ඔබ වැනි අයවලුන් විරලයි
මම නම් අවස්ථාව අනුව දෙනවා මචන් දුර පලාතක ගිහින් ඒන වෙලාවක සෙට් උනොත් දිලා ඒන ඒක ලෙසියි ලාබයි. තැපැල් කන්තොරු ගානේ යන්නයි අයෙ පොලිසියට බඩගාන්නයි. ඒකේ ඉන්න උන්ගේ රෙස්පට් බලනවට වඩා ලාබයි දිලා ඒන ඒක ලෙසියි ලාබයි. ඒනික ඒහෙම දිලා ඒද්දි ඒ මහත්තුරු කියනවා "ඒහෙනම් මහත්තයො පරිස්සමින් යන්න බුදු සරණයි" කියලා. ඒ කැල්ලට තමයි මම වැඩියෙන්ම ආසා..
කඳුලක් ඉනුව ඇහැට bro.

මම පගාව දෙන්න ඉඩ තිබ්බ දුර පලාතක වැදුන නම්.
නමුත් මම ආස නැති නිසා මං දුර පැති වලින් යනකොට Extra careful වෙනවා මාර්ග නීති උල්ලංඝනය නොකර ගමන යන්න පුළුවන් උපරිම. කොටින්ම එක ඉරක් වත් කපන්නේ නෑ පරක්කු උනත්.
ළඟ පැති වල case වෙලා තියෙනව ඕන තරං, හැබැයි එතකොට පගා දෙන්න යන්නේ නෑ. මං කියනවා අල්ලපු ගමං වැරැද්ද පිළිගන්නවා. දඩ කොලයක් ලියලා දෙන්න කියලා.
දුන්නම thanks කරලා යන්නෙ, හැබැයි දෙතුන් දෙනෙක් ලියන්නේ නැතුව පිටට තට්ටුවක් දාලා යවලා තියනව, ආයේ වරද කරන්න එපා කියලා. එහෙම හොඳ police අය අහුවෙලා තියෙනවා, වගේම දවසක් මගේ නොදන්නා කම use කරලා භය කරලා පගාව ගන්න හැදුවා license Expire වෙලා තියෙන්නේ, මේක නම් එසේ මෙසේ case එකක් නෙමෙයි ලොකු ගාණක් දඩය කියලා.
20k වගේ කිව්වා මතක. මම ඉතින් හුස්මක් අරං කිව්වා, මන් තවම job කරන්නේ නෑ කියලා (බොරුවට), දැන් ඔයා බලනකොට තමයි Expire වෙලා කියලා දැනගත්තේ කියලා. කමක් නෑ නොදැන සිටින එක නිදහසට කරුණක් වන්නේ නැති නිසා එහෙනම් ලියලා දෙන්න දඩයක් කියලා.
මූ කිව්වා එහෙමද.. කියලා තව එකෙක් එක්ක කුරු කුරු ගලා.. එහෙනම් යන්න ඔයාට chance දෙන්නේ තවම job කරන්නේ නෑ කියපු නිසා කියලා. හැබැයි පස්සෙ අපිට හොඳට සලකපං කියලා කිව්වා. හා බොහෝම ස්තූතියි කියලා මන් ආවා.
පස්සේ ගෙදර ආවම දන්නේ සිද්ධිය කිව්වම කට්ටියට, license renew කරන්න කියලා දීපු එකට මාස 6ක් extra chance එකක් දීලා කියලා. කැරියො මාව රවට්ටලා පගාව කන්න හදල තියෙන්නෙ