රියෝ කාර්නිවල් සිරි 16++
බ්‍රසීලයේ පැවැත්වෙන විශාලතම හා සුප්‍රකටම සැනකෙළිය මේ දින වල රියෝ ද ජැනෙයිරෝ නගරයේ පැවැත්වේ.
ඒ, වාර්ෂිකව පැවැත්වෙන රියෝ ද ජැනෙයිරෝ කාර්නිවල් සැනකෙළියයි.
මල්වෙඩි සංදර්ශනයක් සමග පසුගිය 17 දා ආරම්භ වූ මේ වසරේ සැනකෙළිය, හෙට අළුයම යාමයේ නිමාවට පත්වීමට නියමිතයි.
නන් වර්ණයෙන් සැරසී සීඝ්‍ර බෙර වාදනයට අනුව නර්තනයේ යෙදෙන සැම්බා නර්තන ශිල්පීන් ඇතුළු වෙනත් නර්තන අංග හා වර්ණවත් යාත්‍රා පෙළ මෙම සැනකෙළියේ ප්‍රධාන අංගය වේ.
මීට අමතරව, රියෝ නගරයේ වීථි වල විවිධ උත්සව සියගණනක් ද පැවැත්වෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ලොව පැවැත්වෙන උත්සව අතුරින් ඉතා විචිත්‍ර හා බැලිය යුතුම සැනකෙළියක් ලෙස සැලකෙන රියෝ කාර්නිවල් සැනකෙළිය නැරඹීම සඳහා සෑම වසරකදීම ලෝකයේ විවිධ රටවල් වලින් මිලියන ගණනක් ජනයා ඇදී එයි.
මෙවර රියෝ කාර්නිවල් සැනකෙළියේ අවස්ථා කිහිපයක් විදෙස් මාධ්‍යවේදීන්ගේ කැමරා කාචයේ සටහන් වූ අන්දම පහත ඡායාරූප වල දැක්වේ.
ඡායාරූප අනුග්‍රහය : ඇසෝසියේටඩ් ප්‍රෙස්, ඒ.ඇෆ්.පී. , රොයිටර්ස් හා බීබීසී