රිවෝල්වරය ද? පිස්තෝලය ද? - 1 කොටස

Jake_Lupine

Active member
  • May 15, 2015
    187
    104
    43
    Sri Lanka
    රිවෝල්වරය ද? පිස්තෝලය ද? - 1 කොටස

    https://jangun.wordpress.com/2012/05/11/රිවෝල්වරය-පිස්තෝලය-මොකක/රිවෝල්වරය / පිස්තෝලය. මොකක්ද වෙනස? (පළමුවැනි කොටස) :sorry::shocked:;)






    අප සියලු දෙනාම රිවෝල්වර් සහ පිස්තෝල ගැන දන්නේ නැතත්, සෑහෙන පිරිසක් ඒවා දැක තිබෙනවා. (යටත්පිරිසෙයින් සිනමාවේදී හෝ රූපවාහිනියෙදිවත්) එමෙන්ම අප එදිනෙදා කියවන පුවත්පත්, සඟරා, සහ වෙනත් පොත්පත් වලත් පිස්තෝල හෝ රිවෝල්වර ගැන සඳහන් වන අවස්ථා තිබෙනවා. විශේෂයෙන් රහස් පරීක්ෂක කතා වලදී බොහෝවිට සඳහන් වෙනවා.
    තවත් සමහරු රිවෝල්වර් හෝ පිස්තෝල අතගාලා බලලාවත් ඇති ආසාවට. ඒ වගේම ඒ දෙක එකිනෙකට වෙනස්ද නැද්ද යන දැනුම ඇති සෑහෙන පිරිසකුත් මෙය කියවනවා ඇති. ඒ අයගෙන් කොටසක් මේ දෙකම පාවිච්චි කරලත් ඇති. එමෙන්ම ඒ දෙක එකිනෙකට වෙනස් වුවත්, ඒ වෙනස මොකක්ද කියලා කියන්න දන්නේ නැති අයත් ඇති. ඒ සියලුදෙනා වෙනුවෙනුයි මේ ලියන්නේ.
    මුලින්ම මම ඔබට පෙන්වන්නම් පිස්තෝලයක පින්තූරයක්. ඒ දිහා හොඳින් බලා, එහි හැඩරුව හොඳින් හිතේ තබාගන්න.

    ඒ වගේම මීළඟට මා ඔබට පෙන්වන්නේ රිවෝල්වරයක පින්තූරයක්. ඒ පින්තූරයත් හොඳට බලා හිතේ ධාරණය කරගන්න. ඒ සමගම පිස්තෝලය හා රිවෝල්වරය අතර ඔබ දකින වෙනස්කම්ද මතක තබාගන්න.

    මම විශ්වාස කරනවා ඔබ සෑහෙන වෙනස්කම් ප්‍රමාණයක් නිරීක්ෂණය කරන්නට ඇතැයි කියා. සමහරුන්ට හිතෙනවා ඇති පිස්තෝලයට වඩා රිවෝල්වරය බලගතුයි වගේ කියලා. ඒ වගේම තවත් සමහර අයට හිතෙනවා ඇති, රිවොල්වරයට වඩා පිස්තෝලය මහා බලගතු අවියක් කියා. නමුත් මේ දෙකෙන් එකක් අනිකට වඩා බලවත් කියන්නට අපහසුයි. ඒ තමයි යතාර්ථය.
    ජනප්‍රියත්වය අතින් බැලුවොත් පිස්තෝලය රිවෝල්වරයට වඩා තරමක් ඉදිරියෙන් සිටිනවා. ලෝකයේ බහුතරයක් තම පුද්ගලික ආරක්ෂාව සඳහා පාවිච්චි කරන්නේ පිස්තෝලයක්. පිස්තෝලය සහ රිවෝල්වරය අතර තිබෙන වාසි අවාසි ගැන සාකච්ඡා කිරීමට පෙර, මේ දෙකේ ක්‍රියාකාරිත්වය ගැන සාකච්ඡා කලොත් ඔබට වඩාත් ප්‍රයෝජනවත් වේයැයි මා සිතනවා. වෙනත් තුවක්කු වර්ග වලට වඩා පිස්තෝල සහ රිවෝල්වර වල ඇති ප්‍රධාන වෙනස්කම වන්නේ තනි අතක තබාගෙන වෙඩි තැබීමට ඉඩ ලැබීම සහ පහසුවෙන් එහාමෙහා ගෙනයාමට හැකිවීමයි. පුද්ගලික ආරක්ෂාවේදී පිස්තෝල සහ රිවෝල්වර වඩාත් ජනප්‍රියවී තිබෙන්නේ ඒ නිසයි.
    මීට කලින් අපි විවිධ තුවක්කු ගැන කතාකර ඇති නිසා, මා විශ්වාස කරනවා, දැන් ඔබට තුවක්කුවක් දුටු ගමන්, එහි කොටස් පහසුවෙන් හඳුනා ගන්නට තරම් දැනුමක් තිබෙයි කියා. හොඳින් මතක් කර බලන්න. මීට කලින් ඔබ ඉගෙනගත් තුවක්කු වල ඇති කොටස් සහ මේ අවියේ කොටස් අතර ප්‍රධාන වෙනස්කමක් වන්නේ, මෙහි ‘ස්ලයිඩ්’ සහ ‘ස්ලයිඩ් රිලීස් කැච්’ යනුවෙන් කොටස් දෙකක් තිබීමයි. එමෙන්ම මෙහි බටය හෙවත් බැරල් එක එලියට පෙනෙන්නේ නැහැ. එමෙන්ම වෙනත් තුවක්කුවල මිට අපි හැඳින්වූවේ ‘බට්’ හෝ ‘ස්ටොක්’ යන නම් වලින්. නමුත් පිස්තෝලයක මිට හඳුන්වන්නේ ‘ග්රිප්’ යන නමින් එයින්ම පැහැදිලි වෙනවා මෙය වෙඩි තැබීමේදී අල්ලා ගන්නා කොටස බව.මා දන්නවා කලින් මා පලකල ලිපි කියවීමෙන් ඔබ ලත් දැනුම නිසා, පිස්තෝලයට පතරොම් දමන ආකාරය කියාදුන්නොත්, නොපමාවම එයින් වෙඩි තියන්න තරම් දැන් ඔබ දක්ෂයි කියා. නමුත් මා මේ ලිපියෙන් විස්තර කරන්නට යන්නේ රිවෝල්වරය සහ පිස්තෝලය අතර වෙනස පමණක් වන නිසා, පිස්තෝලය හෝ රිවෝල්වරය කොටස් වලට ගැලවීම සහ සවිස්තර ක්‍රියාකාරිත්වය ආදිය විස්තර කරන්නේ නැහැ.
    ඔබ දන්නවා තුවක්කුවකට පතරොම් පිරවීම සඳහා යන්ත්‍රයක් ලෝකයේ කොහෙවත් නැති බව. ඉතින් පිස්තොලයටත් (එහි මැගසින් එකට) අතින් පතරොම් දැමිය යුතුයි.
    මේ පින්තූරයේ පෙන්වන ආකාරයට පතරොම් එකින් එක මැගසින් එකට දැමිය යුතුයි. විවිධ පිස්තෝල සඳහා යොදාගන්නා පතරොම් වර්ග විවිධ වෙනවා. එමෙන්ම විවිධ මොස්තරවල පිස්තෝල වල මැගසින් එකට දැමිය හැකි පතරොම් ගණනද වෙනස් වෙනවා. එය පතරොම් 9 – 20 අතර වියහැකියි. වඩාත් ප්‍රචලිතව හා ජනප්‍රියව පවතින්නේ මිලිමීටර් 9 පතරොම්. ලෝකයේ වැඩියෙන්ම නිෂ්පාදනය කරන්නෙත් මිමී 9 පතරොම්. ලෝකයේ බොහොමයක් ආරක්ෂක හමුදා පාවිච්චි කරන්නේ මිමී 9 පිස්තෝල.
    මැගසින් එකට පතරොම් පුරවාගැනීමට ඔබ මුලින්ම මැගසින් එක පිස්තෝලයෙන් එලියට ගතයුතුයි. මැගසින් එක තියෙන්නේ ග්රිප් එක ඇතුලේ. මැගසින් කැච් කියන කොටස තද කලවිට මැගසිනය ගැලවී අතට එනවා. පතරොම් පුරවාගත් මැගසිනය ආපසු ග්රිප් එක ඇතුලට දැමිය යුතුයි. එය කරන හැටි බලන්න පහතින්.

    හොඳයි, දැන් අපිට තියෙන්නේ වෙඩි තැබීමේ අවස්ථාවයි. මීට පෙර මා ඔබට හඳුන්වා දුන් තුවක්කුවල මෙන්ම පිස්තොලයේත් ආරක්ෂක අගුලක් හෙවත් සේෆ්ටි කැච් එකක් තියනවා. එය ඔබ ඉහත රූපයේ දකින්නට ඇති. එය පහතට දමන්න. ඉතා කල්පනාකාරීවන්න. දැන් ඔබ අතේ තිබෙන්නේ පතරොම් දැමූ පිස්තෝලයක්. සුළු අත් වැරද්දකින් ඔබේ ජීවිතයට හෝ ඔබ අසල සිටින කෙනෙකුගේ ජීවිතයට හානි විය හැකියි. මේ නිසා, ගිනි අවි පරිහරණය කරන සෑම අවස්තාවකදීම මුල්තැන දියයුත්තේ ආරක්ෂාවට බව, මා මීට පෙරද කීප වතාවක් ඔබට කියාදී ඇතිබව, කිසිසේත් අමතක කරන්න එපා. වෙනත් වැරද්දක් මෙන් නොව, ගිනි අවියක් බලාපොරොත්තු රහිතව පත්තුවීමෙන් සිදුවන වැරැද්ද නැවත සෑදිය නොහැකි එකක් වීමට 99% ක ඉඩක් තිබෙනවා.

    අප මීට කලින් සාකච්ඡා කල තුවක්කු වල ‘බෝල්ට් එකක්’ හෝ ‘කොකින් හැන්ඩ්ල්’ එකක් තිබුනා, තුවක්කුව වෙඩි තැබීමට සූදානම් කිරීමට හෙවත් කොක් කිරීමට. ඉහත පිස්තෝලයේ කොටස් පෙන්වන රූපයේ එවැනි දෙයක් නැති බව ඔබට පෙනෙනවා ඇති. පිස්තෝලයක් කොක් කරන්නේ එහි ඇති ස්ලයිඩ් නමැති කොටස පසුපසට ඇදීමෙන්. මේ බලන්න එය කරන හැටි.මේ ආකාරයට ස්ලයිඩ් එක අල්ලා, එකවරම පසුපසට ඇද, අතහරින්න. එවිට එය තිබුණ තැනටම යන ගමන් මැගසින් එකේ උඩින්ම තිබෙන පතරොම චෙම්බරය තුළට ගෙනයනවා.
    මේ පෙන්වා තිබෙන්නේ කොක් කිරීමේදී ස්ලයිඩ් එක අල්ලන එක ක්‍රමයක්.
    තවත් විදිහක් තියනවා ස්ලයිඩ් එක අල්ලන ඒ මෙන්න මේ විදිහටයි.
    හොඳයි එහෙනම් පරෙස්සමෙන් මැගසින් දෙකක් විතර වෙඩි තබන්න. පිස්තෝලයක පතරොම් අවසන් වූ පසු, එහි ස්ලයිඩ් එක, පසුපසට විත් නතර වෙනවා. එවිට කලයුත්තේ, පතරොම් අවසන් වූ මැගසින් එක ගලවා, පතරොම් පිරවූ අලුත් මැගසින් එකක් ගසා, ස්ලයිඩ් රිලීස් කැච් එක පහතට තද කිරීමයි. එවිට ස්ලයිඩ් එක ඉදිරියට යන අතර, මැගසින් එකේ ඉහළින්ම තිබෙන පතරොම, චෙම්බරය තුළට රැගෙන යනවා. දැන් නැවතත් වෙඩි තැබීම කළහැකියි. කොක් කිරීමට අවශ්‍ය නැහැ. හොඳින් මතක තබාගන්න, පිස්තෝලය සම්පූර්ණ ස්වයංක්‍රීය අවියක් (Full Automatic) නොවේ. එය අර්ධ ස්වයංක්‍රීය (Semi Automatic) අවියක්.
    මැගසින් එකේ පතරොම් අවසන්වූ පසු පිස්තෝලය නවතින්නේ මෙහෙමයි.
    පිස්තෝලයක් ක්‍රියා කරන ආකාරය පිලිබඳ සජීවීකරණයක් පහතින් බලන්න.


    l.gif

    දැන්, මේ ගමන්ම, රිවෝල්වරය ගැන කතාකළොත්, ඔබේ මොළයත් අවුල් වෙනවා. ඒ නිසා මීළඟ ලිපියෙන් රිවෝල්වරය ගැන කතා කරමු.

    දෙවන කොටස : http://www.elakiri.com/forum/showthread.php?p=18361456#post18361456


    මූලාශ්‍රය : https://jangun.wordpress.com
     
    Last edited:

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    රිවෝල්වර් නම් වැඩිපුර දැක්කෙ කව්බෝයි ෆිල්ම් වල පිස්ටල් අළුත් ඒවගෙ ...මොකනමුත් පට්ට