(අමදෝරු අමරජීව )
කන්තලේ , රජඇල ප්‍රදේශයේදී සිදු වූ වෑන් රථ අනතුරකින් පාසල් සිසුවියක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
අනතුර සිදුවීමෙන් පසු පළා ගිය වෑන් රථ රියදුරා සොයා පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද කන්තලේ පොලිසිය පැවසීය.
මෙලෙස මියගියේ කන්තලේ රජඇල යුනිට් හතර පදිංචි ජේ.එම්.ජි. හසිනි ප්‍රබෝදනී ජයසිංහ නැමති කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයේ අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සිසුවියකි.
සිසුවිය සිය ඥාති නිවසක සිට සිය නිවසට පයින් යද්දී පිටුපසින් පැමිණි වෑන් රථය ගසක හැපී අනතුරුව සිසුවියගේ ගැටි ඇතැයි පොලිසිය කියයි.
colombo posh kello wageda game kello lassana. eth ithin paw marila
