what we are best u are unstoppable and unmatchable
    Another ex : I dont have to focuses on Bollywood actors talents right ? Even baby child acting as hell.
    Why coz in the first place they were carefully chosen . By whom ? casting directors . There jo is just to filter the most matching actors to the script :)

    But what we expect from a superstar ? A talent that he should be able to sing of all genre of songs
    Jack of everything and King of nothing

    Besides that they have god's help :P:P:P:P

    well main stream music and movies are a business there's no doubt about it, america is only reaching the international market..that's what merely so called sri lankan artists are also trying to do ...artists with no creativity like centigradz or bns....ive noticed that centigradz has been making songs of same format since then..they have no skills they just make money outa something they are good at by deceiving audience. ..

    michael jackson is also a good example of good marketing with catchy mediocre songs his mishaps made him famous world wide than his music has. and don't even start with bollywood ..most of them can't act convicingly may be cos of very incredible plots they have :lol:

    and you can't expect a singer to be able to sing of all kinda music thats just stupid ...mixing genres is what silly sri lankan artists do :) I think superstars should at leat have some talent in song writing and composing..
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    well main stream music and movies are a ......superstars should at leat have some talent in song writing and composing..

    Oh my **** bad it should be hollywood :( printing mistake :P

    All I ws saying they make the best use of being specialization while we try to jack everything they just integrate all the parts together and make 1000 time better creation that we cant even imagine of :)