රිය පැදවීමේ අයිතිය වෙනුවෙන් සෞදි කාන්තාව

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    රිය පැදවීමේ අයිතිය වෙනුවෙන් සෞදි කාන්තාව

    ලොව පුරා කාන්තාවන්ට විවිධාකාරයෙන් සම්බාධක පැනවූ යුගය පසුගිය දශක කිහිපයේ වරින්වර අවසන් විය. ලොව කාන්තාවන්ට රිය පැදවීමේ අයිතියට වැටබැඳ තිබූ අවසන් රාජ්‍යය වූයේ සෞදි ආරාබියානු ඉස්ලාමීය රාජ්‍යයයි.

    සෞදි කාන්තාවන් සිය ස්වාධිපත්‍ය වෙනුවෙන් සිදුකරන ලද දීර්ඝකාලීන සටනේ පරිපාලනයමය තනතුරු දැරීමේ සිට රිය පැදවීම දක්වා අයිතීන් කෙරෙහි ඉල්ලා සිටීම් පසුගිය කාලය පුරාවටම දැඩිලෙස සාකච්ඡාවයට බඳුන්වුණු මාතෘකාවන්ය. ලොවපුරා කාන්තා හිමිකම් පිළිබඳ සංවිධාන පවා සෞදි කාන්තාවන්ගේ මේ අරගලයට මහත් ජීවයක් සපයනු ලැබීය.

    ඉහළ ආදායම් ලබන ධනපති පන්තියේ සිට නිර්ධන පන්තියේ කාන්තාවන් දක්වාම මේ අරගලය පැතිරුණු අතර වත්මන් සෞදි රාජ්‍ය පාලකයා සහ ඔටුන්න හිමි කුමරු මුහම්මද් බින් සල්මාන් මේ අරගලය දෙස බැලුවේ ධනාත්මක ලෙස වීම තුල සෞදි කාන්තාවන්ට වඩා තදබල උත්තේජනයක් ලැබුණු බව නොරහසකි.

    සෞදි රාජ්‍ය තුල ආර්ථික මෙන්ම සමාජයීය ප්‍රතිසංස්කරණ ගණනාවක් පසුගිය කාලය තුල සිදුවූ අතර කාන්තාවන්ට විලාසිතා කිරීමට පවා නිදහස ලැබෙන තත්වයක් මතුව එන්නට විය. එසේම කාන්තා බයිසිකල් ධාවන ඉසව්වක් පවා සෞදිය තුල පැවැත්වුනේ කාන්තා හිමිකම් ක්‍රියාකාරීන්ගේ මැදිහත්වීම යටතේය.

    එවැනි තත්වයක් යටතේ සෞදි පාලනය කාන්තාවන්ට රිය පැදවීමේ අයිතිය ලබාදීමට බලකරමින් කාන්තා හිමිකම් ක්‍රියාකාරිනියන් ගණනාවක් රජයට විවිධ යෝජනා ඉදිරිපත් කරන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස රජය ඒ පිළිබඳ සලකා බලමින් සිටින අවධියේදී මීට මාස කිහිපයකට පෙර සෞදි කාන්තාවන්ට කාර්යබහුල නගර මැදින් රිය පැදවීමට තරම් ආත්ම ශක්තියක් සහ පුහුණුවක් ඇතිබව ප්‍රදර්ශනය කිරීමට කාන්තා ක්‍රියාකාරිනියන් කිහිප දෙනෙක්ම තමන්ගේ වාහන නගර මැදින් පදවනු ලැබූයේ මාධ්‍ය අවධානයද ඔවුන් දෙසට හරවා ගනිමින්ය.

    නමුත් සෞදිය තුල පවතින මාර්ග නීතිය අනුව නීත්‍යානුකූල රියදුරු බලපත්‍ර නොමැතිව රිය පැදවීමේ වරදට ලව්ජේන් අල්-හතලොල් ඇතුලු කාන්තා ක්‍රියාකාරිනියන් 6 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගතකෙරිනි. එහෙත් මෙම ක්‍රියාව රජයට කාන්තාවන් රිය පැදවීමේ නිදහස ලබාදීමට යොමුවීම ඉක්මණ් කිරීමට හේතුවක් විය. ඒ නිසා අදවනවිට සෞදි රජය කාන්තාවන්ට රිය පැදවීමේ අයිතිය ලබාදෙමින් ඔවුන් නීත්‍යානුකූලව රියදුරු බලපත්‍ර ලබාගැනීමේ හැකියාවට දොර විවරකර ඇත. එය සෞදි කාන්තාවන්ගේ පමණක් නොව ලොවපුරා කාන්තා ක්‍රියාකාරිනියන් මහත් අමන්දානන්දයට පත්කරන තීරණයක් සහ අරගලයක ජයග්‍රහණයක්ය.

    මෙම ජයග්‍රහණය පිටුපස විශාලතම කාර්යභාරයක් සිදුකල සෞදි කුමරුට මෙහි විශේෂ ගෞරවයක් හිමිවිය යුතු බව සෞදි මාධ්‍ය වාර්තා කරයි. 32 හැවිරිදි සෞදි කුමරු එම රටතුල මානව හිමිකම් ස්ථාපිත කිරීමට සිදුකරන කාර්යභාරය සහ ඔහුගේ නිවහල්,විවෘත ප්‍රතිපත්ති ලෝකය පුරාම කාන්තා නිදහස අගයකරන ක්‍රියාකාරීන්ගේ ගෞරවයට පාත්‍රවිය යුතුසේම එසේ නොකරන රාජ්‍ය පාලකයින් ආදර්ශයට ගතයුතුය.

    රිය පැදවීමේ අයිතිය කාන්තාවන්ට ලබාදීම ප්‍රකාශකල දිනයේම කාන්තාවන් 10 දෙනෙක් රියඳුරු බලපත්‍ර ලබාගැනීම සඳහා ලියාපදිංචිවී තිබීම විශේස සිදුවීමකි. නමුත් මේ වනතෙක්ම කාන්තා හිමිකම් ක්‍රියාකාරිනියන් ගණනාවක්ම සිරගත කිරීම තුල කාන්තාවන් වෙනුවෙන් හිමිව ඇති අයිතීන් දිනාගැනීමේ අයිතිය කාන්තාවන්ට ලබාදෙනවා වෙනුවට එය සෞදි කුමරු වෙත පවරාගැනීමේ උත්සහයක් පවතින බව රොයිටර් ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබුණි. කෙසේ නමුත් එම කාන්තා ක්‍රියාකාරිනියන්ගේ නිදහස සහ සෞදිය මෙන්ම සමස්ත මැදපෙරදිග ඉස්ලාමීය කලාපය පුරාවටම කාන්තාවන්ගේ හිමිකම් ලබාගැනීමේ අරමුණින් අරගලය තවදුරටත් ක්‍රියාත්මක වේ.

    උපුටා ගැනීම - www.her.lk